Suwasna Ayurvedic

Suwasna Ayurvedic Finest Quality Cosmetics Outlet

02/09/2023

ආයු බල වඩවන කොළ කැඳ

කැද පෝෂණීය ඖෂදීය ආහාරයකි. කැද ශ්‍රී ලංකාවට ආවේණිකය. පුරණ ශ්‍රී ලංකාවේ මෙය ප්‍රධාන ආහාරයක් විය. රජ තුමාගේ පටන් සියලු ජනතාව කැද පානය කළහ. එපමණක් නොව එය අග්‍ර දානමය ආහාරයක්ද විය. ජනතාව භික්ෂු භික්ෂුණි ට කැද පිදුහ. අනුරාධපුර යුගයේ කැද ඔරු සෑදු බව සදහන් වේ. බුදුන් වහන්සේ ද යාගු(කැද) සුත්‍ර්ය දේශනා කිරීමෙන් කැද පානය කිරීමෙන් ලැබෙන ආනිසංස දහයක් දක්වා ඇත. එනම් ආයු වඩවයි, වර්ණ වඩවයි, බලය වඩවයි, නුවණ වඩවයි, බඩගිනි නසයි, පිපාසා නසයි, වාතය සමනය කරයි, ආමාශය පිරිසිදු කරයි, මල මුත්‍රා පහ වීම පහසු කරයි .
සහල් මුල් කරගනිමින් සකසන දියරමය ආහාරයක් වන කැද සමග එක් කරන අනෙක් ද්‍රව්‍ය අනුව අනුව වෙනස් වේ. කොළ කැද, ලුණු කැද, ඖෂධිය කැද, බැදී හාල් කැද ආදී වේ.

කොළ කැඳ සෑදීමේදී විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු කරුණු ලෙස,

සහල් සඳහා නිවුඩුහාල් යොදාගන්න. පාරම්පරික සහල් වඩාත් සුදුසුය .

කැඳට යොදාගන්නා කොළ අලුත් ඒවා විය යුතුය. මැලවුණු, ඉදුණු, වියළුණු කොළ සුදුසු නොවේ. කොළ වෙනම කොටා පෙරා යුෂ සකසා ගත යුතුවේ.
කැඳ සැකසීමේදී කොළ වර්ග කො ගැනීමට වංගෙඩිය බාවිතා කරන්නේ නම් වඩා හොදය. එවිට ශාකය මතුපිට ඇති ඖෂධ් කෙටි තැළි හොදින් නිස්සරණය වේ. බේලෙන්ඩරයෙන් ආහාරය කැපී යන නිසා ඖශධ් නිස්සරණය හොදින් සිදු නොවේ .

පොල්ද වෙනම මිරිකා පෙරා කිරි සකසා ගත යුතුවේ. පොල් යොදා ගතයුත්තේ අවශ්‍ය පමණටය. පොල් වැඩිකිරීමෙන් තෙල්ගතිය වැඩිවේ. උකුගතියද වැඩිවේ. වෙළද පොලෙන් පහසුවෙන් මිලදින්ගත හැකි පිටිකල පොල්කිරි කිසිසෙත් සුදුසු නොවේ. ඉහල උෂ්ණත්වයකදී පිටි බවට පත් වන ඒවායේ ඖශධි ය සංගටක බොහොමයක් විනාශ වී ඇත. එමෙන්ම කෘතීම රසකාරකද අඩංගු වේ .

කොළ සමඟ කරපිංචා ඉති හතරක්‌ පමණවත් එක්‌ කරන්න, එමගින් ඖෂධීය ගුණය වැඩිවේ. දිරවීමද පහසු වේ. එසේම සුදුලූණු බික්‌ 2 ක්‌ද, රතුලූණු ගෙඩි 4 ක්‌ පමණද ලියා සහල්වලට එක්‌කිරීමෙන් ඖෂධීය ගුණය වැඩි කරගත හැක.

