27/08/2026
මේ රටේ කැලැන්ඩරේ නිවාඩු නම් එමටයි.
මෙදා පාර එකදිගට ලැබුණු දින තුනක නිවාඩුව කනවැකුණු හැටියේම, දිගු ගමනක් යන්න සුදානමින් ලහි ලහියේ ලක ලෑස්ති වුණාට මොකද එයා ආසම මෙනුවක් පිළියෙල වුණේ ආසාවෙන්.
කලින් දා ඉස්සෝ ව්‍යාංජනයට හොදි මදිකමට ලැබුණු චෝදනාව හින්දම අද නාන්නම ඉතුරු කළා හින්දන්නෙම නැතුව 🤪.
හැමදාම වම්බටු මෝජු දුන්නත් එපා නොවෙන ජීවියෝ දෙන්නෙක් ගෙදර ඉන්න හින්දා බය නැතුව ඒක හදන්න ගත්තාට මොකද,නොහිතපු වෙලාවක් ගත වුණේ ඒකට.
බටු බැදෙන අතරේ දඩිබිඩියේ හැදුණු පතෝල සලාදයට නම් වැඩි කැමැත්තක් ලැබුණේ නැති වුණාට, සද්දයක් දාලා ගුණේට ගිල්ලුවා ඒකත් කෝමහරි 🤭.
රටකජු, සුදුළූණු, රතුළූණු, කරපිංචා,නූඩ්ල්ස්,පපඩම් එක්ක හැදුණු බැදුම නම් යන්නයි එන්නයි පොඩි මහත්තයා පපඩම් වලින් බඩ පුරවගන්න පටන් ගත්තු හින්දා, ඒක තිබ්බේම හංගලා 🤦.