Drugs counseling

Drugs counseling Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Drugs counseling, Medical and health, Balangoda, Colombo.
(1)

01/06/2026

With Shamitha Frenando – I just got recognized as one of their top fans!

මගේ බඩේ ගෑස්...මගේ ගෑස් වැඩිවෙලාද කොහෙද....බඩේ ගෑස් උඩට එනවා...ඇසිඩ් වැඩිවෙලා අප්පා...ඇසිඩ් එක උගුරට එනවා..ඔයාලත් මේ වගේ...
27/05/2026

මගේ බඩේ ගෑස්...
මගේ ගෑස් වැඩිවෙලාද කොහෙද....
බඩේ ගෑස් උඩට එනවා...
ඇසිඩ් වැඩිවෙලා අප්පා...
ඇසිඩ් එක උගුරට එනවා..

ඔයාලත් මේ වගේ ගෑස් කතා , ඇසිඩ් කතා ඕන තරම් අහලා ඇති නේද ?

බඩට කොහෙන්ද අනේ ගෑස් ? නැත්නම් ඇසිඩ් ?
ඔහොම හිතෙන්නත් පුලුවන්..
ඉතින් පොඩ්ඩක් මේ ගැන ලියන්න හිතුනා...

ගෑස් එහෙම නැත්නම් ඇසිඩ්..
ඔතන හරිම නම තමයි ඇසිඩ්.ගෑස් නෙවෙයි..

( එතකොට ගෑස් කියලා වචනයක් ආවේ කොහොමද ඔතනට.ගැස්ට්‍රයිටීස් කියන නමේ මුල ටික අරන් ගෑස් කියනවා වෙන්න ඕන.හැබැයි ඉතින් Gastric කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ආමාශ ආශ්‍රිත දේවල් වලට.එහෙම නැතුව ගෑස් කතාවක් ඔතන නෑ )

හරි ආය මාතෘකාවට එමු..

අපි ගන්න කෑම යන්නේ ආමාශයට.එතනින් වෙන්නේ අපේ කෑම අඹරලා කරලා අරන් ආහාර ජීර්ණය කරන්න පටන් ගන්න එක.ඕක කවුරුත් දන්නවනේ..

ඉතින් ඔය ආමාශයේ සිද්ධ වෙන තවත් එක වැඩක් තමයි ඇසිඩ් ස්‍රාවය කරන එක.HCl කියන ඇසිඩ් එක තමයි මේ ආමාශයේ තියන සෛල වලින් ස්‍රාවය කරන්නේ.
සාමාන්‍යයෙන් PH අගය 1.5ත් 3.5ත් අතර අගයක් ගන්නවා.ඒ කියන්නේ පට්ටම සැර ඇසිඩ් එකක් හොදේ.

( ඔය ඉදලා හිටලා අපේ උගුරට ආවම දැවිල්ලක් දැනෙන්නේ ඔන්න ඔය ඇසිඩ් එක නිසා තමා )

☘️මොකටද ඉතින් ඔය ඇසිඩ් එක ස්‍රාවය කරන්නේ ?

වැඩ දෙක තුනක්ම කරනවා..
🪢 සමහර කෑම ජීර්ණය කරන්න ඕන එන්සයිම ක්‍රියාත්මක කරන්න නම් මේ ඇසිඩ් ගතිය ඕන
🪢 ප්‍රෝටීන ජීර්ණයටත් අවශ්‍ය වෙනවා
🪢ජිවානුහරණයටත් වැදගත් වෙනවා.ඒ කියන්නේ සමහර බැක්ටීරියා වයිරස් වර්ග විනාශ කරන්නත් මේ ඇසිඩ් එකට පුලුවන්

සරලව කියනවා නම් මේ ඇසිඩ් නැත්නම් ආමාශයේදි ආහාර ජිර්ණ ක්‍රියාවලිය හරියට වෙන්නේ නෑ.සහ මීට වඩා අපට විශබීජ වලින් කරදර එන්න තිබ්බා.

☘️ ඔච්චර සැර ඇසිඩ් එකක් නම් කොහොමද ආමාශය ඒකෙන් බේරෙන්නේ ?

ආමාශ බිත්තිය බයිකාබනේට් වගේ ඇල්කලයින එහෙම නැත්නම් භාෂ්මික දේවල් වලින් හැදුන ස්‍රාව සහිත වෙනවා.ඒ නිසා ආමාශයේ බිත්ති වලට ඇසිඩ් වලින් මුකුත් වෙන්නේ නෑ.ආරක්ෂිතයි

ඉතින් ඔය භාෂ්මික ස්‍රාව සහිත ආමාශ බිත්තියට හානි වුනාම තමයි අපට ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ.මොකද ඒ තැන් අර කිව්ව සැරම සැර ඇසිඩ් වලට නිරාවරණය වෙන නිසා.

