21/06/2026
පේට්ලට් බහිනවට පනාමල් වතුර දෙන්න
මේ ටිකේ ලංකාවේ ඩෙංගු වසංගතයක් වගේ පැතිරෙනවනේ ... රෝගයේ තියෙන ලොකුම ගැටලුව එහි අසාධ්‍ය අවස්ථාවේදී ඇතිවන "පේට්ලට් අඩුවීම" (Platelet count dropping) කියන එක කවුරුත් දන්නවා .
ගොඩක් දරුවෝ කතා කරලා මේකට කරන්න පුළුවන් දෙයක් අහනව ..
මේකට බොහොම ඉක්මනින් ලේසියෙන් කරන්න පුළුවන් පිළියමක් තියෙනවා . පනාමල් පහ හයක් අරගෙන ඒක කපලා තම්බලා ඒ වතුර ටික බොන්න .
පනාමල කියලා කියන්නේ කොස් ගහේ ළපටි අවධියේ තියෙන මලක් වගේ ගෙඩියයි . ඒ කියන්නෙ කොස් ගෙඩිය හටගන්න මුල්ම අවස්ථාව ..
පනා මලේ ඖෂධීය ගුණ බොහොමයක්ම තියෙනවා. ශරීරය ඇතිවන විස නැති කිරීමේ විශේෂිත හැකියාවක් මෙයට තියෙනවා .
ඩෙංගු වලට විතරක් නෙවෙයි . දියවැඩියාවෙන් පීඩා විඳින අයටත් මේක ගොඩක් හොඳ ඖෂධයක් .. ආමාශගත තුවාල, අම්ල පිත්තය, ( ගැස්ට්‍රයිටිස් ) තියෙන අයට මේක තම්බල බොන එක වගේම අමාශගත තුවාල තියෙන අවස්ථාවලදී මේ මී පැණි වලින් උරච්චි කරලා කෑවම සුව වෙනවා කියලා පැරණි පොතපතේ තියෙනවා . දිගුකාලීනව ශරීරයේ තියෙන ලේ අඩුකම ( රක්ත හීනතාවය ) ඉක්මනින්ම පාලනය කරගන්න පුළුවන් දෙයක් තමයි පනා මල කියලා කියන්නේ..
ගැමි සමාජයේ පනාමල සම්බෝල හදලා කනවා. පනාමල් සම්බෝල කිරිදෙන මව්කරුන්ගේ කිරි වර්ධනය කරනවා . පිරිමින්ගේ ධාතු ශක්ති වර්ධනය කරනවා කියලත් පොතපතේ සඳහන් වෙනවා .
පිලිකා රෝගී තත්ත්වය පාලනය කර ගැනීමටත් පනා මල් ප්‍රබල ඖෂධීය ගුණයකින් යුක්තයි .