Dr Dilanka Liyanage

  • Home
  • Dr Dilanka Liyanage

Dr Dilanka Liyanage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr Dilanka Liyanage, Health & Wellness Website, .

නිවනින්නම සැනසීම ලැබේවා 🙏
27/08/2026

නිවනින්නම සැනසීම ලැබේවා 🙏

22/08/2026

👀ඔබේ ඇසිපිය ඇතුළේ තෙල් ග්‍රන්ථි හිරවුණාම වෙන දේ මෙන්න! (Chalazion)

🪐ඇසිපියෙහි ඇතිවන කැලේසියන් (Chalazion) යනු ඇසිපිය ඇතුළත ඇති මයිබෝමියන් (Meibomian) තෙල් ග්‍රන්ථියක් අවහිර වීමනිසා හටගන්නා වේදනා රහිත, තද ස්වභාවයෙන් යුත් ගැටිත්තකි. බොහෝ දෙනා මෙය ‍ Stye ලෙස වැරදියට වටහා ගත්තද, Stye රෝගයක් යනු රෝම කූපයක් ආශ්‍රිතව සිදුවන වේදනාකාරී බැක්ටීරියා ආසාදනයකි.

🪐මෙය ඇතිවන්නේ කෙසේද? අපගේ ඇසිපිය ඇතුළත පිහිටි මයිබෝමියන් ග්‍රන්ථි මගින් ඇසේ තෙතමනය පවත්වා ගැනීමට අවශ්‍ය තෙල් ශ්‍රාවය කරයි. මෙම ග්‍රන්ථිවල නාලිකා උකු වූ තෙල් හෝ සෛල කොටස් මගින්අවහිර වූ විට, තෙල් පිටතට ගැලීමට නොහැකි වී ඇතුළත සිරවෙයි. කාලයත් සමඟ මෙම සිරවූ තෙල් ඇසිපියේ පටක අතරට කාන්දු වීමෙන් කුඩා, තද ගැටිත්තක් Chalazion නිර්මාණය වේ.

🪐මූලික ප්‍රතිකාර ආරම්භක අවස්ථාවේදී නිවසේදීම සිදුකළ හැකි සරල ප්‍රතිකාර මගින් මෙය සුවකර ගත හැක: 🔫රස්නෙ තැවීම (Warm Compress with Gentle Massage): පිරිසිදු රෙදි කඩක් මඳ රස්නෙ වතුරෙන් තෙමා දිනකට 3-4 වතාවක්, විනාඩි 5-10 අතර කාලයක් ඇසිපිය මත තැවීම මගින් තද වී ඇති තෙල් දියවී සුව වීම ඉක්මන් කරයි

🪐සුළු සැත්කමක් (Incision & Curettage) අවශ්‍ය වන්නේ කවදාද? 👀සති කිහිපයක් තැවීම් සිදුකළද සුව නොවී පවතින තද ගැටිති සඳහා Incision and Curettage (I&C) නමැති සුළු ශල්‍යකර්මය සිදුකරනු ලබයි, මෙය හිරිවට්ටා සිදුකරන වේදනාවෙන් තොර සුළු ශල්‍යකරමයකි

(ඉහත කරැනු සාමාන්‍ය දැනුවත් වීම සදහා පමනක් බව සලකන්න)

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Dilanka" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 15K ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

©️ වෛද්‍ය දිලංක ලියනගේ
මූලික රොහල - බලංගොඩ

🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.🙂

ලෝකයක් දිනූ ලක්මවේ ජයග්‍රාහී හෙල්ලයේ අභිමානය: රුමේෂ් තරංග 🥇🇱🇰ස්විට්සර්ලන්තයේ ලොසෑන් හි පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ම...
22/08/2026

