19/09/2026
දිවුල් කියන්නේ පලතුරක් විතරක් නෙවෙයි.
දිවුල් (Limonia acidissima L.), ඉංග්රීසියෙන් Wood Apple ලෙස හඳුන්වන, ශ්රී ලංකාවේ අපට හුරුපුරුදු දේශීය පලතුරකි. එය Rutaceae කුලයට අයත් වේ. (ශ්රී ලංකාවේ වගා කරන දිවුල් ප්රභේද පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්ද තොරතුරු ලබා ගත හැකියි.)
පාරම්පරික වෙදකමේ දිවුල්,
ගසේ ගෙඩි, කොළ, මල්, පොතු, මුල් වැනි විවිධ කොටස් පාරම්පරික වෛද්ය දැනුමේ භාවිත කර ඇති බව සඳහන් වේ.
අපේ පාරම්පරික භාවිතයන් අතර:
🥤 ඉදුණු දිවුල් මදය ජලය සමඟ මිශ්ර කර සකස් කරන දිවුල් කිරි ශ්රී ලංකාවේ ජනප්රිය සාම්ප්රදායික පානයකි. කිතුල් හකුරු, සීනි හෝ වෙනත් රසකාරක සහ සුළු ලුණු ප්රමාණයක් එකතු කර විවිධ ආකාරයෙන් මෙය සකස් කළ හැකියි. තවද හොඳින් ඉදුණු දිවුල් මදය ආහාරයට ගැනීමෙන් ආහාර රුචියත් වැඩි කරගත හැකිය. එමෙන්ම මළ බද්ධය, බඩ පිපුම වැනි රෝගී තත්ත්ව වලටත් ගුණදායකයි. තවද නොපැසුණු දිවුල්, අතීසාරය හා අජීර්ණය සම්බන්ධ ගැටළු වලට භාවිතා කල හැකිය.
🌿 දිවුල් කොළවලින් සකස් කර ගන්නා කැඳ පානය කිරීමෙන් ස්නායු පද්ධතිය ශක්තිමත් වන අතර, දණහිස් සහ සන්ධිවල වේදනා (ආතරයිටිස්) සමනය වන බව මත පවතී. එමෙන්ම දීර්ඝකාලීන සෙම් රෝග, උගුරේ වේදනාව සහ පීනස වැනි තත්ත්වයන් සඳහාත් දිවුල් කොළ භාවිත කරන බව සඳහන් වේ. තවද විෂ නාශක සහ සමේ ආසාදන සඳහාත් දිවුල් කොළ තම්බාගත් ජලයෙන් තුවාල සේදීමෙන් සහ කොළ අඹරා ආලේප කිරීමෙන් සමේ ආසාදන හා විෂබීජ විනාශ වන බව සැලකේ. සර්ප දෂ්ටනවලදී ප්රථමාධාරයක් ලෙසද දිවුල් කොළ භාවිතා කර ඇති බව සඳහන්.
දිවුල් ගසේ පොතු තම්බාගත් ජලයෙන් කට සේදීමෙන් විදුරුමස් රෝග, දත් කැක්කුම සහ මුඛයේ ඇතිවන තුවාල සුව කරගත හැකි බව මතයයි. දිවුල් පොතු, මුල් හෝ කොළ තම්බා සකස් කරගත් කසාය ශරීරයේ අභ්යන්තර රෝගී තත්ත්වයන්ට ප්රතිකාර ලෙස ලබා ගන්නා බවත් සඳහන් වේ.
නවීන පර්යේෂණවලින්ද දිවුල් ගෙඩියේ විටමින්, කැරොටිනොයිඩ්, පොලිෆීනෝල් සහ වෙනත් ශාක සංයෝග පිළිබඳ අවධානය යොමු වී ඇති අතර, antioxidant ඇතුළු විවිධ ජෛව ක්රියාකාරකම් පිළිබඳ පර්යේෂණ සිදුකර තිබේ. එහෙත් මෙවැනි පර්යේෂණ ප්රතිඵල සියල්ලම මිනිසුන් තුළ රෝග සුව කිරීමේ සාක්ෂි ලෙස සැලකිය නොහැක.
🔴 විශේෂ සටහන: මෙහි සඳහන් ඖෂධීය භාවිතයන් පාරම්පරික දැනුම හා ප්රකාශිත මූලාශ්ර මත පදනම් වූ තොරතුරු වේ. ඒවා නිශ්චිත රෝග සඳහා ප්රතිකාර හෝ සුව කිරීමේ සාක්ෂි ලෙස නොසැලකිය යුතුය. ඖෂධීය භාවිතයට පෙර සුදුසුකම් ලත් ආයුර්වේද/දේශීය වෛද්යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.
📚 මූලාශ්ර: ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ Wood Apple තොරතුරු, ශ්රී ලංකාවේ සාම්ප්රදායික ආහාර පිළිබඳ පර්යේෂණ සහ Limonia acidissima පිළිබඳ නවීන පර්යේෂණ ඇසුරිනි.
📂 තොරතුරු හා ඡායාරූප: අන්තර්ජාල මූලාශ්ර ඇසුරින්.
📝 සටහන: රජරට ප්රාණ
#පාරම්පරිකවෙදකම #දේශීයවෙදකම #දිවුල් #අපේඋරුමය #පාරම්පරිකදැනුම #விளாம்பழம் #பாரம்பரியமருத்துவம் #இலங்கையின்_பாரம்பரியம்