SafeZone Sexual Health

SafeZone Sexual Health Specialist Sexual health / STD care services
ලිංගික සෞඛ්‍ය / ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය සේවය

Consultations - by Appointments only.

SafeZone - Specialist Sexual health / STD care services
ලිංගික සෞඛ්‍ය / ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය සේවය.

ශ්‍රීලාංකික ප්‍රජාව තුළ නිවැර​දි ලිංගික සෞඛ්‍ය අද්‍යාපනයක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම පිටුව පවත්වා ගෙන යනු ලබයි.
ඔබට පැන නැගෙන ගැටලු අප වෙත ෆේස්බුක් හරහා හෝ වට්ස්ඇප් හරහා (+94711450100 ) යො​මු කරන්න.

සුදුසුකම් ලත් ලිංගාශ්‍රිත රෝග පිළිබද වෛද්‍යවරුන් ගේ සේවය ල​බා ගැනීමේ අපහසුතා තිබෙන අය සදහා අපගේ දුරකත​න/ වීඩියෝ වෛද්‍ය හමුවීම් සදහා යොමු වන්න. - www.safezone.lk

ගොනෝරියා ප්‍රතිකාරය ගැන අද කතා කරමු:=========================ඔබට හෝ ඔබේ සහකරුට/සහකාරියට ගොනෝරියා (GC) වැළඳී ඇතිද? කලබල ව...
16/07/2026

ගොනෝරියා ප්‍රතිකාරය ගැන අද කතා කරමු:
=========================

ඔබට හෝ ඔබේ සහකරුට/සහකාරියට ගොනෝරියා (GC) වැළඳී ඇතිද?
කලබල වෙන්න එපා! මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි ආසාදනයක්.
නමුත්, මෙම බැක්ටීරියාව ඉතා ඉක්මනින් ප්‍රතිජීවක (antibiotics) වලට ඔරොත්තු දීමේ හැකියාව ලබා ගන්නා නිසා, නිවැරදි ප්‍රතිකාර මගින් ආසාදනය සම්පූර්ණයෙන්ම සුව තහවුරු කර ගැනීම ඉතා වැදගත්.

ගොනෝරියා ප්‍රතිකාර සහ පසු විපරම් සිදුවන්නේ මෙහෙමයි:

1. ප්‍රතිකාරය:
එන්නතක් 💉 හෝ ගිලින පෙති වශයෙන් ලබා දෙන ප්‍රතිජීවක
===================================
ප්‍රධානතම ප්‍රතිකාරය වන්නේ මාංශ පේශි වෙත ලබාදෙන සෙෆ්ට්‍රියැක්සෝන් (Ceftriaxone) ප්‍රතිජීවක එන්නතකි.
• තනි එන්නතක් ලබාදීම යනු රෝගය සම්පූර්ණයෙන්ම වැනසීමට ඇති ඉතාම විශ්වාසදායක ක්‍රමයකි.
• විකල්ප ක්‍රම: ඔබට එන්නත් ලබාගැනීමට අපහසුතාවක් ඇත්නම් හෝ ඖෂධ ආසාත්මිකතා තිබේ නම්, වෛද්‍යවරයා විසින් වෙනත් විකල්ප ප්‍රතිකාර ක්‍රම (ගිලින ප්‍රතිජීවක පෙති වර්ග කිහිපයක්) පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

2. සහකරුවන් දැනුවත් කිරීම සහ ඔවුනට ප්‍රතිකාර ලබා දීම.
=======================================
ගොනෝරියා ඉතා වේගයෙන් බෝ වන නිසා, ඔබේ මෑතකාලීන ලිංගික සහකරුවන්ටද පරීක්ෂණ කර ප්‍රතිකාර ගැනීමට සැලැස්වීම අත්‍යවශ්‍ය වේ.
• රෝග ලක්ෂණ පෙන්වූ පිරිමින්: පසුගිය සති 2 ඇතුළත සිටි සියලුම සහකරුවන් දැනුවත් කරන්න.
• අන් සියලුම දෙනා (රෝග ලක්ෂණ නොපෙන්වූ අයද ඇතුළුව): පසුගිය මාස 3 ඇතුළත සිටි සියලුම සහකරුවන් දැනුවත් කරන්න.
(ඔබටම පෞද්ගලිකව පැවසීමට අපහසු නම්, සායනය මගින් ඔබේ අනන්‍යතාව හෙළි නොකර ඔවුන් වෙත නිර්නාමික කෙටි පණිවිඩයක් යැවීමට කටයුතු සලසා දෙනු ඇත!)

