Efamilyමිස්

Contact the business

Efamilyමිස් graduated midwife
Lactation management officer

බබා රෑට හොඳට නිදාගන්න පටන් ගත්තා… ඒ නිසා රෑ මව්කිරි දීම අඩු කළා. මේක ගැටලුවක් නැතිද? දැන් මගේ මව්කිරි අඩු වෙයිද?” 🌼🌸🌸🌸මේ...
30/09/2026

බබා රෑට හොඳට නිදාගන්න පටන් ගත්තා… ඒ නිසා රෑ මව්කිරි දීම අඩු කළා. මේක ගැටලුවක් නැතිද? දැන් මගේ මව්කිරි අඩු වෙයිද?” 🌼🌸🌸🌸

මේක බොහෝ අම්මලාට ඇතිවන ප්‍රශ්නයක්.

සමහර අවස්ථාවලදී රෑ මව්කිරි දීම හදිසියේ අඩු කිරීම හේතුවෙන් එය කිරි නිපදවීමට බලපෑ හැකිය. මව්කිරි නිෂ්පාදනය හොදින් සිදු වීමට නම් බබා පියයුරෙන් හොදින් උරාබීමට දිය යුතුය එසේ කිරි ඉවත් කරන ප්‍රමාණය සහ වාර ගණන මත මව්කිරි නිපදවීම බලපානු ලැබේ. එමෙන්ම රාත්‍රියේදී මව්කිරි නිපදවීමට බලපාන හෝර්මෝන හොදින් ක්‍රියාත්මක වේ එනිසා බබා කිරි බීමේන් කිරි නිපදවීම තවත් වැඩි වේ.

විශේෂයෙන් කුඩා බබෙක් නම්, රාත්‍රියේ කිරි බීම දිගු වේලාවකට අඩු වීමෙන් දවසේ මුළු කිරි දීමේ වාර ගනන අඩු විය හැකියි. එවිට කාලයත් සමග කිරි නිපදවීම අඩු වන අතර බබාගේ බර වර්දනයටද එය බලපානු ලැබේ. 🌸🌸🌼🌼🌼🌼

බබාගේ වයස, බර වැඩිවීම, සෞඛ්‍ය තත්ත්වය සහ දවසේ ලැබෙන කිරි ප්‍රමාණය අනුව රාත්‍රියේදී කිරි අවශ්‍යතාව වෙනස් වෙනවා.එනිසා බබා බලෙන් රාත්‍රියේදී අවදි නොකර එයාගේ අවශ්‍යතාව අනුව කිරි ලබා දීම
සුදුසුය.

විශේෂයෙන් අලුත උපන් හෝ බර වැඩිවීම සම්බන්ධ ගැටලු ඇති බබෙක් නම්, රාත්‍රී කිරි දීම අඩු කිරීමට පෙර වෛද්‍යවරයෙකු හෝ මව්කිරි උපදේශකයකු මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.🌸🌸🌼🌼🌼🌼

ඔබ වෛද්‍යමය හේතුවක්මත හෝ රාත්‍රී කිරි දීම අඩු කරන විට, අකන්ඩව කිරි නිපදවීම පවත්වා ගැනීමට අවශ්‍ය නම් එම වේලාවට කිරි දෙවීම මගින් කිරි නිපදවීම දිගටම පවත්වාගත හැකිය.

අම්මේ බබාගේ නින්දත් වැදගත්… ඒ වගේම අම්මාගේ මව්කිරි ප්‍රමාණයත් වැදගත්. එමනිසා මේ දෙකම සමබර කරගැනීම තමයි වැදගත්ම දේ. එනිසා හැකි සෑම
විටම හොදින් දරුවාට මව්කිරි ලබා දීමෙන් ඔබේ කිරි නිපදවීම හොදින් වැඩිකල හැකිය.


#මව්කිරි
#මව්කිරිදීම



#අම්මාසහබබා



#බබාගේසෞඛ්‍යය
#මව්වරුන්ටදැනුම





#අම්මාගේආදරය
#පුංචිබබා

මාස 6න් පසුත් බබාට කිරි විතරක්ම දෙන්න පුලුවනද?“බබා තාමත් මව්කිරි හොඳට බොනවා මිස් බරත් හොදටම හොදයි ඒ නිසා  මාස 6න් පස්සෙත...
30/09/2026

මාස 6න් පසුත් බබාට කිරි විතරක්ම දෙන්න පුලුවනද?

