ඩිලා" DILA

ඩිලා" DILA Healing yourself through words💓💐

29/07/2024

සිංහ කෙල්ලන් වෙනුවෙන් උපහාර ගීතය ❤️

සියුමැලී මල් පෙතී ජය කෙළී නංවතී
හදබැඳී ආදරේ ලක්මවුන් පුදදෙතී

ධේනුවන් සිංහ කෙල්ලනේ
ප්‍රේමයෙන් ගන්න මේ සෙනේ
බිඳ දමා පවුරු ලෝකයේ
ජය ගෙනා සිංහ කෙල්ලනේ.....

Lyrics by SACHIN

23/07/2024

“අපි ආදරේ කරන්න ඕනෙ'
අපි වෙනුවෙන් ඉන්න මිනිස්සුන්ට. !❤️💆🏻‍♂️

“We are most alive when we're in love."     🌸John Updike
29/06/2024

“We are most alive when we're in love."
🌸John Updike

📖_____________________________🔍මිනිස්සුන්ට තියෙන්න ඕන හෙන ගැහුවත් දරා ගන්න පුලුවන් හදවතක්..ලෝකයම අකාරුණික වෙද්දිත් තමන්ට...
17/06/2024

📖_____________________________🔍

මිනිස්සුන්ට තියෙන්න ඕන හෙන ගැහුවත් දරා ගන්න පුලුවන් හදවතක්..

ලෝකයම අකාරුණික වෙද්දිත් තමන්ටම ආදරේ සතුට පුරවගත හැකි ඒ ආදරේ සතුට බෙදිය හැකි හදවතක්..

අඩියටම වැටුනත් නැවත බලාපොරොත්තු ඇති කරගෙන නැගිටින්න උත්සාහ කරන ශක්තිමත් ආත්මයක්.

තමන්ට නොලැබෙන දේ වුනත් ලෝකයට දිය හැකි කාරුණික ජීවිතයක්..

කාත් එක්කවත් ඇරියස් නැතිව තමන්ගෙ ගමන පාඩුවේ යා හැකි තරමට පරිණත වූ මනසක්..

ඔවු මිනිස්සුන්ට තියෙන්න ඕන එහෙම කොලිටීස්..
එකම විදිහ මිනිස්සු අතර එහෙම වෙනස් මිනිස්සු ලෝකයේ ඉන්න ඕන..!💐🦋

Copied

කෙනෙක්ට දිග කාලයක් ආදරය කරනවා කියන්නේ ඒ පුද්ගලයාගේ එක් එක් යුගවල එයා ගෙවපු විවිධ ජීවිතවල මරණයන් වලට සහභාගි වීමක්. එයා එක...
17/06/2024

කෙනෙක්ට දිග කාලයක් ආදරය කරනවා කියන්නේ ඒ පුද්ගලයාගේ එක් එක් යුගවල එයා ගෙවපු විවිධ ජීවිතවල මරණයන් වලට සහභාගි වීමක්. එයා එක් එක් යුගයන්වලදි එයා වෙලා හිටපු කෙනා මිය ගිහින් අළුත් කෙනෙක් බිහිවෙන හැම වතාවකම එයාගේ ඉපැරණි ජීවිතයේ මරණයන්වලට ඔබට සහභාගී වෙන්නම වෙනවා. තවදුරටත් එයා වෙලා හිටපු කෙනා බවට පත්වෙන්න බැරි තරම් වෙහෙසට පත්වුණාට පස්සෙ, එහෙමත් නැත්තම් එයාගෙ ඉපැරණි ජීවිතය තව දුරටත් එයාට ප්‍රමාණවත් නැති බව දැනෙන්න පටන් ගනිද්දි, එහෙමත් නැත්තම් එයා බලාපොරොත්තු වුණ කෙනා බවට එයාට පත්වෙන්න බැරි බව දැනුණු මොහොතෙදි එයාලා මරණයට පත්වෙනවා. ඔබ ආදරේ කරන්නෙ දීර්ඝ කාලීනවනම්, ඔබට සිද්ධ වෙනවා ඒ හැම මරණයකටම සහභාගී වෙන්න.

