Your health Sri Lanka

  • Home
  • Your health Sri Lanka

Your health Sri Lanka The first wealth is health. let's achieve it together...

16/09/2024

කේගොල්ල රෝගලේ ඩැයිලයිසිස් යේකකයට ලෙඩ්ඩු ගෙනිච්චහම එ්කෙ කාරිය මණ්ඩලේ කෂ්ටිය ලෙඩාව ගෙනියන කට්ටියට පුදුම සැලකිල්ලක් සලකන්න අප්පා. කතාකරන කාරුණික වදන්වලට අැඬෙනවා තනි අැහැට: අැත්තමයි. මෙයාල හැමෝම අර චක්‍රලේඛයක් තියෙන්නෙ ලෙඩෙක් ට්‍රාන්සර් ගෙනාපුවහම කෝමද එ් ලෙඩාගේන කාර්ය මණ්ඩලයට සහය විය යුත්තේ කියලා, අන්න එ්ක කටපාඩං කොරගෙන ඉන්නෙ මම ඉතන්නෙ...
පෝම ස්තූතියි හොදේ මේ කරන දේවලට... අපි ඔයාලට විතරක් නෙමේ මව් පියවරුන්ටත් පිං දෙනවා අැමදාම... අරිය..😘😘

14/09/2024
23/05/2023

Nursing is more than a job – it's a calling. It's the kind of profession that requires a special kind of person who is willing to sacrifice ...

 *******se
10/04/2023

*******se

Hey there! Let's talk about the birds and the bees, or more specifically, the four stages of in*******se. It all starts with physical attr...

මේක දැං චතුරංග සමීරගේ community වෙලා. සංගමේ resources අව භාවිතා කරලා තමංගෙ  utube  නාලිකාවට ප්‍රචාරයක් දෙන එක කොයි තරං ද...
24/02/2023

මේක දැං චතුරංග සමීරගේ community වෙලා. සංගමේ resources අව භාවිතා කරලා තමංගෙ utube නාලිකාවට ප්‍රචාරයක් දෙන එක කොයි තරං දුරකට සදාචාරාත්මකද සහෝ?

05/10/2022
08/02/2022

2006/6 චක්‍රලේඛය නිකුත්වෙනකොට JVP එකත් හිටියෙ මහින්ද මහත්තයගෙ අාණ්ඩුවෙ. එක්තරා අවස්ථාවක මහින්ද මහත්තයා මේ පනත අකුල ගත්තා. එ්කට විරුද්ධ උනේ එ් කාලෙ අාණඩුවෙ හිටපු JVP එක. නර්ස්ලට වගේම ගුරුවරුන්ටත් ලොකුම වැටුප් විෂමතාවයක් අාවෙ මේ පනතෙං. ගුරු සටනටත් විදුහල්පතිවරු හිට්යා. OL සමත් ඉඳං විශේෂ උපාධි දක්වා ගුරුවරු හිටියා. එ්කත් සියලුදෙනා එකට එකතුවෙලා කරපු සටනක්. මේ හැම කණ්ඩායමකටම එ් එ් ගොල්ලන්ට අනන්‍ය ගැටලුත් තියනවා. එ්වට එ් ගොල්ලන්ගෙ වෙන වෙනම අරගල තියනවා. හැබැයි මුලින්ම,එයාල කරේ පොදු ගැටලුව එකතුවෙලා විසඳගන්න එක. කවුරුහරි හිතනවනං අපි මේ සටනට නොහියටියත් අරගොල්ලන්ට පඩි වැඩි කරොත් අපිටත් ඉබේම වැඩිකරයි කියලා එ්ක හිතලුවක්. අපි ඔය සටනෙ නොහිටියොත් අනිත් වෘත්තීන්ට විතරක් වැඩි කරලා නිකං ඉඳී අාණ්ඩුව. එ්ක එ් ගොල්ලන්ට ලාභයි. අපිට තමා වැඩිම පිරිසක් ඉන්නෙ. අාණ්ඩුව ඉතිහාසයේ එහෙම කරලත් තියනවා. අධ්‍යාපන පරිපාලන නිළධාරියොත් අරගලයට නොගිහිං බලා හිටියා එ් ගොල්ලන්ට වැඩි කරොත් අපිටත් වැඩි කරයි කියලා. කෝ වැඩි කරාද? ගුරුවරුන්ට වඩා ඉහලිං ඉන්න පරිපාලකයන්ට එහෙම කරානං අපි ගැන කවර කතාද???

