Sunil Gunarathna

Sunil Gunarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunil Gunarathna, Medical and health, L/80, New Town, Ampara.

දමන ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් කිහිපයක්  සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ල...
04/09/2026

දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම සේවා වසම් කිහිපයක් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන "මනෝ සාමාජීය වශයෙන් ප්‍රජාව සවිබල ගැන්වී" වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදෙමින්..https://youtube.com/-n9?si=Az7fZAzMuFEfMPna

03/09/2026

සන්ධි සුමට කිරීමේ ආසන.03
යෝග ආසන නිවැරදිව සිදුකිරීම සඳහා ශරීරයේ ඇති සන්ධි ලිහිල් කිරීම අවශ්‍ය වෙයි.එවිට අදාළ ආසන නිවැරදිව සහ පහසුවෙන් සිදුකිරීමට හැකියාවක් ලැබෙයි.සන්ධි සුමට කිරීමේ ආසන මගින් සිදුවන්නේ සිරුරේ තියෙන සියුම් සහ ප්‍රධාන සන්ධි ලිහිල් කරලා, ස්වභාවිකවම ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි කරන අභ්‍යාස මාලාවක්. මෙයින් සන්ධිවල තදබව නැති වෙලා, රුධිර සංසරණය දියුණු වෙනවා. ඒ වගේම සන්ධිවල සිරවුණු ශක්තිය නිදහස් කරලා, සිරුර වඩාත් නම්‍යශීලී කරන්නත් උදව් වෙනවා. ඒ නිසා යෝගා ආසන සිදුකිරීමට පූර්වයෙන් යම් කාලයක් මෙම සන්ධි සුමට කිරීමේ ආසන සිදුකිරීම අත්‍යවශ්‍ය වෙයි. https://youtube.com/-n9?si=Az7fZAzMuFEfMPna

02/09/2026

සන්ධි සුමට කිරීමේ ආසන.02
යෝග ආසන නිවැරදිව සිදුකිරීම සඳහා ශරීරයේ ඇති සන්ධි ලිහිල් කිරීම අවශ්‍ය වෙයි.එවිට අදාළ ආසන නිවැරදිව සහ පහසුවෙන් සිදුකිරීමට හැකියාවක් ලැබෙයි.සන්ධි සුමට කිරීමේ ආසන මගින් සිදුවන්නේ සිරුරේ තියෙන සියුම් සහ ප්‍රධාන සන්ධි ලිහිල් කරලා, ස්වභාවිකවම ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි කරන අභ්‍යාස මාලාවක්. මෙයින් සන්ධිවල තදබව නැති වෙලා, රුධිර සංසරණය දියුණු වෙනවා. ඒ වගේම සන්ධිවල සිරවුණු ශක්තිය නිදහස් කරලා, සිරුර වඩාත් නම්‍යශීලී කරන්නත් උදව් වෙනවා. ඒ නිසා යෝගා ආසන සිදුකිරීමට පූර්වයෙන් යම් කාලයක් මෙම සන්ධි සුමට කිරීමේ ආසන සිදුකිරීම අත්‍යවශ්‍ය වෙයි. https://youtube.com/-n9?si=Az7fZAzMuFEfMPna

01/09/2026

සන්ධි සුමට කිරීමේ ආසන.
යෝග ආසන නිවැරදිව සිදුකිරීම සඳහා ශරීරයේ ඇති සන්ධි ලිහිල් කිරීම අවශ්‍ය වෙයි.එවිට අදාළ ආසන නිවැරදිව සහ පහසුවෙන් සිදුකිරීමට හැකියාවක් ලැබෙයි.සන්ධි සුමට කිරීමේ ආසන මගින් සිදුවන්නේ සිරුරේ තියෙන සියුම් සහ ප්‍රධාන සන්ධි ලිහිල් කරලා, ස්වභාවිකවම ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩි කරන අභ්‍යාස මාලාවක්. මෙයින් සන්ධිවල තදබව නැති වෙලා, රුධිර සංසරණය දියුණු වෙනවා. ඒ වගේම සන්ධිවල සිරවුණු ශක්තිය නිදහස් කරලා, සිරුර වඩාත් නම්‍යශීලී කරන්නත් උදව් වෙනවා. ඒ නිසා යෝගා ආසන සිදුකිරීමට පූර්වයෙන් යම් කාලයක් මෙම සන්ධි සුමට කිරීමේ ආසන සිදුකිරීම අත්‍යවශ්‍ය වෙයි.

30/08/2026

චක්‍රාසනය - :
ආරම්භක ස්ථානයේදී ආශ්වාස කරන්න. ශරීරය ඉහළට ඔසවන විට හුස්ම රඳවා ගන්න සහ ශරීරය පහළට පහත් කරන විට එය වාතය පිට කරන්න.
අවසාන ඉරියව්වේදී කොන්ද ලිහිල් කිරීමටත්, පපුව සහ උදරය මතටත් අවධානය යොමු කරන්න, අධ්‍යාත්මිකව, මනිපුර චක්‍රය මත සිත යොමු කරන්න.
අභ්‍යාසය නොකළ යුතු අය - ඕනෑම රෝගයකින් පෙළෙන හෝ මැණික් කටුව දුර්වල වූ අය, ගර්භණී සමයේදී හෝ සාමාන්‍යයෙන් තෙහෙට්ටුවක් දැනෙන අය මෙය නොකළ යුතුය.
ප්‍රතිලාභ - ස්නායු, ජීරණ, ශ්වසන, හෘද වාහිනී සහ ග්‍රන්ථි පද්ධති සඳහා හිතකරය. සියලුම හෝමෝන ස්‍රාවයන්ට බලපාන අතර විවිධ නාරිවේද රෝග සමනය කරයි.
පුහුණු වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු: හිස ආරක්ෂා වන පරිදි මෘදු කාපට් එකක් මත පුහුණු වන්න, ලිස්සා යන පොරවනයක් මත නොවේ. ශරීරය අසාමාන්‍ය ස්ථානගත වීමක් වන අතර ස්නායු පද්ධතිය සූදානම් නැත්නම් ශරීරය එසවීම අපහසු විය හැක. https://youtube.com/-n9?si=Az7fZAzMuFEfMPna

