Danum Dansala

  • Home
  • Danum Dansala

Danum Dansala Dr J Sanjeewa MBBS, MD, MRCS
Health Awareness & Guidance
Educational purposes only. I am Dr. J. It is not a substitute for personal medical consultation.

Your daily guide to better health, mental well-being, and staying informed on social issues & global knowledge – for Sri Lankans. Sanjeewa, MBBS, MD, MRCS, a Consultant dedicated to sharing reliable, science-based health education for the public. My mission is to simplify medical knowledge, promote healthy living, and raise awareness about common health conditions without giving personalized medic

al advice. This page focuses on:
• Public health awareness
• Disease prevention
• Safe lifestyle guidance
• Community education
• Myth-busting medical misinformation

Important:
All content is for educational purposes only. For medical concerns, please seek advice from your own healthcare professional.

01/09/2026

ගොනොරිය මෙච්චර බයානකද?

30/08/2026

ශරීරයේ එක පැත්තකට පමණක් එන මේ රෑෂ් එක කුමක්ද? (Shingles Rash Symptoms)

කුල මල, ජාති භේදය සහ උත්පත්තියෙන් මිනිසා උසස් පහස් වීම ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රධාන සූත්‍ර කිහි...
30/08/2026

කුල මල, ජාති භේදය සහ උත්පත්තියෙන් මිනිසා උසස් පහස් වීම ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රධාන සූත්‍ර කිහිපයක්ම ත්‍රිපිටකයේ ඇතුළත් වේ.

1. වසල සූත්‍රය (Vasala Sutta) - ඛුද්දක නිකාය
කුල භේදය හා ජාති භේදය ගැන කියැවෙන වඩාත්ම ප්‍රසිද්ධ සූත්‍රය මෙයයි. උත්පත්තියෙන් කිසිවෙකු වසලයෙක් (පහත් අයෙක්) හෝ බ්‍රාහ්මණයෙක් (උසස් අයෙක්) නොවන බවත්, කෙනෙකු උසස් හෝ පහත් වන්නේ තමා කරන ක්‍රියාවෙන් (කර්මයෙන්) පමණක් බවත් බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරති.

න ජච්චා වසලො හොති - න ජච්චා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති - කම්මනා හොති බ්‍රාහ්මණො"

2. අග්ගඤ්ඤ සූත්‍රය (Aggañña Sutta) - දීඝ නිකාය
ලෝකයේ ආරම්භය සහ සමාජයේ ජාති/කුල (බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශූද්‍ර) නිර්මාණය වූයේ උත්පත්තියෙන් හෝ දෙවියන්ගේ මවන ලැබීමෙන් නොව, මිනිසුන්ගේ වෘත්තීන් හා ක්‍රියාකාරකම් පදනම් කරගෙන සමාජ සම්මතයන් ලෙස බවත්, ඕනෑම කුලයක කෙනෙකුට ධර්මයේ හැසිරීමෙන් අරහත් භාවයට පත්විය හැකි බවත් මෙහිදී දීර්ඝ ලෙස පැහැදිලි කෙරේ.

3. අතිමානය දුරලීම: ජාතිය, කුලය හෝ ධනය නිසා උඩඟු වී අන් අය පහත් කොට සැලකීම පරාභව සූත්‍රයට අනුව පිරිහීමේ දොරටුවකි.

යමෙකු කුල මල සොයන්නේ නම් හෝ උසස් කුලේ යැයි කියමින් උඩගු වෙන්නේ නම් හෝ පහත් කුලේ යැයි කියමින් අන් අයට නිගා කරන්නේනම් හෝ ඔහු හෝ ඇය කිසිදා තෙරුවන් සරණ නොයන්නේමය...

දැනුම් දන්සලේ දැනුවත් කිරීමකි...❤️❤️🙏🙏

29/08/2026

කන එකපාරටම ඇහෙන්නේ නැතුව ගියොත් මොකද කරන්නේ?

