SafeZone Clinic

SafeZone Clinic Specialist Sexual health / STD care services
ලිංගික සෞඛ්‍ය / ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය සේවය

Consultations - by Appointments only.

SafeZone - Specialist Sexual health / STD care services
ලිංගික සෞඛ්‍ය / ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය සේවය.

ශ්‍රීලාංකික ප්‍රජාව තුළ නිවැර​දි ලිංගික සෞඛ්‍ය අද්‍යාපනයක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම පිටුව පවත්වා ගෙන යනු ලබයි.
ඔබට පැන නැගෙන ගැටලු අප වෙත ෆේස්බුක් හරහා හෝ වට්ස්ඇප් හරහා (+94711450100 ) යො​මු කරන්න.

සුදුසුකම් ලත් ලිංගාශ්‍රිත රෝග පිළිබද වෛද්‍යවරුන් ගේ සේවය ල​බා ගැනීමේ අපහසුතා තිබෙන අය සදහා අපගේ දුරකත​න/ වීඩියෝ වෛද්‍ය හමුවීම් සදහා යොමු වන්න. - www.safezone.lk

මීළඟ වතාවේ ඔබ HIV පරීක්‍ෂණයක් කිරීමට යෑමට පෙර මේ ගැනත් දැනුවත් වන්න.යම් ආසාදන කාරකයක් (HIV වෛරසය වැනි) සිරුරට ඇතුළු වූ ම...
03/02/2026

මීළඟ වතාවේ ඔබ HIV පරීක්‍ෂණයක් කිරීමට යෑමට පෙර මේ ගැනත් දැනුවත් වන්න.

යම් ආසාදන කාරකයක් (HIV වෛරසය වැනි) සිරුරට ඇතුළු වූ මොහොතේ සිට එය පරීක්‍ෂණයකට හසු කරගත හැකි මට්ටමට වර්ධනය වීමට යම් කාලයක් ගත වේ. මෙය "Window Period" ( පරීක්ෂණ කවුළු සම​ය) ලෙස හැඳින්වේ.

ඔබ සිදුකරන පරීක්ෂණ වර්ගය අනුව මෙම කවුළු සම​ය වෙනස් ​වේ:

NAAT (Nucleic Acid Test): දින 10 - 33

Antigen/Antibody Lab Test (ELISA) : දින 18 - 45

Rapid Antigen/Antibody Test: දින 18 - 90

Antibody Test: දින 23 - 90

යම් අවදානම් හැසිරීමකින් ප​සු, වඩාත් නිවැරදි පරීක්ෂණයක් සඳහා සුදුසුම කාලය කුමක්දැයි වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්න.

ලිංගික ප්‍රදේශයේ  මුතු ඇට වැනි කුඩා බිබිලි දකින්න ලැබෙනවාද? එය මොලුස්කම් (Molluscum contangeosum) විය හැකියි. -ඔබේ සම මත...
03/02/2026

ලිංගික ප්‍රදේශයේ මුතු ඇට වැනි කුඩා බිබිලි දකින්න ලැබෙනවාද? එය මොලුස්කම් (Molluscum contangeosum) විය හැකියි.

-ඔබේ සම මත කුඩා, ගෝලාකාර බිබිලි මතු වී ඇත්නම් මෙය Molluscum Contagiosum ලෙස හැඳින්වෙන සාමාන්‍ය වෛරස් චර්ම රෝගයක් විය හැකි​යි. මෙය කුඩා දරුවන් අතර බහුල වුවත්, වැඩිහිටියන්ටද වැළඳිය හැක. මේ ගැන ඔබ දැනගත යුතු කරුණු:

1. මෙය හඳුනාගන්නේ කොහොමද? 🔍

-හැඩය: කුඩා, ගෝලාකාර බිබිලි (මි.මී. 2–6 පමණ).

-ප්‍රධාන ලක්ෂණය: මෙම බිබිලිවල මැද කුඩා ගිලී ගිය ස්වභාවයක් (Central Dimple) දක්නට ලැබීම මෙහි විශේෂත්වයකි.

-පැහැය: සාමාන්‍යයෙන් සමේ පැහැයට සමාන වන අතර, මුතු ඇටයක් මෙන් දිලිසෙන සුළු හෝ රෝස පැහැයක් ගත හැක.

2. මෙය ඇත්තටම කුමක්ද? 🤔 Molluscum ඇති වන්නේ වෛරසයකිනි (POX virus). වැඩිහිටියන්ගේ ලිංගික ප්‍රදේශය, පපුව, කිහිලි හෝ කලවා ප්‍රදේශයේ මේවා මතු වන්නේ සාමාන්‍යයෙන් සමට සම​ක් ස්පර්ශය වී​ම මගිනි. තුවා හෝ ඇඳුම් හවුලේ භාවිතය මගින්ද මෙය පැතිර යා හැක. මෙය පිළිකාමය තත්ත්වයක් නොවන අතර ඔබේ සාමාන්‍ය සෞඛ්‍යයට හානිකර නොවේ.

3. මෙයට ප්‍රතිකාර අවශ්‍යමද? ⏳ නවතම වෛද්‍ය නිර්දේශය වන්නේ "Watchful Waiting" හෙවත් අවධානයෙන් බලා සිටීමයි.

-සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් කාලයත් සමඟ ස්වභාවිකවම මෙම වෛරසය විනාශ කර දමයි.

-සම්පූර්ණයෙන්ම සුව වීමට මාස 6 සිට 18 දක්වා කාලයක් ගත විය හැක.

-සුව වූ පසු සම සාමාන්‍ය තත්ත්වයට පත් වේ.

4. ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම්? 🧊 මෙම බිබිලි ස්වභාවිකව සුව වන බැවින් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් අවශ්‍යතාවයක් පවතී නම්:

-Cryotherapy: ද්‍රව නයිට්‍රජන් (Liquid nitrogen) භාවිතයෙන් බිබිලි ශීත කර විනාශ කිරීමට වෛද්‍යවරයෙකුට හැකියාව ඇත.

5. පැතිරීම වැළැක්වීමට කළ යුතු සහ නොකළ යුතු දේ: 🛑

-බිබිලි මිරිකන්න හෝ සූරන්න එපා: එමගින් කැළැල් ඇති වීමට හෝ වෛරසය සිරුරේ අනෙක් ස්ථානවලට පැතිරීමට ඉඩ ඇත.

-රැවුල බෑම හෝ වැක්ස් (Wax) කිරීමෙන් වළකින්න: බිබිලි පවතින ප්‍රදේශය සීරීමට ලක් කිරීමෙන් වෛරසය ඉතා ඉක්මනින් පැතිරේ.

-හවුලේ පාවිච්චියෙන් වළකින්න: ඔබේ තුවා, ඇඳුම් වැනි දෑ වෙන්කර තබා ගැනීමෙන් පවුලේ අනෙක් අය ආරක්ෂා කර ගත හැක.

-පරීක්ෂාවකට යොමු වන්න: මෙය ලිංගිකව බෝ විය හැකි නිසා, වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් ආරක්ෂිතයි.

-අවසාන වශයෙන්: Molluscum යනු තාවකාලික තත්ත්වයකි. ඔබ මේ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන්නේ නම්, නිවැරදි රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරයෙකු හමුවන්න.



Dr. අනුරුද්ධ කරුණාරත්​න
MBBS | MD
ලි​ංගික සෞඛ්‍ය පිලිබද විශේෂග්ද වෛ​ද්‍ය
==================

Noticed smooth, pearly bumps in the ge***al area? It might be Molluscum (Molluscum Contagiosum).

If there are small, dome-shaped spots recently, it could be a common viral skin infection known as Molluscum Contagiosum. While it is very common in children and also affect adults. Here is what you need to know:

1. How do you identify it? 🔍

- Shape: Small, dome-shaped bumps (approximately 2–6 mm).

- Key Feature: The most distinct feature is a tiny pit or "central dimple" in the middle of the bump.

- Appearance: Usually skin-colored, but they can look pearly, shiny, or slightly pink.

2. What exactly is it? 🤔
- Molluscum is caused by a virus (specifically a type of Pox virus). In adults, it often appears on the ge***als, chest, armpits, or thighs and is typically spread through skin-to-skin contact. It can also spread through shared items like towels or clothing. It is not cancerous and generally does not harm your overall health.

3. Is treatment necessary? ⏳ The latest medical recommendation is "Watchful Waiting."

-Your body’s immune system will naturally identify and destroy the virus over time.

-It can take anywhere from 6 to 18 months to clear completely.

-Once healed, the skin usually returns to its normal appearance.

4. If you prefer active treatment? 🧊
- Since these bumps resolve naturally, treatment is not mandatory. However, if you choose to have them removed:

-Cryotherapy: A doctor can use Liquid Nitrogen to freeze and destroy the bumps.

5. Important "Dos and Don’ts" to stop the spread: 🛑

-DON’T squeeze or scratch: This can lead to scarring or cause the virus to spread to other parts of your body.

-DON’T shave or wax: Irritating the skin where the bumps are located can cause the virus to spread very rapidly.

-DON’T share personal items: Keep your towels and clothing separate to protect your family members.

-DO get a check-up: Since it can be transmitted sexually, it is safer to see a doctor for a routine screen to check for other STIs.

Bottom Line: Molluscum is a temporary condition. If you are concerned or need a confirmed diagnosis, please consult a healthcare professional.



Dr Anuruddha Karunaratne
MBBS | MD
Consultant in Sexual Health / STD / HIV

ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය වරයෙ​ක්, (Consultant  Venereologist) කෙනෙක් කියන්නේ කව්ද ?======================ලිංගාශ්‍රි...
20/09/2025

ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය වරයෙ​ක්, (Consultant Venereologist) කෙනෙක් කියන්නේ කව්ද ?
======================
ලිංගාශ්‍රිත රෝග ගැන specialist කෙනෙක් නැත්න​ම් Consultant Venereologist කෙනෙක් කියන්නේ, ලිංගාශ්‍රිත රෝග සහ ලිංගික සෞඛ්‍ය ගැටලු සඳහා සුවිශේ​ශී දැනුමක් ඇති විශේෂඥ වෛද්‍යවරයකුට​යි.

ඔබට ඇතිවිය හැකි සියලුම ලිංගාශ්‍රිත රෝග වගේ​ම, ලිංගික සෞඛ්‍ය ගැටළු සදහා ඔ​බ යා යුත්​තේ මෙ​ම වෛද්‍යවරුන්​ වෙතයි.

එම වෛද්‍යවරු​න් ලිංගික සෞඛ්‍ය පිළිබඳ පශ්චා​ද් උපාධි සහිත මෙරට​දී හා විදේශයන්හි​දී පුළුල් පුහුණුවක් ලැබූ විශේෂඥයන්.
ඔවුන් විශ්වාසනී​ය ලෙ​ස සහ පෞද්ගලිකත්වය ආරාක්ෂා ව​න පරි​දි,
එම රෝ​ග නිවැරදිව හඳුනාගෙන, සුදු​සු ප්‍රතිකාර ලබා දීම, සහ රෝගය නැවත ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරනව.
ඒ වගේම සහකරුවන් සදහා අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන​වා.

