06/09/2026
ලේලියගේ....සිත රිදවා...ඇයව මානසික පීඩනයට පත් නොකරන නැන්දම්මා කෙනෙක් වන්න උත්සාහ කරන්න ....😔
" ඒ ගෙදරට ගිය දා ඉදලා මගේ ජිවිතය අපායක් වුණා ...."
" මම කැමති කෑමක් කන්න, ආස ඇඳුමක් අඳින්න කිසිම නිදහසක් නැහැ ..."
" මමයි හස්බන්ඩ් කොහේ හරි ගිහින් ආවම...නැන්දම්මා ගේ මුහුණ පුම්බගෙන ඉන්නවා ..."
" මගේ කිසිම කෙනෙකුට ...මේ ගෙදරට එන්න දෙන්නේ නැහැ ...."
" මට ආසවට තේ එකක් හදන්න...කෑමක් හදන්න...නැන්දම්මා ඉඩ දෙන්නේ නැහැ ..."
" මම කාත් එක්ක හරි ෆෝන් එකකින් කතා කරනවා නම්, එයා කාමරේ ළඟට වෙලා අහගෙන ඉන්නවා..."
" සමහර වේලාවට මම කෑවේ මොනවා ද කියලා , එයා මගේ කට ඉබලා බලනවා....."
" එයා මගේ හස්බන්ඩ්ට මම ගැන බොරු වැරදි කියනවා...."
බහුතරයක් ලේලියන් මේ සියල්ලටම හෝ කිහිපයකට අනිවාර්යයෙන්ම මුහුණ දීලා තියෙනවා ...
ඇත්තටම ඇයි ඔබට මෙහෙම කරන්න හිතෙන්නේ....🤔
පැහැදිලිව ඔබට පුතාගේ විවාහය දැනෙන්නේ ...පුතාව අහිමි වුණා වගේ හැඟීමක් .
සාමාන්‍යයෙන් ස්වාභාවයෙන්ම මවත්, පුතත් අතර බැඳීම ප්‍රභලයි.
🌹 ඇත්තටම ...ඔයාගේ පුතා විවාහ වුණාම ...ලේලිය ගැන අමුතු හැඟීමක් දැනෙනවා .
ඒ අමුතු හැඟීම ඇත්තටම ඊර්ෂ්‍යාව යි.
ඒක දැනනුම....ලේලියගේ සිත රිදවා ,ඔයා අමුතුම සතුටක් ලබනවා.
🌹 ලේලිත් ගැටුමක් ඇති කරගෙන ඔයාට පෙන්වන්න හිතෙනවා, පුතා තාම මට තමයි වැඩියෙන් ආදරේ කියලා පෙන්වන්න . එයා තාම මම කියන දෙය තමයි අහන්නේ .
🌹 ලේලිය කෑම හදන්න ගත්තොත් , ඒක ගැන ඔයාට දැනෙන්නෙත් ඊර්ෂ්‍යාවක් තමයි. කවදා හරි දවසක මෙයා ගෙදරම අයිති කර ගනියි වගේ හැඟීමක් එනවා.
🌹 අනිවාර්යයෙන්ම ලේලියගේ පැමිණීම ඔයාට , මානසික පීඩනයක් තමයි ඇති කරන්නේ.
ඇත්තටම ඒකට ඔයාට මොනවාද කරන්න පුළුවන් ....🤔
🌹 ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න.
කුඩා කල ආදරයෙන් ඇති දැඩි කල පුතා...දැන් වැඩිහිටියෙක් වෙලා පවුලක් ගොඩනඟාගන්න උත්සාහ කරනවා නම්, ඔබ කළ යුත්තේ ඔවුන්ට සහයෝගය දැක්වීමයි.
🌹 ඔබ යහපත් පුද්ගලයෙක් විදිහට ජීවත් වෙනවා නම්, ඔබේ යහපත් හැසිරීම් , වචන, ආකල්ප , සිතුවිලි ...ඔබ මුලින්ම පෙන්විය යුත්තේ ඔබේ ලේලියට බව අවබෝධ කරගන්න.
