Entomology අපි

Entomology අපි Health

📢 මැලේරියා කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහනවිදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට මැලේරියා රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් ...
03/06/2026

📢 මැලේරියා කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහන

විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට මැලේරියා රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ, අද දින (2026.06.03) බත්තරමුල්ල අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයන්හි කීට විද්‍යා සමීක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා මූලස්ථාන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූහ.

#මැලේරියා_මර්දනය #කීටවිද්‍යා_සමීක්ෂණය #බත්තරමුල්ල #අකුරේගොඩ #සෞඛ්‍යසේවය #මදුරුමර්දනය #ජනසෞඛ්‍ය

*Malaria Surveillance Activity Conducted at Akuregoda, Battaramulla*

Following the identification of a malaria case in an individual who recently returned from overseas, entomological surveillance activities were carried out today (03 June 2026) within the Air Force Headquarters premises at Akuregoda, Battaramulla, and in the surrounding areas.

The programme was conducted with the participation of the Medical Officer of Health (MOH) – Battaramulla, Public Health Entomology Officers, and officers from the Tri-Forces Headquarters.

Together, we remain committed to strengthening disease surveillance and safeguarding public health.

ඩෙංගු රෝගීන් කීපදෙනෙකු වාර්තා වීමත් සමඟ අකුරේ ගොඩ යුද හමුදා මූලස්ථානය මගින් සිදු කළ ඉල්ලීම මත 2026.04.08 වන දින එම මූලස්...
08/04/2026

ඩෙංගු රෝගීන් කීපදෙනෙකු වාර්තා වීමත් සමඟ අකුරේ ගොඩ යුද හමුදා මූලස්ථානය මගින් සිදු කළ ඉල්ලීම මත 2026.04.08 වන දින එම මූලස්ථාන පරිශ්‍රය තුළ කීට විද්‍යා සමීක්ෂණයක් සිදු කරන ලදී. ඒ සදහා බත්තරමුල්ල, රත්මලාන සහ මහරගම සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් සහභාගී වූ අතර එහිදී අවදානම් පරිශ්‍ර කිහිපයක්ද හඳුනා ගැනිණි.

Following the reporting of several dengue patients, an entomological survey was conducted on April 8, 2026, within the Army Headquarters premises in Akuregoda, based on a request made by the headquarters.
The survey was carried out with the participation of Health Entomological Officers from Battaramulla, Ratmalana, and Maharagama. During the inspection, several high-risk areas were identified.

  ලංකාවේදී ප්‍රථම වතාවට නව මදුරු විශේෂ කිහිපයක් සොයාගැනීමට සෞඛ්‍ය කීටවිද්‍යා පුහුණු පාසලේ   ගරු විදුහල්පති තුමා,ඇදුරු මඩ...
02/04/2026


ලංකාවේදී ප්‍රථම වතාවට නව මදුරු විශේෂ කිහිපයක් සොයාගැනීමට සෞඛ්‍ය කීටවිද්‍යා පුහුණු පාසලේ ගරු විදුහල්පති තුමා,ඇදුරු මඩුල්ල සහ 2025/27 පුහුණු කීටවිද්‍යා කණ්ඩායමට හැකිවී තිබේ.

එහිදී Uranotaenia(Uranotaenia ) dirapathi, Uranotaenia(Uranotaenia ) micans ලංකාවේදී ප්‍රථම වරට සොයා ගැනීමට හැකි වී ඇත. Adult ,Larvae යන අවස්ථා දෙකම අතිශය ප්‍රථම වතාවට සොයාගත හැකිවීමද විශේෂත්වයකි.