ලෝකයක් දිනූ ලක්මවේ ජයග්‍රාහී හෙල්ලයේ අභිමානය: රුමේෂ් තරංග 🥇🇱🇰
ස්විට්සර්ලන්තයේ ලොසෑන් හි පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 88.14ක සුපිරි දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය. මෙම අසමසම ජයග්‍රහණයත් සමඟ ඔහු මාතෘභූමිය වෙත අඛණ්ඩව ගෙන ආ ජාත්‍යන්තර රන් අභිමානය පහත පරිදි සටහන් වේ:
රෝම ඩයමන්ඩ් ලීග් රන් පදක්කම 🥇 ✅
දෝහා ඩයමන්ඩ් ලීග් රන් පදක්කම 🥇 ✅
ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් රන් පදක්කම 🥇 ✅
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම 🥇 ✅
ලොසෑන් ඩයමන්ඩ් ලීග් රන් පදක්කම 🥇 ✅
සහභාගී වූ දැවැන්ත ජාත්‍යන්තර තරග 5කදීම රන් පදක්කම් 5ක් දිනාගනිමින් ශ්‍රී ලංකා නාමය ලෝක ක්‍රීඩා පිටිය හමුවේ ඉහළින්ම ඔසවා තැබීමට ඔහු දැක්වූ මෙම දක්ෂතාව සැබවින්ම විශිෂ්ටයි. තමන්ගේ මව්බිම වෙනුවෙන් ක්‍රීඩකයෙකුට කළ හැකි ඉහළම මෙහෙවර ඉටුකළ Rumesh Tharanga අපගේ උණුසුම් සුබපැතුම්! 🇱🇰❤️

Toyota Yaris G 2026Zero MilageLED lights4 way camera110 lksJpy Rate 2.15 .Dr Dilanka - 📞0712832891
15/08/2026

Toyota Yaris G 2026
Zero Milage
LED lights
4 way camera
110 lks
Jpy Rate 2.15 .

Dr Dilanka - 📞0712832891

Toyota Yaris G 2026
Zero Milage
LED lights
4 way camera
110 lks
Jpy Rate 2.15 .

📞0712832891

🚩කිසිම ලෙඩක් නැතුව ඇස් වැලි දාලා වගේ කෙවෙනවාද ? ඇසිපිය යට ඇතිවන කුඩා ගැට / තැන්පතු (Subtarsal Concretions / Conjunctival...
12/08/2026

🚩කිසිම ලෙඩක් නැතුව ඇස් වැලි දාලා වගේ කෙවෙනවාද ?
ඇසිපිය යට ඇතිවන කුඩා ගැට / තැන්පතු (Subtarsal Concretions / Conjunctival Concretions)

🚩අපගේ ඇසිපිය ඇතුළු පැත්තේ ඇති සිනිඳු පටලය (Conjunctiva) මත ඇතිවන කුඩා කහ හෝ සුදු පැහැති තිත්/ගැට Subtarsal Concretions (නැතහොත් Conjunctival Concretions) ලෙස හඳුන්වයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ දෙනෙක් මෙය "ඇසේ කැල්සියම් තැන්පත් වීම" ලෙස හැඳින්වුවද, මේවා සෑදී ඇත්තේ මියගිය සෛල කොටස් සහ ඇසෙන් ශ්‍රාවය වන ශ්ලේෂ්මල (mucus) එක්රැස් වීමෙනි.

🚩ඇසිපිය ඇතුළත මෙවැනි තැන්පතු ඇතිවීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපායි:
👥දීර්ඝකාලීන ඇස් අසාත්මිකතා හෝ ප්‍රදාහයන්: ඇසේ නිතර ඇතිවන අසාත්මිකතා (Allergies) හෝ 👥ඇස් ලෙඩ (Conjunctivitis) නිසා.
ඇස් වියළි වීම (Dry Eye Syndrome): ඇසේ තෙතමනය අඩුවීම නිසා ශ්ලේෂ්මල පටල වියළී එක්රැස් වීම.
👥වයස්ගත වීම: වයසට යාමත් සමඟ ඇසිපිය ඇතුළත පටලවල සිදුවන ස්වාභාවික වෙනස්කම්.
👥බාහිර උත්තේජන: දූවිලි, දුම හෝ ඇස් ආලේපන (Eye makeup) නිසා ඇසට සිදුවන නිරන්තර කපන සුළු ස්වභාවය.