🌹 අනෙක් කාරණාය...ඔබ මුල් කාලේ ලේලිය කෙරෙහි දැනෙන ඊර්ෂ්‍යා සහගත සිතුවිලි නිසා, ඇයට හිත් රිදවීමක් ඇති වන විදිහට හැසිරීමෙන් , ලේලිය තුළ ඇතිවන මානසික පීඩනය නිසා, ඔබව ඇයට එපා වෙන්න පුළුවන් .
පසුකාලීනව ඔබ කොයිතරම් හොඳ විදිහට හැසිරුණත් , ලේලියගේ සිතෙහි ඔබ ගැන යහපත් හැඟීමක් ඇති නොවන්නට පුළුවන් .
🌹 ඔබ ගැටළු ඇති කරගන්න කොට , වැඩිම මානසික බලපෑම් වලට ලක් වෙන්නේ ඔබේ පුතා බව අවබෝධ කරගන්න.
ඔහුට මවගේ , බිරිඳගේ පැත්තක් ගන්න බැරිව අසරණ වෙන කොට,
මේ පීඩාවන් දරාගන්න බැරුව, ඔහුගේ බිරිඳ , පුතාගේ වැරැද්දක් නැතුවම අතහැර යන්නට පුළුවන් බව අවබෝධ කරගන්න.
එහෙම අවස්ථාවන් ඕන තරම් තියෙනවා .
පුතා ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරපු ගැහැනියව, අහිමි කරන්නට ඔබ හේතුවක් වෙන්න එපා.
එවාගේම ඔහුගේ ජීවිතයේ ගැටළු ඇති කරන්නත් එපා.
🌹 ඔබට තරහා යන්නට හේතුවක් වෙන්න පුළුවන් ....ලේලිය දෙන උපදෙස්.
යම් උපදෙසක් ලැබුණොත් ...එහි ඇත්තක් තිබෙනවාද කියලා හොඳින් සිතන්න.
🌹 අනිවාර්යයෙන්ම ඔබේ මානසික සුවය වෙනුවෙන් වැඩ කරන්න ,
🌹 නිතරම හිතන්න ....ලේලිය ඔබේම දුව වුණා නම්....ඔබ නරක විදිහට ඇයට සලකයිද කියලා ...
🌹 පුද්ගලයෙක් විදිහට නිතරම පවුලේ අය සමඟ සහයෝගයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න .
පවුල් ආරවුල් වලදි, ලොකු බලපෑමක් ඇති කරන්නේ ....නැන්දම්මා ගේ හැසිරීමයි.
කිසිම කෙනෙක් ...කිසිම දවසක් අනෙක් අයගේ හිත් රිදවන කෙනෙක් වෙන්න එපා.😊
එතකොට ගොඩක් මත ගැටුම් ...අපේ ජීවත වලින් නොදැනීම ඈත් වෙනවා. 😊
( මේක ලංකාවේ ජීවත් වෙන සියලුම නැන්දම්මා වරුන්ට අඳාල නැති බව වටහාගන්න . යහපත් , ආදරණිය නැන්දම්මා වරුන් ඕන තරම් ඉන්නවා . 😊 )
ඔබ නැන්දම්මා කෙනෙක් නම්, ඉදිරියට වෙන්න ඉන්න කෙනෙක් නම්....ඇයත් එක්ක ජීවත් වෙන්න .....
"මගේ නැන්දම්මා මට මගේ අම්මා වගේම යි "
කියන විදිහට .
ඕවා කරන්න අමාරු වැඩ නෙමේ....අපේ හැසිරීම් ...අනෙක් පුද්ගලයා ගේ සිත රිදෙන් නැතුව තිබුණොත් ප්‍රමාණවත් . 😊
Lakshi soyza
Family /Relationship counselor
Copied
ඔයා දුක්වින්ද ලේලියක් නම් ඔයා කවදාවත් ඒ වගේ නැන්දම්මා කෙනෙක් නම් වෙන්නෙ නැහැ කියලා හිතාගන්න ❤️❤️
පාරම්පරික Paramparika - The HealthFood Store