“බබා තාමත් මව්කිරි හොඳට බොනවා මිස් බරත් හොදටම හොදයි ඒ නිසා මාස 6න් පස්සෙත් මව්කිරි විතරක් දුන්නාට කමක් නැද්ද?”

මේ ප්‍රශ්නය බොහෝ අම්මලාට තියෙනවා. 🌸🌸🌸🌸අපි අද ඒ ගැන බලමු ...

මාස 6 පමණ වන විට බබාගේ වර්ධනය වේගවත් වෙනවා. එමෙන්ම බබාගේ පෝෂණ අවශ්‍යතාවයද වැඩි වේ . එවිට මව්කිරිවලින් පමණක් එම පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට නොහැකි බැවින් අමතර ආහාරවලින්ද ශක්තිය සහ විවිධ පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීම අවශ්‍ය වෙනවා.🌼🌼🌼🌼

🌸 🌸🌸එසේනම් මව්කිරි නවත්වන්න ඕනද?

මාස 6න් පසු අමතර ආහාර ආරම්භ කළත් මව්කිරි දිගටම ලබාදිය යුතුයි. එහිදී වසරක් යනතුරු බබාගේ ප්‍රදාන ආහාර මව්කිරිය. ඉන් අනතුරුව වසර දෙකක් යනතුරු අනිවාර්යයෙන් මව්කිරි ලබාදිය යුතුය. එයට හේතුව මව්කිරි බබාගේ ආහාරයේ වැදගත් කොටසක් ලෙස දිගටම පවතින බැවිනි

🍚 🌸මාස 6න් පසු අමතර ආහාර අවශ්‍ය ඇයි?

බබා වැඩෙන විට මව්කිරි පමණින් බබාගේ සියලුම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම අපහසු වෙනවා. විශේෂයෙන් යකඩ (iron), සින්ක් සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ ආහාරවලින් ලබාගැනීම වැදගත් වෙනවා.

ඒ නිසා මාස 6 පමණ වන විට මෘදු, පෝෂ්‍යදායී ආහාර බබාට හඳුන්වා දීම ආරම්භ කළ යුතුයි.

👶 අමතර ආහාර පටන් ගන්න විට…

බබාගේ වයසට හා වර්ධනයට ගැළපෙන ආහාර,

* මෘදු හා පහසුවෙන් ගිලිය හැකි ආකාරයෙන්
* පෝෂ්‍යදායී ලෙස
* විවිධ ආහාර වර්ග ඇතුළත් කරමින්
* ක්‍රමයෙන් ප්‍රමාණය සහ විවිධත්වය වැඩි කරමින්

ලබාදීම වැදගත්.

🌸🌸🌸 ඔබ මාස 6න් පසුත් කිරි විතරක් දෙනවා නම්?

බබාගේ වැඩිවන පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ නොවීමේ අවදානමක් ඇති විය හැකියි. ඉන් බබාගේ මොලයේ වර්දනය හා අනෙකුත් සංවර්ධනයන් සදහා අවශ්‍ය පෝෂණය නොලැබී යයි . ඒ නිසා “මව්කිරි හොඳට තියෙන නිසා අමතර ආහාර අවශ්‍ය නැහැ” කියන අදහස නිවැරදි නොවේ.

නිවැරදි අදහස වනුයේ මව්කිරි සමඟ අමතර ආහාර එකතු කරනවා කියන එකයි.. ❤️

මාස 6න් පසු බබාගේ ආහාර ලෝකයට අලුත් පියවරක් තබනවා උනත් මව්කිරි ඒ ගමනෙන් අවසන් වෙන්නේ නැහැ…අමතර ආහාර සමඟ තවදුරටත් ඉදිරියට යනවා. 🍚🌸🌸

#මව්කිරි #මාස6න්පසු #අමතරආහාර #බබාගේආහාර

29/09/2026

“අම්මේ… හැමදේම තනියම දරාගන්න එපා.
බබා ගැන හිතේ තියෙන පුංචිම ප්‍රශ්නයක් වුණත් අපිත් එක්ක කතා කරන්න.
ඔයා තනි නෑ… අපි ඔයාත් එක්ක ඉන්නවා. ❤️

