16/10/2026
නිවාඩු සිකුරාදාවේ කවදාවත් නැතුව කලින් දා යොදා ගත්තු විශාල රාජකාරියකට යන්න වගේ පුංචි මහත්තයා අවදි වුණේ ඔක්කොමලා අවදි කරවලා මහ පාන්දර 4ට විතර.
උයන අදහසක් අහලකවත් නොතිබ්බට මොකද කලින් දා රෑම කඩල පරිප්පු ටික පෙඟෙන්න දැම්මේ, සිකුරාදා දවාලට තෙලට හින්දලා ගන්න අදහසින් 🫢.
හදිසියේ හිතට එන ක්ෂණික අදහසුත් නරකම නෑ ඉතින්.😋
එයැයි Naleen Fernando මමයි ඉස්සර බයික් එකේ රවුම් ගහන කාලේ හන්දියේ වඩ කරත්ත එකක්වත් අපි මග හරින්නේ නම් නෑ 🤭. මෙහේ ඉතින් ලංකාවේ වගේ හන්දියක් හන්දියක් ගානේ මුණ ගැහෙන්න වඩ බැදෙන පුංචි පුංචි පෙට්ටි කඩවල් දකින්නවත් නැති හින්දා ගෙදරම හැදුවේ ඒ කොලිටියම ගන්න හිතාන.
රසට තිබ්බාට මොකද අර හන්දියේ පරණ තෙල් වලින් ගැම්මට සුවඳ ගගහ බැදෙන උම්බලකඩ වඩ, ඉස්සො වඩ, උළුඳු වඩ වල එන සයිවර් කොලිටිය නම් ඒකෙ නෑ 🥲.
ඒත් ඉතින් හිත හදා ගන්න සතුටින් රස බැලුවා පුංචි මහත්තයත්, එකක් දෙකක් ටෙස්ට් කරල වැඩේ ok වගේ හින්දා වතුරේ නටපු මහන්සියටම වග කිව්වා 😍.