හෙදියකගේ දින පොත

හෙදියකගේ දින පොත "හෙදියකගේ දිනපොත"
(697)

ආයුබෝවන්, මම දර්ශනී උපේක්ශා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෘත්තීය හෙද නිලධාරිණියක් වශයෙන් මා ලද අත්දැකීම් සහ දැනුම ඔබ වෙත ගෙන එමින්, ඔබගේ සෞඛ්‍ය රැක ගැනීම උදෙසා දරණ පුංචි වෑයමයි මේ.❤️ ඔබේ සෞඛ්‍ය රැකගන්න, ලෙඩ වෙන්න කලින් කියවන්න.

14/09/2026

ඇය අවුරුදු 21ක් වූ රූමත් තරුණියක්, භූත දෝෂයක් කියලා ගෙදර ඉදලා, රෝහලට ගෙන ආවත් ජීවිතය බේරගන්න බැරි උනා 💔
🚨 හේතුව ඔයාට හිතාගන්නවත් බැරි වෙයි 👇

🚨 බබා නහයට මොනවදෝ දාගෙන..  අනේ..දැන් මම මොකද කරන්නේ? 😢💔 මම මේ අද  ඔබට කියන දේවල් හොඳින් මතක තියාගන්න.මේ වගේ දේවල් ඔයාගේ ...
14/09/2026

🚨 බබා නහයට මොනවදෝ දාගෙන.. අනේ..දැන් මම මොකද කරන්නේ? 😢💔

මම මේ අද ඔබට කියන දේවල් හොඳින් මතක තියාගන්න.මේ වගේ දේවල් ඔයාගේ ගෙදරත් වෙලා ඇති සහ ඉදිරියට වෙන්නත් පුලුවන්. ඒ නිසා ඒ වෙලාවට ඔයා කරන්න ඕනි මොනවද, කරන්න හොඳ නැත්තේ මොනවද කියලා දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා.

1. බබාලා ඇයි මෙහෙම දේවල් නහයට, කනට දාගන්නේ?
බොහෝ විට කුතුහලය නිසා. ඒ වගේම සමහර දරුවන්ට නාසයේ හෝ කනේ යම් ආසාදනයක් හෝ ආසාත්මිකතාවක් නිසා ඇතිවන කැසීම වගේ තත්ත්වයන් මඟහරවා ගන්නත් මෙහෙම දේවල් ඇතුලට දාගන්න පුළුවන්.

2. දරුවා යමක් හිර කරගත්තාම පෙන්නුම් කරන ලක්ෂණ මොනවාද?
බොහෝ විට මුලදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. නමුත් ටික දවසක් යනකොට,
👉 නහයේ එක් නාස් විවරයකින් / එක පැත්තකින් පමණක් සැරව හෝ උකු දියරයක් ගැලීම.
👉 නාසයෙන් හෝ කටින් දුගඳක් හමනවා නම් - මෙය ඉතාම වැදගත් ලක්ෂණයක්. කාබනික ද්‍රව්‍ය (ඇට වර්ග, කොළ වර්ග) කුණු වීම නිසා මේ දුගඳ එනවා.
👉 එක නාස් විවරකින් පමණක් ලේ ගැලීම.
👉 නිතරම නහය අතගාමින් හෝ කන අතගාමින් දැඟලීම.

3. ඇට වර්ග වඩා භයානක ඇයි?
මදටියා, සියඹලා, දඹල වගේ ඇට වර්ග නාසය ඇතුලේ තියෙන තෙතමනය උරාගෙන ඉදිමෙනවා . දාපු වෙලාවේ පොඩියට තිබුනට ටික වෙලාවකින් ඒක ඉදිමිලා තද වෙනවා. එතකොට ආයේ එළියට ගන්න හරිම අමාරුයි.

4. මේ වෙලාවට දරුවගේ ළඟ ඉන්නේ ඔබ නම්, ඔබ කළ යුතු දේ,
👉 වහාම රෝහලක් වෙත රැගෙන යන්න. හැකි නම් ENT (උගුර කන නාසය) පහසුකම් ඇති රෝහලකටම යන්න (උදා: දිස්ත්‍රික් මහ රෝහලක් හෝ ශික්ෂණ රෝහලක්).

👉 දරුවාට කටින් හුස්ම ගන්න උපදෙස් දෙන්න.

නොකළ යුතු දේ,
👉 කිසිම වෙලාවක ගෙදරදී අඬු, කටු, හෙයාර් පින් දාලා ගන්න උත්සාහ කරන්න එපා.
👉 එවිට සිදුවන්නේ ඒ දේ තවත් ඇතුලට තල්ලු වීම හෝ නාසයේ සියුම් පටක තුවාල වීමයි.
👉 නාසය ඇතුලේ හිරවුණු දෙයක් පෙනහලු වලට ගියොත් (, දරුවාගේ ජීවිතය පවා නැති වෙන්න පුළුවන්.

මේ වගේ අනතුරක් ඕනම වෙලාවකවෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවා ගැන නිතරම ඇස ගසාගෙන ඉන්න.

මේ පණිවිඩය හැමෝම අතරේ බෙදාගන්න. එක දරුවෙක් හෝ බේරගන්න මේ දැනුවත් කිරීම හේතු වේවි.
ඔබේ අදහස් සහ අත්දැකීම් පහළින් ලියාගෙන යන්න.
අපි ලෙඩ වෙන්න කලින් දැනගෙන ඉමු.