තව ද මීට පෙර 2022/24 කණ්ඩායම මගින් අතිශය ප්‍රථම වරට සොයාගත් Uranotaenia(Uranotaenia ) longirostris Adult මදුරු විශේෂයේ කීට අවධියෙ අවස්ථාවද මෙහිදි සොයාගැනීමට මෙහිදි හැකිවී තිබේ.මෙම සියළු මදුරු විශේෂ වල Taxonomicaly හදුනා ගැනීම මේ වන විට අවසන් අතර අණුක මට්ටමේ හදුනාගැනීම් ද මේ වන විට සිදුකර අවසන් වන අතර නුදුරේදිම ප්‍රසිද්ධ කිරීමට නියමිතයි...

new mosquito species Uranotaenia(Uranotaenia ) dirapathi Uranotaenia(Uranotaenia ) micans,found in sri lanka first time. Identified by Health Entomology School principal,tutor and 25/27 entomology batch members.Molecular identification is done and ready to publish soon..

10/03/2026

ඇඳ මකුණන් ගැන ඔබ දැනගත යුතුම දේ! ⁉️🤔🚫

1. විද්‍යාත්මක නාමකරණය සහ වර්ග
ඇඳ මකුණන් අයත් වන්නේ Cimicidae කුලයටයි. ලෝකයේ ප්‍රධාන වශයෙන් ඇඳ මකුණු විශේෂ දෙකක් මිනිසුන්ට බලපායි:

• Cimex lectularius: ලොව පුරා බහුලවම දක්නට ලැබෙන සාමාන්‍ය ඇඳ මකුණා. (Common Bed Bug)

• Cimex hemipterus: නිවර්තන කලාපීය රටවල (ශ්‍රී ලංකාව වැනි) බහුලව දක්නට ලැබෙන විශේෂය. (Tropical Bed Bug)

2. ඇඳ මකුණාගේ ජීවන චක්‍රය🔁
මකුණෙකුගේ ජීවිත කාලය මාස 6 සිට අවුරුද්දක් දක්වා විය හැකිය. ඔවුන්ගේ වර්ධනය අදියර කිහිපයකින් සිදු වේ:

1. බිත්තර: ගැහැණු සතෙකු දිනකට කහ පැහැයට හුරු බිත්තර 1-5ක් පමණ දමන අතර ජීවිත කාලය පුරා බිත්තර 200-500ක් පමණ දමයි.

2. Nymph අවදිය : බිත්තරයෙන් එළියට එන කුඩා මකුණන් අවස්ථා 4ක් පසු කරමින් වැඩුණු සතෙකු බවට පත්වේ. සෑම අවස්ථාවකදීම වර්ධනය වීමට නම් ඔවුන් "ලේ ආහාරයට" ගත යුතුය.

3. වැඩුණු සතා: ලේ බීමෙන් තොරව වුවද මාස කිහිපයක් ජීවත් වීමේ හැකියාව මුන් සතුයි.(වසර 1 සිට 1.5 දක්වා 😳)

3. සෞඛ්‍ය බලපෑම සහ රෝග ❓

ඇඳ මකුණන් සෘජුවම මාරාන්තික රෝග පතුරුවන බවට තවමත් විද්‍යාත්මකව තහවුරු වී නැතත්, ඔවුන්ගෙන් ඇතිවන බලපෑම සුළුපටු නොවේ:

• සමේ ආසාදන: මකුණන් විදින ස්ථාන තදින් කැසීම, රතු වීම සහ ඉදිමීම සිදු වේ. අධික ලෙස කැසීම නිසා තුවාල වී බැක්ටීරියා ආසාදන ඇති විය හැක.

• නිදි වැරීම සහ මානසික ආතතිය: නිරන්තරයෙන් සපා කෑම නිසා නින්දට බාධා වීමෙන් දෛනික වැඩකටයුතු අඩාල වේ.

• අසාත්මිකතා (Allergic Reactions): සමහර පුද්ගලයන්ට මකුණු කෙළ වලට දැඩි අසාත්මිකතා ඇති විය හැක.