#අම්මා #මව්කිරි #මව්කිරිදීම #අම්මාගේහිතට #මව්වරුන්ට_ආදරයෙන් 🤱

🌙 “බබා මුළු රෑම නිදාගන්නේ කවදාද?”🌸රාත්‍රියේ සුවපහසු නින්දකට හුරු කරන්නේ කොහොමද? 👶🌸“බබා රෑට නින්දෙන් ඇහැරෙන්නේ නැතිව මුළු...
28/09/2026

🌙 “බබා මුළු රෑම නිදාගන්නේ කවදාද?”🌸

රාත්‍රියේ සුවපහසු නින්දකට හුරු කරන්නේ කොහොමද? 👶🌸

“බබා රෑට නින්දෙන් ඇහැරෙන්නේ නැතිව මුළු රෑම නිදාගන්නේ කවදාද?” කියලා අලුත් අම්මලා බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක්.🙄🙄🙄🥺

ඇත්තටම සෑම බබෙකුගේම නින්දේ රටාව එක වගේ නෑ. විශේෂයෙන් අලුත උපන් බබෙකුගෙන් රාත්‍රිය පුරා එක දිගට නිදාගැනීම බලාපොරොත්තු වීම සාමාන්‍යයෙන් සුදුසු නැහැ.

🌸🌸🌸වයසත් සමඟ නින්ද වෙනස් වෙනවා

🌼 මුල් මාස කිහිපය තුළ

බබාට නිතර කිරි අවශ්‍ය නිසා රාත්‍රියේදී කිහිප වතාවක් ඇහැරීම සාමාන්‍යයි.

🌼මාස 3–6 අතර

සමහර බබාලා රාත්‍රියේදී දිගු නින්දක් ලබාගැනීමට පටන් ගන්නවා. නමුත් තවමත් රාත්‍රියේ ඇහැරීම් ඇතිවිය හැකියි.

🌼මාස 6ට පසු

බොහෝ බබාලා දිගු රාත්‍රී නින්දකට වැඩි හැකියාවක් වර්ධනය කරගන්නවා. නමුත් සෑම බබෙකුටම එකම වේලාවක මේ වෙනස සිදුවෙන්නේ නැහැ.

🌸🌸🌸බබාට රාත්‍රියේ සුවපහසු නින්දකට හුරු කරන්නේ කොහොමද?

🌼🌼දිවා සහ රාත්‍රිය අතර වෙනස හඳුන්වා දෙන්න

දිවා කාලයේදී ආලෝකය සහ සාමාන්‍ය ගෙදර ශබ්ද තිබෙන්න ඉඩ දෙන්න. රාත්‍රියේදී ආලෝකය අඩු කරලා පරිසරය සන්සුන්ව තබන්න.

🌼🌼නින්දට පෙර එකම routine එකක් තබාගන්න

නානවා → ඇඳුම් මාරු කරනවා → කිරි දෙනවා → සන්සුන් කරනවා → නිදාගැනීම වගේ සරල routine එකක් දිනපතා පවත්වාගන්න.

🌼🌼බබාගේ නිදිමත ලක්ෂණ හඳුනාගන්න

ඇස් අතුල්ලනවා, ඈනුම් යවනවා, කලබල වෙනවා වගේ ලක්ෂණ පෙන්වන විට නින්දට සූදානම් කිරීම පහසුයි.

🌼🌼බඩගින්න ගැන සැලකිලිමත් වෙන්න

කුඩා බබාලාට රාත්‍රියේදීත් කිරි අවශ්‍ය විය හැකියි. එම නිසා බබාව බලෙන් දිගු වේලාවක් නිදිකරවන්න උත්සාහ නොකරන්න.

🌼🌼රාත්‍රියේ ඇහැරුණාම සන්සුන්ව ප්‍රතිචාර දක්වන්න

අවශ්‍ය නම් කිරි දීලා හෝ ඩයපර් එක මාරු කරලා, ආලෝකය අඩුවෙන් තබා නැවත නිදාගැනීමට උදව් කරන්න.

🌼🌼ආරක්ෂිත නින්දත් අමතක කරන්න එපා

බබාව පිටුපසට හරවා, තද සහ පැතලි නිදි මතුපිටක නිදිකරවන්න. බබාගේ නිදි ස්ථානයේ කොට්ට, මෘදු සෙල්ලම් බඩු සහ ලිහිල් රෙදි නොතබන්න.