🚩ප්‍රධාන රෝග ලක්ෂණ
බොහෝ දෙනෙකුට මෙම ගැට නිසා කිසිදු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවේ. නමුත් මෙම ගැට උඩට ඉල්පී ඇසේ කෝනියාවේ (Cornea) ඇතිල්ලීමට පටන් ගත් විට පහත ලක්ෂණ මතු විය හැක:
👥ඇසේ වැලි කැටයක් තිබෙනවා වැනි හැඟීම (Gritty sensation): ඇස පියවන විට යමක් ඇසට ඇනෙනවා මෙන් දැනීම.
👥ඇස ඇතුළෙන් කැපෙන හෝ කසන ස්වභාවය
👥ඇස රතු වීම සහ නිතර කඳුළු ගැලීම
👥ඇස පියවීම අපහසු වීම

🚩ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස්
1. රෝග ලක්ෂණ නොමැති නම්: කිසිදු අපහසුතාවයක් නොමැති නම් ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය නොවේ.
2. අපහසුතාවයක් පවතී නම්:
👥අක්ෂි වෛද්‍යවරයෙකුට ඉතා පහසුවෙන් සහ වේදනාවකින් තොරව මේවා ඉවත් කළ හැක.
👥මෙහිදී ඇසට නිර්වින්දන ඖෂධ බිංදු (Anesthetic drops) යොදා, කුඩා ඉඳිකටුවක් වැනි වෛද්‍ය උපකරණයකින් ඇසිපිය යට ඇති ගැට ඉවත් කරනු ලැබේ.
👥ඇස තෙතමනය කරන බිංදු ඖෂධ (Eye drops / Lubricants) භාවිතයෙන් ඇසේ වියළි බව සහ කැපෙන සුළු ස්වභාවය අවම කරගත හැක.

🚩අවධානයට
👥 තමා විසින් ඉවත් කිරීමට උත්සාහ නොකරන්න: කිසිම විටෙක ඇසිපිය යට ඇති මෙම ගැට තමා විසින්ම හෝ නොදන්නා අය ලවා ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. එමගින් ඇසට බරපතල හානි සිදුවිය හැක.
👥ඇස පිරිමැදීමෙන් වළකින්න: ඇසට යමක් ඇනෙන විට ඇස තදින් පිරිමැදීමෙන් ඇසේ කළු ඉංගිරියාවට (Cornea) හානි සිදුවිය හැක.

(ඉහත කරැනු සාමාන්‍ය දැනුවත් වීම සදහා පමනක් බව සලකන්න)

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Dilanka" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 15K ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

©️ වෛද්‍ය දිලංක ලියනගේ
(අකෂි වෛද්‍ය ඒකකය - මූලික රෝහල බලංගොඩ)

🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.🙂

-concretions

11/08/2026

👥අක්මාව (Liver) යනු අපගේ සිරුරේ ඇති ඉතා වැදගත් අවයවයකි. එය අප ගන්නා ආහාර ජීර්ණය කිරීමට, සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට සහ ශක්තිය ගබඩා කිරීමට උපකාරී වේ. නමුත් දිගු කාලයක් තිස්සේ අධික ලෙස මත්පැන් (මද්‍යසාර) පානය කිරීම නිසා අක්මාවට බරපතල හානි සිදුවිය හැක.
මෙලෙස අක්මාවේ සෛල විනාශ වී, ඒ වෙනුවට කැළැල් (scar tissue) ඇතිවීම "සිරෝසිස්" (Cirrhosis) ලෙස හඳුන්වයි.

👥 මද්‍යසාර නිසා අක්මාව එකවරම සිරෝසිස් තත්ත්වයට පත් නොවේ. එය ප්‍රධාන පියවර 3කින් සිදුවේ:
1. ෆැටි ලිවර් (Fatty Liver): මත්පැන් නිසා අක්මාවේ තෙල් තැන්පත් වීම. මෙම අවස්ථාවේදී මත්පැන් නැවැත්වුවහොත් අක්මාව නැවත යථා තත්ත්වයට පත් කරගත හැක.
2. අක්මාව ප්‍රදාහය වීම (Alcoholic Hepatitis): දිගටම මත්පැන් බීම නිසා අක්මාව ඉදිමී, තුවාල වී ප්‍රදාහයට ලක්වේ.
3. සිරෝසිස් (Cirrhosis): මෙය අවසාන අදියරයි. අක්මාව සම්පූර්ණයෙන්ම හැකිලී, ගැට සහිත වී එහි ක්‍රියාකාරීත්වය අඩපණ වේ. මෙය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි (irreversible) බරපතල තත්ත්වයකි.