3. දින 7ක් යනතුරු ලිංගික සබඳතා වලින් වලකින්න
==============================
ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය දෙදෙනාම ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම අවසන් කර දින 7ක් යනතුරු කිසිදු ආකාරයක ලිංගික සබඳතාවක (මුඛ, ගුද හෝ යෝනි ලිංගික සබඳතා - කොන්ඩම් භාවිතයෙන් වුවද) නොයෙදී වැළකී සිටිය යුතුය. මෙයින් ඔබේ ශරීරයට සුව වීමට කාලය ලැබෙන අතර, රෝගය නැවත නැවතත් දෙදෙනා අතර හුවමාරු වීම වළකී.

4. රෝගය සුව වී ඇත්දැයි බැලීමට නැවත පරීක්ෂණයක් (TOC) අවශ්‍යද?
===========================================
නැවත පරීක්ෂණයක් (Test of Cure) අවශ්‍යද යන්න වෛද්‍යවරයා ඔබ සමඟ සාකච්ඡා කරනු ඇත.
• TOC එකක් අවශ්‍ය වන්නේ: ඔබගේ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම නැති වී නොමැති නම්, ඔබ ප්‍රතිකාර ලෙස වෙනත් විකල්ප පෙති වර්ග ලබා ගත්තේ නම්, ඔබට කට/උගුර ආශ්‍රිතව ආසාදනය වැළඳී තිබුණේ නම්, හෝ ඔබ ගැබ්ගෙන සිටින මවක් නම් මෙම පර්රික්ෂණය සිදු කෙරෙනු ඇත.
• මෙම පරීක්ෂණය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ ප්‍රතිකාර ලබාගෙන සති 2 සිට 3 දක්වා කාලය තුළදීය. ඉහත සඳහන් කළ අවස්ථාවන්හිදී ආසාදනය සම්පූර්ණයෙන්ම සුව වී ඇති බව තහවුරු කර ගැනීමට මෙය ඉතා වැදගත් වේ.

ගොනෝරියා රෝග ලක්ෂණගොනෝරියා ආසාදනය වූ බොහෝ දෙනෙකුට (විශේෂයෙන්ම ගුද මාර්ගයේ හෝ උගුරේ ආසාදනවලදී) කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්...
15/07/2026

ගොනෝරියා රෝග ලක්ෂණ

ගොනෝරියා ආසාදනය වූ බොහෝ දෙනෙකුට (විශේෂයෙන්ම ගුද මාර්ගයේ හෝ උගුරේ ආසාදනවලදී) කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි . රෝග ලක්ෂණ මතු වන අවස්තා වල, ඒවා ආසාදනය වූ ස්ථානය අනුව වෙනස් වේ:

🔹 පිරිමි
• වැඩි පිරිසක් රෝග ලක්ෂණ පෙන්වයි: ආසාදිතයන්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට, ආසාදනය වී දින 2-5 ක් ඇතුළත රෝග ලක්ෂණ මතු වේ.
• ප්‍රධාන ලක්ෂණ: මුත්‍රා කිරීමේදී ඇති වන දැවිල්ල/වේදනාව සහ ලිංගාශ්‍රිතව අසාමාන්‍ය ලෙස ඝන හෝ සැරව වැනි ශ්‍රාවයක් පිටවීම.
• කලාතුරකින්: වෘෂණ කෝෂ වල වේදනාව, ඉදිමීම හෝ ස්පර්ශ කිරීමේදී ඇතිවන වේදනාව.

