05/10/2026
මං දැන් හරි වෙනස්...💛
මගේ චූටි කාලේ මට මුණගැහුණු අය
ඒයාලා හිතන් ඉන්නේ
මං තාම එදා හිටිය විදිහමයි කියලා.
ඒත් එයාලා දන්නේ නෑ
මං දැන් ගොඩක් වෙනස් කියලා!
මගේ ගමේ මට මුණගැහුණු
අපේ නෑ හිතවතුන්...
ඒයාලා හිතන් ඉන්නේ
මං තාම එදා හිටිය විදිහමයි කියලා.
ඒත් එයාලා දන්නේ නෑ
මං දැන් වෙනස් කියලා….෴෴෴
මගේ පාසලේ මට මුණගැහුණු යාළුවෝ
ඒයාලා හිතන් ඉන්නේ
මං තාම එදා හිටිය විදිහමයි කියලා.
ඒත් එයාලා දන්නේ නෑ
මං දැන් වෙනස් කියලා….෴෴෴
මගේ කැම්පස් කාලේ මට මුණගැහුණු යාළුවෝ
ඒයාලා හිතන් ඉන්නේ
මං තාම එදා හිටිය විදිහමයි කියලා.
ඒත් එයාලා දන්නේ නෑ
මං දැන් වෙනස් කියලා…..෴෴෴
මගේ රස්සාව කරන තැන මට මුණගැහුණු අය
ඒයාලා හිතන් ඉන්නේ
මං තාම එදා හිටිය විදිහමයි කියලා.
ඒත් එයාලා දන්නේ නෑ
මං දැන් වෙනස් කියලා!
මම අලුත් පවුලකට ඇවිත් මට මුණගැහුණු අය
ඒයාලා හිතන් ඉන්නේ
මං තාම එදා හිටිය විදිහමයි කියලා.
ඒත් එයාලා දන්නේ නෑ
මං දැන් වෙනස් කියලා!
මම වෙන රටකට ඇවිත් මට මුණගැහුණු අය
ඒයලා හිතන් ඉන්නේ
මං තාම එදා හිටිය විදිහමයි කියලා.
ඒත් එයාලා දන්නේ නෑ
මං දැන් වෙනස් කියලා!
කුණාටු ගොඩක් පසු කරමින්, ගිලෙන්න නොදී මං මාවම සැහැල්ලු කරගෙන කොහොම හරි ගොඩට පිනුවා.
ඔයාලා දන්නවාද? මං ඇදගෙන වැටුණා, මං ගහගෙන ගියා, මහ තද සැඩ පහරවල් මාව උදුරා ගන්න හැදුවා, මහ තද වැසි කඩා වැටුණා... ඒකි මෙකි නොකී අභියෝග එක්ක මං පොරබැදලා ගොඩට පිනුවා.
ඒ හැම අභියෝගයක්ම දරාගත්තු මං හරි ශක්තිමත්. මං දැන් ගොඩක් වෙනස්!
මං දැන් ගොඩක් ඉස්සරහින්.
ඔබ එදා දැකපු කෝණයෙන් මාව දැන් විනිශ්චය කරන්න එපා.
මොකද... මං දැන් ගොඩක් ඉදිරියෙන්! ෴෴
05/10/2026
Anju Herath❤️