4. ඇඳ මකුණන් පාලනය කරන්නේ කොහොමද? ✅

නිවසේදී 🏡🏠

• අධික උෂ්ණත්වය: ඇඳ ඇතිරිලි, කොට්ට උර සහ ඇඳුම් සෙන්ටිග්‍රේඩ් 60°C ට වඩා වැඩි උණු වතුරෙන් සෝදා අව්වේ වේලන්න. (මකුණන් උෂ්ණත්වයට ඔරොත්තු නොදේ).
• වැකියුම් කිරීම (Vacuuming): ඇඳන්, මෙට්ට වල මැහුම් අස්සේ සහ බිත්ති සිදුරු වැකියුම් ක්ලීනර් එකක් ආධාරයෙන් පිරිසිදු කරන්න.
• සූර්යාලෝකය: මෙට්ට සහ කොට්ට නිතර තද අව්වේ වේලීමට තබන්න.
• විෂබීජ නාශක සහ කෘමිනාශක: පිරිසිදු කිරීමෙන් පසු අනුමත කෘමිනාශක වර්ගයක් (Professional Pest Control) භාවිතා කිරීම වඩාත් සුදුසුයි.(Pyrethrins,Pyrethroids,dichlorvos & malathion ).කෘමිනාශක යෙදූ පසු නැවත එම දෑ වියලා උණුසුම් කර භාවිතයට ගැනීමට වග බලාගත යුතු අතර සෑම කෘමිනාශකයක් භාවිතා කිරීමට පෙර වගකිවයුතු සෞඛ්‍ය නිළධරියෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ.

🚫❌ කිසිම විටක ළදරු ඇද ඇතිරිලි හා ඊට අදාල දෑ සදහා කෘමිනාෂක නොයෙදිය යුතුය එමෙන්ම propoxur වැනි කෘමිනාශක ඇද මකුණන් සදහා ඉතා විෂ හා සාර්ථක උවද ළදරුවන් හා කුඩා දරුවන්ට එයට නිරාවරණය වීම ඉතා හානි දායකය ❌🚫

• ඉරිතැලීම් වැසීම: බිත්තිවල සහ ගෘහ භාණ්ඩවල ඇති සිදුරු සහ ඉරිතැලීම් සිමෙන්ති හෝ පුටි යොදා වසා දමන්න.

🏢 කාර්යාලයක හෝ ආයතනයක මකුණු පාලනය කරන්නේ කොහොමද? 🚫💼

කාර්යාල පුටු කියන්නේ මකුණන්ට හැංගිලා ඉන්න නියම තැනක්. විශේෂයෙන් රෙදි (Fabric) සහිත පුටු වල මැහුම් අස්සේ මුන් බිත්තර දමනවා.

• උණුසුම් වාෂ්ප ප්‍රතිකාරය (Steam Cleaning): 💨 උණුසුම් වාෂ්ප පිට කරන මැෂින් එකක් (Steam Cleaner) භාවිතා කර පුටු පිරිසිදු කරන්න. මකුණන් සහ උන්ගේ බිත්තර අධික උෂ්ණත්වයට (60°C ට වැඩි) ක්ෂණිකව විනාශ වෙනවා. 🔥

• පිරිසිදු කිරීම සහ වැකියුම් කිරීම: 🧹 සතියකට වරක්වත් පුටු වල අස්සක් මුල්ලක් නෑර වැකියුම් කරන්න. වැකියුම් කළ පසු එහි එකතු වූ කුණු සහ මකුණන් සහිත බෑගය වහාම ඉවත් කර පුළුස්සා දමන්න. 🗑️❌

• පුටු අතර පරතරය තැබීම: 🪑 පුටු එකිනෙකට තද වෙන්න තියන්න එපා. එක පුටුවක සිටින මකුණා අනෙක් පුටුවට හෝ සේවකයාගේ ඇඳුම් වලට යෑමට මෙය පහසුවක් වෙනවා. 🚶‍♂️↔️🏃‍♀️

• පුද්ගලික බෑග් සහ බඩුබාහිරාදිය: 🎒 කාර්යාලයට රැගෙන එන බෑග් පුටු මත තැබීමෙන් වළකින්න. බෑග් හරහා තමයි මකුණෝ ඔයාගේ ගෙදරටත් යන්නේ! 🏠 බෑග් එල්ලා තැබීමට වෙනම ස්ථානයක් භාවිතා කරන්න. 🧥