🌸 මතක තබාගන්න…

“මුළු රෑම නිදාගැනීම” කියන්නේ සෑම බබෙකුටම එකම වයසකදී ලැබෙන දෙයක් නෙවෙයි.

බබා නිතර ඇහැරීම නිසා අම්මාට කරදරයක් වුණත්, බොහෝ අවස්ථාවලදී එය බබාගේ වර්ධනයත් සමඟ ක්‍රමයෙන් වෙනස් වෙනවා.

බබාට නින්ද සම්බන්ධයෙන් විශේෂ ගැටලුවක් තිබේ නම්, හෝ බබාට කිරි බීම අඩුවීම, අසනීප ලක්ෂණ, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි දේ තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

👩‍🍼 E Family Miss සමඟ එකතු වී අම්මා–බබා සෞඛ්‍යය ගැන තවත් වැදගත් දේ දැනගන්න.

#බබාගේනින්ද #අම්මාබබා #මව්වරුන්ටවැදගත් #ළමාසෞඛ්‍ය #අම්මලාටවැදගත්

👶 බබා නින්දේදී හදිසියේ ඇහැරෙන්නේ ඇයි? 🌸🌸“බබා හොඳට නිදාගෙන හිටියා… එකපාරටම ඇහැරිලා අඬනවා.”මේ අත්දැකීම බොහෝ අම්මලාට හුරුපු...
28/09/2026

👶 බබා නින්දේදී හදිසියේ ඇහැරෙන්නේ ඇයි? 🌸🌸

“බබා හොඳට නිදාගෙන හිටියා… එකපාරටම ඇහැරිලා අඬනවා.”
මේ අත්දැකීම බොහෝ අම්මලාට හුරුපුරුදුයි. ❤️

බබෙක් නින්දේදී හදිසියේ ඇහැරෙන්න හේතු කිහිපයක් තිබිය හැකියි.

🌸🌸නින්දේ ස්වභාවික අවධි වෙනස් වීම

බබාලා වැඩිහිටියන්ට වඩා කෙටි නින්දේ චක්‍ර හරහා යන නිසා, එක් නින්දේ අවධියකින් තවත් අවධියකට යන විට ඇහැරෙන්න පුළුවන්.

🌸🌸බඩගින්න

විශේෂයෙන් කුඩා බබාලාට නිතර මව්කිරි හෝ කිරි අවශ්‍ය වීම නිසා නින්දෙන් ඇහැරෙන්න පුළුවන්.

🌸🌸ඩයපර් එක හෝ නැපි තෙත් වීම

තෙත් හෝ අපහසු නැපි එකක් නිසාත් බබාට නින්ද බිඳෙන්න පුළුවන්.

🌸🌸උණුසුම හෝ සීතල වැඩි වීම

කාමරයේ උෂ්ණත්වය හෝ බබාගේ ඇඳුම් නිසා ඇතිවන අපහසුතාවයක් නින්දට බලපාන්න පුළුවන්.

🌸🌸අම්මාගේ සමීපතාව අවශ්‍ය වීම

කුඩා බබාලාට අම්මාගේ සුවඳ, හඬ සහ ස්පර්ශය සැනසීමක් ලබාදෙන නිසා, අම්මාගෙන් වෙන් වූ විට ඇහැරෙන්න පුළුවන්.

🌸🌸දත් එන කාලයේ අපහසුතාව

දත් එන කාලයේ ඇතිවන විදුරුමස් අපහසුතාවය නිසා නින්ද බිඳෙන්න පුළුවන්.

🌸🌸අසනීපයක් හෝ වෙනත් අපහසුතාවයක්

නාසය අවහිර වීම, කැස්ස, උණ, වේදනාව හෝ වෙනත් අපහසුතාවයක් තිබුණොත් නින්ද නිතර බිඳෙන්න පුළුවන්.

🌼🌼🌼🌼මතක තබාගන්න

බබා නින්දේදී වරින් වර ඇහැරීම හැමවිටම රෝගයක ලක්ෂණයක් නොවෙයි. විශේෂයෙන් කුඩා බබාලාගේ නින්දේ රටාව වයසත් සමඟ වෙනස් වෙනවා.