බොරු කියනබව මූණෙන් අඳුනා ගන්නේ කෙසේද? නොවරදින සලකුණු 12ක් මෙන්න...මාර්ක් බවුටන් කියන්නෙ ඇමරිකානු FBI ආයතනයේ හිටපු, වසර 3...
19/11/2021

බොරු කියනබව මූණෙන් අඳුනා ගන්නේ කෙසේද? නොවරදින සලකුණු 12ක් මෙන්න...

මාර්ක් බවුටන් කියන්නෙ ඇමරිකානු FBI ආයතනයේ හිටපු, වසර 30ක පලපුරුද්දක් සහිත රහස් පරීක්ෂකවරයෙක්. මෙතුමා බොරු කියන්නෙකු හඳුනා ගන්නේ කෙසෙද යන්න පිළිබඳ පොතක් පල කර තියෙනවා. මෙතුමා FBI ආයතයේ සේවය කරන සමයේදී, විවිධ අපරාධකරුවන් හඳුනා ගැනීමට මේ පොතේ පළවෙන උපක්‍රම ප්‍රායෝගිකව භාවිතා කරල තියෙනවා.

අපරාධකරුවන් හඳුනා ගැනීමට කෙසේ වෙතත්, සාමන්‍ය ජීවිතයේදී අපට හමුවෙන අය අපට බොරු කරන්වා ද නැදද යන්න හඳුනා ගැනීමටවත් සමත් වෙන්න පුලුවන්නම් ඒක අපිට හරිම වැදගත්.

මේකෙදී ගොඩක්ම වැදගත් වෙන්නේ මුහුණෙන් පලවෙන හැඟීම් ලඟින් නිරීක්ෂණය කිරීමයි. බොරු කියනකොට සිදුවෙන මේ වෙනස්කම් වලට බොරු කියන්නා තුල ඇතිවෙන චකිතය, සිරුරේ ඇතිවන විවිධ රසායනික වෙනස්කම් හා ඊට සමගාමීව ඇතිවෙන භෞතික වෙනස්කම් බලපානවා කියලයි මාර්ක් මහතා පවසන්නේ.

මෙතුමාගේ අදහස් අතරින් භාවිතයට පහසුම හා වැදගත්ම නිරීක්ෂණයන් 12ක් පහත දක්වා ඇත.

ඇස් දෙපසට චලනය වීම
මේකෙන් කියවෙන්නෙ ඔබේ කතා බහෙන් ඔහු හෝ ඇය අපහසුතාවයට පත්වූ බව හෝ ඔහුට හෝ ඇයට තවදුරටත් ඔබ හා කතාබහේ නිරත වීම අනවශ්‍ය බවයි. ඔහු හෝ ඇය ඔබෙන් මිදීමට මාර්ගයක් හොයනබව මේකෙන් කියවෙනවා.

ඇසිපිය හෙලීම වේගවත් වීම
එක දිගට හතර පස් වතාවක් ඇස් පිය හෙලනවානම් ඒකෙන් කියවෙන්නේ ඔහු හෝ ඇය තමා පවසන බොරුවෙන් අපහසුතාවයකට පත්ව ඇති බවයි.

තප්පරයකට වඩා ඇස් වසාගෙන සිටීම
සාමාන්‍යයෙන් එක් ඇසිපිය සැලීමකට ගතවන කාලය තප්පර0.4ක් පමණ අනවා. යමෙක් වරින් වර තප්පරයක් හෝ දෙකක් පමණ කාලයක් ඇස් වසාගෙන සිටීනම් ඔහු හෝ ඇය ඔබට පවසන්නේ බොරුවක් වීමට ඉතා වැඩි ඉඩ කඩක් පවතිනවා.

බලා සිටන දිශාව - ඉහල හා දකුණ
ඔහු හෝ ඇය දකුණත් කරුවෙක් නම්, ඔබ ඔහු හෝ ඇය දුටු දෙයක් ගැන විමසාසිටි විටකදී ඉහල හා වම් පස දෙස බලා සිටීනම් ඇත්තෙන්ම ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ දුටු දේ සිහියට නඟා ගැනීමටයි. නමුත් ඉහල හා දකුණු පස දෙස බලා සිටීනම් ඔහු හෝ ඇය උත්සාහ කරන්නේ දුටු දේ පිළිබඳ බොරුවක් ගෙතීමටයි.
වමත් කරුවෙක් නම් මේ ප්‍රතික්‍රියාව මීට ප්‍රතිවිරුද්ද අතට සිදුවනු ඇත.