• වෘත්තීය සහාය ලබාගැනීම : 📞 ආයතනයක් නම් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරි මහතා (HEO) හා අනෙකුත් සෞඛ්‍ය නිළධාරීන්ගේ සහය ලබා ගැනීම, තනි තනිව පාලනය කරනවාට වඩා පළිබෝධ මර්දන සේවාවක සහාය ලබාගෙන මුළු කාර්යාලයම දුම් ඇල්ලීම (Fumigation) හෝ රසායනික ප්‍රතිකාර කිරීම වඩාත් සාර්ථකයි. 🛡️

• සේවකයින් දැනුවත් කිරීම: 📢 එක් අයෙකුගේ නිවසේ මකුණන් සිටී නම් ඔහු මාර්ගයෙන් කාර්යාලයටත්, කාර්යාලයෙන් අනෙක් අයටත් මෙය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන විවෘතව කතා කර විසඳුම් සෙවීම වැදගත්. 🤝

• ⁠කෘමිනාෂක භාවිතාකිරීමේදී ඉහත නිවාස සදහා භාවිතයේදී පෙන්වාදුන් කරුණු අදාල වේ.

ඔබගෙර් සෞඛ්‍ය සදහා බලපාන සියලුම කීට විද්‍යාත්මක දෑ නිවැරදිව දැනගන්න HEO මහත්තයා follow කරල තියාගන්න😇

Everything You Need to Know About Bed Bugs! 🪳🚫
1. Scientific Classification & Species 🧬
Bed bugs belong to the family Cimicidae. There are two main species that primarily feed on humans:
* Cimex lectularius: The Common Bed Bug, found worldwide. 🌍
* Cimex hemipterus: The Tropical Bed Bug, most common in tropical regions like Sri Lanka. 🏝️
2. Life Cycle of a Bed Bug 🔄
A bed bug's lifespan typically ranges from 6 months to a year. Their growth happens in stages:
* Eggs: A female lays 1–5 yellowish-white eggs per day, totaling 200–500 eggs in her lifetime. 🥚
* Nymph Stage: After hatching, they go through 5 growth stages before becoming adults. To move to each next stage, they MUST have a "blood meal." 🩸
* Adult: Once fully grown, they are incredibly resilient. They can survive for several months (even 1 to 1.5 years) without feeding! 😳💪
3. Health Impact & Risks 🩺
While bed bugs aren't scientifically proven to transmit deadly diseases directly, their presence causes significant issues:
* Skin Infections: Bites lead to intense itching, redness, and swelling. Excessive scratching can cause open sores and secondary bacterial infections. 🔴🩹
* Sleep Deprivation & Stress: Constant biting leads to insomnia, anxiety, and mental exhaustion, affecting your daily productivity. 😵‍💫💤
* Allergic Reactions: Some individuals may develop severe allergic reactions to the proteins in bed bug saliva. ⚠️
4. How to Control Bed Bugs Effectively? ✅
At Home: 🏠
* High Temperature: Wash bedding and clothes in hot water (above 60°C) and dry them in direct sunlight. ☀️🔥
* Vacuuming: Regularly vacuum mattresses, bed frames, and cracks. Dispose of the vacuum bag immediately. 🧹🗑️
* Sealing Cracks: Use putty or cement to seal cracks in walls and furniture where they hide. 🛠️
At the Workplace / Office: 🏢

* Steam Cleaning: Use a professional steamer on fabric office chairs. The intense heat kills bugs and eggs instantly. 💨🔥

* Bag Safety: Avoid placing personal bags on chairs or carpets. Use wall hooks instead to prevent taking bugs home! 🎒🚫

* Professional Pest Control: For offices, systematic fumigation by experts is the most effective long-term solution. 🛡️📞
> Quick Tip: Bed bugs aren't just about hygiene—they are "hitchhikers" that travel via clothes, luggage, and used furniture. Stay vigilant! 🕵️‍♂️🔍

