Sawasthayur

Sawasthayur life and longevity

❎❎ ිශ්මිත_ගුණ❎❎🔴sesamum indicum  යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තල ඇට අප බොහෝ දෙනා කන්නට ප්‍රිය කරන එමෙන්ම පෝෂණ ගුණයෙන් ...
13/06/2026

❎❎ ිශ්මිත_ගුණ❎❎

🔴sesamum indicum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තල ඇට අප බොහෝ දෙනා කන්නට ප්‍රිය කරන එමෙන්ම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ ආහාරයකි.

🔴ආයුර්වේදයට අනුව තල , කෘෂ්ණ(කළු), ස්වේත (සුඳු) සහ රක්ත(රතු) ලෙස ප්‍රභේද තුනකි. ඉන් වඩාත්ම ඖෂධ සහ ආහාර ලෙස භාවිතා වන්නේ කෘෂ්ණ තල ප්‍රභේදයයි.

🔴චන්ද්‍රකාන්ති, සරස්වති , ප්‍රාණජීව, මහා හෙණරාජ ආදී ආයුර්වේදයේ එන තෙල් වර්ග රාශියකද තල අඩංගු ද්‍රව්‍යයක් වෙනවා.

🔴ප්‍රෝටීන්, මේදය, කැල්සියම් , කොපර්, මැග්නීසියම් ,පොස්පරස් ,මැංගනීස් ,සින්ක් ,පොටෑසියම් ,විටමින් B, පෝලේට්, විටමින් A,විටමින් E ආදී පෝෂක සංඝටක රාශියකින් ද තල ඇට සමන්විත වෙනවා.

🔴🔴 තල ආහාරයට ගැනීමෙන් මෙතරම් සෞඛ්‍යයමය ප්‍රතිලාභ අත්වන බව ඔබ දැන සිටියා ද? 🤔

🌸ශරීරය මනාව පෝෂණය කරයි.

🌸රෝග වලට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරවයි.

🌸එමෙන්ම රෝගයක් වැළදුණු පසු එම රෝගය සුව වීමට ධාරකයාට ඇති ශක්තිය වැඩි දියුණු කරයි.

🌸ප්‍රතිඔක්සිකාරක ගුණ වලින් අනූනය. එමනිසා පිළිකා නාශක හැකියාවක් ඇත. විශේෂයෙන්ම බඩවැල් ආශ්‍රිතව පිළිකා තත්ව වර්ධනය වළක්වයි.

🌸සන්ධි රෝග ඇති වීම වළක්වයි. වැළඳුණු සන්ධි රෝග පහසුවෙන් සුව කිරීමට උපකාරී වේ.

🌸නිතර අස්ථි බිඳි යාමට ලක්වන අයට ඉතා ගුණදායකය.

🌸ලිංගික ශක්තිය වර්ධනය කරවයි.

🌸කිරිදෙන මව්වරුන්ගේ ක්ෂීරය වර්ධනය කරවයි.

🌸ශරීරගත කොලෙස්ටරෝල් මට්ට්ම පහත දමයි.

🌸පීනස් රෝගයට සහනය ගෙන දේ.

🌸මළබද්ධය ඇති වීම වළක්වන අතර එම රෝගී තත්වයෙන් පෙළෙන්නන්ට සහනයක් ගෙන දේ.

🌸රක්ත ධාතුව වර්ධනය කරවයි.

🌸ශුක්‍ර ධාතුව වර්ධනය කරවයි.

🌸ශරීරයට ඇතුළු වන විෂ සංඝටක වල විෂ හරණය කිරීමේ හැකියාවක් ඇත.

🌸හෘද මාංශපේෂි වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරවයි.

🌸ස්නායු ආබාධ වලට සුව ගෙන දේ.

🌸ඇස් පෙනීම වර්ධනය කරවයි.

🌸ඉරුවාරදයෙන් පෙළෙන්නන්ට සුවයක් ගෙන දේ.

🌸ධමනිගත රෝග සමනය කරවයි.

🌸පණු රෝග වලට ගුණදායකය.

🌸ස්ත්‍රීන්ට ඔසප් අවධියේදී ඇති වන වේදනාව සමනය කරවයි.

🌸අකලට මහළු වීම වළක්වා තරුණ බව ආරක්ෂා කරයි.

🌸මුත්‍රා ගල් සෑඳීමේ ප්‍රවණතාව අවම කරවයි.

🌸ශරීරයේ හෝර්මෝනමය මෙන්ම එන්සයිමීය ක්‍රියාකාරිත්වයන් නිසි අයුරින් සිඳු කිරීමට උපකාරී වේ.

🌸එමෙන්ම රූපලාවන්‍යය කටයුටු සඳහා ද යොදා ගන්නා අගනා ඖෂධයක් ලෙස තල හැඳින්විය හැක.

🌸එමගින් සම රැළි වටීම අවම කරවයි. සම මත ලප කැලැල් අවම වී පැහැදිලි සමක් ලබා ගැනීමට උපකාරි වේ.