බලා සිටින දිසාව - කෙලින්ම දකුණ
ඔබ ඇසුවේ ඔහු හෝ ඇය ඇසූ දෙයක් පිළිබඳවනම්, ඔහු හෝ ඇය දකුණත් කරුවෙක් නම් , ඔහු ඇසූ දේ මතකයට නඟා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ඇස වම් කණ දිසාවට ගමන් කරයි. බොරුවක් ගෙතීමට උත්සාහ කිරීමේදී ඇස් ගමන් කරනු ඇත්තේ දකුණු කණ දිසාවටයි.

බලා සිටන දිසාව - පහලට හා දකුණට
ඔබ ඇසූ දෙය යම් ගන්දයකට හෝ ස්පර්ශයකට හෝ සංවේදනයකට අදාල දෙයක් නම්, බොරුවක් කියන දකුණත් කරුවෙකුගේ බැල්ම පහලට හා දකුණට යොමුව පවතිනු ඇත.

ව්‍යාජ සිනහව
බොරු කියන අයෙකුගේ සිනහව කෙනෙකුගේ දෙනෙත් සමඟ කිසිඳු බැඳීමක් නොදක්වයි. අව්‍යාජව සිනහසෙනවිට ඔහුගේ/ඇයගේ ඇස් වටා ඇති මාංශ පේශී මද වශයෙන් රැළි ගැසේ.

මුහුණ කැසීම
බොරු කියනවිට සිරුරේ ඇතිවන රසායනික වෙනස්කම් නිසා මුහුණ කසයි. එනිසා බොරු කියන්නා වරින් වර සිය ඇඟිලි වලින් මුහුණ කැසීමට පෙලබේ.

තදින් වසා ගත් දෙතොල
බොරු කියනවිට කටේ කෙළ සිඳී යාමක් සිදුවේ. එනිසා බොරු කියන්නා තොල් තදකර පියා ගැනීමට පෙළබේ. තදකර වසාගත් දෙතොල සුදු මැලි වී තිබේනම් ඔහු/ඇය පවසන්නේ බොරුවක් වීමට ඉතා විශාල ඉඩකඩක් පවතී.

අධික ලෙස දාඩිය දැමීම
බොරු කීමේදී බොහෝ විට අධිකව දහඩිය ගැලීමක් සිදුවේ. මේවා බොහෝවිට නළලේ, බෙල්ල පිටිපස හා/හෝ කම්මුල්වල දැකිය හැක. එසේම බොරු කියන තැනැත්තා නිතර නිතර මෙම දහඩිය පිහදැමීමක් සිදු කරනු ඇත.

මුහුණ රතු වීම
බොරු කීමේදී මුහුණ රතු වීම බොහෝවිට කාන්තාවන්ගෙන් දැකිය හැකි පොදු ලක්ෂණයකි. මෙහිදී සිදුවන්නේ ඇඩ්‍රිනලීන් ස්‍රාවය අධික වීම නිසා ඊට ස්නායු පද්දතිය ප්‍රතිචාර දැක්වීමකි.

හිස දෙපසට හෙලවීම
මෙයද බොරු කියන තැනැත්තන් දක්වන ප්‍රතික්‍රියාවකි. මෙහිදී ඔහු/ඇය තමන් පවසන දෙයට එකඟ නොවන බවක් දක්වා සිටී. සත්‍ය පවසන්නෙකු තම හිස ඉහලට හා පහලට සෙලවීම මඟින් තමන් පවසන දෙයට එකඟතාව පළකරනු ඇත.

මේ සෑම ලක්ෂණයක්ම සෑම තැනැත්තෙකුගෙන්ම හා සෑම විටම දැකිය හැකි ලක්ෂණ නොවේ. නමුත් කිහිපයක් හෝ පෙන්වන්නේ නම් ඔහු/ඇය පවසන්නේ බොරුවක් බවට ඔබට පහසුවෙන් නිගමනය කල හැක.

Address


Alerts

Be the first to know and let us send you an email when Your health Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share