At Home 🏠🏡
• High Temperature: Wash bed sheets, pillowcases, and clothing in hot water above 60°C and dry them in direct sunlight. (Bed bugs cannot survive high temperatures). ☀️🔥
• Vacuuming: Use a vacuum cleaner to thoroughly clean the seams of mattresses, bed frames, and cracks in the walls. 🧹
• Sunlight: Regularly place mattresses and pillows under intense, direct sunlight for several hours. ☀️
• Disinfectants and Insecticides: After cleaning, it is best to use approved insecticides (Professional Pest Control), such as Pyrethrins, Pyrethroids, Dichlorvos, and Malathion. 🧪
• Important: After applying insecticides, ensure the treated items are thoroughly dried and aired out before use. It is crucial to seek advice from a responsible health official before using any insecticide. 👨‍⚕️📋
• 🚫❌ Safety Warning: NEVER apply insecticides to baby bedding or related items. While insecticides like Propoxur are highly toxic and effective against bed bugs, exposure to them can be extremely harmful to infants and young children. ❌🚫
• Sealing Cracks: Use cement or putty to seal all holes and cracks in walls and furniture to eliminate hiding spots. 🛠️

🏢 How to Control Bed Bugs in an Office or Institution? 🚫💼

Office chairs are perfect hiding spots for bed bugs. They especially love to lay eggs in the seams of Fabric chairs.
* Steam Cleaning: 💨 Use a machine that emits hot steam (Steam Cleaner) to clean chairs. Bed bugs and their eggs are instantly destroyed at high temperatures (above 60°C). 🔥
* Cleaning and Vacuuming: 🧹 Vacuum every nook and cranny of the chairs at least once a week. After vacuuming, immediately remove the bag containing the dust and bugs and burn it. 🗑️❌

* Spacing Between Chairs: 🪑 Do not keep chairs crowded together. This makes it easier for a bed bug on one chair to move to another chair or onto an employee's clothes. 🚶‍♂️↔️🏃‍♀️
* Personal Bags and Belongings: 🎒 Avoid placing bags brought to the office on chairs. Bed bugs travel to your home through these bags! 🏠 Use a separate designated area or hooks to hang bags. 🧥
* Seeking Professional Support: 📞 If it is an institution, seek the assistance of the Health Entomological Officer (HEO) and other health officials of the area. It is much more effective than trying to control it individually to have the entire office undergo Fumigation or chemical treatment by a pest control service. 🛡️
* Educating Employees: 📢 If there are bed bugs at someone's home, they can spread to the office through that person, and from the office to others. Therefore, it is important to speak openly about this and find solutions together. 🤝
* Use of Insecticides: The safety guidelines mentioned above for home use also apply when using insecticides in the workplace.
Follow HEO මහත්තයා to stay updated with accurate entomological information affecting your health! ✨

#කෘමීන්

10/03/2026

🚨 හැම උකුණාම එක වගේ පෙනුණාට, හැසිරීම් සහ ලෙඩ රෝග අහසට පොළොව වගේ වෙනස්! 🚨

බොහෝ දෙනෙක් උකුණන් ගැන දන්නේ හිසේ ඉන්න උකුණා ගැන විතරයි. ඒත් මිනිස් සිරුරේ ජීවත් වන ප්‍රධාන උකුණන් වර්ග 3ක් ඉන්නවා. මොවුන් සියල්ලම Sucking Lice (ලේ උරා බොන උකුණන්) කාණ්ඩයටයි අයිති වෙන්නේ. 🩸🦟

ඔබේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් මේ වෙනස හඳුනාගන්න 👇
1. හිස් උකුණා (Head Louse) - 💆‍♀️
• විද්‍යාත්මක නාමය: Pediculus humanus capitis
• වාසය: හිස්කබලේ සම මතුපිට සහ හිසකෙස් අතර (විශේෂයෙන් කන් පිටුපස සහ බෙල්ලේ පසුපස).

• හඳුනාගැනීම: මිලිමීටර් 2-3 ක් පමණ දිගයි. පියාපත් නැත. හිසකෙස් මුල්වල අලවා ඇති ලීඩන් (බිත්තර) මගින් පහසුවෙන් හඳුනාගත හැකියි.

