19/10/2025
Tennis Elbow ලිපි අංක - 3️⃣
🟧🟧රෝග විනිශ්චය🟧🟧
වැලමිට සන්ධිය ආශ්‍රිතව වේදනාව එන තවත් රෝගාවස්ථා ලෙස,
◼️Arthritis
◼️වැලමිට සන්ධියේ අස්ථිබිඳීම් (fractures) හා වෙනස්වීම් (dislocations)
◼️Bursitis
◼️Gout
◼️Biceps muscles ඇදීමට ලක්වීම
◼️ස්නායු තදවීම
◼️බෙල්ලේ වේදනාව වැලමිට ප්‍රදේශයෙන් දැනීම වැනි අවස්ථාව දැක්විය හැකිය.
මේ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ රෝග රෝගී පරීක්‍ෂාවන්ට ලක්වී රෝගය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.
සමහර අවස්ථාවලදී රෝග විනිශ්චය තහවුරු කරගැනීම සඳහා x-ray, MRI, Ultrasound වැනි scan පරීක්ෂණ ද, nerve conduction test වැනි ස්නායු පරීක්‍ෂාවන්ද සිදු කරනු ලබයි.
🟧🟧රෝගය වළක්වා ගැනීම සඳහා🟧🟧
💪🏻 බරින් වැඩි භාණ්ඩයක් ඔසවාගැනීමේදී හෝ රැගෙන යාමේදී වැලමිට සන්ධියේ යම් ප්‍රමාණයක නැමීමක් සිදුකරමින් රැගෙන යාම.
💪🏻එවැනි දෑ අත්දෙකම යොදාගනිමින් එසවීම.
💪🏻නිවැරදි techniques යොදා ගනිමින් ක්‍රීඩාවන් සිදුකිරීම.
(උදා - Tennis ක්‍රීඩාවේදී, two-handed backhand technique භාවිතය)
💪🏻දැඩිව වැර යොදමින් වේගයෙන් ලිවීම ආදිය සිදුකිරීමෙන් වැළකීම. ✍️
💪🏻අතින් විවිධ ක්‍රියාකාරකම් කිරීමේදී යම් විවේකයක් ලබා ගැනීම.
💪🏻වේදනාව වැඩිවීමට හේතුවන ක්‍රියාකාරකම්වලින් වැළකීම.
💪🏻වැඩිපුර ජලය පානය කිරීම.
💪🏻අධික ධුම්පානය, මත්පැන් පානය, සීනි සහිත ආහාර, ක්ෂණික ආහාරවලින් මිදීම.
රෝගී තත්ත්වය ඇති වූ මුල් අවස්ථාවේදී ඒ මත Ice තැබීමෙන් වේදනාව පාලනය කල හැකි අතර ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් වේ.
✍🏻 මීළඟ ලිපිය සමඟ හමුවෙමු! ✍🏻