හදිසියේ කන ඇසීම නැතිවීම (Sudden Hearing Loss) කියන්නේ කවදාවත් නොසලකා හැරිය යුතු නැති හදිසි වෛද්‍ය තත්ත්වයක්!

දානය දීම, පින් සහ අතහැරීමබොහෝ දෙනෙක් දානය දෙන්නේ පින් රැස්කර ගැනීමේ අරමුණින් වුවත්, දානය දීමේ සැබෑ අර්ථය හා ප්‍රතිඵලය ඊට...
29/08/2026

දානය දීම, පින් සහ අතහැරීම

බොහෝ දෙනෙක් දානය දෙන්නේ පින් රැස්කර ගැනීමේ අරමුණින් වුවත්, දානය දීමේ සැබෑ අර්ථය හා ප්‍රතිඵලය ඊට වඩා ඉතා ගැඹුරු එකකි.

දානයෙන් පින් ලැබෙනවාද?
ඔව්, දානය දීමෙන් පින් සිදුවේ. නමුත් මෙහිදී "පින" යනු අනාගතයේදී ලබා ගැනීමට තැන්පත් කරන මුදලක් හෝ ද්‍රව්‍යමය වාසියක් නොවේ. පින යනු සිතේ ඇතිවන පිරිසිදු බව, සැහැල්ලුව සහ ප්‍රීතියයි.

අපි දානය දිය යුත්තේ පින් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්ද?
නැත. පින් ලබාගැනීමේ අධික බලාපොරොත්තුවෙන් හෝ ලෝභයෙන් දානය දෙන විට, එතැනද ක්‍රියාත්මක වන්නේ "තමන්ට යමක් ලබාගැනීමේ" ආශාවයි (තණ්හාවයි). එම නිසා දානය දිය යුත්තේ අනාගතයේ යමක් බලාපොරොත්තුවෙන් නොව, අනෙකා කෙරෙහි ඇති කරුණාවෙන් සහ තමන්ගේ සිතේ ඇති ඇලීම නැති කරගැනීමේ අරමුණිනි.

සැබවින්ම දානය දීමෙන් සිදුවන්නේ කුමක්ද?
දානය දීම යනු "අතහැරීම" (නෙක්ඛම්මය) පුරුදු කිරීමයි.
1. ඇලීම නැතිවීම: තමන් සතු, තමන් ආසා කරන යම් දෙයක් තවත් කෙනෙකුගේ යහපත උදෙසා අතහැරීමේදී, සිත තුළ ඇති බන්ධනය සහ ලෝභකම පාලනය වේ.

2. දුක අඩුවීම: අපට දුක ඇතිවන්නේ යම් යම් දේවල් අල්ලා ගැනීම සහ ඒවා අහිමි වේ යැයි ඇතිවන බිය නිසයි. දානය මගින් අතහැරීම පුරුදු වන විට, තමන් ආසා කරන දේවල් නැතිවීමේදී හෝ වෙනස්වීමේදී සිතට දැනෙන දුක සහ පීඩාව ක්‍රමයෙන් අඩුවී නැතිවී යයි.

මෙහෙම හෙමුන් ගෙමින් දන් දීම පුරුදු කල කෙනෙකුට , තමන් ගොඩාක් ආශා කරන තමන් සතු යමක් තමන්ගේ හතුරෙකුට උනත් දෙන්න පුලුවන් හිතක් හැදෙනවා.
අන්න ඒවගේ හිතක් හදාගත්ත කෙනෙකුට තමන් සතු වස්තූන් , පුත්ගලයෙක්, නෑ හිතමිතුන් , ආදරවන්තයන් නැති උනාම දුක හිතෙන්නෙ නැති තත්වයකට ඔබේ හිත පත්වෙනවා.
අන්න ඒවගේ හිතක් ඉන්නේ හරිම සුවයෙන්, නිවීමෙන්. එතනයි නිවන. එතනමයි දිව්‍යලෝකය.❤️❤️

කරලා බලන්න. ඔබටම වැටහේවි.

කෙටියෙන් කියතොත්, දානය යනු තණ්හාව අතහැර සිත නිදහස් කරගැනීමේ ප්‍රායෝගික අභ්‍යාසයකි.