28/08/2026

යෝග හා ගැඹුරු ශ්වසනය
තදාසනයේ භාවිතා කරමින් ගැඹුරු ශ්වසනය සිදු කරයි.යෝගය අර්ථකථනය කරනු ලබන්නේ ව්‍යායාම ක්‍රමයක් ලෙස හෝ ශරීරයේ තියෙන අවයව පුදුමයේ දනවන ආකාරයට චලනය කිරීමක් නොව එහිදී ශාරීරික හා මානසික ලිහිලනයක් ඇති කරමින් ආධ්‍යාත්මික හික්මීමක් ඇති කිරීමට සමත් වෙයි.එහිදී ප්‍රධාන වශයෙන් මිනිසාගේ ප්‍රාණ වායුව එනම් ශ්වසනය ක්‍රියාවලිය නියාමනය කරනු ලබයි.එබැවින් සෑම යෝග ආසනයකදීමආශ්වාස ප්‍රශ්වාසස ක්‍රියාවලිය සිහිනුවණින් කළ යුතුය.ඒ සඳහා පදනමක් ලැබෙන ගැඹුරු ස්වසන ප්‍රධාන ආකාර තුනකින් සිදුවේ.
උදරය ශ්වසනය,
උරස් ශ්වසනය ,
උරහිස් ශ්වසනය,
මෙම ක්‍රියාවලිය මගින් උදර ශ්වසනය පෙනහළු ධාරිතාව වැඩි වෙලා වැඩිපුර ඔක්සිජන් ශරීරයට ලැබෙනවා. ඒ වගේම එයින් ශරීරය සැහැල්ලු වෙලා මනස සන්සුන් වෙනවා.
උරස් ශ්වසනයෙන් පපුවේ ප්‍රදේශය පුළුල් කරලා පෙනහළු වල ඉහළ කොටස් වලට හොඳින් වාතය යන්න උදව් වෙනවා.
උරස්කුහර ශ්වසනය පෙනහළු වල මුදුනටම වාතය යවලා, සම්පූර්ණ වාත ධාරිතාවම භාවිත කරන්න සහාය වෙනවා.
මෙම ක්‍රියාවලිය ඉතා සෙමෙන් සහ සිහියෙන් පුහුණු කළ යුතුවේ. https://youtube.com/-n9?si=Az7fZAzMuFEfMPna

27/08/2026

යෝග තදාසනය හා ස්වසනය
යෝග වල මූලික ආසනයක් වන තදාසනය ශරීරය දෑත් දෙපා සෘජුව තබා ගනිමින් සිටින කොඳු ආකෘතික ආසනයක් වේ. එහිදී මුළු ශරීරයේම බර දෙපසටම සමානව බෙදාගෙන හුස්ම ගැනීම පාලනය කළ යුතුය. ඒ නිසාම ශරීරයේ ඉරියව් සහ සමබරතාවය වැඩිදියුණු වේ. කොන්දේ වේදනාව අඩු කරමින් එය සෘජුව තබා ගැනීමට උදව්වනවා සේම කලවා, දණහිස් හා වළලුකර ශක්තිමත් වේ. ශරීරයේ සමබරතාවය වැඩි දියුණු කරමින් පාදවල තද ගතිය අඩු කිරීමක්ද සිදුවේ.
තදාසනයේ සිට ප්‍රාණ යාම කරන විට ශරීරයට මෙන්ම මනසටද සැහැල්ලුවක් ලැබේ. එහිදී හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කරන විට මානසික ආතතිය අඩුවීම, කාංසාව අඩුවීම, සිත සන්සුන්වීම අවධානය වැඩි දියුණු වීම පෙනහළු වල ධාරිතාවය වැඩි වෙමින් ශරීරයට ඔක්සිජන් ලැබීම ඉතා හොඳින් සිදුවේ.
තදාසනයේ සිට ඥාන මුද්‍රාව භාවිතා කරමින් ප්‍රාණයාම සිදු කළහොත් මොළයට සහ ස්නායු පද්ධතියට යම් උත්තේජකයක් ලැබීම, ඒකාර්ධතාවය ඇතිවීම, මතක ශක්තිය වැඩි දියුණු වීම, ආධ්‍යාත්මික මට්ටමින් සිත සන්සුන්භාවයක් ඇතිවීම, මතක ශක්තිය වැඩි දියුණු වීම, ආධ්‍යාත්මික මට්ටමින් සිත සන්සුන්භාවයක් ඇතිවීම, ශක්ති ප්‍රවාහය ශරීරය පුරා හොඳින් ගමන් කිරීමට උදව් වේ. මෙහිදී සිදු වන්නේ ගැඹුරු ආශ්වාස ප්‍රශ්වාසයක් නිසා කායික මානසික ලිහිලනය සිදුවීමත් සමඟම මොළයට හොඳින් ඔක්සිජන් ලැබීමත් රුධිර පීඩනය සමතුලිත කර ගැනීමට හැකිවේ. https://youtube.com/-n9?si=Az7fZAzMuFEfMPna

Address

L/80, New Town
Ampara
32000

Telephone

+94713757609

Website

Alerts

Be the first to know and let us send you an email when Sunil Gunarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share