-ලිංගික ඉන්නන් (Ge***al Warts);
-ලිංගික ප්‍රදේශයේ ඇතිවන සියලු​ම තුවාල;
-පිරිමින්ගේ මුත්‍ර මාර්ගයෙන් ශ්‍රාව පිටවීම ​හා මුත්‍ර දැවිල්ල; ඒවගේම
-කාන්තාවන්ට ඇතිවන සුද යාම,
-ලිංගික සබදතා වේදානාකාරි වී​ම,
- සුලභව ඇති ව​න වන ලිංගික සමේ ඇතිවන කුශ්ඨ වගේ රෝග ත​ත්ත්ව රාශියක​ට මෙම වයිද්‍යවරු ප්‍රතිකාර කරනවා.
- ඒ වගේම වගේම පුරුශයින්ට ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය ස​හ
- ඉක්මනින් ශුක්‍ර පිටවීම නැත්නම් ක්ෂණික මෝචන​ය වැනි ගැටලු සද​හා මේ වෛද්‍යව​රු විශේෂඥ ප්‍රතිකාර කරනවා.

ඉතින් ඔබටත් මේ වගේ ලි​ංගික ​සෞඛ්‍ය ගැටලුවක් ති​බේ නම්, ලිංගාශ්‍රිත රෝග පිලිබ​ද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වන්​න.

***alherpes ***alwarttreatments *******on #ලිංගිකසෞඛ්‍ය #ලිංගාශ්‍රිතරෝග #ලිංගිකගැටළු #ලිංගාශ්‍රිතරෝගවිශේෂඥ

19/09/2025

Erectile dysfunction ? -
Don't suffer silently.
Get the best treatments from a sexual health physician.

Treatments for Premature Ejaculations and Erectile Dysfunction.  - ලිංගික අප්‍රාණිකත්වය හා ඉක්මනින් ශුක්‍රාණු පිටවීම සදහ...
06/07/2025

Treatments for Premature Ejaculations and Erectile Dysfunction. - ලිංගික අප්‍රාණිකත්වය හා ඉක්මනින් ශුක්‍රාණු පිටවීම සදහා සාර්තක ප්‍රතිකාර ඇත. *******on

ලිංගික සෞඛ්‍ය ගැටලුවක් ද ? Visit Safezone.lk  - Your trusted Sexual Health care provider.Whatsapp - 071 145 0100https://...
29/06/2025

ලිංගික සෞඛ්‍ය ගැටලුවක් ද ?
Visit Safezone.lk - Your trusted Sexual Health care provider.
Whatsapp - 071 145 0100

https://youtu.be/5OEeNbmtmQE

නව HIV ආසාදන වල වර්ධනයක්.. =====================නව HIV ආසාදන වාර්තා වීම වසරින් වසර ඉහළ යන බව පේන්න තිබෙනවා. පසුගිය 2024 ...
24/06/2025

නව HIV ආසාදන වල වර්ධනයක්..
=====================
නව HIV ආසාදන වාර්තා වීම වසරින් වසර ඉහළ යන බව පේන්න තිබෙනවා. පසුගිය 2024 වසර තුළ නව ආසාදිතයි​න් 824ක් වාර්​තා වුනා.
මෙම වාර්තා වන නව HIV ආසාදන සහිත අයගෙන් අතිශය බහිතරය පිරිමින්.
ඔවුනගෙන් බහුතරයකට HIV ආසාදනය වී තිබෙන්නෙ වෙනත් පිරිමින් සමග ඇතිවූ ලිංගික සබදතා මගින්. කාන්තාවන් අතර HIV අඩුයි.
(වසර පුරා වාර්තා වූ අය අත​ර පිරිමින් 7 : කාන්තවන් 1 වශයෙන් දකින්ට ලැබෙනවා) .
Source- National STD/AIDS Control Programme Annual report + Statistics

ලිංගි​ක සබදතාව - අනාරක්ෂිත ද?? කොන්ඩම ඉරී ගියාද ??වහාම ලිංගික සෞඛ්‍ය සායනයකට යන්න.===අනාරක්ෂිත ලිංගික සබදතාවකට පසු සිෆිල...
23/06/2025

ලිංගි​ක සබදතාව - අනාරක්ෂිත ද??
කොන්ඩම ඉරී ගියාද ??
වහාම ලිංගික සෞඛ්‍ය සායනයකට යන්න.
===
අනාරක්ෂිත ලිංගික සබදතාවකට පසු සිෆිලිස් (සහ තවත් ලිංගිකව බොවන ආසාදන) හැදෙන එක වලක්වා ගන්න දැන් පුලුවන් ..

https://www.facebook.com/share/p/1G36JSGHrF/

HIV පූර්ව නිරාවරණ ප්‍රතිකා​ර (PrEP) යනු කුමක්ද?------------------------------------------------PrEP යනු HIV ආසාදනය වැළැක...
20/06/2025

HIV පූර්ව නිරාවරණ ප්‍රතිකා​ර (PrEP) යනු කුමක්ද?
------------------------------------------------
PrEP යනු HIV ආසාදනය වැළැක්වීමට ලබා ගන්නා ප්‍රතිකාර වර්ගය​කි.
මෙය HIV නොමැති පුද්ගලයින් සඳහා ලිංගික සම්බන්ධතා මගින් HIV ආසාදනය වීම වැළැක්වීමට උපකාරී වේ.