නමුත් බබා නිතරම දැඩි ලෙස අඬමින් ඇහැරෙනවා නම්, කිරි බීම අඩු වී තිබේ නම්, උණක් තිබේ නම්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබේ නම් හෝ වෙනත් අසාමාන්‍ය ලක්ෂණ තිබේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

🌸 අම්මාටත් බබාටත් සුවපහසු නින්දක් ලැබීම වැදගත්.

E Family Miss සමඟ එකතු වී අම්මා-බබා සෞඛ්‍යය ගැන තවත් වැදගත් දේ දැනගන්න

බබාගේනින්ද



#අම්මාබබා
#මව්කිරි
#මව්වරුන්ටවැදගත්
#මාතෘසෞඛ්‍ය
#ළමාසෞඛ්‍ය





මව්කිරි උපදේශනයමව්කිරි දීම සාර්ථක කරගන්නනිවැරදි මඟපෙන්වීමක් සමඟින්…👩‍🍼 මව්කිරි දීම සම්බන්ධ ගැටලු සඳහාපෞද්ගලික උපදේශනය📱 W...
27/09/2026

මව්කිරි උපදේශනය

මව්කිරි දීම සාර්ථක කරගන්න
නිවැරදි මඟපෙන්වීමක් සමඟින්…

👩‍🍼 මව්කිරි දීම සම්බන්ධ ගැටලු සඳහා
පෞද්ගලික උපදේශනය

📱 WhatsApp: 071 888 2918

ඔබේ මව්කිරි ගමනට විශ්වාසනීය මඟපෙන්වීමක්…

දැනුම බෙදාගන්නා සෑම මොහොතක්ම… මවක් සහ දරුවෙකුගේ හෙට දවස වෙනුවෙන් 🌸🌸🌸🌸මව්කිරි දීම, නිවැරදි මව්කිරි ලබාදීමේ ක්‍රම, බිළිඳා ...
27/09/2026

දැනුම බෙදාගන්නා සෑම මොහොතක්ම… මවක් සහ දරුවෙකුගේ හෙට දවස වෙනුවෙන් 🌸🌸🌸🌸

මව්කිරි දීම, නිවැරදි මව්කිරි ලබාදීමේ ක්‍රම, බිළිඳා නිවැරදිව හසුරුවීම සහ මව්වරුන්ට අවශ්‍ය දැනුම ලබාදීම පිළිබඳව දැනුවත් කිරීමේ අවස්ථාවක්.🌸🌸

නිවැරදි දැනුමක් ලැබුණු එක් මවක්,
තවත් එක් බිළිඳෙකුගේ සෞඛ්‍යවත් ආරම්භයකට ශක්තියක් වේ. 💗

මව්කිරි පිළිබඳ නිවැරදි දැනුම බෙදාදීම මගේ වගකීමක් වගේම සතුටක්. 🌷

දැනුම බෙදාගනිමු…
සෞඛ්‍යවත් පරපුරක් ගොඩනගමු. ❤️

#මව්කිරි #මව්වරුන් #බිළිඳුසත්කාර

Lactation Counselling හෝ වැඩසටහන් සඳහා අමතන්න 🤱📞 0718882918

26/09/2026

ඇය කාන්තාවක්…
වැටුණත් නැගිටින්න දන්න,
හැඬුවත් හිනාවෙන්න දන්න,
නිහඬව සිටියත්
තමන්ගේ හඬ සොයාගන්න දන්න…

ඇගේ අතේ තියෙන්නේ
මෘදු බවක් විතරක් නොවෙයි,
මුළු ලෝකයක්ම දරාගෙන
ඉදිරියට යන්න පුළුවන්
අසීමිත ශක්තියක්… ❤️

#කාන්තාව #කාන්තාවකගේශක්තිය #කාන්තාශක්තිය #කාන්තාඅභිමානය #කාන්තාවක්වීම #ඇය #ශක්තිමත්කාන්තාවක්

❤️ බබා උපන් පසු අම්මාගේ පපුව මත තැබීම මෙතරම් වැදගත් ඇයි?🌸🌸🌸🌸🌸බබා උපන් පසු හැකි ඉක්මනින් අම්මාගේ පපුව මත බබාව තබා ගැනීම S...
26/09/2026

