09/08/2026
මොනවද මේ pregabalin කියන්නේ..?
Pregabalin කියන්නේ අපේ මාධ්ය ස්නායු පද්ධතිය තුළ ක්රියා කරන ඉතාමත් වටිනා ඖෂධයක්..
හැබැයි මේ ඖෂධය නිවැරැදි වෛද්ය උපදෙස් මත ම ලබා ගන්න ඕන..
මොන වගේ රෝග වලට ද මේ Pregabalin භාවිතා කරන්නේ..
■ අපස්මාරය (සමහර ආකාර වලට පමනක්)
■ දියවැඩියාව නිසා ඇතිවන අත් පා හිරි වැටීමට..
■ සුසුම්නාව ආශ්රිත ස්නායු වේදනා වලට
■ සාංකාව වැනි මානසික තත්ව වලට
■ මත්ද්රව්ය වලට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයින් ඉන් ක්රමානුකූල ව මුදා ගැනීමට වෛද්ය වරු මේ ඖෂධ ය නිර්දේශ කරනවා
මොනවද මේ Pregabalin වලින් එන්න පුළුවන් අතුරු ආබාධ...?
1. ඇබ්බැහි වීම
ප්රධානතම අතුරු ආබාධය තමයි ඇබ්බැහි වීම.. අපේ ස්නායු පද්ධතිය සන්සුන් කරලා ප්රීතිමත් හැගීමක් ඇති කරන්න මේ ඖෂධයට හැකියාව තියෙනව.. ඒ වගේම ඖෂධ ය එක පාර නතර කරාම ශාරීරික වගේම මානසික වියවුල් තත්වයක් එන්න පුළුවන්.. මේ නිසා මේ ඖෂධයට ඉක්මනින් ඇබ්බැහි වෙන්න පුළුවන්.. අන්න ඒ හේතු නිසා මේ ඖෂධ ය ලබා ගන්නම ඕන වෛද්ය උපදෙස් මත පමනයි.. එහෙම නැති උනොත් මේ ඖෂධ ය ඔයාට නැතුවාම බැරි වෙනවා
2. කරකැවිල්ල
එන්න පුළුවන් තවත් අතුරු ආබාධයක් තමයි මේ.. ඒක සමහර අයට තිබෙන්න පුළුවන් සමහර අයට නැති වෙන්න පුළුවන්
3. හිසරදය
4. හොඳින් නින්ද යාම හෝ අධික නිදිමත
5. පෙනීම බොඳ වීම
6. මානසික වියවුල් ස්වභාවයක් ඇති වීම
7. බඩගිනි වීම
8. එක වර නතර කල විට එන අතුරු ආබාධ...
මෙන්න මේ අතුරු ආබාධය තමයි මේ ඖෂධ ය ඇබ්බැහි වෙන්න ප්රධානතම හේතුව... මේ ඖෂධ එකවර නතර කල විට අධික මහන්සියක් දැනීම, නින්ද නොයාම, අලස බව, මානසික වියවුල් බව වගේ ලක්ෂණ ඇති වෙනවා.. ඉතින් එහෙම උනාම තව තව මේ ඖෂධ ය ගන්න පෙලඹෙනවා...
9. කකුල් ඉදිමීම තවත් එක් අතුරු ආබාධයක්..
මොන වගේ අවස්ථාවල ද මේ ඖෂධ ය පරිස්සමින් භාවිතා කරන්න ඕන...
1. මත්පැන් භාවිත කර ඇති විට, නිදිමත වැඩි වීම, මානසික වියවුල් බව, හුස්ම ගැනීම අපහසු වීම වගේ අතුරු ආබාධ වැඩි වෙන්න පුළුවන්..
2. දියවැඩියා රෝගය සදහා ලබා දෙන pioglitazone වැනි ඖෂධ සමග
3. ඔබට නින්ද යෑම සදහා ලබාදෙන වෙනත් ඖෂධ තිබේ නම් ඒ ඖෂධ සමග
4. අධිරුධිර පීඩනයට ලබාදෙන enalapril, captopril වැනි ඖෂධ සමග
5. Morphine, codeine වැනි opoid කාන්ඩයට අයත් ඖෂධ සමග.... සමහර අවස්ථාවල මාරාන්තික වෙන්න පුළුවන්
Pregabalin සම්බන්ධව ඇති නීතිමය තත්වය මොන වගේද...
Pregabalin ලබා ගැනීම සඳහා ලියාපදිංචි වෛද්යවරයෙක්ගෙන් ලබා ගත්ත වලංගු බෙහෙත් තුන්ඩුවක් අනිවාර්යයෙන්ම අවශ්ය වෙනවා..
අනිත් කාරණාව තමයි නිසි අවසරයකින් තොරව ඖෂධ ලග තබා ගැනීම, ප්රවාහනය, බෙදා හැරීම විකිණීම නීතියෙන් තහනම් වනවා..
ඉතින් ඔයාට මේ pregabalin ගැන අදහසක් එන්න ඇති කියලා හිතනවා..
ඒ වගේම වෛද්ය උපදෙස් මත මේ ඖෂධ ය භාවිතා කරන්න බය වෙන්න එපා...
ඔයාගෙ පුතා, සහෝදරයා ගැන අවධානයෙන් ඉන්න.. සමහර වෙලාවට මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න පුළුවන්...
එහෙම ඇබ්බැහි උනොත් ඒක හරිම අවාසනාවක්...
එහෙනම් අලුත් ලිපියකින් හමු වෙමු..
Like කරන්න, comment කරන්න Share කරන්න..
Thankyou Pharma Expert
Drugs counseling
fans
゚viralシ