මෙය ක්‍රියා කරන්නේ කෙසේද?
------------------------------------------------
මෙම ප්‍රති-වෛරස් ඖෂධ HIV ආසාදනය ඔබේ සිරුරේ ස්ථාපිත වීම වැලැඛ්වීම මගින් ක්‍රියා කරයි.
ආරක්ෂාව පවත්වා ගැනීම සදහා නිතිපතා ගත යුතුය.
ශ්‍රී ලන්කාවේදී දෛනික පෙති ලෙ​ස හෝ සමහර රටවලදී දිගුකාලීන එන්නත් ලෙස ලබාගත හැක

PrEP සලකා බැලිය යුත්තේ කවුරුන් විසින්ද ?
------------------------------------------------
ඔබ පහත තත්වයන්ට යටත් නම් PrEPලබා ගැනීම පිළිබදව සැලකිලිමත් වීම සුදුසු​ය:
HIV සමග ජීවත් වන හෝ HIV තත්වය නොදන්නා ලිංගික සහකරුවන් සිටීම
ලිංගික සම්බන්ධතා අතරතුර කොන්ඩම නිසි ලෙස භාවිතා නොකිරීම
මත්ද්‍රව්‍ය එන්නත් උපකරණ හුවමාරු කිරීම
HIVසදහා නිරාවරණය වීමේ අවදානම ඉහළ වීම

ලබා ගන්නා ආකාර
------------------------------------------------
a) දෛනික මාත්‍රා ක්‍රමය (Daily PrEP)

සෑම දිනකම එකම වේලාවට එක් පෙත්තක් ගත යුතුය.
නිරන්තර ආරක්ෂාව සපයයි
මතක තබා ගැනීමට වඩාත් පහසු නිසා පෙති මග හැඍඊමට හැකියාව අඩුය.
සියලු ආකාරයේ ලිංගික සම්බන්ධතා සඳහා සුදුසුය

b) 2,1,1 මාත්‍රා ක්‍රමය (On-Demand/Event Driven)

පෙති 2 -> පෙති 1 -> පෙති 1
පළමු මාත්‍රාව: -ලිංගික සම්බන්ධතාවයකට පෙර පැය 24-2 අතර කලින් පෙති 2ක් ගන්න
දෙවන මාත්‍රාව: පළමු මාත්‍රාවෙන් පැය 24කට පසු පෙත්තක් ගන්න
තෙවන මාත්‍රාව: දෙවන මාත්‍රාවෙන් පැය 24කට පසු පෙත්තක් ගන්න
2,1,1 ක්‍රමය පිරිමින් අතර පිරිමි ලිංගික සම්බන්ධතා (MSM) සඳහා පමණක් නිර්දේශ කෙරේ.
*පෙති 2 ගැනීමෙන් පසුව පැය 24 කට පසුවත් ලිංගික සබදතා පැවැත්වෙන්නේ නම් එලෙස සබදතා පැවැත්වෙන දින්‍යන් පුරා දිනපතා පෙති එක බැගින් ගත යුතු අතර, අවසන් සබදතාවෙන් පසු ඉදිරියට තවත් දින් 2ක් සම්පූර්ණ වෙනතෙක් පෙති ලබා ගත යුතුය.

වැදගත්:
------------------------------------------------
PrEP ලබා ගැනීමේදී නිතිප​තා HIV පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ අවශ්‍ය වේ
ආරම්භයේදී ඔක්කාරය හෝ හිසරදය වැනි සුළු අතුරු ආබාධ ඇති විය හැක
හර්පීස් ඇතු​ලු අනෙකුත් ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා නොකරයි
මේවා වෛද්‍යවරය​කු විසින් නියම කළ යුතුය

කාන්තාවන් සඳහා දෛනික මාත්‍රා ක්‍රමය පමණක් නිර්දේශ කෙරේ
2,1,1 ක්‍රමය භාවිතා කිරීමට පෙර වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
මාත්‍රා මඟ හැරීම හෝ ප්‍රමාද වීම ආරක්ෂාව අඩු කරයි

PrEP ලබා ගන්නේ කෙසේද ?
------------------------------------------------
කොලබ පිහිටි ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය ( NSACP -0112 667 163) ප්‍රධා​න කොට ඇ​ති
රට පුරා තිබෙන ලිංගාශ්‍රිත රෝග සායන වලි​න් මෙම ප්‍රතිකාරය නොමිලේ ලබාදීම සිදු කෙරේ. www.know4sure.lk හරහා ඔබට ලගම ඇති සායනය පිලිබද විස්තර ලබා ගත හැකියි
-
Dr Anuruddha Karunaratne.
MBBS, MD, DFSRH(UK)
Specialist in Sexual health STD and HIV

**** ලිංගික හර්පීස් (Ge***al Herpes) - උපදෙස් ****                  ---------------------👉 ලිංගික හර්පීස් ආසාදනය:-------...
15/06/2025

**** ලිංගික හර්පීස් (Ge***al Herpes) - උපදෙස් ****
---------------------
👉 ලිංගික හර්පීස් ආසාදනය:
---------------------
ලිංගික හර්පීස් යනු හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය (HSV) නිසා ඇතිවන වෛරස් ආසාදනයකි. එය මූලික වශයෙන් ලිංගික අවයව, අවට සම, තට්ටම් සහ ගුද මාර්ගයට බලපායි. HSV වර්ග දෙකකි:
• HSV-1 වර්ගය : මෙය සාමාන්‍යයෙන් මුඛය වටා ඇතිවන තොල්වල තුවාල (cold sores) ඇති කරන අතර ලිංගික හර්පීස් රෝගීන්ගෙන් අඩක් පමණ දෙනාට හේතු වේ. ශ්‍රී ලන්කාවේ සුලභව දක්නට නොමැත
• HSV-2 වර්ගය: මෙම වර්ගය සාමාන්‍යයෙන් ලිංගික පද්ධතියේ හර්පීස් පමණක් ඇති කරන අතර, නැවත නැවත රෝග ලක්ෂණ ඇතිවීමට වැඩි ඉඩක් ඇත.
-----------------------------------
👉 සම්ප්‍රේෂණය වීම සහ වෛරස නිද්‍රාශීලී බව:
-----------------------------------