👥ප්‍රරධාන රෝග ලක්ෂණ
මුල් අවදියේදී රෝග ලක්ෂණ නොපෙන්වන අතර, රෝගය උත්සන්න වනවිට පහත ලක්ෂණ මතු විය හැක:
👇නිතර දැනෙන අධික වෙහෙසකර බව සහ දුර්වලතාවය
👇කෑම අරුචිය සහ බර අඩුවීම
👇ඇස් සහ සම කහ පැහැ වීම (Jaundice)
👇උදරයේ ජලය පිරීම නිසා බඩ විශාල වීම (Ascites)
👇කකුල් සහ වළලුකර ඉදිමීම
👇ලේ වමනය යාම හෝ මළපහ සමඟ ලේ පිටවීම Gastrointestinal Bleeding (Internal Bleeding)🚩මෙය ඉතා බරපතල තත්ත්වයකි
👇සිහිවිකල් වීම හෝ ව්‍යාකූල බව(Hepatic Encephalopathy)

👥 වළක්වා ගැනීම සහ ප්‍රතිකාර
සිරෝසිස් තත්ත්වයට පත් වූ අක්මාවක් නැවත සම්පූර්ණයෙන්ම සුව කළ නොහැක. නමුත් රෝගය තවත් නරක අතට හැරීම වළක්වා ගැනීමට හා ජීවිත කාලය දිගු කර ගැනීමට ප්‍රතිකාර ඇත.
👇මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නැවැත්වීම: මෙය රෝගියා විසින් කළ යුතුම ප්‍රධානතම දෙයයි.
👇පෝෂ්‍යදායී ආහාර: සමබල සහ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම.
👇වෛද්‍ය උපදෙස්: නිසි වෛද්‍ය පරීක්ෂණ (ලේ පරීක්ෂණ, ස්කෑන්) සිදු කර වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ නියමිත ඖෂධ ලබා ගැනීම.
👇අක්මාව බද්ධ කිරීම (Liver Transplant): රෝගය ඉතා දරුණු නම් ඇති එකම සාර්ථක විසඳුම අලුත් අක්මාවක් බද්ධ කිරීමයි.

🚩 මත්පැන් පානය යනු ඔබේ සෞඛ්‍යය මෙන්ම පවුලේ අයගේ සතුටද විනාශ කරන පුරුද්දකි. අදම මත්පැන් භාවිතය පාලනය කර හෝ සම්පූර්ණයෙන්ම නතර කර ඔබේ වටිනා අක්මාව රැකගන්න. අක්මාව යනු අපට ඇති එකම සහ වටිනාම අවයවයක් බව අමතක නොකරන්න!

(ඉහත කරැනු සාමාන්‍ය දැනුවත් වීම සදහා පමනක් බව සලකන්න)

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Dilanka" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 15K ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

©️ වෛද්‍ය දිලංක ලියනගේ

🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.🙂

09/08/2026

👁️ Keratoconus කියන්නේ මොකද්ද?

Keratoconus කියන්නේ ඇස්වල ඉදිරියෙන් තියෙන පැහැදිලි කොටස කුණීතය/cornea තුනී වීමත් සමඟ ඉදිරියට නෙරා එම නිසා Cone එකක් හැඩය ගැනීමයි. මේක නිසා පෙනීම අඩු වීම , බොද වී පෙනීම(Blured vission) ඇති වෙන්න පුළුවන්.

🔍 Cornea/කුනීතය වැදගත් වන්නේ ඇයි?

Cornea එක ආලෝකය ඇස්වල පිටුපසට නාභිගත කරන්න උදව් කරනවා. Keratoconus වලදී cornea එකේ හැඩය වෙනස් වීම නිසා ආලෝකය නිවැරදිව නාභිගත වෙන්නේ නැහැ, ඒ නිසා පෙනීම අඩු වෙනවා.