ඔයාලට බඩ දැවිල්ල එන්නේ , පිච්චෙනවා වගේ දැනෙන්නේ , ඇසිඩ් උගුරට එන්නේ ඔන්න ඔය නිසා තමයි.සරලව හැමෝම කියන ගැස්ට්‍රයිටීස් වලදි සිද්ධ වෙන්නේ ඕකයි..

ආ..ඔයාලා ගෑස් වැඩිවුනාම බොන කරල් ( omeprazole ) වගේ බෙහෙත් වලින් කරන්නේ මෙන්න මේ ඇසිඩ් ස්‍රාවය වෙන එක අඩු කරන එක.ඒකෙන් ඔයාලට සහනයක් අරන් දෙනවා.

Interesting කතාවක් කියන්නම්

මේ ඇසිඩ් ස්‍රාවය වෙන්න පටන් ගන්න කෑම ආමාශයට එනකල්ම ඉන්න ඕන නෑ.අපි මොනාහරි කෑමක් දැක්ක ගමන් , කෑමක සුවද ආපු ගමන් මොළය මැදිහත් වෙලා මේ ඇසිඩ් ස්‍රාවය කරන්න පටන් ගන්නවා.
මුළු ඇසිඩ් production එකෙන් 30% ක් විතරම ස්‍රාවය වෙන්නේ මේ විදියට කෑම බඩට එන්නත් කලින්මයි.

ඉතුරු 70% කෑම ආමාශයට ආවට පස්සේ තමයි ස්‍රාවය වෙන්නේ.

දැන් ඔයාලා කියන්න බලන්න chewing gum කද්දි මොකද වෙන්නේ කියලා ?
Copied



27/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Gayan Newmal Abeyrthna, Pradeep Pushpakumara, Kumara Ranjith, Deshani Dilanka Wijesooriya, Pathum Lakshan, Madumal Madumal, Prasad Buddi, Sudarshana Kodithuwakku, Geeth Gee, Surangi Chathurika, Kumari Wejerathna, Shamitha Frenando

ඉන්සියුලින් ක්‍රීම්🤲කටු මොකුත් ඕනි නෑ🫣
03/04/2026

ඉන්සියුලින් ක්‍රීම්🤲
කටු මොකුත් ඕනි නෑ🫣

22/03/2026
ඊලඟ Pandemic එකට ඔයා ලෑස්තිද? (බෙහෙත් නැතුව මැරෙන්න ලෑස්ති වෙන්න)මේ මොහොත වෙනකොටත් ICU වල ඉන්න අහිංසක ලෙඩ්ඩු පණ අදිමින් ...
07/12/2025

ඊලඟ Pandemic එකට ඔයා ලෑස්තිද? (බෙහෙත් නැතුව මැරෙන්න ලෑස්ති වෙන්න)

මේ මොහොත වෙනකොටත් ICU වල ඉන්න අහිංසක ලෙඩ්ඩු පණ අදිමින් ඉන්නේ ලෙඩේ භයානකකම නිසාම නෙමෙයි... ඒ මනුස්සයන්ට දෙන්න බෙහෙතක් ඉතුරු වෙලා නැති නිසා!

අපි නොදැනුවත්වම ලොකු වළක් කපාගෙන ඉවරයි. ඒ තමයි Antimicrobial Resistance (AMR).

ඇන්ටිබයෝටික් හොයාගන්න කලින් මිනිස්සු පුංචි තුවාලයක් හැඳුනත් මැරිලා ගියා.ඒත් antibiotics වලට් පිං සිද්ද වෙන්න අපිට එහෙම වෙන්නේ නෑ.

අද පොඩි හෙම්බිරිස්සාවක්, උණක් ආපු ගමන් අපි Antibiotics පාවිච්චි කරන්නේ හරියට විටමින් බොනවා වගේ. සමහර දොස්තරලා, ෆාමසි වලින් කිසිම වගකීමක් නැතුව දෙන Antibiotics අපිත් රහ කර කර බොනවා. හැබැයි මේකේ භයානක ප්‍රතිඵලය දැන් අපිට පේන්න පටන් අරන්.

ඉස්සර ලෙසියෙන්ම හොඳ කරන්න පුළුවන් වෙච්ච Klebsiella, Acinetobacter සහ E. coli වගේ බැක්ටීරියා දැන් යක්කු වෙලා. මේවා දැන් සාමාන්‍ය විෂබීජ නෙමෙයි, මේවා මාරාන්තික Superbugs වෙලා ඉවරයි!

තත්වය කොච්චර දරුණුද කියනවා නම්, අන්තිම මොහොතේ ජීවිතේ බේරගන්න පාවිච්චි කරන බලගතුම ඖෂධයක් වෙන Carbapenem වලට පවා මේ බැක්ටීරියා 50% කට වඩා Resistance එකක් පෙන්නනවා. ඒ කියන්නේ මොන බෙහෙත දුන්නත් මේ විෂබීජ මැරෙන්නේ නෑ.