• බෝවන රෝග/අතුරුඵල:

අධික කැසීම නිසා ඇතිවන තුවාල මගින් බැක්ටීරියා ආසාදන (සැරව ගෙඩි) ඇතිවීම. 🦠
• නින්ද නොයාම සහ මානසික පීඩනය.

• විද්‍යාත්මක පාලනය:

• ✅ පර්මෙත්‍රින් (Permethrin) ලෝෂන් හෝ ෂැම්පු වර්ග භාවිතය.
• ✅ තෙත් කළ කොණ්ඩය සිහින් "උකුණු පනාවකින්" පීරා ඉවත් කිරීම.
• ✅ පනා, තොප්පි, කොට්ට උර 60°C උණු වතුරෙන් සේදීම.

2. ඇඟ උකුණා (Body Louse) - 👕
• විද්‍යාත්මක නාමය: Pediculus humanus humanus

• වාසය: මොවුන් ඉන්නේ ඇඳුම්වල මැහුම් සහ රැළි ඇතුළේ. ලේ බොන්න විතරක් ඇඟට එනවා.

• බෝවන රෝග (අතිශය භයානකයි!): ⚠️

• වසංගත ටයිෆස් (Epidemic Typhus): මාරාන්තික විය හැකි ඉහළ උණක් සහිත රෝගයකි.
• Trench Fever : තද උණ සහ කකුල්වල ඇටමිදුළු වේදනාව ඇති කරයි.
• Relapsing Fever : වරින් වර නැවත නැවතත් තද උණ ඇතිවේ.

• විද්‍යාත්මක පාලනය:
• ✅ ප්‍රධානම ක්‍රමය පුද්ගලික සනීපාරක්ෂාවයි. 🧼
• ✅ ඇඳුම්, ඇතිරිලි සහ තුවා උණු වතුරෙන් සෝදා තද අව්වේ වේලා ගැනීම හෝ මැදීම.

3. ඉකිලි උකුණා / කකුළු උකුණා (Crab Louse) - 🦀
• විද්‍යාත්මක නාමය: Pthirus p***s
• වාසය: ප්‍රධාන වශයෙන් ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම අතර. කලාතුරකින් කිහිලි, පපුවේ රෝම සහ ඇහිබැමිවලත් ඉන්න පුළුවන්.

• හඳුනාගැනීම: කකුළුවෙකුගේ වගේ පළල් ශරීරයක් සහ ශක්තිමත් ග්‍රාහක පාද තිබේ.

• බෝවන රෝග/අතුරුඵල

• ඇස් ආසාදන: ඇහිබැමිවල බෝ වුවහොත් ඇස් රතු වීම සහ තද කැසීම ඇතිවේ.ඒ වගේම ලිංගික ප්‍රදේශ ආශ්‍රිතව සිටින විට කැසීම් තුවාල ඇති විය හැකියි.
• විද්‍යාත්මක පාලනය:
• ✅ වෛද්‍ය නිර්දේශිත Permethrin 1% ක්‍රීම් භාවිතය.
• ✅ ලිංගික සහකරුටත් එකවර ප්‍රතිකාර කිරීම අනිවාර්යයි.
• ⚠️ ඇහිබැමිවල සිටී නම් වෛද්‍ය උපදෙස් මත විශේෂිත පෙට්‍රෝලියම් ජෙලි භාවිතා කරන්න.

💡 HEO මහත්තයාගේ මතක් කිරීම:

උකුණන් නිසා ඇතිවන තද කැසීම නිසා සම තුවාල වී බැක්ටීරියා ශරීරගත වීමෙන් බරපතල ආසාදන (Sepsis) පවා ඇතිවිය හැකියි. එම නිසා "නිකම්ම උකුණෝනේ" කියලා නොසලකා හරින්න එපා! නිවැරදි සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කරන්න. ඒ වගේම සියලුම ප්‍රතිකාර වලට පෙර වෛද්‍ය වරයෙකු හමු වී උපදෙස් ගන්න අමතක කරන්න එපා.✅✨

මේ උකුණො වර්ග තුනෙහි ඡායාරූපයක් පළමු කමන්ටුවේ ඇත .