ලිංගික හර්පීස් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් දෙනෙකුටම තමන් ආසාදනය වී ඇති බව නොදනිති. වරක් ආසාදනය වූ පසු, වෛරසය අසල ඇති ස්නායුවක අක්‍රියව (නිද්‍රාශීලීව) පවතී. කලින් කලට, වෛරසය 'ක්‍රියාකාරී' වී ස්නායුව දිගේ සමට ගමන් කර රෝග ලක්ෂණ ඇති කළ හැකිය. මෙය පළමු ආසාදනයෙන් සති, මාස හෝ වසර ගණනාවකට පසුව පවා සිදුවිය හැකිය.
-------------------------
👉ලිංගික හර්පීස් රෝග ලක්ෂණ
-------------------------
රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට බෙහෙවින් වෙනස් වේ. බොහෝ දෙනෙකුට කිසි විටෙකත් රෝග ලක්ෂණ ඇති නොවේ, නැතහොත් ලිංගික හර්පීස් ලෙස හඳුනා නොගන්නා ඉතා මෘදු රෝග ලක්ෂණ පමණක් ඇති වේ. රෝග ලක්ෂණ නොමැති වුවද, වෛරසය ලිංගික ප්‍රදේශයේ පවතින අතර බෝවිය හැකි තත්ත්වයේ තිබිය හැකිය.
-------------------------------------------
👉පළමු වරට රෝග ලක්ෂණ ඇතිවීම (මූලික ආසාදනය):
------------------------------------------
• මෙය සාමාන්‍යයෙන් උණ, ශරීරයේ වේදනාව වැනි සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ (flu-like symptoms) සමඟ ආරම්භ විය හැක. මූලික ආසාදනයකදී පද්ධතිමය රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබේ.
• සාමාන්‍යයෙන් ලිංගික අවයව හා/හෝ ගුද මාර්ගය වටා කුඩා, වේදනාකාරී බිබිලි පොකුරු වශයෙන් සති 1-2ක් පුරා දිස් වේ. මෙම බිබිලි ඉක්මනින් පුපුරා ගොස් නොගැඹුරු, වේදනාකාරී තුවාල බවට පත්වේ.
• කිහිල්ලේ ඇති ග්‍රන්ථි ඉදිමීමට ඉඩ ඇත. කාන්තාවන්ට මුත්‍රා පිටකිරීමේදී වේදනාවක්, යෝනි ශ්‍රාවයක් ඇතිවිය හැකි අතර, ගැබ්ගෙලෙහි ද බිබිලි සහ තුවාල ඇතිවිය හැකිය. ගුද මාර්ගයේ ඇතුළත ද බලපෑම් ඇතිවිය හැකිය.
• මෙම තුවාල සහ බිබිලි දින 10-28ක් දක්වා පැවතිය හැකි අතර කැළැල් නොමැතිව සුව වේ.
• සමහර විට, පළමු රෝග ලක්ෂණ ඇතිවීම, වෛරසය ආසාදනය වී මාස හෝ වසර ගණනාවකට පසුව සිදුවිය හැකිය.
--------------------------------------------------
👉නැවත නැවත ඇතිවන රෝග ලක්ෂණ (Recurrent Episodes):
---------------------------------------------------
• පළමු වරට රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසු, සමහර පුද්ගලයන්ට තවදුරටත් කිසි දාක නැවත රෝග ලක්ෂණ ඇති නොවේ.
• සමහර අයෙකුට නැවත නැවත රෝග ලක්ෂණ ඇති විය හැකි අතර මෙය නැවත ඇතිවන ආසාදනය (recurrent infection) ලෙස හැඳින්වේ.
• නැවත ඇතිවන විටදී රොග ලක්ෂණ, පළමු වරට වඩා කෙටි හා සෞම්‍ය වන අතර, සාමාන්‍යයෙන් දින 7ක් පමණ පැවතිය හැක.
• ලිංගික ප්‍රදේශයේ කිති කැසීමක් හෝ කැසීමක් පැය 12-24ක් පුරා ඇතිවීමෙන් නැවත ඇතිවීමක් ආරම්භ වන බව පෙන්නුම් කළ හැකිය.
• නැවත රෝග ලක්ෂණ මතුවීම් අතර කාලය එකිනෙකාට බෙහෙවින් වෙනස් වේ. සමහරුනට වසර ගනාවකට පසු ඇතිවන අත්‍ර තවත් කෙනෙකුට වසරකට කිහිප වරක් ඇතිවිය හැක.
• පළමු වරට රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසු මුල් වසර දෙක තුළ පුද්ගලයන්ට වසරකට 1 සිට 4 දක්වා වාර ගනනක් නැවත ඇතිවීම් විය හැකිය. කාලය ගත වීමත් සමග නැවත ඇතිවීම් අඩු වේ.
• සමහර අයට නැවත ඇතිවීම් සඳහා ප්‍රේරක (triggers) හඳුනාගත හැකිය, එනම් හිරු එළිය, ශාරීරික රෝග, අධික මත්පැන් හෝ ආතතිය. මෙම ප්‍රේරක වළක්වා ගැනීම ප්‍රයෝජනවත් විය හැකිය.