❤️ බබා උපන් පසු අම්මාගේ පපුව මත තැබීම මෙතරම් වැදගත් ඇයි?🌸🌸🌸🌸🌸

බබා උපන් පසු හැකි ඉක්මනින් අම්මාගේ පපුව මත බබාව තබා ගැනීම Skin-to-Skin Contact ලෙස හඳුන්වයි.🌸🌼🌼🌼🌼🌼🌼

මෙය අම්මා සහ බබා අතර ආදරණීය මොහොතක් පමණක් නොවෙයි. බබාගේ උපතෙන් පසු මුල් අවස්ථාවලදී ශරීරයට සහ මව්කිරි දීම ආරම්භ කිරීමට වැදගත් සහායක් ලබාදිය හැකි ක්‍රමයකි.

🌸 🌸🌸🌸බබාගේ ශරීර උෂ්ණත්වය පවත්වාගැනීමට උපකාරී වේ

උපන් පසු බබාට තම ශරීර උෂ්ණත්වය ස්ථාවරව තබාගැනීම අභියෝගයක් විය හැකියි. අම්මාගේ සමේ උණුසුම බබාගේ උෂ්ණත්වය පවත්වාගැනීමට උපකාරී වේ.

🌸 🌸🌸බබාගේ හුස්ම ගැනීම සහ හෘදස්පන්දනය ස්ථාවර වීමට සහාය වේ

අම්මාගේ පපුව මත සමට සම සම්බන්ධතාවයෙන් බබා සන්සුන් වීමටත්, හුස්ම ගැනීම සහ හෘදස්පන්දනය වඩා ස්ථාවර වීමටත් උපකාර විය හැකියි.

🌸 🌸🌸🌸බබා සන්සුන් වීමට උපකාරී වේ

අම්මාගේ සුවඳ, උණුසුම, හෘදස්පන්දනය සහ ස්පර්ශය බබාට හුරුපුරුදු සංවේදන ලබාදෙන නිසා බබා සන්සුන් වීමට උපකාරී විය හැකියි.

🌸 🌸🌸🌸මව්කිරි දීම ආරම්භ කිරීමට උපකාරී වේ

Skin-to-skin contact මඟින් බබාගේ ස්වභාවික feeding reflexes උත්තේජනය වීමටත්, මව්කිරි දීම ඉක්මනින් ආරම්භ කිරීමටත් සහාය විය හැකියි.

🌸 🌸🌸🌸අම්මා සහ බබා අතර බැඳීම ශක්තිමත් කරයි

බබාව තුරුළු කරගෙන සමට සම සම්බන්ධතාවය පවත්වාගැනීම අම්මාටත් බබාටත් ආදරණීය හා ආරක්ෂිත අත්දැකීමක් ලබාදෙයි.

ඒ නිසා…

බබා උපන් පසු අම්මාගේ පපුව මත තබාගැනීම කියන්නේ බබාව නිකම්ම තුරුළු කරගැනීමක් නොවෙයි.

එය බබා මේ ලෝකයට පැමිණි පසු ලැබෙන පළමු උණුසුම, පළමු සැනසීම සහ මව්කිරි දීමේ පළමු පියවරක් විය හැකියි. ❤️

🌻🌻🌸🌼🌼🌸අම්මා හෝ බබාට වෛද්‍යමය අවශ්‍යතාවයක් තිබේ නම්, සෞඛ්‍ය කණ්ඩායමේ උපදෙස් අනුව skin-to-skin contact සිදු කළ යුතුය. එමෙන්ම අම්මා ට හෝ බබා ට හදිසි අවස්ථාවලදී එසේ පපුව මත තැබීම සිදු නොවියද හැක. එවැනි අවස්ථා වලදී එය වෛද්‍ය අනුමැතිය යටතේ සිදු විය යුතුය. නමුත් දෙදෙනා හොද සෞඛ්‍ය තත්වයක සිටීනම් ඉඩ ලැබෙන ඕනෑම අවස්තාවක් සිකින් ටු ස්කින් තැබිම ඉතා වැදගත් වේ. 🌸🌸🌸

EFamilyMiss #මව්කිරි #අලුතඋපන්බබා #අම්මාසහබබා

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Efamilyමිස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Efamilyමිස්:

Shortcuts

Share