Hospital එකට එන සාමාන්‍ය ලෙඩෙක්, නිකන්ම නිකන් Sepsis තත්වයක් හරි Pneumonia හරි හැදුනම ගොඩගන්න බැරුව මැරිලා යනවා. ඇයි? Culture reports එනකොට පරක්කු වැඩි. තියෙන කිසිම බෙහෙතක් ඒ බැක්ටීරියා වලට වැඩ කරන්නේ නෑ.

අපි මේ ඉන්නේ මහා භයානක Superbugs Pandemic එකක එළිපත්ත උඩ.
නිකරුණේ Antibiotics බොන එක දැන්ම නතර කලේ නැත්නම්, පොඩි තුවාලයක් හැදුනත් බෙහෙත් නැතුව මැරෙන්න බලාගෙන ඉන්න. දොස්තරලටවත් ඔයාව බේරගන්න බැරි වේවි! ☠️



උපුටා ගැනීමක්.
ස්තුතිය මුල් අය්තිකරුට...🙏

⭕රූමටොයිඩ් ආතරයිටිස් ඔබ හිතනවාට වඩා භයානකයි========================⭕තියන භයානකකම ආතරයිටිස් රෝගය තමා ඕක. නිසි ප්‍රතිකාර ග...
01/11/2025

⭕රූමටොයිඩ් ආතරයිටිස් ඔබ හිතනවාට වඩා භයානකයි
========================

⭕තියන භයානකකම ආතරයිටිස් රෝගය තමා ඕක. නිසි ප්‍රතිකාර ගත්තෙ නැත්තම් ඔය රෝගය ඔබේ ජීවිතය අපායක් කරලා අන්තිමට අඩුවයසින් ඔබව මිය පරලොව යවල තමා පස්ස බලන්නේ.

⭕රූමටොයිඩ් ආතරයිටිස් කියන්නේ දිගුකාලින, මුලු ඇඟටම බලපාන ප්‍රදාහය එක්ක එන රෝගයක්. හන්ඳි වල තියෙන්නේ රෝගයේ එක කොටසක් පමණයි.

⭕සරලව කියනව නම් ඔය ආතරයිටිස් රෝගය තියෙන්නේ හන්ඳි වල විතරක් නෙවේ. තෙල් බේත් ගාලා ප්‍රතිකාර කරගන්න යන අය අමාරුවෙ වැටෙන්නෙ ඕක නිසා.

⭕නිසි ප්‍රතිකාර නොකලොත් හන්ඳි වල ප්‍රදාහය නිසා හන්ඳි ඇද වෙනවා, කාටිලේජ ගෙවෙනවා, කාලයත් එක්ක තව තව හන්ඳි ලෙඩේට එක එක එකතුවෙනවා.

⭕අවුරුදු 10/15 ක් යනකොට තමා සංකුලතා එන්නෙ. ඒක අවබෝධ කරගන්න බැරි අය තමා කෙටිකාලීන පැලැස්තර ගහන්න ගිහිල්ලා අමාරුවෙ වැටෙන්නේ.

⭕අවසානයට වෙන්නේ කොර ගහන්නෙ නැතුව ඇවිදින එක, ඇඳුමක බොත්තමක් දාගන්න එක, ඇඳුමක් ඇඳගන්න එක, තනියම වැසිකිලියට යන එක, බෝතෙලේක මූඩියක් ඇරගන්න එක, දොරක් ඇරගන්න එක පවා බැරි වෙන ගානට හන්ඳි ඇදවෙන එක.

⭕රූමටොයිඩ් ආතරයිටිස් රෝගයේ ප්‍රබේද රැසක් තියනවා. ඔය ටික හරියට දැනගෙන හිටියෙ නැති වුනහම තමා සමහර දොස්තරල පවා වැඩේ නාගන්නේ.

⭕බහුලවම දකින්න තියන Classical රූමටොයිඩ් ආතරයිටිස් වලදි කාලයක් තිස්සේ අතේ සහ කකුලේ ඇඟිලි, මැනික්කටුව වගේ පොඩි හන්ඳිත් වැලමිට, වලලුකර, දනිස්ස වගේ ලොකු හන්ඳිත් රෝගයට ගොදුරු වෙනවා.

✴️පාන්දර නැගිටිනකොට හන්දි දිග ඇර ගැනීමට බැරිවීම, හන්දිවල වේදනාව, හන්දි ඉදිමීම, අත මිට මෙලවූ විට හයිය අඩුවෙන් දැනීම, ඇඟ මහන්සි ගතිය දකින්න පුලුවන්.

⭕Palindromic rheumatism කියන ප්‍රභේදයේදී හන්ඳි කැක්කුම එක වර ඇවිල්ලා පැය කීපයකින්, දවසකින් දෙකකින් යට යනවා.

✴️ඔය රෝගීන්ගෙන් සැලකිය යුතු කොටසකට පසු කාලීනව අර කලින් සඳහන් කරපු classical rheumatoid arthritis එනවා. හැබැයි එම අවදානම අඩු කරන්න පුලුවන් ප්‍රතිකාර තියනවා. ඔබට රෝග ලක්ශණ නැතත් බෙහෙත් බොන්න කියන එක අවස්ථාවක් ඕක.