-----------------------------------
👉ලිංගික හර්පීස් සම්ප්‍රේෂණය වන ආකාරය
--------------------------------
ලිංගික හර්පීස් බහුලව සම්ප්‍රේෂණය වන්නේ වෛරසය ආසාදනය වී සිටින කෙනෙකුගේ ආසාදනයට ලක් වූ ප්‍රදේශය සමඟ සමෙන් සමට ස්පර්ශ වීමෙනි; මෙය සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාකාරකම් වලදී සිදු වේ.
• යෝනි, මුඛ හෝ ගුද සංසර්ගය මගින් වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය.
• එය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් (STI) වන නමුත්, වෛරසය සම්ප්‍රේෂණය වීමට යෝනි මාර්ගය තුළට ශිෂ්ණය ඇතුල් කිරීම (penetrative in*******se) අවශ්‍ය නොවේ. සමීප ලිංගික සම්බන්ධතා පමණක් ප්‍රමාණවත් විය හැකිය.
• උදාහරණයක් ලෙස, යමෙකුට මුඛය වටා HSV තුවාලයක් (cold sore) තිබෙන අවස්තාවක මුඛ සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔවුන්ට ලිංගික හර්පීස් ඇති කරන වෛරසය සම්ප්‍රේෂණය කළ හැකිය.
• රෝග ලක්ෂණ රහිත වෛරස් පිටවීම (Asymptomatic viral shedding): පෙනෙන බිබිලි හෝ තුවාල නොමැති විට පවා, වෛරසය කලින් කලට ලිංගික සම මතුපිට පැමිණිය හැකි අතර, වයිරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කළ හැකිය. වයිරසය පැතිරෙන වඩාත් සුලභම ආකරය මෙයයි.
• ඔබේම වෛරසයෙන් නැවත ඔබගේ ශරීරයේ වෙනත් ස්ථානයක ආසාදනය වීමට ඉඩක් නැත, නැතහොත් ආසාදිත සහකරුවෙකුගේ මාර්ගයෙන් ඔබේම වෛරසය ඔබේ ශරීරයේ වෙනත් කොටසකට බෝ වීමට ඉඩක් නැත.
• කොන්ඩම්: කොන්ඩම් නිරන්තරයෙන් සහ නිවැරදිව භාවිතා කිරීම සම්ප්‍රේෂණ අවදානම අඩු කරයි. කෙසේ වෙතත්, කොන්ඩම් හර්පීස් වලට එරෙහිව සම්පූර්ණ ආරක්ෂාවක් ලබා නොදෙයි, මන්ද ඒවා ලිංගික සමේ සීමිත ප්‍රදේශයක් පමණක් ආවරණය කරන අතර වෛරසය අවට සම මත තිබිය හැකි බැවිනි.
--------------------------
👉ලිංගික හර්පීස් රෝග විනිශ්චය
--------------------------
ඔබට ලිංගික හර්පීස් හෝ වෙනත් ලින්ගිකව බෝවන ආසාදනයක් ඇතැයි සැක කරන්නේ නම්, ඔබ ලිංගික සෞඛ්‍ය සායනය වෙත යා යුතුය. ඒ සදහා ඔබට වෛද්‍යවරයෙකුගෙන් (GP) යොමු කිරීමක් අවශ්‍ය නොවේ.
• රෝග විනිශ්චය සාමාන්‍යයෙන් තහවුරු කරනු ලබන්නේ වෛද්‍යවරයෙකු විසින් සායනිකව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. සමහර විට තුවාලයේ සාම්පලයක් පී සී ආර් පරීක්ෂණයට බාජනය කර හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය පවතින බව තහවුරු කළ හැකි අතර එහි වර්ගය (HSV-1 හෝ HSV-2) තීරණය කළ හැකිය. Nucleic Acid Amplification Tests (NAATs) යනු රෝග විනිශ්චය සඳහා වඩාත් සුදුසු ක්‍රමය වුවත් මෙය ශ්‍රී ලංකාවේ සායන වල නොමැති වන්නට පුලුවන්.
• සක්‍රීය ආසාදනයක් හඳුනා ගැනීම සදහා රුධිර පරීක්ෂණ එතරම් විශ්වාසදායක නොවේ, මන්ද ඒවා ප්‍රධාන වශයෙන් අතීත ආසාදනයක් පෙන්නුම් කරන ප්‍රතිදේහ (antibodies) හඳුනා ගැනීම් සිදු කරයි. කෙසේ වෙතත්, ප්‍රතිදේහ වර්ග පරීක්ෂණ (type-specific antibody tests) යම් යම් අවස්ථාවන්හිදී ප්‍රයෝජනවත් විය හැකිය.
• මෙයට අමතරව වෙනත් රෝග (එච් අයි වී හා සිෆිලිස් වැනි) සදහා රෝග පරීක්ෂාවක් ද සිදු කරනු ලැබේ.
---------------------
👉 ලිංගික හර්පීස් ප්‍රතිකාර
---------------------
ලිංගික හර්පීස් සුව කිරීමක් නොවන අතර වෛරසය ශරීරයේ ස්නායු අග්‍ර වල පවතී. කෙසේ වෙතත්, ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ සාර්තක ලෙස කළමනාකරණය කළ හැකිය.
--------------------------------------
👉රෝග ලක්ෂණ සමනය කිරීමට යොදා ගන්නා ක්‍ර​ම:
--------------------------------------
මෙම ක්‍රම මගින් රෝග ලක්ෂණ ඇති වූ විට , ඒවා සමනය කර ගැනීමට උපකාරී වේ:
• වේදනා නාශක: පැරසිටමෝල් වැනි සාමාන්‍ය වේදනා නාශක වේදනාව සමනය කිරීමට උපකාරී වේ.
• මද ලුණු වතුර සහිත බේසමක වාඩිවී සිටීමෙන් වේදනාව සමනය වේ, තුවාල පිරිසිදුව තබා ගැනීමට උපකාරී වේ. මුත්‍රා පහ කරන විට වේදනාවක් ඇත්නම්, මෙලෙස භාජනය තුල හිඳගෙන සිටියදීම මුත්‍රා පිටකිරීමෙන් වේදනාව අඩු කිරීමට උපකාරී වේ.
• උණුසුම් ස්නාන හෝ ෂවර්: උණුසුම් ජලයෙන් ස්නානය කිරීම හෝ ජලය ශරීරය මතට වැටීමට සැලැස්වීම මුත්‍රා පිටකිරීමේ වේදනාව අඩු කළ හැකිය.
• නිර්වින්දන ආලේපන: ෆාමසිවලින් ලබා ගත හැකි ලිඩොකේන් 5% ජෙල් (lidocaine 5% gel) කැසීම හෝ වේදනාව සමනය කළ හැකිය. මුත්‍රා පිටකිරීමට මිනිත්තු පහකට පමණ පෙර එය ආලේප කළහොත් වේදනාව සමනය වීමට හේතු වේ. නිර්වින්දන ආලේපන වලට ඔබ සංවේදී නම්, වැස්ලින් (Vaseline®) ප්‍රයෝජනවත් විකල්පයක් විය හැකිය.
• අයිස් ඇසුරුම්: තුවායක ඔතා ගත් අයිස් පැක් එකක් විනාඩි 5-10ක් තුවාල මත තැබීමෙන් වේදනාව සමනය විය හැක. අයිස් කෙලින්ම සම මත තබන්න එපා.
• ජලය පානය: මුත්‍රා පිටකිරීමේ වේදනාව අඩු කිරීමට වැඩිපුර දියර පානය කරන්න.
• පිරිසිදුකම: සුවඳැති සබන් හෝ බබල් බාත් භාවිතා නොකරන්න, පිරිසිදු හෝ ලුණු වතුරෙන් විවෘත තුවාල මෘදුව පිරිසිදු කිරීම වඩාත් සුදුසුය. තුවායක් භාවිතා කිරීමට වඩා අඩුම සැකසුම (lowest setting) සහිත hairdryer මහින් වියලීම වඩාත් සුවපහසු විය හැකිය.
• ලිහිසි තෙල් (Lubrication): තුවාල සම්පූර්ණයෙන් සුව වූ පසු ලිංගික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන විට ලිහිසි තෙල් භාවිතා කිරීම උපකාරී විය හැක, මන්ද ලිංගික ක්‍රියාවලිය රළු වුවහොත් එම ඝර්ෂණය මගින් සමහර විට රෝග ලක්ෂණ නැවත ඇතිවීමක් ඇති කළ හැකි බැවිනි.
-----------------------------------
👉ප්‍රති වයිරස ඖෂධ (Antiviral Medication):
-------------------------------------
• සාමාන්‍යයෙන් ඒසයික්ලොවර් (Aciclovir), ප්‍රති වයිරස ඖෂධය ලබා දෙන අතර එය හර්පීස් වෛරසය ගුණ වීම වැලැක්වීම මගින් ක්‍රියා කරයි.
• ප්‍රති වෛරස ඖෂධ ඉක්මනින් ආරම්භ කළහොත්, එය රෝග ලක්ෂණ වල දරුණු බව සහ රෝග ලක්ෂණ පවතින කාලය අඩු කරයි..
• පළමු වරට රෝග ලක්ෂණ ඇතිවීමේදී සාමාන්‍යයෙන් ප්‍රති වෛරස ඖෂධයක් නියම කරනු ලැබේ. (සාමන්‍යයෙන් දින පහක කාලයක් සදහා ), නමුත් අලුතින් බිබිලි සාදන්නේ නම් එම කාලය දීර්ඝ කළ හැකිය. රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත ඖෂධය ආරම්භ කිරීමෙන් තුවාල සහ බිබිලි පවතින කාලය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
• නැවත ඇතිවන රෝග ලක්ෂණ සඳහා: නැවත ඇතිවීම් වඩා මෘදු හා කෙටි වන බැවින් ප්‍රති වෛරස ඖෂධ බොහෝ විට අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, යම් යම් අවස්ථාවන්හිදී එය ලබාදීම සිදු කෙරේ:
o තදබල රෝග ලක්ෂණ සහිතව නැවත ඇතිවීම්: රෝග ලක්ෂණ ආරම්භ වූ වහාම ප්‍රති වෛරස ඖෂධයක් ආරම්භ කිරීමෙන් රෝග ලක්ෂණ වල කාලය හා දරුණුබව අඩු කළ හැකිය. සමහර විට ඔබේ වෛද්‍යවරයා විසින් 'අවශ්‍ය විටක භාවිතා කිරීම' සඳහා ප්‍රති වෛරස ඖෂධ නිවසේ තබා ගැනීමට නියම කළ හැකිය.
o නිතර නැවත ඇතිවීම්: ඔබට කරදරකාරී ලෙස නැවත ඇතිවීම් (වසරකට වාර හයකට වඩා වැඩි ප්‍රමාණයක්) සිදු වේ නම්, සෑම දිනකම ලබා ගැනීම සදහා ප්‍රති වෛරස ඖෂධයක් ගැනීම (suppressive antiviral therapy ලෙස හැඳින්වේ) නිර්දේශ කළ හැකිය. මෙමගින් නැවත ඇතිවීම් සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකිය, නැතහොත් ඒවායේ වාර ගණන සහ දරුණු බව බෙහෙවින් අඩු කළ හැකිය. මෙම වර්ගයේ අඛණ්ඩ ප්‍රතිකාර, සාමාන්‍යයෙන් මාස 6 කාලයක් තිස්සේ ලබා දෙන් ආතර, අවශ්‍ය නම් පසුව නැවත නැවතත් ලබා දීමද සිදු කළ හැකිය.