🔹 ගැහැණු
• බොහෝ විට රෝග ලක්ෂණ නැත: ආසාදනය වූවන්ගෙන් 50% කට පමණම කිසිදු ලක්ෂණයක් මතු නොවේ.
• ප්‍රධාන ලක්ෂණ: යෝනි මාර්ගයෙන් පිටවන ශ්‍රාවය වැඩිවීම හෝ වෙනස් වීම (වඩාත් සුලභම ලක්ෂණයයි) සහ මුත්‍රා කිරීමේදී ඇති වන වේදනාව.
• වෙනත් ලක්ෂණ: යටි බඩේ වේදනාව (ආසාදිතයන්ගෙන් 25% කට පමණ මෙය ඇති විය හැක). ඔසප් චක්‍ර අතරතුර ලේ පිටවීම ඉතා කලාතුරකින් විය හැක.

🔹 ගුද මාර්ගයේ සහ උගුරේ ආසාදන (සියලු දෙනාටම):
• ගුද මාර්ගය: බොහෝ විට රෝග ලක්ෂණ නැත. නමුත් ගුද මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම, වේදනාව හෝ අපහසුතාවයක් ඇති විය හැක.
• උගුර: සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ නැත. නමුත් සමහර අයට උගුරේ සුලු වේදනාවක් ඇති විය හැක.

Source: BASHH UK Guidelines (2025)

මයිකොප්ලාස්මා ජෙනිටාලියම් (Mycoplasma ge***alium - M.gen)ප්‍රරතිකාර කළත් ඔබේ ලිංගික රෝග ලක්ෂණ තවමත් අඩු වෙලා නැද්ද? 🛑👇==...
12/07/2026

මයිකොප්ලාස්මා ජෙනිටාලියම් (Mycoplasma ge***alium - M.gen)

ප්‍රරතිකාර කළත් ඔබේ ලිංගික රෝග ලක්ෂණ තවමත් අඩු වෙලා නැද්ද? 🛑👇
=========================================
ඔබට මුත්‍රා කිරීමේදී දැවිල්ලක් හෝ ලිංගික ප්‍රදේශයෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිටවීමක් තිබුණා වෙන්න පුළුවන්. ඔබ වෛද්‍යවරයකු හමුවී ක්ලැමිඩියා (Chlamydia) හෝ ගොනෝරියා (Gonorrhea) සඳහා ප්‍රතිකාර ලබාගෙන ඖෂධ නියමිත පරිදි අවසන් කළත්, තවමත් රෝග ලක්ෂණ ඒ විදිහටම තියෙනවාද?
එසේ නම්, ඊට හේතුව ශරීරගත වූ මයිකොප්ලාස්මා ජෙනිටාලියම් (Mycoplasma ge***alium - Mgen) නමැති ලිංගාශ්‍රිත ආසාදනය විය හැකියි.

🔬 මොකක්ද මේ Mgen කියන්නේ?
======================
මෙය අනාරක්ෂිත ලිංගික සබඳතා මඟින් බෝවන ඉතා කුඩා බැක්ටීරියාවකි. බොහෝ දෙනෙකුට මෙහි කිසිදු රෝග ලක්ෂණයක් මතු නොවන නිසා තමන්ට ආසාදනයක් ඇති බව හඳුනාගැනීම අපහසුය. රෝග ලක්ෂණ මතු වන විට ඒවා ක්ලැමිඩියා හෝ ගොනෝරියා රෝග ලක්ෂණ වලට සමාන විය හැක:
• පිරිමින්ට: මුත්‍ර මාර්ගයෙන් දියර හෝ සෙවල වැනි ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා කිරීමේදී දැවිල්ල හෝ වේදනාව, සහ මුත්‍රා මාර්ගය ඇතුළත ඇතිවන කැසීමක් වැනි අපහසුතාවය (Urethritis).
• කාන්තාවන්ට: මුත්‍රා කිරීමේදී දැවිල්ල, ලිංගික සබඳතාවලදී හෝ ඉන් පසුව ඇතිවන වේදනාව, ඔසප් චක්‍රයෙන් බාහිරව/සබඳතාවලින් පසු සිදුවන අසාමාන්‍ය ලේ ගැලීම් හෝ යටි බඩේ වේදනාව (PID).