⭕Monoarticular rheumatoid arthritis කියන්නේ තනි හන්ඳියක එන්න පුලුවන් රූමටොයිඩ් ආතරයිටිස් එක.

✴️හන්ඳිය ගෙවිලා, කැල්සියම් තැන්පත් වෙලා, ටිශූ ගිහිල්ලා වගේ වැල් බයිලා නම් වලින් සමහර වෙලාවට තතු නොදත් කට්ටිය ඕක හඳුන්වනවා. මීට අවුරුදු විස්සකට කලින් පන්තියේ ළමයෙක් අත ඇඹරුව එකට ආතරයිටිස් ආවා කියලත් සමහරු කියන්නේ ඕකට.

✴️Gouty arthritis, pseudo gout වගේ තනිහන්ඳියේ එන ආතරයිටිස් රෝග එක්ක පටලගන්න එපා ඕක. ඔබ නිසි ප්‍රතිකාරයක් ගන්නා තුරු රෝගය හන්ඳි විනාශ කරගෙන යනවා.

✴️සාමාන්‍යයයෙන් ඕක එන්නේ වලලුකර, මැනික්කටුව, දනිස්ස, උකුල, උරෙහිස වගේ ලොකු හන්ඳි වල.

✴️ප්‍රතිකාර නොකලොත් රෝගය අර කලින් කියපු හන්ඳි ගොඩක එක classical rheumatoid arthritis තත්වයට හැරෙන්න පුලුවන්.

⭕Polymyalgic onset rheumatoid arthritis එහෙම නැතිනම් proximal joint rheumatoid arthritis කියල ටිකක් වයසක අයට එන රූමටොයිඩ් ආතරයිටිස් ප්‍රභේදයක් තියනවා.

✴️අවාසනාවට ඔය රෝග ප්‍රභේදයත් ගොඩක් වයිද්‍යවරුන්ට පවා මග හැරෙනවා. ඒක හේතුව රෝගියා එන්නේ විශේෂයෙන්ම උරහිස දෙකේ හිර ගතිය කියාගෙන මිසක් හන්ඳි වේදනාව හෝ හන්ඳි ඉදිමීම කියාගෙන නෙවේ.

⭕මොන ආතරයිටිස් ප්‍රභේදය ආවත් ඔය හැම ලෙඩෙක්ටම පාහේ morning stiffness (උදේ නැගිටිනකොට හන්ඳි දිග ඇරගන්න බැරි ගතිය) සහ joint jelling (ටික වෙලාවක් විවේකීව හිටියහම හන්ඳි තදවෙන ගතිය) තියනවා. ඕක විනාඩි ගණනක සිට පැය ගානක් තියෙන්න පුලුවන්.

✴️Morning stiffness එන්න හේතුව තමා රාත්‍රී කාලයේ රෝගියා නිදාගෙන ඉන්න කොට ආතරයිටිස් ඇති කරන විවිධ සංඝටක ඔය හන්ඳි වල එකතු වෙන නිසා.

⭕ඊට අමතරව හිසේ සිට පාදාන්තය දක්වා මුලු ඇඟම රිදෙන ගතිය, කොයි වෙලෙත් දැඩි මහන්සියක් දැනීම, බර අඩුවීම, මද උණ ගතිය, depression සහ fibromyalgia තත්වය එන්න පුලුවන්.

⭕මම කලින් කිව්වා වගේ රූමටොයිඩ් ආතරයිටිස් කියන්නේ මුලු ඇඟේම තියන රෝගයක්.

⭕හමේ එන ගැටිති (rheumatoid nodules), පෙනහලු වල ආතරයිටිස් සංකුලතා (interstitial lung disease), පපුවේ අමාරු (ischemic heart disease), osteoporosis (උකුල හන්ඳි බිඳෙන රෝගය), ඇසේ එන ආතරයිටිස් සංකුලතා (uveitis, scleritis), ස්නායු වල සංකුලතා (polyneuropathy, mononeuritis), තොල කට වේලීම (Sjogren's) සහ තවත් සංකුලතා රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන් 40%කට විතර එන්න පුලුවන්.

✴️සංකුලතා අඩු කරන්න පුලුවන් ඉතින් නිසි කලට නිසි ප්‍රතිකාර ගන්න එක.

⭕හන්ඳි ඉදිමෙනවට අමතරව boxing glove එකක් දැම්මා වගේ මුලු අතම පවා ඉදිමෙන්න පුලුවන්.

⭕ඊට අමතරව අතේ මැනික්කටුව ඇතුලට ඉදිමීම නිසා අතට යන median nerve කියන ස්නායුව තෙරපීම නිසා carpal tunnel syndrome කියන ඇඟිලි හිරි වැටෙන තත්වය එන්න පුලුවන්. කලබලෙන් දුවගෙන ගිහින් operation කරගන්න කලින් ආතරයිටිස් එකට මුලින් ප්‍රතිකාර කරල ඉන්න ඕනේ.

