Supplementary Medical Professionals, Sri Lanka - PSM

Supplementary Medical Professionals, Sri Lanka - PSM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supplementary Medical Professionals, Sri Lanka - PSM, Medical Service, 25/2, Colombo.

26/07/2026

📌සම සෞඛ්‍ය උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අදාල ගැටලුවට විසඳුමක් ලබාදීමට පවතින ආණ්ඩුව දිගින් දිගටම අපොහොසත් වී ඇත. මේ පිළිබඳව දැනුවත් කිරීමේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් ජුලි 22 දින පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ
චානක ධර්මවික්‍රම - ලේකම්
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය



01/07/2026

*විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා*
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
බස්නාහිර පළාත

2026 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව වහාම හකුලා ගෙන, නවීන මානව සම්පත් කළමනාකරණ මූලධර්ම මත පදනම් වූ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස ඉල්ලීම.

ගරු අධ්‍යක්ෂතුමනි,

2026 වාර්ෂික ස්ථාන මාරු ලෙස බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් නිකුත් කර ඇති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ ස්ථාන මාරු ලැයිස්තුව පිළිබඳව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ දැඩි විරෝධය මෙයින් ප්‍රකාශ කර සිටිමු.

මෙම ස්ථාන මාරු ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ සේවා අවශ්‍යතාවය, රෝගීන්ගේ යහපත, කාර්ය සාධනය, නිපුණතාවය හෝ ආයතනික කාර්යක්ෂමතාවය වැනි කිසිදු නවීන මානව සම්පත් කළමනාකරණ මූලධර්මයක් සැලකිල්ලට ගෙන නොමැති අතර, "එක් සේවා ස්ථානයක වසර ගණනාවක් සේවය කිරීම" යන සාම්ප්‍රදායික නිර්ණායකය පමණක් මූලික කර ගෙන තීරණ ගෙන ඇති බවයි.

කිරිබත්ගොඩ සිටින නිලධාරියෙකු ගම්පහටත්, ගම්පහ සිටින නිලධාරියෙකු කිරිබත්ගොඩටත්, හොරණ සිටින නිලධාරියෙකු පානදුරටත්, පානදුර සිටින නිලධාරියෙකු හොරණටත් මාරු කිරීමෙන් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවයට, රෝගී සත්කාරයට හෝ රාජ්‍ය සේවාවේ ඵලදායීතාවයට ලැබෙන වාසිය කුමක්ද යන්න පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැත.

වර්තමානයේ රජය විසින් නිලධාරීන්ට ප්‍රමාණවත් නිල නිවාස, ප්‍රවාහන හෝ වෙනත් පහසුකම් ලබා නොදෙන පසුබිමක, මෙවැනි බලහත්කාර ස්ථාන මාරු නිලධාරීන්ගේ ආර්ථික, සමාජීය හා පවුල් ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරන අතර, අවසානයේ එහි අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳින්නේ රෝගී ජනතාව බව අපගේ ස්ථාවරයයි.

අද ලෝකය මානව සම්පත් කළමනාකරණය සිදු කරන්නේ කාර්ය සාධනය, නිපුණතාව, සේවා අවශ්‍යතාවය, සේවක සුබසාධනය සහ ආයතනික ප්‍රතිඵල මත පදනම්වය. එහෙත් මෙම ක්‍රියාවලිය තුළින් තවදුරටත් අනුගමනය කරනු ලබන්නේ රාජාණ්ඩු යුගයේ සිට පැවතෙන ගතානුගතික පරිපාලන සම්ප්‍රදායකි.

එබැවින් අප පහත ඉල්ලීම් කෙරෙහි ඔබගේ කඩිනම් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.

1. 2026 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව වහාම අත්හිටුවීම.
2. මෙම ස්ථාන මාරු මගින් අපේක්ෂා කරන කාර්ය සාධන හා සේවා ප්‍රතිඵල පිළිබඳ ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදීම.
3. සේවා අවශ්‍යතාවය සහ නවීන මානව සම්පත් කළමනාකරණ මූලධර්ම මත පදනම් වූ නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීම.
4. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර එකඟතාවයකින් යුතුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීම සඳහා ඔබට පහසු දිනයක හදිසි සාකච්ඡාවක් ලබාදෙන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ඔබගේ කඩිනම් ප්‍රතිචාරය බලාපොරොත්තු වෙමු.

ස්තුතියි.

රවී කුමුදේශ්
සභාපති
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

පිටපත්:
1. වෛද්‍ය නලින්ද ජයතිස්ස (සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය)
2. ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශය - බස්නාහිර පළාත
3. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (කොළඹ, ගම්පහ, කළුතර)

🔬 BACHELOR'S IN LABORATORY SCIENCES 🇫🇮A Prestigious Degree Opportunity for Healthcare ProfessionalsOffered in partnershi...
20/06/2026

🔬 BACHELOR'S IN LABORATORY SCIENCES 🇫🇮

A Prestigious Degree Opportunity for Healthcare Professionals

Offered in partnership with a leading university in Finland, the Bachelor's in Laboratory Sciences programme provides a unique learning experience that combines laboratory sciences with an engineering perspective relevant to industrial and applied laboratory sectors.