ආසාදනය හඳුනාගැනීම
==============
Mgen ආසාදනය හඳුනාගැනීම සඳහා විශේෂිත DNA (NAAT) පරීක්ෂණ සිදු කරනු ලබයි. නමුත් ශ්‍රී ලංකාව තුළ තවමත් මෙම විශේෂිත Mycoplasma පරීක්ෂණය ප්‍රචලිත නොවේ.
පරීක්ෂණ නොමැතිකම නිසා, මෙම රෝගය හඳුනාගැනීම අපහසු නිසා මෙම ආසාදනය සදහා ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය සායනික තීරණය මත සිදු කෙරේ. මෙහිදී ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු (Venereologist) ඔබේ රෝග ඉතිහාසය පරීක්ෂා කරනු ඇත. සාමාන්‍ය ලිංගාශ්‍රිත රෝග සඳහා ලබාදෙන පළමු පෙළ ප්‍රතිකාරවලින් පසුවත් ඔබේ රෝග ලක්ෂණ සුව නොවී පවතින අවස්තා වල, වෛද්‍යවරයා විසින් Mgen ආසාදනය පිළිබදව සලකා බලනු ලැබේ.

⚠️ හිතුමතයට ඔසුසල්වලින් ප්‍රතිජීවක (Antibiotics) ගැනීම භයානකයි!
===========================================
Mgen යනු සාමාන්‍ය ඖෂධවලට පහසුවෙන් විනාශ නොවන "Super-bug" තත්ත්වයට පත්වෙමින් පවතින බැක්ටීරියාවකි. ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව තුළද මෙය සාමාන්‍ය ප්‍රතිජීවක ඖෂධවලට දැඩි ලෙස ප්‍රතිරෝධීතාවයක් දක්වයි.
• විශේෂඥ වෛද්‍ය උපදෙස් අනිවාර්යයි: Mgen සුව කිරීම සඳහා පියවරෙන් පියවර ලබාදෙන විශේෂිත ප්‍රතිජීවක ඖෂධ සංයෝජනයක් අවශ්‍ය වේ (සාමාන්‍යයෙන් බැක්ටීරියා ප්‍රමාණය අඩු කිරීමට දින 7ක Doxycycline ප්‍රතිකාරයකින් පසු, දෙවන විශේෂිත ප්‍රතිජීවක ඖෂධය ලබාදේ).
• ළඟ තියෙන බෙහෙත් පෙති හෝ ෆාමසිවලින් ලබා ගන්නා සාමාන්‍ය ඇන්ටිබයෝටික්වලින් මෙය සුව කළ නොහැකි වන අතර ඉන් සිදු වන්නේ බැක්ටීරියාව තවත් ශක්තිමත් වී (Resistant) , පසුව විශේෂඥ වෛද්‍යවරයෙකුට පවා එය සුව කිරීමට අපහසු වීමයි.

🛑 සුවය ලැබීම සඳහා වැදගත්:
===================
1. අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් වැළකීම: ඔබ සහ ඔබේ සහකරු/සහකාරිය යන දෙදෙනාම වෛද්‍යවරයා නියම කළ සම්පූර්ණ ප්‍රතිකාර අවසන් කරන තුරු අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය.
2. පසු විපරම් (Follow-up) සැලැස්ම: රෝගය සුව වී ඇති දැයි තහවුරු කිරීමට සාමාන්‍ය පරීක්ෂණ නොමැති බැවින්, ඔබ සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇත්දැයි තහවුරු කර ගැනීමට විශේෂඥ වෛද්‍යවරයා විසින් ඔබට පසු විපරම් සායනික සැලැස්මක් ලබා දෙනු ඇත.

💬 රෝග ලක්ෂණ සඟවාගෙන නිවෙසට වී දුක් විඳින්න හෝ වැරදි ඖෂධ ලබාගන්න එපා. ඔබට පවතින අපහසුතා සඳහා සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහය ලබාගන්න.

📱 ඔබේ පෞද්ගලිකත්වය 100%ක් සුරකිමින් වෛද්‍ය හමුවක් වෙන් කරවා ගැනීමට SafeZone වෙත 071 145 0100 - WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

මීළඟ වතාවේ ඔබ HIV පරීක්‍ෂණයක් කිරීමට යෑමට පෙර මේ ගැනත් දැනුවත් වන්න.යම් ආසාදන කාරකයක් (HIV වෛරසය වැනි) සිරුරට ඇතුළු වූ ම...
03/02/2026

මීළඟ වතාවේ ඔබ HIV පරීක්‍ෂණයක් කිරීමට යෑමට පෙර මේ ගැනත් දැනුවත් වන්න.