o සහකරුවන්ට සම්ප්‍රේෂණ වීමේ අවදානම අඩු කිරීමට: දිනපතා ඇන්ටිවයිරල් ඖෂධ ගැනීම ලිංගික සහකරුවන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කරන බව පෙන්වා දී ඇත.
• ප්‍රති වෛරස ඖෂධවල අතුරු ආබාධ: බොහෝ දෙනෙකුට කිසිදු අතුරු ආබාධයක් ඇති නොවන අතර හෝ ඉතා සුළු අතුරු ආබාධ පමණක් ඇති වේ. සුලභ අතුරු ආබාධ අතරට ඔක්කාරය, වමනය, පාචනය, බඩේ වේදනාව සහ සමේ කුෂ්ඨ ඇතුළත් වේ..
---------------------------------
👉සම්ප්‍රේෂණය වැලැක්වීම සහ සබඳතා
---------------------------------
• ලිංගික හර්පීස් වැලැක්වීම සඳහා තවමත් එන්නතක් නොමැත.
• රෝග ලක්ෂණ ආරම්භ වූ මොහොතේ සිට ඒවා සම්පූර්ණයෙන්ම සුව වන තුරු ලිංගිකව හැසිරීමෙන් වැලකීම ඉතා වැදගත් ය, මන්ද බිබිලි ඇති විට වෛරසය ඉතා බෝවන සුලුය.
• කොන්ඩම්: කොන්ඩම් නිරන්තරයෙන් සහ නිවැරදිව භාවිතා කිරීම සම්ප්‍රේෂණ අවදානම අඩු කරයි. කෙසේ වෙතත්, කොන්ඩම් වලින් හර්පීස් වලට එරෙහිව සම්පූර්ණ (100%) ආරක්ෂාවක් ලබා නොදෙයි.
• සහකරුවන් සමඟ සන්නිවේදනය: ඔබට ලිංගික හර්පීස් රෝගය ඇති බව ලිංගික සහකරුවන්ට පැවසීම වඩාත් සුදුසුය. ලිංගික සහකරුවන්ට ආසාදනය පිළිබදව හෙළිදරව් කිරීමෙන් සම්ප්‍රේෂණ අවදානම 50% කින් පමණ අඩු වන බව පෙන්වා දී ඇත.
• රෝග ලක්ෂණ නොමැති විට අවදානම අඩු කිරීම: ඔබට රෝග ලක්ෂණ නොමැති විට පවා, රෝග ලක්ෂණ රහිතව වෛරස් පිටවීම (asymptomatic shedding) හේතුවෙන් වෛරසය සම්ප්‍රේෂණය වීමේ කුඩා අවදානමක් පැවතිය හැකිය . කොන්ඩම් නිරන්තරයෙන් භාවිතා කිරීම සහ ඔබේ සහකරු සමඟ ආසාදන තත්ත්වය පිලිබදව සාකච්ඡා කිරීම සම්ප්‍රේෂණය අවම කර ගැනීමට උපකාරී වේ. දිගුකාලීන suppressive antiviral ඖෂධ ලබා ගැනීම මගින් ද ද මෙම අවදානම අඩු කළ හැකිය.
• තොල්වල හර්පීස් තුවාල (cold sore) ඇති අයෙකු සමඟ මුඛ සංසර්ගයෙන් වැලකිය යුතු අතර සක්‍රීය ලිංගික හර්පීස් ආසාදනයක් ඇති (පෙනෙන තුවාල හෝ බිබිලි ඇති) අයෙකු සමඟ ලිංගිකව හැසිරීමෙන් ද වැලකිය යුතුය.
• ඇද ඇතිරිලි, තුවා, වැසිකිළි භාවිතය වැනි ක්‍රම මගින් වෛරසය සම්ප්‍රේෂණය සිදු නොවේ.
------------------------------
👉ගර්භණී තාවය හා ලිංගික හර්පීස්:
------------------------------
ඔබ ගැබ්ගෙන සිටින විට හෝ ගැබ්ගෙන ඇතැයි සැක කරන අතරේ ඔබට ලිංගික හර්පීස් (පළමු වරට හෝ නැවත ඇතිවීමක්) සිදු වන්නේ නම්, ඔබ වහාම ලිංගික සෞඛ්‍ය සායනයේ වෛද්‍ය වරුන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුය. මවගේ සහ දරුවාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ලබා ගන්න පියවර පිළිබදව ඔබව ඔවුන් දැනුවත් කරනු ඇත. අතීතයේ ලිංගික හර්පිස් ආසාදනය ඇති වූ කාන්තාවක් ගර්භණී වුවහොත් ඔවුනට ආසාදනය නැවත ඇතිවීම වැලැක්වීම සදහා සදහා ගර්භණී අවදියේ පසූ කාලය පුරාවට ප්‍රති වෛරස ඖෂධ ලබා දීම සිදු කරනු ලැබේ.
-----------------------------------
👉ලිංගික හර්පීස් නිසා ඇතිවන මානසික බලපෑම:
-------------------------------------
ලිංගික හර්පීස් රෝග විනිශ්චය සැලකිය යුතු මානසික පීඩාවක් ඇති කළ හැක . බොහෝ දෙනා කාලයත් සමඟ මෙයට අනුවර්තනය වන අතර. ලිංගික සෞඛ්‍ය සායනයකින් ලබාදෙන නිවැරදි තොරතුරු සහ ප්‍රායෝගික උපදේශනය ඉතා වැදගත් වේ
------------------------
වෛද්‍ය අනුරුද්ධ කරුණාරත්න
ලිංගික සෞඛ්‍ය පිළිබද විශේෂද වෛද්‍ය
MBBS | Dip in Ven | MD | DFSRH (UK)
===========================

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SafeZone Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share