10/03/2026
අපගේ ආදරණීය ගනුදෙනුකරුවන් වෙත,
අපගේ Mother’s Love Service Center ආයතනය මෙතෙක් ලබාදුන් සේවාවන් පිළිබඳව ඔබට ස්තුතියි කියා සිටින අතර, දැන් සිට මෙම ආයතනය නිල වශයෙන් වසා දමා ඇති බව දැනුම් දීමට කැමතියි.
මෙතෙක් අප විසින් අලෙවි කළ LH Strips සහ supplements අලෙවි කිරීම ඉදිරියට සිදු නොකරනු ඇත. එහෙත්, දැනට පවතින වත්මන් ගනුදෙනුකරුවන් සඳහා පමණක් අප සතුව තිබෙන ඉතිරි supplements stock අවසන් වන තුරු ලබා දෙනු ඇත. එබැවින් supplements අවශ්‍ය නම් stock අවසන් වීමට පෙර ඔබගේ orders ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
අප විසින් නිෂ්පාදනය කළ supplements සියල්ලම ඉහළ ගුණාත්මකභාවයෙන් නිෂ්පාදනය කළ අතර, කිසිවක් imported හෝ පහත් ගුණාත්මක භාණ්ඩ නොවේ. කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ සිදු වූ අනපේක්ෂිත ස්වභාවික ආපදාවන් හේතුවෙන් අපගේ කර්මාන්තශාලාවට විශාල හානි සිදුවිය. එමෙන්ම ව්‍යාපාරයෙන් ලැබූ ලාභය ඉතා අඩු වීමත් සමඟ, මෙම ව්‍යාපාරය නිල වශයෙන් අවසන් කිරීමට අපගේ founder විසින් තීරණය කර ඇත.
මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගියේ ලාභයට වඩා සමාජයට සහාය වීමට ඇති කැමැත්තෙන් බවද අප සතුටින් සඳහන් කරමු.
එසේම අපගේ founder වන Keshi Habaraduwa මහත්මිය Women Empowerment සඳහා International Master Educator ලෙස නව තනතුරකට පත් වී ඇති අතර, කුඩා ව්‍යවසායකයින් සඳහා Academy එකක් ආරම්භ කර ඇත. එබැවින් ඉදිරියට ඇයගේ අවධානය සම්පූර්ණයෙන්ම educator ලෙස කටයුතු කිරීම සඳහා යොමු කරනු ඇත.
මෙතෙක් අප වෙත තැබූ විශ්වාසයට සහ සහයෝගයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.
ස්තුතියි,
Mother’s Love Service Center