🌸තල තෙල් අවපැහැ ගැන්වුණු දෙතොල් මත ආලේපයෙන් නැවත නැති වී ගිය පැහැපත් බව ලබා ගත හැක.

🌸හිසකෙස් වර්ධනය කිරීමේ විශ්මිත හැකියාවක්ද තල සතුය. තල අහාරයට ගැනීමෙන් මෙන්ම හිසෙහි තල තෙල් ආලේපයෙන් හිස කෙස් වර්ධනය උත්තේජනය කරවයි.

🌸හිසරදය,කරකැවිල්ල ,තෙහෙට්ටුව සමනය කරවයි.

🌸සෙම් රෝග වලට ගුණදායකය.

🌸අධි රුධිර පීඩනය පාලනය කරයි.

🌸ගැබිණි මව්වරුන්ට පෝෂණය සපයන මනා ආහාරයකි.

🔴🔴තල තෙල් සහ තල ඇට යොඳාගෙන එදිනෙදා ජීවිතයේදී ඔබ මුහුණදෙන සෞඛ්‍යයමය සහ රූපලාවන්‍යයමය ගැටළු වලට විසඳුම් ඇතුළත් ලිපි පෙළ අපගේ ඉඳිරි ලිපි තුළින් බලාපොරොත්තු වන්න.

Article by:
Dr.Kavindi Yahathugoda
BAMS(Hons.)
FIM,UOC
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මෙවන් වටිනා තොරතුරු අප හා බෙඳා ගන්න... අපගේ face book පිටුවට like කර අප සමඟ එකතුවන්න..යාලුවන්ටත් දැනගන්න share කරන්න.
Visit to Like my Page-https://www.facebook.com/123806635686166?

🛑 #මෙනින්ජයිටීස්....!🧠🛑මොළේ උණ.......! 🛑"මොළේට විෂබීජයක් ගිහින්...........!"🤔🔴මේ කතාව මේ සමය තුළ බහුලව අසන්නට ලැබෙන කතාව...
12/06/2026

🛑 #මෙනින්ජයිටීස්....!🧠
🛑මොළේ උණ.......!
🛑"මොළේට විෂබීජයක් ගිහින්...........!"🤔

🔴මේ කතාව මේ සමය තුළ බහුලව අසන්නට ලැබෙන කතාවක්....දරුවන් අතර පැතිර යන නිසා දෙමව්පියන් වඩාත් සැළකිලිමත් විය යුතු, මේ දින වල ලංකාව තුළ පැතිරෙන Viral meningitis රෝගය පිළිබඳ ඇද අපි විමසා බලමු.......!

🛑මොකක්ද මේ මෙනින්ජයිටීස් කියන රෝග තත්ත්වය..?
අපගේ මොළය සහ සුෂුම්නාව ආරාක්ෂා කිරීමට ඒ වටා ආරක්ෂක පටල තුනක් පවතින අතර එම පටල අපි මෙනින්ජිය පටල ලෙස හඳුන්වයි.
🚫බැක්ටීරියාවක්
🚫වෛරසයක්
🚫දිලීරයක්
🚫ඉතා කලාතුරකින් ශරීරයේ ඇති වන වෙනත් රෝගයක්
හේතුවෙන් එම පටල අසාදනය වීමනිසා ඇතිවන ප්‍රදාහක තත්ත්වය අප මෙනින්ජයිටීස් ලෙස හඳුන්වනු ලැබේ.

🛑මෙම කාරණා අතුරින් වඩා අසාධ්‍ය සහ භයානක තත්වය බැක්ටීරියා මගින් ඇතිවන මෙනින්ජයිටීස් වන අතර මේ දිනවල ලංකාව පුරා පැතිර යන්නේ වෛරස (Enterovirus) ආසාදනයක් නිසා පැතිර යන මෙනින්ජයිටීස් තත්වයකි. මෙය බැක්ටීරියා වලින් ඇති වන තත්ත්වය තරම් බරපතළ නොවූව ද රෝග ලක්ෂණ අනුව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු විය යුතු බව මතක තබා ගත යුතුය.

🛑මෙනින්ජයිටීස් රෝග තත්ත්වය පැතිරෙන්නේ කෙසේද...?

🚫ප්‍රධාන වශයෙන් අසාදිත රෝගියෙකුගේ කෙළ බිදිති හරහා මෙම වෛරසය පැතිරිය හැක. ඔවුන් කිවිසුම් යවන විට කතා කරන විට ඒ හරහා එම වෛරසය තවත් අයෙකුට අසාදනය විය හැක.

🚫එවැනි බිදිති මගින් දූෂිත මතුපිටවල් ඇලැල්ලීමෙන් , පිගන්,කෝප්ප භාවිතයෙන්.

🚫අපිරිසිදි අත් මගින්.

🚫තම පෞද්ගලික භාණ්ඩ බෙදාගෙන පරිහරණය කිරීමෙන්(තුවා,සබන් වැනි)

🚫පොදු වැසිකිළි භාවිතයෙන් පසු අට්ග් නොසේදීම, පොදු ප්‍රවාහන සෙවාවක ගමන් කිරීමෙන් පසු නිසි ලෙස නා පිරිසිදු නොවීම වැනි කාරණා මීට හේතු විය හැක.