බුදුදහම යනු පිං පව් දිව්‍යලෝක අපාය ගැන කියන මිත්‍රා ආගමක් නෙවෙයි. එය ජීවිතේ සත්‍ය අවබෝධ කරන හරිම ප්‍රායෝගික දහමකි.

පිං කර දිව්‍යලෝකේ යන සුරංගනා මිත්‍රා කතන්දර ප්‍රතික්ෂේප කර මේ උතුම් නිර්මල බුදුදහමේ අනාගතයට ආරක්ශා කරගම්මු. ❤️❤️🙏🙏

මේය දැනුම් දංසලේ අදහසයි. ඔබට වෙන අදහස් ඇත්නම් comment කරන්න. උපේක්ශාවෙන් ඒවා භාරගමි.❤️🙏

Danum Dansala❤️🙏

වියාග්‍රා (Vi**ra) කියන්නේ ලිංගික උත්තේජනය සදහා භාවිත කරන ඖෂධයක් (Sildenafil). මේක ශරීරයට ක්‍රියාකරන ආකාරය සහ හදවතට වෙන ...
28/08/2026

වියාග්‍රා (Vi**ra) කියන්නේ ලිංගික උත්තේජනය සදහා භාවිත කරන ඖෂධයක් (Sildenafil). මේක ශරීරයට ක්‍රියාකරන ආකාරය සහ හදවතට වෙන බලපෑම ගැන වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් මෙන්න.

1. වියාග්‍රා පෙත්ත ක්‍රියාකරන්නේ කොහොමද?
වියාග්‍රා කියන්නේ PDE5 inhibitor කියන ඖෂධ කාණ්ඩයට අයත් පෙත්තක්.
ශරීරයේ රුධිර නාල (Blood vessels) පටු කරන එන්සයිමයක් තිබෙනවා. වියාග්‍රා මගින් ඒ එන්සයිමය අක්‍රිය කරලා, රුධිර නාල පළල් කිරීම (Vasodilation) සිදුකරනවා.
එමගින් ලිංගාශ්‍රිත ප්‍රදේශයට යන ලේ ගමනාගමනය වැඩි වෙනවා.
මේ ක්‍රියාවලිය සිදුවෙන්න ලිංගික උත්තේජනයක් (Sexual arousal) අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පෙත්ත බිව් පමණින්ම නිකන්ම වෙනස්කම් වෙන්නේ නැහැ.

2. වියාග්‍රා භාවිතයෙන් හාට් ඇටෑක් (Heart Attack) හැදෙනවාද?
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුට වියාග්‍රා පෙත්තක් නිසා කෙලින්ම හාට් ඇටෑක් එකක් හැදෙන්නේ නැත. නමුත්, ඇතැම් අවස්ථාවලදී හාට් ඇටෑක් අවදානමක් එන්න පුළුවන් ප්‍රධාන හේතු 3ක් තිබෙනවා:

(A) හදවතේ රෝග තිබෙන අයට ලිංගික එක්වීම නිසා වන වෙහෙස
ලිංගිකව එක්වීම කියන්නේ යම්කිසි ශාරීරික වෙහෙසක් (Physical exertion) දැනෙන ක්‍රියාවක්.
යටින් පවතින හෘදයාබාධ, ලේ නාල හිරවීම් හෝ අධික රුධිර පීඩනය තිබෙන කෙනෙක් වියාග්‍රා බීලා ලිංගිකව එක්වෙද්දී, ඒ දැනෙන වෙහෙස දරාගන්න හදවතට බැරිවෙලා හාට් ඇටෑක් එකක් එන්න පුළුවන්. (මෙහිදී ප්‍රධාන හේතුව පෙත්ත නෙමෙයි, පවතින හෘද රෝගය සහ වෙහෙසයි).