⭕නිසි ප්‍රතිකාර ගත්තෙ නැති නම් එකී මෙකී නොකී සියලු විදිහටම හන්ඳි ඇදවෙනවා. පහත රූප බලන්න.

⭕බෙල්ලෙ ඉහල හන්ඳි වලට පවා rheumatoid arthritis රෝගය එන්න පුලුවන්. වෙනත් හන්ඳි වල කැක්කුමක් එක්ක බෙල්ලෙ කැක්කුම් එනව නම් ඒක නොසලකා ඉන්න එක භයානකයි.

⭕සරලව කියනවා නම් කොන්ඳ හැර අති බහුතරයක් හන්ඳි වල රූමටොයිඩ් ආතරයිටිස් රෝගය එන්න පුලුවන්.

⭕රූමටොයිඩ් ආතරයිටිස් රෝගය අනුමාන කිරීමට කිසිම ලේ ටෙස්ට් එකක් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මොකෝ කිසිම ලේ ටෙස්ට් එකක වෙනසක් නැතුව ලෙඩේ එන්නට පුලුවන්, විශේෂයෙන්ම මුල් අව්ස්ථාවේදී. ඒවට කියන්නේ sero negative rheumatoid arthritis. ඔය රෝගීන්ට මුලින්ම ප්‍රතිකාර පටන්ගන්නවා ඇරෙන්න ලේ රිපෝර්ට් වල ලෙඩේ පෙන්නන්කම් උඩ බලාගෙන හිටියොත් විනාසයි.

⭕Rhuematoid factor, Anti CCP antibodiea, ANA වගේ ටෙස්ට් පොසිටිව් වෙන්න පුලුවන්. ESR, CRP වැඩි වෙන්න පුලුවන්. Haemoglobin අඩු වෙන්න පුලුවන්, Platelet වැඩි වෙන්න පුලුවන්.

⭕ඇත්තටම ලේ රිපෝර්ට් වඩා වැදගත් වෙනවා ප්‍රතිකාර කරද්දී විවිධ බෙහෙත් වල මාත්‍රාව නිර්ණය කරන්න සහ සමහර බෙහෙත් ඇඟට අල්ලන්නෙ නැද්ද කියල බලන්න.

⭕ලෙඩේ නිට්ට්ටාවට පවා සුව කරන්න පුලුවන් ප්‍රතිකාර තියනවා. නමුත් පරක්කු වෙලා නිසි ප්‍රතිකාර පටන් ගන්න රෝගීන්ට, නිසි බෙහෙත වුනත් අඩු මාත්‍රාවෙන් බොන රෝගීන්ට, නිසි බෙහත් වුනත් නිසි කලට කලින් නතර කරන රෝගීන්ට, කඩ කඩ බෙහෙත් කරන රෝගීන්ට, කිසිම විද්‍යාත්මක පදනමක් නැති ප්‍රතිකාර කරන අයට, එහා ගෙදර සුමනාවතී කියන විදිහට ප්‍රතිකාර කරන අයට නම් ඕක සිහිනයක් පමණයි.

⭕ඉහත කියපු විදිහට කලහම අන්තිමට වෙන්නේ රෝගීයා කිවැරදි ප්‍රතිකාර වලට යොමු වෙනකොට රෝගය හැමදාම බෙහෙත් ගන්න ඕන ලෙඩක් බවට පරිවර්තනය වෙලා තියන එක.

⭕ඕකෙ ලෙඩේ බෙහත් කරන පිලිවලක් තියනවා. වැඩි බෙහෙත් ප්‍රමාණයක් මුලින් දීලා ලෙඩේ අඩුවෙන කොට ක්‍රමානුකූලව බෙහෙත් අඩු කරන්න ඕනේ. පරණ තාලෙට යාන්තම් ලෙඩේ අඩුවෙන විදිහට ප්‍රතිකාර කරල හරියන්නේ නෑ, සංකුලතා ප්‍රමාද වෙන එක විතරයි එතකොට වෙන්නේ.

⭕මුලින්ම එන්නේ on drug remission කියන තත්ත්වය. ඔය තත්ත්වය ආවහම එම අවස්ථාවේ තියෙන බේත් තුණ්ඩුවේ වෙනස්කම් කරන්න ඕනේම ලෙඩාට බෙහෙත්වලල සංකූලතා එන්නේ නැති ආකාරයට

⭕ඊළඟ පියවර තමා ලෙඩාට කිසිම රෝග ලක්ෂණයක් නැතුවත් මාස දොළහකට වැඩි කාලයක් අර අන්තිම බේත් තුන්ඩුවක් දිගටම දෙන එක

⭕ඊට පස්සේ තමා ක්‍රමානුකූලව බෙහෙත් අඩු කරන්න පටන් ගන්න එක.

