26/09/2026
👁️🗨️අඩු මාසෙන් ඉපදුන ඔයාගේ බබාගෙත් ඉපදුන ගමන් ඇස් චෙක් කරාද ?(Retinopathy of Prematurity - ROP)
🐤අපරිණතභාවයේ අක්ෂිපටල ආබාධය (ROP) යනු නොමේරූ ලෙස (නියමිත කාලයට පෙර) උපත ලබන බිළිදුන්ගේ ඇස්වල ඇතිවන තත්ත්වයකි. මෙහිදී සිදුවන්නේ ඇස පිටුපස පිහිටි රූප ප්රතිබිම්බ වන සංවේදී ස්තරය වන අක්ෂිපටලයේ (Retina) රුධිර නාළිකා අසාමාන්ය ලෙස වර්ධනය වීමයි.
නිසි වේලාවට හඳුනාගෙන ප්රතිකාර නොකළහොත්, මෙය දරුවාගේ පෙනීම දුර්වල වීමට හෝ සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත්වීමට හේතු විය හැක.
🐤ROP ඇතිවීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද?
🔴සති 31 ට පෙර උපත ලබන බිළිදුන්ගේ.
🔴උපතේදී බර ග්රෑම් 1500 (කිලෝග්රෑම් 1.5) ට අඩු බිළිදුන්ගේ.
🔴දැඩි සත්කාර ඒකකවල (NICU) දීර්ඝ කාලයක් ඔක්සිජන් ලබාදීමට සිදු වූ හෝ වෙනත් සංකූලතා පැවති නොමේරූ බිළිදුන්ගේ.
🐤ROP හඳුනා ගන්නේ කෙසේද?
නොමේරූ ලෙස උපත ලබන සියලුම බිළිඳුන්ගේ ඇස් විශේෂඥ අක්ෂි වෛද්යවරයෙකු (Ophthalmologist) ලවා පරීක්ෂා කිරීම අත්යවශ්ය වේ.
පරීක්ෂාව සිදුකරන කාලය: සාමාන්යයෙන් දරුවා උපත ලබා සති 3 - 4 අතර කාලය තුළ පළමු අක්ෂි පරීක්ෂාව සිදුකරනු ලැබේ.
ඇසට ඖෂධ බිංදු (Dilator Eye drops) දමා කනිනිකාව විශාල කර අක්ෂිපටලය සවිස්තරාත්මකව පරීක්ෂා කරනු ලබයි.
🐤ROP සඳහා වන ප්රතිකාර
බොහෝ සුළු තත්ත්වයන් (Mild stages) ප්රතිකාර රහිතවම ස්වභාවිකව යථා තත්ත්වයට පත්වේ. නමුත් තත්ත්වය බරපතල වන අවස්ථාවලදී පහත ප්රතිකාර යොදා ගනී:
1⚡️. ලේසර් ප්රතිකාර (Laser Therapy): අසාමාන්ය රුධිර නාළිකා වර්ධනය වන ප්රදේශ ලේසර් කිරණ මගින් මුද්රා තැබීම.
2💉. ඇසට විදින එන්නත් (Anti-VEGF Injections): අසාමාන්ය රුධිර නාළිකා වර්ධනය පාලනය කිරීමට ඇස තුළට ලබාදෙන එන්නත්.
🔴දෙමාපියන් ලෙස ඔබ වෛද්ය උපදෙස් තදින්ම අනුගමනය කරන්න: දරුවා රෝහලෙන් ගෙදර ගෙන ආවත්, වෛද්යවරයා ලබාදෙන අක්ෂි පරීක්ෂණ දින (Follow-up appointments) කිසිවිටෙකත් මගහරින්න එපා.
🔴කල්තියා හඳුනාගැනීම: ROP තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනාගතහොත් සරල ප්රතිකාර මගින් දරුවාගේ පෙනීම සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරගත හැක.
©️ වෛද්ය දිලංක ලියනගේ (MBBS )
මුලික රොහල බලන්ගොඩ
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.🙂