(B) Nitrates කාණ්ඩයේ ඖෂධ එක්ක ගැනීම (ඉතාම භයානකයි)
පපුවේ කැක්කුමට බොන නයිට්‍රේට් පෙති/කාඩ් (Nitroglycerin, Isosorbide Dinitrate වැනි) හෝ යටින් තියෙන GTN spray ගන්නා අය වියාග්‍රා ගත්තොත්, රුධිර පීඩනය ඉතා පහළ බහිනවා (Severe hypotension).
ලේ ප්‍රෙෂර් එක එකපාරටම බැස්සහම හදවතට ලේ යන එක නතර වෙලා මාරාන්තික හාට් ඇටෑක් එකක් හෝ අංශභාගය (Stroke) හැදෙන්න පුළුවන්.

(C) අධික මාත්‍රාව (Overdose) සහ හොර පෙති
වෛද්‍ය උපදෙස් නැතුව අධික ලෙස මාත්‍රාව ගැනීමෙන් හෝ ලියාපදිංචි නැති හොර පෙති ගැනීමෙන් හදවතේ ස්පන්දනය අසාමාන්‍ය ලෙස වැඩි වී රුධිර පීඩනය වෙනස් විය හැක.

වෛද්‍ය උපදෙස් (Medical Advice)

1. වෛද්‍යවරයෙකු හමුවී පමණක් ගන්න: ඔබට වෙනත් ලෙඩ (අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්) තියෙනවා නම් වෛද්‍ය උපදෙස් නැතුව වියාග්‍රා ගන්න එපා.

2. පපුවේ කැක්කුමට බෙහෙත් ගන්නවා නම් තදින්ම තහනම්: ඔබ නයිට්‍රේට් (Nitrates) අඩංගු පපුවේ කැක්කුම සඳහා වන ඖෂධ භාවිත කරන්නේ නම් කිසිසේත්ම වියාග්‍රා ගන්න එපා.

3. මෑතකදී හාට් ඇටෑක් හැදුනා නම්: පසුගිය මාස 6 ඇතුළත හාට් ඇටෑක් එකක්, සට්‍රෝක් එකක් හෝ පපුවේ අමාරුවක් ආවා නම් භාවිතයෙන් වළකින්න.

4. අතුරු ආබාධ: පෙත්ත ගත්තට පස්සේ පපුවේ තද බවක්, කැරකිල්ල, හෝ හුස්ම ගැනීමේ අමාරුවක් ආවොත් වහාම ළඟම තියෙන රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට (ETU) යන්න.
Danum Dansala ❤️

බොහෝ දෙනෙකු අතර පවතින වැරදි මතයක් වන්නේ ස්වාභාවික ව්‍යසනයක් (ගංවතුර, භූමිකම්පා, නියඟය වැනි) නිසා සිදුවන සියලුම හානි හා ජ...
28/08/2026