⭕හැබැයි ලෙඩේ අඩු වෙච්ච ගමන් මේත් නතර කරලා ආයි ලෙඩේ මතුකොට දුවගෙන එන ලෙඩ්ඩුන්ට ඕක මුල ඉඳන් නැවත කරන්න වෙනවා

⭕ඒක තමා ලංකාවේ ලෙඩ්ඩුන්ට ආතරයිටිස් හොඳ නොවන ප්‍රධාන හේතුව

⭕සමහර රෝගීන් ඉන්නවා රෝගය බෙහෙත් නතර කළාම පසු කාලීනව නැවත මතුවෙන්න පුලුවන්. ඒ රෝගීන්ට පවා බෙහෙත් වලින් ඇඟට හානියක් නොවෙන්න දිගුකාලීනව සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන්

⭕ඕකට පාවිච්චි කරන නවතම ප්‍රතිකාර ලංකාවේ තියෙනවා. ඉස්සර වගේ තව නම් දෙන්න වෙන බෙහෙතක් නෑ කියන තත්ත්වය උදා වෙන්නේ නෑ

⭕පාවිච්චි කරන බෙහෙත් වලට අපි කියන්නේ DMARDs (Disesase modifying anti-rheumatoid drugs). ඒ බේත් වලින් ලෙඩේ ඇඟේ යන විදිහ වෙනස් කරන එක තමා වෙන්නේ. නැතුව රෝග ලක්ෂණය control කරන එක විතරක් නෙමෙයි

⭕ඉස්සර ඉඳන් තිබ්බ කාලෙ තිබ්බ පෙතිවලට කියන්නේ conventional DMARDs කියලා. බහුතරයක් රෝගීන්ට ඔය බෙහෙත් ප්‍රමාණවත්.

⭕නමුත් ලෙඩේ හරියට කන්ට්‍රෝල් වෙන්නේ නැත්නම් Biologic DMARDs හෝ Target synthetic DMARDs කියන බෙහෙත් වලට මුලින්ම මාරුවෙන්න ඕනේ. ඒවා පටන් ගන්න ඕනෙ හතර හන්දි ඇද වුනාට පස්සෙ නෙමෙයි.

⭕මිල අධික උනත් එම බෙහෙත් රජයේ රෝහල් සායන වලින් ගන්න පුළුවන්. ප්‍රයිවට් පවා ගන්න තියෙනවා.

⭕ඔබ ඉතින් නිසි වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර නොගන්නේ නම් ඔයාට අලුත් බෙහෙත් හම්බවෙන්නේ නෑ.

⭕රූමටොයිස් ආතරයිටිස් හැදෙනවා කියන්නේ විෂඝෝර සර්පයෙක් එක්ක කාමරයක හිර වුණා වගේ දෙයක්. ඔබ කල්පනාවෙන් ඉන්න තාක් කල් උගෙන් බේරලා ඉන්නන පුළුවන්. නමුත් සර්පයාව සුළු කොට තකා ගණන් ගන්නෙ නැතුව හිටියොත් අනිවාර්යයෙන් ඌ දෂ්ට කරනවා. අමාරුවෙන් හරි සර්පයාගේ විස දල ගලවා ගන්න හෝ මරාගන්න ඕනේ.

⭕තීරණය ඔබ අතේ. නිසි ප්‍රතිකාර ගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔබ ලෙඩේ අමතක කලාට ලෙඩේ නම් ඔබව කවදාවත් අමතක කරන්නේ නෑ.

⭕ෆාමසි වල ඉන්න සමහර බක පණ්ඩිත අයියලා ලෙඩ්ඩුන්ට දෙන වැරදි උපදෙස් නිසා ලෙඩ්ඩු ප්‍රතිකාර අඩුවෙන් ගන්න හෝ නොගෙන ඉන්න බලනවා. එම නිසා රෝගීන් අමාරුව වැටෙනවා.

⭕ලෙඩේ හැදුනට පස්සේ දුක් වෙවී ඒක ගැන කල්පනා කරලා වැඩක් නෑ. නිසි කලට නිසි ප්‍රතිකාර ගන්න. මුළු ජීවිතේම අපායක් කරගන්නේ නැතුව සාමාන්‍ය විදිහට හොඳ ජීවිතයක් ගතකරන්න පුලුවන් වෙනවා.

⭕කොටින්ම බඩ දරු අම්මා කෙනෙක්ට, කිරි දෙන අම්මා කෙනෙක්ට වුනත් කලලයට/බබාට කිසිම හානියක් නොවෙන්න ප්‍රතිකාර කරන්න පුළුවන්.

⭕ලෙඩේට අඩුවෙන්ම බෙහෙත් බොන්න පුලුවන් විදිහ තමා මුල ඉඳන් නිවැරැදිව බෙහෙත් ගන්න එක.

⭕Dr Aruna Caldera
සන්ඳි සහ සන්ඳි ආශ්‍රිත රෝග සම්බන්ධ විශේෂඳ වෛද්‍ය
MBBS, MD, MRCP(UK), MRCP (Rheumatology)

🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺මිනිසා අන්තිමට වාණිජ මට්ටමේ ප්‍රතිජීවකයක් (antibiotic) සොයාගෙන...
14/06/2025

🦠 අනාගතයේ මිනිස්සු හෙම්බිරිසාවක් හැදිලත් මියයන්න පුළුවන් 🥺

මිනිසා අන්තිමට වාණිජ මට්ටමේ ප්‍රතිජීවකයක් (antibiotic) සොයාගෙන තියෙන්නේ 1987දී.
හිතන්න! වසර 40කට ආසන්න කාලයේදී කිසිම අලුත් ප්‍රතිජීවකයක් සොයාගෙන නැහැ!!