කොළ කැඳ පිසීමේදී ඇලුමිනියම් භාජන භාවිතය නුසුදුසුය. ඒ සඳහා මැටි භාජනයක්‌ භාවිත කළ යුතුය.

කොළ කැඳ පානය කළ යුත්තේ හකුරු සමඟය. එයින් තවදුරටත් අමතර පෝෂණයක්‌ එක්‌වේ.
මඳක්‌ රස්‌නය තිබියදී කොළ කැඳ පානය කළ යුතුය.
නිවුණු පසු යළි රත්කිරීම් හෝ විටින්විට රත් කිරීමෙන් වළකින්න.

සාමන්‍යයෙන් කොළ කැඳ ලෙස භාවිතා කෙරෙන ඔසු කැඳක් සකසා ගන්නේ මෙලෙස යි.
• සහල් මිටක් තැම්බෙන්නට ලිප තබන්න .
• තැම්බෙනවිට සුදුලූනු ඉඟුරු හා රතුලූනු ස්වල්පය බැගින් එක්කරන්න .
• කොළ යුෂ මිරිකා පසෙක තබාගන්න .
• ඉතිරි කොළ රොඩු, පොල් ටිකක් සමග කොටා වෙන ම මිරිකා ගන්න.
• බත හොඳින් තැම්බුණු පසු, හැන්දෙන් පොඩිකර පළමුව පොල්කිරි එකතු කර රත් කරන්න .
• අන්තිමට කොළ යුෂ එක්කර කොළ පැහැය වෙනස්වන තුරු නොසිට දුම් නැගී එනවිට බිමට ගෙන ලුණු එකතුකරගන්න.
• රෝගයකට කැඳ සැදීමේ දී ඇතැම් වෙනස්කම් ඇතිවනවා. උණ, උදරාබාධ ඇතිවිට පොල් හා කොළ වර්ග, නොයොදා ලුණු කැඳ, හෝ බැදිහාල් කැඳ සකසා දෙනවා.
• සර්ප වෙදකමේ කැඳ වලදී ලුණු යොදන්නේ නැහැ.
• කොලෙස්ටරෝල් දියවැඩියා රෝගීන්ටත් දාහය නිවීමටත් ගුණදායකවන මුං ඇට කැඳ පිසීමේදී මුං ඇට සහල්වලට එක්කර තම්බ ගනියි .
• රත්පිත් අධිරුධිර පීඩන රෝගීන්ට ලබා දෙන කිතුල් පිටි කැඳ සෑදීමේදී කිතුල් පිටි පොල්කිරට එක් කරයි .

බොහෝ කැඳ වර්ගවල පෝෂණ ගුණ මෙන්ම රෝග නිවාරණ ගුණ ද කැටිව පවතිනවා. අපට පහසුවෙන් සොයා ගත හැකි කැද සකසන කොළ වර්ග කිහිපයක ගුණ විමසා බලමු .

ගොටුකොළ

පහසුවෙන් සොයා ගත හැකි ගොටුකොළ බොහෝ දෙනා අතර ජනප්‍රිය කැඳ වර්ගයකි. රසයෙන් හා ගුණයෙන් වැඩියි මුළු ශාකයම ප්‍රයෝජනයට ගත හැකිය.
· ධාරණ ශක්තිය ඇති කරයි.
· අලසබව දුරු කරයි.
· කුඩා ළමුන්ගේ මොලය වර්ධනය කර ගැනීමට ගොටුකොළ කැඳ ඉතාමත් සුදුසුයි.
· බුද්ධිය ඇති කරයි.
· කිරිදෙන මව්වරුන්ට ගුණදායකය.
· සිරුරට සිසිලස ලබා දෙයි.
· ඇස් පෙනීමේ දුර්වලතාවයන් අවම කරයි.
· රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
· හිසකෙස් වඩවා දීප්තිමත් කරයි.
· ක්‍රියාශීලී බවින් ජීවිතය පවත්වා ගැනීමට උපකාරී වෙයි.
· බොහෝ රෝහවලට ගුණදායකය.
· රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීමට උපකාරී වේ.
· විටමින් B බහුලව පවතී.