බොහෝ දෙනෙකු අතර පවතින වැරදි මතයක් වන්නේ ස්වාභාවික ව්‍යසනයක් (ගංවතුර, භූමිකම්පා, නියඟය වැනි) නිසා සිදුවන සියලුම හානි හා ජීවිත ක්ෂය වීම් කර්මයටම (පූර්ව අකුසල කර්මයන්ටම) අනුව සිදුවන බවයි. නමුත් බුදුදහමට අනුව ලෝකය සහ මිනිස් ජීවිතයේ යම් යම් සිදුවීම් පාලනය වන්නේ කර්මයෙන් පමණක් නොවේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ හා විශ්වයේ පැවැත්ම පාලනය වන පංච නියාම ධර්ම දේශනා කළ සේක.
මිනිසාගේ ජීවිතයට සහ පරිසරයේ සිදුවීම්වලට බලපාන පංච නියාම ධර්ම මෙසේය:
1. ඍතු නියාමය (Utu Niyama)
පරිසරය, කාලගුණය, උෂ්ණත්වය, වැසි, සුළඟ, භූමිකම්පා සහ ස්වාභාවික විපත් පාලනය වන භෞතික හා පාරිසරික නීතියයි. ස්වාභාවික ව්‍යසන යනු කර්මයේ විපාකයකට වඩා මේ ඍතු නියාමයේ සිදුවන වෙනස්වීම් හා සමතුලිතතාවය බිඳී යාම්ය.
2. බීජ නියාමය (Bija Niyama)
ශාක හා ජීව විද්‍යාත්මක නියාමයයි. උදාහරණයක් ලෙස අඹ ඇටයකින් අඹ ගසක් ද, තිත්ත ලබු ඇටයකින් තිත්ත ලබු ගසක් ද හටගැනීම මෙයට අයත් වේ.
3. කර්ම නියාමය (Kamma Niyama)
සත්වයන් විසින් සිතින්, කයින් සහ වචනයෙන් කරනු ලබන චේතනාන්විත හොඳ (කුසල්) සහ නරක (අකුසල්) ක්‍රියාවලට අනුකූලව ඊට අදාළ ඵල/විපාක ලැබීමේ චිත්තවේගීය හා සදාචාරාත්මක නියාමයයි.
4. චිත්ත නියාමය (Citta Niyama)
සිතේ ක්‍රියාකාරීත්වය, සිතක ඉපදීම, පැවැත්ම, නිරුද්ධ වීම සහ සිතේ සිතුවිලි ගලා යන රටාවන් පාලනය වන නියාමයයි.
5. ධම්ම නියාමය (Dhamma Niyama)
ලෝකයේ ස්වාභාවික ධර්මතාවයන්ය. උදාහරණයක් ලෙස බෝධිසත්වයන් වහන්සේනමකගේ උපත, බුදුවීම හෝ පිරිනිවන් පෑම සිදුවන විට සිදුවන ස්වාභාවික සංසිද්ධි මෙන්ම, "සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය" යන ධර්මතාවය මෙයට අයත් වේ.
ඍතු නියාමය සහ ස්වාභාවික විපත් පිළිබඳ විශේෂ විග්‍රහය
බුදුරජාණන් වහන්සේ සිවක සූත්‍රයේදී (Sivaka Sutta) පැහැදිලිවම දේශනා කර ඇත්තේ මිනිසා විඳින සියලු සැප-දුක් පූර්ව කර්මයන් නිසාම සිදුවන බව පැවසීම (පුබ්බේකත හේතුව) වැරදි මිථ්‍යා මතයක් බවයි.
ස්වාභාවික විපතකින් යමෙකුට හානියක් වන විට, එය ප්‍රධාන වශයෙන් ඍතු නියාමයට (පාරිසරික හා භෞතික වෙනස්වීම්වලට) අනුකූලව සිදුවන්නකි. පරිසරයේ ඇතිවන වෙනස්වීම් (ඍතු විපර්යාස) මෙන්ම, වර්තමානයේ මිනිසා විසින් වනාන්තර විනාශ කිරීම, පරිසරය දූෂණය කිරීම වැනි නොමනා ක්‍රියා නිසා ස්වාභාවික ඍතු නියාමයේ සමතුලිතතාවය බිඳී විපත් තවත් වැඩිවේ.
එබැවින්, ස්වාභාවික ව්‍යසනයකට හසුවී යමෙකු මියගිය සැනින් "එයා පව් කරලා, කර්මය පලදීලා" යැයි පැවසීම බුදුදහමට අනුකූල නොවන අතර, ලෝකය සහ මිනිස් ජීවිතය තේරුම් ගැනීමට මෙම පංච නියාම ධර්ම පිළිබඳ නිවැරදි අවබෝධය ඉතා වැදගත් වේ.

කලින් පොස්ට් එකට බැනපු හා දැනුම් දන්සල කරන්නේ නිරාගමිකයෙක් යැයි කියූ අය සදහා විශේෂයෙන් ලියන ලද්දකි.
මේ කරුණු වැරදි නම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න. ❤️❤️🙏

දැනුම් දන්සල ❤️🙏🙏

❤️🙏🙏
27/08/2026

❤️🙏🙏

😢😢🙏
27/08/2026

😢😢🙏

25/08/2026

දරුවෙකු නලවද්දි මේ දේත් දැනගෙන ඉන්න.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Danum Dansala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share