දැනට අපි භාවිතා කරන ප්‍රතිජීවක ශීඝ්‍රයෙන් ප්‍රතිරෝධී (resistant) වෙමින් යන්නේ. ඒ කියන්නේ antibioticsවලට ඔරොත්තු දෙන විදිහට බැක්ටීරියා හැඩගැහිලා.

ඒකට ප්‍රධාන හේතු මිනිස් ක්‍රියාකාරකම් තමයි. පොඩි හෙම්බිරිසාවටත් one-shot කියලා දඩ antibiotics දෙන එකෙත්, සතියකට දෙන බෙහෙත් දවසක් දෙකක් බීලා නවත්තන එකෙත්, දොස්තර කෙනෙකුගේ අනුමැතිය නැතුව හිතුණු හිතුණු විදිහට ෆාමසියේ අයියගෙන් antibiotics ඉල්ල ගන්න එකෙත් ප්‍රතිවිපාක තව අවුරුදු 10-15ක් යද්දි බලාගන්න පුළුවන්.

බටහිර රටවල් මේ අනතුර අදුනගෙන පිළියම් යොදන්න පටන් අරන් දැන් ගොඩක් කල්. ඒ රටවල antibiotics කියන්නේ රත්තරන් වගේ. උණකට හෙම්බිරිසාවකට නම් දෙන්නෙම නෑ. Antibiotic එකක් ගන්න hospital ඇඩ්මිට් වෙන්නවත් ඕන. ඒකට අපේ රටවල්. තුන්වේලට බත් කනවා වගේ antibiotics ගන්නේ 🙂

මේවා නියාමනය කරන්න රාජ්‍ය මැදිහත්වීම සහිත දැවැන්ත වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි අවුරුදු ගාණක් දැනටමත් පරක්කුයි. පුරවැසියන් විදියට අපිටත් වගකීමක් තියනවා. පොඩි හෙම්බිරිසාවටත් antibiotic හොයන්නෙපා 🙏 නැත්තම් තව ටික කාලෙකින් කඩදාසියකට ඇගිල්ල හීරුණත් මැරෙන්න වෙන තත්ත්වයක් එන්න පුළුවන් 🙌
උපුටා ගැනීම
වෛද්‍ය ටෙරාෂ් හෙට්ටිගේ..

05/05/2025

මොකක්ද මේ CRP

🔴උණ වැළඳුණු පුද්ගලයන්ට අප FBC එකට අමතරව CRP පරික්ෂණය සිදු කරයි. CRP අගය ඉතා ඉහල නම් උග්‍ර අසාදනයක් ඇති බව පෙන්නුම් කරයි.

🔴ශරිරයේ විවිධ අවයව වලට විෂ බිජ ඇතුල් විමෙන් ඇතිවන රෝග සදහා ප්‍රධානව සිදු කරන මෙම CRP පරික්ෂණය ඉහල අගයක් පෙන්නුම් කරන්නේ නම් එයින් අදහස් වන්නේ අසාදනය උග්‍ර බවයි.

🔹උදා
▪️පෙනහලු අසාදන නියුමොනියා
▪️මුත්‍රා ආසාදන
▪️වකුගඩු ආසාදන පයේලොනෙප්ප්‍රයිටිස්
▪️මොලයේ අසාදන මෙනින්ජයිටිස්
▪️හර්දයේ ආසාදන එන්ඩොකාඩයිටිස්
▪️අස්ති ආසාදන ඔස්ට් යෝමයලිටිස්
▪️පිත්තාසයේ ආසාදන කොලිසිටිටිස්

🟢ප්‍රතිකාරත් සමග CRP අඩු වෙනවා යන්න එම අසාදනය සුව අතට හැරෙන බවයි

,🟢CRP වැඩිවෙනවා යනු අසාදනය දරැනු අතට හැරෙන බවයි

අසාදන වලට අමතරව CRP වැඩිවන අනෙකුත් හේතු පහත දක්වා ඇත.

⭕CRP පරීක්ෂණයක් යනු කුමක්ද

🔘"CRP" පරීක්ෂණය යනු ශරීරයේ අසාදන සහ inflammation පරීක්ෂා කිරීම සඳහා රුධිර පරීක්ෂාවකි. ශරීරයේ පටක වලට හානි වූ විට, අක්මාව CRP රුධිරයට මුදාහරියි.අසාදන සහ Inflammation ශරීරයේ පටක වලට හානි කරයි.