මුකුණුවැන්න

පළාවර්ග අතරින් ඉතාම ජනප්‍රිය මුකුණුවැන්න කොළ කැඳ ඉතාම රසවත්ය.
· ශරීරයේ විෂ පහ කරයි.
· ඇස් පෙනීම වැඩි කරයි.
· විටමින් A බහුලව ඇත.
· සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කරයි.
· කෂුද්‍ර පෝෂකවලින් ඉහළ පෝෂණීය ගුණයක් ඇති පොටෑසියම්, සින්ක් සහ කැල්සියම් අඩංගු වී ඇත.
· ප්‍රතිශක්තිය වැඩි කරයි.
· පටකවල ගෙවී යාම අඩු කරයි.
· මළ පිට වීම හොඳින් සිදු කරයි.
· රුධිරයේ පවතින විෂ දෝෂ නැති කරයි.
· කුෂ්ට රෝග දුරු කරයි.
· බඩගින්න ඇති කරයි.
· අක්මා රෝග සහ පිනසට ගුණදායකය.
· අකලට හිසකෙස් පැසීම නවතා හිසකෙස් කළු පැහැ කරයි.
· ඇස් දීප්තිමත් කර ප්‍රභාව වැඩි කරයි.
· මතක ශක්තිය වැඩි කරයි.

හාතාවාරිය

හාතාවාරිය කැඳ ගුණාත්මක බැවින් වැඩි කැඳ වර්ගයකි. පහසුවෙන් සොයාගත හැකි හාතාවාරිය ඉතාමත්ම රසවත් කොළ කැඳ වර්ගයකි.
· සිරුරේ සිසිලස රඳවා තබයි.
· වාතය නසයි.
· සිරුරේ බලය ඇති කරයි.
· සිරුර පෘෂ්ඨිමත් කරයි.
· අකලට හිසකෙස් පැසීම අවම කරයි.
· සරුබව ඇති කරයි.
· චර්ම රෝග නැති කරයි.
· හෘදයට හිතකරයි.
· කුෂ්ඨ රෝග දුරු කරයි.
· සන්ධි රෝගවලට සුදුසුයි.
· මව්කිරි වඩයි.
· සිරුරේ ඉදිමුම නැති කරයි.
· ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගවලට හිතකරයි.
· රාත්‍රියේදී ඇස් පෙනීම දුර්වල වූ අයට යෝග්‍ය වේ.
· අර්ශස් රෝගයට සහ ආමාශයේ තුවාලවලට ඉතාම
සුදුසුයි.
· කාන්තා රෝගවලට සුදුසුයි.
· සිරුරේ දාහය නසයි.
· සිරුරේ බලය වැඩි කරයි.

වැල්පෙනෙල

මෙහි ඇති ප්‍රධාන ගුණය නම් පෘෂ්ඨිමත් බව වැඩි කිරීමයි.
· පුරුෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි.
· සරු භාවය ඇති කරයි.
· අධික රුධිර පිඩනයට ඉතාම ගුණදායකය.
· ශරීරයේ වෙව්ලන බව නැති කරයි.
· පිළිකා වලක්වන ගුණය පවතී.
· ස්නායු පද්ධතිය මනා ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගනී.
· රුධිරය පිරිසිදු කරයි.
· අරුචිය නැති කරයි.

