Speech & Language Therapy Balangoda

Speech & Language Therapy Balangoda HELP FOR COMMUNICATION, LANGUAGE AND EATING DRINKING PROBLEMS (ADULTS & CHILDREN)

24/02/2024

වචන දෙකක් එකතු කර කුඩා වාඛ්‍ය ඛණ්ඩයක් කීමට ඔබේ දරුවාට උදව් කරන්නෙ කොහමද ?

ඔබේ දරුවා දැනටම තනි වචන සැහෙන ප්‍රමාණයක් කියන දරුවෙක් නම් , අනේ බබා කවදා මේ වචන එකට එකතු කරල වාක්‍ය කතාකරන්න පටන් ගනීද දන්නැ කියමින් ඉන්න දෙමව්පියෙක්ද?

එහෙනම් මේ ලිපිය ඔබටයි.

ඔබේ දරුවා වචන දෙකක් එකට එකතු කර කුඩා වාක්‍ය පැවසීමට පෙර පහත දේවල් සම්පූර්ණ කර තිබිය යුතුයි.

❤️ තනි වචන 50ක් වත් තේරුමක් ඇතිව කීමට පුලුවන් වීම( සාමාන්‍යයෙන් ⁣මාස 18-24 අතර )

❤️ මාත්‍රා (syllable)දෙකක් සහිත වචන පැවසීම (ආතා,නංගී,ඩැඩා, මන්කි වැනි ශබ්ද කොටස් දෙකක් අන්තර්ගත වචන)

❤️ දරුවාගෙ වාග් මාලාවේ විවිධ වර්ගයෙ වචන ඇතුලත්ව තිබීම ( නාම පද, ක්‍රියාපද, උඩ -යට වැනි නිපාත )

❤️ දරුවා දන්නා වචනයකට අංගචලනයක් එකතු කොට අදහසක් කීම ( උඩක ඇති සෙල්ලම්බඩුවකට අතදික්කර "දෙන්න " යැයි පැවසීම )

ඔබේ දරුවා ඉහත දේවල් සපුරා ඇත්නම් , නමුත් තවමත් වචන දෙකක් එකතු කර කියන්නෙ නැත්තම් මේ ලිපියේ ඇති පහත දේවල් අනුගමනය කර බලන්න.

💙දරුවා සමග සෙල්ලම් කරන කාලයේදි / දරුවා සමග සිටින කාලයේදි දරුවා විසින් පැවසිය යුතු දේ නිරෑපණය කර පෙන්වීම.

උදා : දරුවා සමග කතා කරන විටදි
තාත්තා ගියා,
පූසා නිදි,
බෝලේ නෑ,
බායි කාර් !! වැනි කුඩා වාක්‍ය ඛණ්ඩ පැවසීම

💙දරුවා තනි වචනයක් කියු විට එයට දරුවා දන්නා තව වචනයක් හෝ කුඩා වචන දෙකක් එක්කොට නැවත පැවසීම.

උදා : දරුවා බල්ලා කියු විට -අර ලොකු බල්ලා
අක්කා කියු විට - අක්කා දොයි
බල්ලා කියු විට - බල්ලා ගියා යනුවෙන් වාක්‍ය දික් කරන්න

ඉහත සියලු උපදෙස් පොදුවෙ දරුවෙකුගෙ කතන වර්ධනයට ලබාදෙන උපදෙස්ය. නමුත් !!,

ඔබේ දරුවා මාස 24 හෝ ඊට වැඩි වයසක වුවත්, ඉහත සදහන් කර ඇති ආකාරයට කතා නොකරන්නෙ නම් දරුවාගේ කතන ප්‍රමාදයක් ඇති බව දැනගෙන දරුවාව වෛද්‍ය උපදෙස් හරහා කතන චිකිත්සනයට යොමු කරන්න .

කතන හා භාශා චිකිත්සන සේවය ඔබට රජයේ රෝහල්වලින් නොමිලයේ ලබාගත හැකි සේවයකි !!

24/02/2024

පෙර පාසල් යන වයසෙ සිටින ඔබේ කුඩා දරුවා යමක් ප්‍රකාශ කිරිමට යෑමේදි හිර වීමක් , පටැලවිමෙන් බොහොම ආයාසයකින් කියන්න උත්සහ දරන බවක් ඔබට දැනෙනවාද ?

" අම්මා බබ්.....බබ් බබ් බබාට ඕන "

සාමාන්‍ය ව්‍යවහරයේ "ගොත ගැසීම " ලෙස හදුන්වන " කතාවේ පැටලීම " කුඩා දරුවන් බොහෝමයකගෙ දැකගන්න පුලුවන් බව දෙමාපියන් අපිට කියනවා.

"හොදට කතා කර කර හිටි පුතා එක පාරටම ගොත ගහනවා වගේ කතා කරන්න ගත්තනෙ. අපි සැර කරත් එක්ක එයා හිතල එහම කතා කරනවා හිතුවා "

පෙරපාසල් යන වයසෙ සිටින කුඩා දරුවන්ගෙ (toddlers and preschoolers) මෙම කතාවේ අව්‍යක්තාවය ඇති වී ටික කාලයකට පසු නැතිවී ගිය බව දන්න දෙමව්පියනුත් ඇති.

කුඩා දරුවන්ගෙ මේ කතනයෙ පැටලවීම ගනන් ගැනිය යුතු වෙනනෙ කුමන අවස්ථාවකදීද සහ කුමන තත්වයකදීද යන්න මේ ලිපියෙන් ඔබට කියනවා.

පෙර කියු පරිදි කතාවේ පැටලීම (stuttering ) සාමාන්‍ය තත්වයක් ලෙසට ඇතිවී දරුවාගේ වර්ධනය සිදුවද්දි නැතිවී යන තත්වයක් වෙන්ම සාමන්‍ය තත්වයක් නොවෙන ඔබ ප්‍රතිකාර සඳහා දරුවායොමු කර යුතු මොකක්ද කියල අපි බලමු.

පහත වගුව සහ ඔබේ දරුවාගේ කතනයෙ පැටලීම නිරීක්ෂණය කිරීමෙන් පසු දරුවාගෙ කතනයෙ පැටලීම තව දුරටත් පැවතිය හැකි අවධානමක් ඇතැයි ඔබට සිතේ නම් දරුවාව ළමා හා මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වා නිසි උපදෙස් ගෙන කතන චිකිත්සන ප්‍රතිකාර ලබා දෙන්න. දරුවාට අපහසුවකින් තොරව කතා කිරීමට ඉඩ සලසන්න !!

❤️

24/02/2024

We believe every mom spent a lot time to find a beautiful name for thier kids. And now You probably waiting till your sweet kids say thier name alone. So here are few simple steps that every parent can try at home.

Step 1 :

🎯 Ask "what is your name " and give the answer for yor kid

Step 2 :

🎯 Ask the name and give the initial sounds of the word as a clue .

Step 3 :

🎯 Ask the name and wait to see if your kid give the answer independently

The Time you will spend on each step may vary from child to child. Be patient and stick to it. !!!

24/02/2024
28/04/2023

Address

Balangoda
70100

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 09:00
Saturday 08:30 - 18:00
Sunday 09:00 - 17:00

Telephone

+94707205701

Website

Alerts

Be the first to know and let us send you an email when Speech & Language Therapy Balangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Speech & Language Therapy Balangoda:

Shortcuts

Share