🔘විවිධ හෙතු නිසා inflammation ඇති විය හැක. මේ නිසා, CRP පරීක්ෂණයකින් ඔබට ඇති සෞඛ්‍ය ගැටලුව හරියටම කිව නොහැක. එයින් ශරීරයේ inflammation ඇත්නම් පමණි.

🔻CRP වැඩි විමට හේතු

●ආසාදන

●සමහර ස්වයංක්‍රීය ප්‍රතිශක්තිකරණ රෝග - "ස්වයං ප්‍රතිශක්තිකරණ" රෝගයක් යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය ලෙස හඳුන්වන ශරීරයේ ආසාදන මර්දන පද්ධතියේ සෛල ශරීරයේම නිරෝගී සෛල වලට පහර දීමට පටන් ගැනීමයි. උදාහරණ ලෙස රූමැටොයිඩ් ආතරයිටිස්

●සමහර පිළිකා වර්ග

🔹ඔබේ වෛද්‍යවරයාට ඔබට මෙම තත්ත්වයන් තිබෙන්නට ඇතැයි ඔවුන් සිතන්නේ නම් ඔබට CRP පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය විය හැක.

🔹මෙම පරීක්ෂණයෙහි "hs-CRP" හෝ "අධි-සංවේදී CRP" නමින් පරික්ෂණයක් ඇත. මෙය හෘදයාබාධ හෝ ආඝාතය වැනි ඇතැම් හෘද වාහිනී ගැටළු සඳහා ඔබේ අවදානම හඳුනා ගැනීමට උපකාරී වේ. ඔබට හෘදයාබාධයක් වැළඳීමේ වැඩි අවදානමක් තිබේ නම්, ඔබේ වෛද්‍යවරයාට ඔබට hs-CRP පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය විය හැකිය. ඔබට hs-CRP පරීක්ෂණය කිහිප වතාවක් නැවත කිරීමට අවශ්‍ය විය හැකිය.

⭕ඔබේ රුධිරයේ CRP ප්‍රමාණය වැඩි වීම වැඩි වීම ඔබට උග්‍ර ආසාදනයක් හෝ inflammation ඇති බව අඟවන නමුත් එය එහි පිහිටීම හෝ එයට හේතු වන තත්ත්වය හඳුනා ගැනීමට උපකාරී නොවේ.

🔘ඔබේ රුධිරයේ CRP සාන්ද්‍රණය පහත වැටේ නම්, එයින් අදහස් වන්නේ ඔබ හොද තත්වයට පත්වන ව වන බවයි.

🔴CRP පරීක්ෂණයක් සඳහා සාමාන්‍ය පරාසය කුමක්ද?

🔹සාමාන්‍ය CRP මට්ටම සාමාන්‍යයෙන් 10 ට වඩා අඩුය , කෙසේ වෙතත්, නිශ්චිත සාමාන්‍ය පරාසය රසායනාගාරය සහ භාවිතා කරන ක්‍රියා පටිපාටිය මත රඳා පවතී.

🔹බොහෝ සාධක ඔබේ CRP මට්ටමට බලපෑ හැකිය. සුළු CRP මට්ටමේ ඉහළ යාම පහත සඳහන් තත්වයන් හෝ තත්වයන් නිසා විය හැකිය:

▪️සිගරට් දුම්පානය.
▪️සෙම්ප්‍රතිශ්‍යාව.
▪️මානසික අවපීඩනය.
▪️දියවැඩියාව.
▪️නින්ද නොයාම.
▪️තරබාරුකම.
▪️ගැබ් ගැනීම.
▪️මෑත කාලීන තුවාල.

⭕ඉහළ CRP මට්ටමක් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

▪️ඔබට මධ්‍යස්ථව හෝ දැඩි ලෙස ඉහළ ගිය CRP මට්ටමක් තිබේ නම්, එයින් අදහස් වන්නේ ඔබට යම් ආකාරයක ආසාදනයක් හෝ ඉන්ෆලමෙශන් තත්වයක් ඇති බවයි.

▪️නමුත් CRP පරීක්ෂණයකින් ආසාදනයක් හෝ ඉන්ෆලමෙශන් තත්වයට හේතුව හෝ එය ඔබේ ශරීරයේ කොතැනද යන්න පෙන්විය නොහැක. මේ නිසා, ඔබේ ප්‍රතිඵලය ඉහළ CRP මට්ටමක් පෙන්නුම් කරන්නේ නම්, ඔබේ වෛද්ය වරයා අමතර පරීක්ෂණ ඇණවුම් කරනු ඇත.

🟢50 mg/dL ට වැඩි CRP පරීක්ෂණ ප්‍රතිඵලයක් සාමාන්‍යයෙන් සැලකිය යුතු වැඩිවිමක් ලෙස සැලකේ. 50 mg/L ට ​​වැඩි ප්‍රතිඵල 90% ක් පමණ බැක්ටීරියා ආසාදන සමඟ සම්බන්ධ වේ.


උපුටා ගැනීම
🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමාර

Address

Balangoda
Colombo

Telephone

+94765427122

Website

Alerts

Be the first to know and let us send you an email when Drugs counseling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share