🛑රෝග ලක්ෂණ මොනවාද...?

🚫වෛරසය අසාදනය වුවත් රෝග ලක්ෂණ මතු වීමට දින3ත් 7ත් අතර කාලයක් ගත වන අතර මෙම කාලය වෛරසයේ incubation period එක ලෙස හඳුන්වයි. එම නිසා රෝග ලක්ෂණ පහල වූ වාහාම වෛද්‍ය වරයා වෙත යොමු වීමෙන් සංකූලතා වඩාත් අවම කරගත හැක.

🛑🛑🛑 ප්‍රධාන මූලික ලක්ෂණ ලෙස,
🚫තද උණ
🚫හිසරදය
🚫වමනය ඇති වේ. මේ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය වරයා වෙත යොමු වී වැඩි දුර පරීක්ෂණ වෙත යොමු වීම වඩා කාර්‍යක්ෂම ප්‍රතිකාර සඳහා උපකාරී වේ.

🔴ඊට අමතරව,
🚫බෙල්ලේ තද ගතිය. (නිකට පපුවේ ගෑමට අපහසු වීම)
🚫ආලෝකය දෙස බැලීමට අපහසුව.(photophobia )
🚫අධික නිදිමත
🚫කෑම අරුචිය
🚫වලිප්පුව
🚫හැසීරීමේ විශමතා( behavioral changes)
🚫සිහිමද බව වැනි තත්ව ඇතිවිය හැක.

🔴මීට අමතරව කතා කර ප්‍රතිචාර දැක්වීමට තරම්නොවූ කුඩා ළදරුවනට....

🚫නොන්වත්වා හැඩීම
🚫කිරිබීම අඩු වීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
🚫ක්‍රියාකාරී බව අඩු වීම.
🚫අධික නිදිමත වැනි තත්ව ඇතිවිය හැක.

🛑වළක්වා ගන්නේ කෙසේද?

🚫නිවැරදි එන්නත්කරණය. දරුවන් කුඩා කල සිට නිවැරදි ව නිවැරදි කාලයේ එන්නත් කළ යුතුය.

🚫නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම.

1. කෑමට පෙර, වැසිකිළි භාවිතයට අසු සබන් දා අත් සේදීම.

2. පොදු ප්‍රවාහන සේව වල ගමන් කර පැමිණි වහා පිරිසිදු වීම.

3. අසනීපය වැළදුණු පසු දරුවා සම්පූර්ණ සුව වන තෙක් පාසලට හෝ ජනතාව වඩා ගැවසෙන ස්ථාන වලට නොයැවීම.

4. මුඛ ආවරණ පැළදීම.

5. පෞද්ගලික භාණ්ඩ හුවමාරු කර භාවිතා නොකිරීම.

6. දරුවන්ට ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු වන ලෙස සෞඛ්‍ය සම්පන්න ස්මාබල අහාර වේලක් ලබා දීම.

7. දරුවාට දිනකට වරක් ඖෂධීය පාන සකසා දීම.
උදා:-
🚫 කබලේ බැදගත් කොත්තමල්ලි මිටකට වියළි ඉඟුරු කැබැල්ලක් දමා තම්බා පානයට දීම.
🚫ඖෂධීය කොළ කැඳ සහ් දේශීය සහල් කැඳ වර්ග.

🛑🛑🛑අනිසි බිය........

🔴වර්තමානයේ දෙමාපියන් මොළේ උණ කියූ පමණින් අනිසි ලෙස බිය වේ. නමුත් මේ වන විට පැතිර යන්නේ වෛරස මගින් අසාදනය වන මෙනින්ජයිටීස් තත්වයකි.

🔴බැක්ටීරියා වලින් අසාදනය වන මෙනින්ජයිටීස් තත්වය ජීවිට අවදානමක් හෙළිය හැකි අතර දරුවන්ට සංකූලතා ඇති කළ හැක. රෝහල්ගතව ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ.

🔴නමුත් මෙම වෛරස මගින් ඇතිවන තත්වය එතරම් දරුණු නොවන අතර නිවැරදි ප්‍රතිකාර යටතේ දින 7-10ක් අතර කාලයකදී කිසිඳු සංකූලතාවයකින් දරුවාට සම්පූර්ණ සුවය ලබා ගත හැක.

🛑🛑🛑එමනිසා දෙමව්පියන් වශයෙන් ඔබ කළ යුත්තේ රෝග ලක්ෂණ පහල වූ පමණින් හදිසි භීතියට පත්ව කලබල නොවී කල්පනාකාරීව දරුවාට නිසි ප්‍රතිකාර ලබා දීමයි.

🔴සටහන:
වෛද්‍ය කාවින්දි යහතුගොඩ
BAMS(Hons.) FIM,UOC

Address

438/G/24/J, Janatha Mawatha, Udagewaththa, Meegoda 10504
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772221058

Alerts

Be the first to know and let us send you an email when Sawasthayur posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sawasthayur:

Shortcuts

Share