අපි ආදරේ කරන මිනිස්සුන්ගෙ ආලෝකය අහිමි වෙමින් යන බව දැක්කම, අපිට උවමනා වෙනවා හැකි ඉක්මනින් ආයෙත් ඒ ආලෝකය ඔවුන් ළඟා කරගන්නවා දකින්න. ඔවුන් කියද්දි ඔවුන් අතරමං වෙලා බව, අපිට උවමනයි ඔවුන් හැකි ඉක්මනින් ඔවුන්ගෙ පාර හොයාගන්න.

ඒත් කෙනෙක් එක් යුගයකදි වෙලා හිටපු කෙනා හැටියටම තව දුරටත් නොහැසිරෙද්දි, අපිට අයිතියක් නැහැ එයාලට බල කරලා අහන්න "ඇයි ඔයා වෙනස් වුණේ?" කියලා. ඒක නෙමෙයි අපිට පැවරෙන කාර්යභාරයය. අපේ කොටස වෙන්නෙ එයාලා එක්ක එයාලගෙ විවිධ ස්වරූපයන් හරහා එයාලා ඇවිදන් යද්දි, එයාලත් එක්ක ඒ ගමන යන එක විතරයි. එක තැනකින් තවත් තැනකට...

ඒ ගමනෙදි අපිට මුණගැහෙන එයාගෙ විවිධ ස්වරූපයන්ට ගෞරවයෙන් සලකන්න පුරුදු වෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ අළුත් කෙනාව පිළිගන්න සිද්ධ වෙනවා. ඒ පිළිගැනීමත් එක්ක එයා එක්ක ඇවිදින්න අපිට සිද්ධ වෙනවා. එච්චරයි.....

සමහරදාක ඒක මහා ප්‍රභාසම්පන්න ගිනිජාලාවක් වගේ දැනේවි. සමහරදාක ඒක හෙමි හෙමින් ඇවිලෙන, කාමරය අවැසි මොහොතේදී පරිපූර්ණ සහ අත්‍යාවශ්‍ය අඳුරකින් පුරවා දමන්න හැකි මන්දාලෝකයක් වේවී...

ඒ තමා දිගු කාලයක් එක මනුස්සයෙක්ට ආදරය කිරීම කියන්නෙ. ඒ මනුස්සයා මිය යමින්, නැවත ජීවිතයට එන හැම වතාවකම, ඒ බිහිවෙන අළුත් කෙනා එක්ක ආදරයෙන් බැඳීමයි!!

-Heidi Priebe
අනුවාදය: Shenu Perera

(Book: This Is Me Letting You Go)

NO REPLACEMENT 🩷🌹
15/06/2024

NO REPLACEMENT 🩷🌹

😅
30/05/2024

😅

මනුස්සයෙක්ට ජීවිතේ සම්බන්ධතා පවත්වන්න මහා ලොකු මිනිස්සු ගොඩක් ඉන්න ඕන නෑ. වචනෙකින් හරි push එකක් දෙන්න පුලුවන්කරන හැම දේ...
02/05/2024

මනුස්සයෙක්ට ජීවිතේ සම්බන්ධතා පවත්වන්න මහා ලොකු මිනිස්සු ගොඩක් ඉන්න ඕන නෑ.

වචනෙකින් හරි push එකක් දෙන්න පුලුවන්
කරන හැම දේටම ඇද නොකියා පොඩ්ඩක් motivate කරන්න පුලුවන්
ඕනම situation එකක් විවේචනය නොකර තේරුම් ගන්න පුලුවන්
ඇවිලෙන ජීවිත වල නිවෙන්න හේතු හදන
එකම එක Quality මනුස්සයෙක් හරි ඉන්නවනම් ඒ හොඳටම ඇති.

මොකද
Toxic souls සිය ගාණකට වඩා හිනාවෙලා ජීවිතේ ගෙවන්න පුලුවන් ආදරණීය එක හිතක් ජීවිතේකට ආශිර්වාදයක්! ❤🌻💫

✍️ Ishara Somarathna - Upmind

💔😓
28/04/2024

💔😓

🫶🌹
28/04/2024

🫶🌹

💔🌹
28/04/2024

💔🌹

😓💔
27/04/2024

😓💔

Address

Welimada Town
90350

Telephone

+94777700574

Website

Alerts

Be the first to know and let us send you an email when ඩිලා" DILA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඩිලා" DILA:

Share