ඉරමුසු

මුළු වසර පුරාම දැකිය හැකි ශාකයකි. මෙය සුලබව පවතී. රසවත් බවින් මෙන්ම ගුණවත් බවින්ද යුත් කැඳ වර්ගයකි.
· ශරීරය සිසිල් කරයි.
· ශුක්‍ර වර්ධනය කරයි.
· කුෂ්ඨ දද නැති කරයි.
· සිරුරේ දහඩිය දුගඳ නැති කරයි.
· බඩගින්න ඇති කරයි.
· පිපාසය නැති කරයි.
· දාහය, දැවිල්ල නැති කරයි.
· රුධිරය පිරිසිදු කරයි.
· වාතය නසයි.
· ඉදිමුම නැති කරයි.
· මව්කිරි පිරිසිදු කරයි.
· බරවා රෝගයට සුදුසුයි.
· ස්ත්‍රී රෝගවලට ගුණයි.
· මුත්‍රා දැවිල්ල නසයි.
· අක්ෂි රෝගවලට සුදුසුයි.
· සිරුරේ ඇතිවන තුවාල සුව කරයි.
· මී විසට හිතකරයි.
· ආහාර රුචිය ඇති කරයි.

කරපිංචා

පහසුවෙන් සොයාගත හැකි කරපිංචා තුළ අඩංගු ගුණදායක බව ඉතාම ඉහළය. ඒ නිසාම එය දිව්‍යමය ඔසුවක් ලෙස පෙන්වා දිය හැකිය. විවිධ වූ රෝගයන්ට එක එක ආකාරයෙන් ආහාරයට එක්කර ගත හැකිය. කරපිංචා අගුනවන අවස්ථා අඩුය. සියලු දෙනාටම ගුණ දෙන ඔසුවකි.
· ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.
· කොලෙස්ටරෝල් රෝගයට ඉතාම සුදුසුයි.
· රුධිරය පිරිසිදු කරයි.
· විෂ නාශක ගුණයෙන් ඉහළයි.
· අර්ශස් රෝගයට සුදුසුයි.
· හිසකෙස් වර්ධනය කරයි.
· ගැබිණි මව්වරුනට ඉහම සුදුසුයි. දරුවා බිහිකිරීමේදී වේදනා ගතිය දුරු කරයි.
· කක්කල් කැස්සට යෝග්‍යයි.

උපුටා ගැනීම්: ආහාර වල පෝෂණය සහ ඖශධිය ගුණ ග්‍රන්ථය, පන්හිද සගරාව, දිවයින සායනය ලිපි පෙළ

02/09/2023

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...

* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...

* නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

අදහන්නත් බැරි අපූරු කතා නේද ?

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.
එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.

*රුධිර වාහිනී 55%
*අත්මාව 65%
*වකුගඩු 54%
*මොළය 34%

ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?

උපුටා ගැනීමකි

නිරෝගී කෙස්කළඹක රහස් ❤️👉 හිසකෙස් පීරීමෙන් පසු ස්නානයට යන්න.හොඳින් තෙල් ගල්වා සම්භාහනය කිරීමෙන්  පසු හිසකෙස් හොඳින් පීරා ...
30/08/2023

නිරෝගී කෙස්කළඹක රහස් ❤️

👉 හිසකෙස් පීරීමෙන් පසු ස්නානයට යන්න.
හොඳින් තෙල් ගල්වා සම්භාහනය කිරීමෙන් පසු හිසකෙස් හොඳින් පීරා ගන්න. එවිට ස්නානය කිරීමේදී හිසකෙස් අනවශ්‍ය ලෙස කැඩී යාම වළකයි.

👉 ස්නානයෙන් පසු හිසකෙස් වල තෙත ගතිය අඩු වන විට ( සම්පූර්ණයෙන් වියළීමට පෙර ) හිසකෙස් නැවත හොදින් පීරා ගන්න.

👉 සමබර ආහාර රටාවකට හුරු වෙන්න.
හිස කෙස් වල සෞඛ්‍ය රැක ගැනීමට නම් හිසකෙස් වලට කරන ප්‍රතිකාර පමණක් ප්‍රමාණවත් නොවේ. ශරීර අභ්‍යන්තරයට අවශ්‍ය පෝශණය ලබා දීම අනිවාර්ය වේ. ප්‍රෝටීන් හා විටමින් බහුල ආහාර රටාවකට හුරුවීම වඩාත් වැදගත් වේ.