Admin HEO මහත්තයා

09/03/2026

නිරෝගී හෙටක් වෙනුවෙන් විද්‍යාත්මක දැනුමෙන් සන්නද්ධ වෙමු! 🏥🔬
Entomology අපි

ිය

මීරිගම D.S.සේනානායක ජාතික පාසල සංවිධානය කරනු ලැබූ "D.S. ප්‍රතිභා" අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය 2026 මාර්තු මස 4 වන දින සි...
09/03/2026

මීරිගම D.S.සේනානායක ජාතික පාසල සංවිධානය කරනු ලැබූ "D.S. ප්‍රතිභා" අධ්‍යාපන හා වෙළද ප්‍රදර්ශනය 2026 මාර්තු මස 4 වන දින සිට 8 වන දින දක්වා පැවැත්වින.
එහිදී ගම්පහ දිස්ත්‍රික් කීට විද්‍යා ඒකකය මගින් පවත්වාගෙන යනු ලැබූ කීට විද්‍යා ප්‍රදර්ෂණ කුටිය හරහා ඩෙංගු,මැලේරියා,බරවා හා ලීෂ්මානියාව ඇතුලු වාහක රෝග සම්බන්ධයෙන් වන රෝග වාහකයින් හා වාහක පාලනයන් සම්බන්ධයෙන් වන කීට විද්‍යාත්මක දැනුම බෙදා දීමට කටයතු කළහ.

"The 'D.S. Prathibha' Educational and Trade Fair, organized by D.S. Senanayake National School, Mirigama, was held from March 4th to 8th, 2026. During the event, the Entomology Unit of Gampaha district conducted an educational stall focusing on vector-borne diseases such as Dengue, Malaria, Filariasis, and Leishmaniasis. The unit shared vital entomological knowledge regarding disease vectors and effective vector control methods with the participants."

2026.02.18 වන දින බියගම සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ප්‍රධානත්වයෙන් , වැරැල්ලවත්ත කීට විද්‍යා ඒකකයේ මග පෙන්වීම යටතේ...
26/02/2026

2026.02.18 වන දින බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ ප්‍රධානත්වයෙන් , වැරැල්ලවත්ත කීට විද්‍යා ඒකකයේ මග පෙන්වීම යටතේ ,සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී අධීක්ෂණය යටතේ ,ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගේ සහභාගිත්වයෙන් ගෝනවල බටහිර ග්‍රාම නිලධාරී කොට්ටාශය මූලික කර ගනිමින් ප්‍රදේශය තුල ඩෙංගු වාහක ව්‍යාප්තිය අධීක්ෂණය කිරීම සදහා ප්‍රදේශය පුරා නිවාස 100 ආවරණය වන ලෙස සිදුකරන ලද විශේශ ovitrap survey වැඩසටහන

විදෙස් ගතව සිට පැමිණි මැලේරියා රෝගියෙකු වාර්තා වීම මූලික කර ගනිමින් මැලේරියා රෝග වාහකයින්ගේ ව්‍යාප්තිය හදුනා ගැනීම සදහා ...
25/02/2026

විදෙස් ගතව සිට පැමිණි මැලේරියා රෝගියෙකු වාර්තා වීම මූලික කර ගනිමින් මැලේරියා රෝග වාහකයින්ගේ ව්‍යාප්තිය හදුනා ගැනීම සදහා 2025.02.19 සිට 2025.02.23 දක්වා , බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය හා මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය , ගම්පහ මැලේරියා මර්දන ඒකකය සමග එක්ව කඩවත ,රන්මුතුගල ප්‍රදේශය මූලික කර ගනිමින් සිදුකරන ලද විශේෂ කීට විද්‍යා සමීක්ෂණය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Entomology අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share