Following a request from the College of Medical Laboratory Science Sri Lanka (CMLS.SL), this degree pathway is now available to eligible diploma holders.

Degree holders may also have the opportunity to complete part of their studies in Finland, including a one-year study period, subject to programme requirements and eligibility criteria.

🌍 Build Your Global Career

For professionals planning to migrate and pursue international career opportunities, this programme offers a cost-effective pathway to obtain a globally recognised qualification.

Finland continues to offer promising career opportunities for qualified laboratory science professionals.

Students may also be eligible for post-study residence permit extensions to seek employment after graduation, subject to current Finnish immigration regulations.

✅ Why Choose This Degree?

Unique laboratory engineering perspective linked to industry

Internationally recognised qualification

Strong career and migration opportunities

Industry-focused training and global exposure

Cost-effective educational pathway

🎓 Eligibility

CMLS.SL recommended Diploma Holders

Eligible Degree Holders

📢 CMLS.SL Recommendation Required

💰 Exclusive fee discounts are available for CMLS.SL recommended applicants.

📩 Send your details and application request to:

✉️ [email protected]

📱 CMLS.SL WhatsApp: +94 77 235 0552

📞 IIHS Contact: 011 436 6073 | 076 011 4413 (Nicole)

🌐 Website: www.iihs.edu.lk

Disclaimer:

Programme structure, eligibility requirements, tuition fees, employment opportunities, visa regulations, and post-study residence rights are subject to change. Applicants are advised to verify the latest information directly with IIHS, Metropolia University of Applied Sciences, and the relevant Finnish authorities before applying.

27/05/2026
ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!!!உங்கள் அனைவருக்கும் அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள...
13/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!!!

உங்கள் அனைவருக்கும் அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த புத்தாண்டு வாழ்த்துக்கள்!!!!!

Wishing you all a happy new year full of peace and happiness!!!!!

10/04/2026

වෛද්‍ය සංගමයට තියන බලය ගැන බොහෝ වෘත්තීය සමිතිවලට තරහක් තියෙන්න පුලුවන්. ඉතිහාසය ඇතුළේ ඒ බලය වැරදියට පාවිච්චි කරපු අය ඉන්නත් පුලුවං. ඒත් ඒ බලය ඔවුන් ගොඩ නගාගෙන තියෙන්නේ සංවිධිත වෘත්තීය සමිතියක් විදිහට බව අපි අමතක කරන්න හොඳ නෑ.

වෛද්‍ය සංගමය කොච්චර අවුල් වුණත්, ඔවුන් ගොඩ නගපු වෘත්තීය සමිති බලය, පහළින් ඉන්න ඉතා කුඩා වෘත්තීය සමිතියක් පවා දැනුවත්ව හෝ නොදණුවත්ව පාවිච්චි කරලා තියනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්තත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩුවට කඩේ යන මහජන වේශයෙන් ඉන්න කොමෙන්ට් කරුවන්, යූ ටියුබ් කරුවන් සහ සාමාජිකයන් හත් අට දෙනෙක්ගෙන් අටවාගෙන ඉන්න ආණ්ඩුවේ වෘත්තීය සමිතිවලට මේ ආණ්ඩුවේ බලය මිස වෙන යමක් අවශ්‍ය නැති නිසා, ඔවුන් දිගටම ආණ්ඩුවේ අණ පරිදි වෘත්තීය සමිති වලට තඩි බාවි.

හැබැයි නලින්ද ඇමතිවරයා ලවා ආණ්ඩුව මේ කරමින් ඉන්නේ වෘත්තීය සමිති වලට නැගිටින්න තියන ඉඩ අහෝසි කර ගන්න එක. බලය වැඩිම එකකට දෙකට ආණ්ඩුවේ සම්පුර්ණ බලය යොදලා ගහලා වට්ටන එක. වට්ටලා අනිත් පැත්ත හැරිලා 'ඒ පාඩම' අනිත් හැම වෘත්තීය සමිතියකටම කියලා දෙන එක.

ආණ්ඩුවට දැන් ඕනේ ආණ්ඩුව කියන කියන විදිහට නටන වෘත්තීය සමිති කාරයෝ ටිකක් විතරයි. ස්වාධීන වෘත්තීය සමිති වලට ගහල වැට්ටුවාට පස්සේ ආණ්ඩුවට විරුද්ධ වෙන්න රට ඇතුළේ කිසිදු ස්වාධීන සංවිධිත ව්‍යුහයක් නෑ. එහෙම වුණාට පස්සේ සිවිල් සංවිධාන හෝ අනෙකුත් කිසිදු සිවිල් හෝ මහජන බලවේගයකට ව්‍යුහාත්මක හයියක් නෑ.

ඒ නිසා ආණ්ඩුව මේ ගහන්නේ GMOA එකට විතරක් නොවන බව රටේ සියලු පුරවැසියන් මෙන්ම GMOA එකත් තේරුම් ගත යුතුයි.

සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බළමණ්ඩලය

Address

25/2
Colombo
00800

Telephone

+94773077717

Website

Alerts

Be the first to know and let us send you an email when Supplementary Medical Professionals, Sri Lanka - PSM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supplementary Medical Professionals, Sri Lanka - PSM:

Shortcuts

Share