🚨 Keratoconus වල පොදු ලක්ෂණ:

පෙනීම අඩු වීම/අඅපැහැදීලි වීම

ආලෝකයට අධික සංවේධීබව

රාත්‍රියේ පෙනීමේ අපහසුතාවය

නිතරම කණ්නාඩි මාරැ කීරීමට සිචුවීම (Diopters වෙනස් වීම)

ආලෝකය වටා glare හෝ halos දැකීම

🧬 හේතු මොනවාද?

පැහැදීලි හේතුවක් තවමත් නැහැ, නමුත් මේවා බලපාන්න පුළුවන්:

ජානික (Genetic) — පවුලේ අයට තියෙන්න පුළුවන්

Eye Rubbing / ඇස් නිතර පිරි මැදීම

Allergy(frequent allergic conjunctivitis)

Down syndrome වැනි තත්ව

👀 Keratoconus ඇති වන්නේ කාටද?

සාමාන්‍යයෙන් තරුණ වියේදී (teenagers) රෝගය ආරම්භ වෙනවා

ඇස් දෙකටම බලපාන්න පුලුවං , නමුත් එක ඇසකට වැඩි බලපෑමක් වෙන්න පුළුවන්

මුල් අවධියේදී රොගය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්

🧪 කෙසේ හඳුනාගන්නෙද?

අක්ෂි වෛද්‍ය වරයෙකු මගින් සිදු කරන නියමිත ඇස් පරීක්ෂණයක්
(Refraction/Investigations)

Corneal topography – cornea එකේ හැඩය map කරන විශේෂ scan එකක්

💡 Keratoconus සඳහා ප්‍රතිකාර:

👓 මුල් අවස්ථාවේදී:

අක්ෂි දොෂය(refractive error) සදහාකණ්නාඩි හෝ contact lenses භවිතය, නමුත් මෙමගින් රොගය තව දුරටත් වර්දනය වීම පාලනය කොවේ. එම නිසා නිසි පරීදි අකෂි සායනයට ගොස් ඇස් පරීකෂා කර ගත යතු අතර , රොගය වර්දනය වන්නෙනමි
ඒ සදහා Laser (Collagen cross Linking/CXL එනමි UV light සහ Vitamin B2 භාවිතා කරලා cornea එක ශක්තිමත් කිරීමයි ) ප්‍රතිකාර අවශ්‍ය අතර එමගින් රොගය තව දුරටත් උත්සන්න වීම වලක්වා ඔබගේ පෙනුම රැක දෙයි

🔬 රොගය Laser කිරීමට නොහැකි තරමි වර්දනය වූ විට එනමි කුනීතය ඉතා තුනී වු විට ප්‍රතිකාර:

Corneal transplant/කණීතය බද්ද කල යුතු වේ

❗ වැදගත් උපදෙස්:

ඇස් නිතර පිරිමැදීමෙන්/පොඩි කරීමෙන් (eye rubbing) වලකින්න මේය keratoconus ඇති වීමට හා දැනටමත් තිබෙනමි රොගය වැඩි කිරීමට හේතු වේ

නිතරම ඇස් පරීක්ෂණ කරන්න – පවුලේ අයවලට තියෙනවා නම් විශේෂයෙන්

මුල් අවධියේ හඳුනාගැනීම මගින් රොගය තවදුරටත් වැඩි වි පෙනුම අහිමි වීම වලක්වා ගනිමින් වඩා යහපත් ඡීවිතයක් ගත කල හැක.

තරැණ ඔබ අක්ෂි වෛද්‍ය නිර්දේෂයකින් තොරව නිතර නිතර කෙටි කාලයකින් කන්නාඩි මාරැකරනවානමි එය keratoconus තත්වය විය හැකියි. ඉතිං ඔබගේ දෑස රැක ගැනීම ඔබගේ වගකීම වේ

Dr Dilanka Liyanage (MBBS)
බලංගොඩ මූලික රෝහල

(ඉහත කරැනු සාමාන්‍ය දැනුවත් වීම සදහා පමනක් බව සලකන්න)

🗣ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනවද? "Dr.Dilanka" page එකේ post එකට Comment එකක් දාන්න. පුලුවන් විදියට reply කරන්නම්.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්නේ 15K ක විතර followers ගානක්. ඒ අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.🙂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Dr Dilanka Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Health & Beauty Business?

Share