යම් ආසාදන කාරකයක් (HIV වෛරසය වැනි) සිරුරට ඇතුළු වූ මොහොතේ සිට එය පරීක්‍ෂණයකට හසු කරගත හැකි මට්ටමට වර්ධනය වීමට යම් කාලයක් ගත වේ. මෙය "Window Period" ( පරීක්ෂණ කවුළු සම​ය) ලෙස හැඳින්වේ.

ඔබ සිදුකරන පරීක්ෂණ වර්ගය අනුව මෙම කවුළු සම​ය වෙනස් ​වේ:

NAAT (Nucleic Acid Test): දින 10 - 33

Antigen/Antibody Lab Test (ELISA) : දින 18 - 45

Rapid Antigen/Antibody Test: දින 18 - 90

Antibody Test: දින 23 - 90

යම් අවදානම් හැසිරීමකින් ප​සු, වඩාත් නිවැරදි පරීක්ෂණයක් සඳහා සුදුසුම කාලය කුමක්දැයි වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්න.

ලිංගික ප්‍රදේශයේ  මුතු ඇට වැනි කුඩා බිබිලි දකින්න ලැබෙනවාද? එය මොලුස්කම් (Molluscum contangeosum) විය හැකියි. -ඔබේ සම මත...
03/02/2026

ලිංගික ප්‍රදේශයේ මුතු ඇට වැනි කුඩා බිබිලි දකින්න ලැබෙනවාද? එය මොලුස්කම් (Molluscum contangeosum) විය හැකියි.

-ඔබේ සම මත කුඩා, ගෝලාකාර බිබිලි මතු වී ඇත්නම් මෙය Molluscum Contagiosum ලෙස හැඳින්වෙන සාමාන්‍ය වෛරස් චර්ම රෝගයක් විය හැකි​යි. මෙය කුඩා දරුවන් අතර බහුල වුවත්, වැඩිහිටියන්ටද වැළඳිය හැක. මේ ගැන ඔබ දැනගත යුතු කරුණු:

1. මෙය හඳුනාගන්නේ කොහොමද? 🔍

-හැඩය: කුඩා, ගෝලාකාර බිබිලි (මි.මී. 2–6 පමණ).

-ප්‍රධාන ලක්ෂණය: මෙම බිබිලිවල මැද කුඩා ගිලී ගිය ස්වභාවයක් (Central Dimple) දක්නට ලැබීම මෙහි විශේෂත්වයකි.

-පැහැය: සාමාන්‍යයෙන් සමේ පැහැයට සමාන වන අතර, මුතු ඇටයක් මෙන් දිලිසෙන සුළු හෝ රෝස පැහැයක් ගත හැක.

2. මෙය ඇත්තටම කුමක්ද? 🤔 Molluscum ඇති වන්නේ වෛරසයකිනි (POX virus). වැඩිහිටියන්ගේ ලිංගික ප්‍රදේශය, පපුව, කිහිලි හෝ කලවා ප්‍රදේශයේ මේවා මතු වන්නේ සාමාන්‍යයෙන් සමට සම​ක් ස්පර්ශය වී​ම මගිනි. තුවා හෝ ඇඳුම් හවුලේ භාවිතය මගින්ද මෙය පැතිර යා හැක. මෙය පිළිකාමය තත්ත්වයක් නොවන අතර ඔබේ සාමාන්‍ය සෞඛ්‍යයට හානිකර නොවේ.

3. මෙයට ප්‍රතිකාර අවශ්‍යමද? ⏳ නවතම වෛද්‍ය නිර්දේශය වන්නේ "Watchful Waiting" හෙවත් අවධානයෙන් බලා සිටීමයි.

-සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් කාලයත් සමඟ ස්වභාවිකවම මෙම වෛරසය විනාශ කර දමයි.

-සම්පූර්ණයෙන්ම සුව වීමට මාස 6 සිට 18 දක්වා කාලයක් ගත විය හැක.

-සුව වූ පසු සම සාමාන්‍ය තත්ත්වයට පත් වේ.

4. ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම්? 🧊 මෙම බිබිලි ස්වභාවිකව සුව වන බැවින් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නොවේ. නමුත් අවශ්‍යතාවයක් පවතී නම්:

-Cryotherapy: ද්‍රව නයිට්‍රජන් (Liquid nitrogen) භාවිතයෙන් බිබිලි ශීත කර විනාශ කිරීමට වෛද්‍යවරයෙකුට හැකියාව ඇත.

5. පැතිරීම වැළැක්වීමට කළ යුතු සහ නොකළ යුතු දේ: 🛑

-බිබිලි මිරිකන්න හෝ සූරන්න එපා: එමගින් කැළැල් ඇති වීමට හෝ වෛරසය සිරුරේ අනෙක් ස්ථානවලට පැතිරීමට ඉඩ ඇත.

-රැවුල බෑම හෝ වැක්ස් (Wax) කිරීමෙන් වළකින්න: බිබිලි පවතින ප්‍රදේශය සීරීමට ලක් කිරීමෙන් වෛරසය ඉතා ඉක්මනින් පැතිරේ.

-හවුලේ පාවිච්චියෙන් වළකින්න: ඔබේ තුවා, ඇඳුම් වැනි දෑ වෙන්කර තබා ගැනීමෙන් පවුලේ අනෙක් අය ආරක්ෂා කර ගත හැක.

-පරීක්ෂාවකට යොමු වන්න: මෙය ලිංගිකව බෝ විය හැකි නිසා, වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් ආරක්ෂිතයි.

-අවසාන වශයෙන්: Molluscum යනු තාවකාලික තත්ත්වයකි. ඔබ මේ පිළිබඳව කනස්සල්ලෙන් පසුවන්නේ නම්, නිවැරදි රෝග විනිශ්චය සඳහා වෛද්‍යවරයෙකු හමුවන්න.



Dr. අනුරුද්ධ කරුණාරත්​න
MBBS | MD
ලි​ංගික සෞඛ්‍ය පිලිබද විශේෂග්ද වෛ​ද්‍ය
==================

Noticed smooth, pearly bumps in the ge***al area? It might be Molluscum (Molluscum Contagiosum).

If there are small, dome-shaped spots recently, it could be a common viral skin infection known as Molluscum Contagiosum. While it is very common in children and also affect adults. Here is what you need to know:

1. How do you identify it? 🔍

- Shape: Small, dome-shaped bumps (approximately 2–6 mm).

- Key Feature: The most distinct feature is a tiny pit or "central dimple" in the middle of the bump.

- Appearance: Usually skin-colored, but they can look pearly, shiny, or slightly pink.

2. What exactly is it? 🤔
- Molluscum is caused by a virus (specifically a type of Pox virus). In adults, it often appears on the ge***als, chest, armpits, or thighs and is typically spread through skin-to-skin contact. It can also spread through shared items like towels or clothing. It is not cancerous and generally does not harm your overall health.

3. Is treatment necessary? ⏳ The latest medical recommendation is "Watchful Waiting."

-Your body’s immune system will naturally identify and destroy the virus over time.

-It can take anywhere from 6 to 18 months to clear completely.

-Once healed, the skin usually returns to its normal appearance.

4. If you prefer active treatment? 🧊
- Since these bumps resolve naturally, treatment is not mandatory. However, if you choose to have them removed:

-Cryotherapy: A doctor can use Liquid Nitrogen to freeze and destroy the bumps.

5. Important "Dos and Don’ts" to stop the spread: 🛑

-DON’T squeeze or scratch: This can lead to scarring or cause the virus to spread to other parts of your body.

-DON’T shave or wax: Irritating the skin where the bumps are located can cause the virus to spread very rapidly.

-DON’T share personal items: Keep your towels and clothing separate to protect your family members.

-DO get a check-up: Since it can be transmitted sexually, it is safer to see a doctor for a routine screen to check for other STIs.

Bottom Line: Molluscum is a temporary condition. If you are concerned or need a confirmed diagnosis, please consult a healthcare professional.



Dr Anuruddha Karunaratne
MBBS | MD
Consultant in Sexual Health / STD / HIV

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when SafeZone Sexual Health posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share