👉 ආතතියෙන් තොර වෙන්න
ආතතිය හේතුවෙන් හිසකෙස් වලට මෙන්ම ඔබගේ සමටද, ඔබගේ පෙනුමටද නරක බලපෑමක් ඇති කරයි. එනිසා සෑම විටම ආතතිය අවම ජීවන රටාවකට යොමු වෙන්න.

👉 ස්නානයේ උශ්ණත්වය අවම කරන්න.
නිතර උණුසුම් වතුර ස්නානය හිසකෙස් වලට හිතකර නොවේ.මෙය හිස්කබලට හානීදායී වේ.

👉 හිසකෙස් සදහා ගුණාත්මක නිශ්පාදනයන් තෝරා ගන්න.
වෙළෙඳපොළ පවතින විවිධ නිශ්පාදනයන් අතුරින් තමන්ගේ හිස සත්කාරය සදහා වඩාත්ම ගැළපෙන නිශ්පාදනය තෝරා ගත යුතුයි. එහි අඩංගු අමුද්‍රව්‍ය පිළිබඳ සොයා බැලිය යුතුයි. ආයුර්වේදීය නිශ්පාදනයන් සදහා යොමු වීම තුළින් හිසකෙස් වලට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

මූලාශ්‍රය - අන්තර් ජාලය

නිරෝගීමත් දිගු වරලසකට ආයුර්වේදීය තෙල් සත්කාරය ❤️☑️ ඔබගේ හිස් කබලට තෙල් යොදා මිනිත්තු 10-15 ක් වක්‍ර චලිතයකින්  යුතුව හොඳ...
30/08/2023

නිරෝගීමත් දිගු වරලසකට ආයුර්වේදීය තෙල් සත්කාරය ❤️

☑️ ඔබගේ හිස් කබලට තෙල් යොදා මිනිත්තු 10-15 ක් වක්‍ර චලිතයකින් යුතුව හොඳින් සම්බාහනය කරන්න

☑️ හිස්කබලේ තෙල් ගැල්වීම අවසන් වීමත් සමගම හිසකෙස් අතරද හොදින් තෙල් ගල්වන්න.

☑️ උණුසුම් තෙල් සාත්තුවකින් ඔබගේ හිස් කබලේ රුදිර සංසරණ ක්‍රියාවලිය උත්තේජනය කරයි.

☑️ තෙල් ගල්වා හිස් කබල සම්බාහනය කිරීමෙන් මෙලනින් නිශ්පාදනය වැඩිවන නිසා අකලට හිසකෙස් සුදු වීම අවම කරයි.

☑️ උණුසුම් තෙල් සාත්තුවෙන් රුදිර සංසරණය උත්තේජනය වීමෙන් ,
* හිසකෙස් වර්ධනය වේ.
* හිසකෙස් කැඩීයාම අවම කරයි.
* හානියට පත් හිසකෙස් යථා තත්වයට පත් කරයි
* හිස්කබල වියළි වීම වළකා එහි තෙතමනය ආරක්ෂා කරයි.

☑️ තෙල් සාත්තුවකින් පසු හිසකෙස් මත ඇති වන ආරක්ශක වැසුම නිසා UV කිරණ මගින් ආරක්ශා විමක් සිදු වේ.

☑️ හිසකෙස් සම්භාහනය කිරීමේදී මෘදු ලෙස සම්භාහනය කළ යුතු අතර දැඩි ලෙස ඇතිල්ලීමෙන් කෙස් කැඩී යා හැක.

☑️ උපරිම ප්‍රතිඵල ලබා ගැනීමට දින දෙකකට වරක් තෙල් ගල්වා හොදින් සම්භාහනය කළ යුතු වේ.

මූලාශ්‍ර ~ අන්තර්ජාලය

Address

Piliyandala
Colombo
10300

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94777431429

Website

Alerts

Be the first to know and let us send you an email when Suwasna Ayurvedic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share