05/07/2026
සරණක් වෙමු අපි සංවිධානයේ සම-නිර්මාතෘ චාමර කහඳගමගේ මහත්මාගේ දායකත්වයෙන්, අනුරාධපුර ප්‍රදේශයේ අසරණ මවක් වෙනුවෙන් Walker උපකරණයක් පරිත්‍යාග කිරීමට අපට භාග්‍යය උදා විය.
මෙම පින්කම සඳහා දායකත්වය ලබාදුන් චාමර කහඳගමගේ මහත්මා ඇතුළු ආදරණීය පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ සහ උතුම් නිරෝගී සම්පත්තිය උදාවේවා!
එමෙන්ම මෙම උපකරණය ලැබූ රෝගී මවට ද ඉක්මන් සුවය, ශක්තිය සහ නිරෝගී සම්පත්තිය උදාවේවා!
මෙම කාර්යය සාර්ථක කරගැනීමට උපකාර කළ අපගේ වරාගම ඥානරතන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු පින්වතුන්ට ද උතුම් නිරෝගී සම්පත්තිය, සෙත සහ ශාන්තිය උදාවේවා!
මෙම සියලු පුණ්‍ය කුසල බලයෙන් සැමටම උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් මඟ සාර්ථක කරගැනීමේ භාග්‍යය උදාවේවා!
තෙරුවන් සරණයි