ස්තූතියි
හෙදියකගේ දිනපොත

13/09/2026

🚨 පොඩි දරුවෙක් ඉන්න ඔයාට අත්දකින්න ලැබුම අමතක නොවන අත්දැකීම් මොනවද? 👇

(ශ්වසන මාර්ගයේ සිරවීම්/ පිළිස්සුම්/වැටීම්/ සතුන් සපාකෑම්/දියේ ගිලීම් වගේ දේවල්💁‍♀️)
පහළින් ලියන්න.

🚨 හරියට ප්‍රතිකාර නොලැබුනොත් ජීවිතය පවා අහිමි වෙන්න පුලුවන් සෙලියුලයිටිස් ගැන ඔයා දන්නවද? 👇කවදා හරි ඔයාගේ අතක හරි කකුලක ...
13/09/2026

🚨 හරියට ප්‍රතිකාර නොලැබුනොත් ජීවිතය පවා අහිමි වෙන්න පුලුවන් සෙලියුලයිටිස් ගැන ඔයා දන්නවද? 👇
කවදා හරි ඔයාගේ අතක හරි කකුලක හරි හම ගොඩක් වේදනා දෙන විදියට රතු වෙලා ඉදිමිලා තියෙනවද? 💁‍♀️
දියවැඩියා රෝගීන්ට මාරකයක් වගේ ඇතිවන මේ සෙලියුලයිටිස් තත්වය ගැන තමයි අද ලිපිය ලියවෙන්නේ. දියවැඩියා රෝගීන්ට සුලබව ඇති වුනත්, නිරෝගී ඔබටත් මේ තත්වය ඕනෑම වෙලාවක ඇති වෙන්න පුලුවන්. ඒ නිසා මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න..

💁‍♀️ මොකක්ද මේ සෙලියුලයිටිස් කියන්නේ?
සෙලියුලයිටිස් කියලා කියන්නේ සමේ සහ සමට යටින් ඇති පටකවල ඇතිවන බැක්ටීරියා ආසාදනයක්. මේක බහුලවම කකුල්, පාද සහ පාදයේ ඇඟිලි ඇතුළුව සිරුරේ පහළ කොටසට බලපාන නමුදු, මුහුණ, අත් සහ ඇඟිලි ඇතුළු ශරීරයේ ඕනෑම කොටසක වුනත් ඇති වෙන්න පුලුවන්. මෙය ඉතා සුලභ රෝග තත්ත්වයක් වෙනවා වගේම ආසාදනය හේතුවෙන් සමේ ඉදිමීම, වේදනාව සහ චලනය කිරීමේ අපහසුතා ඇති වෙනවා.

💁‍♀️ රෝග ලක්ෂණ සහ ඇතිවීමට හේතු

සෙලියුලයිටිස් ප්‍රධාන වශයෙන් ඇතිවන්නේ ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) සහ ස්ටැෆිලොකොකස් (Staphylococcus) යන බැක්ටීරියාවන් සමේ ඇතිවන සිදුරු හෝ තුවාල හරහා ශරීරයට ඇතුළු වීමෙනි.

🚨 ප්‍රධාන රෝග ලක්ෂණ

👉 සමේ වේදනාව, තද ගතිය සහ ඉදිමීම.
👉 ආසාදිත ප්‍රදේශය ස්පර්ශ කිරීමේදී දැනෙන උණුසුම් ගතිය.
👉 සමේ පැහැය වෙනස් වීම (රතු, දම් හෝ සාමාන්‍ය සමේ පැහැයට වඩා තද පැහැති වීම) සහ දොඩම් ලෙල්ලක් මෙන් ගැටිති සහිත වීම.
👉 තරලයෙන් පිරුණු බිබිලි ඇතිවීම.
👉 බැක්ටීරියාවන්ට එරෙහිව සිරුර ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උණ, සීතල/වෙව්ලන ගතිය සහ දැඩි තෙහෙට්ටුව ඇතිවීම.

🚨 අවදානමට ලක්වීමේ ප්‍රධාන හේතු

🔴 සමේ විවෘත තුවාල - කැපුම් තුවාල, වණ, කෘමි දෂ්ට කිරීම්, සතුන් සපා කෑම් හෝ ශල්‍යකර්ම කැපුම් හරහා බැක්ටීරියාවන්ට පහසුවෙන් ඇතුළු විය හැක.
🔴 නිදන්ගත සමේ රෝග - ඇත්ලට්ස් ෆුට් (athlete’s foot), දද (eczema) හෝ සොරයිසිස් (psoriasis) වැනි රෝග හේතුවෙන් සමේ ආරක්ෂිත ස්ථරයට හානි සිදුවීම.
🔴 දුර්වල ප්‍රතිශක්තිය හා වෙනත් රෝග - ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම, දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම සහ තරබාරුකම හේතුවෙන් ආසාදනවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩුවේ.
🔴 දුර්වල සනීපාරක්ෂාව - සමේ හානියට පත් වූ ස්ථාන අපිරිසිදුව තබාගැනීම.

💁‍♀️ රෝග විනිශ්චය සහ පරීක්ෂණ

බොහෝ අවස්ථාවලදී වෛද්‍යවරයෙකුට ආසාදිත ප්‍රදේශය භෞතිකව පරීක්ෂා කිරීමෙන් සහ රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් සෙලියුලයිටිස් හඳුනාගත හැක. එහෙත් රෝගය දරුණු මට්ටමක පවතී නම්, පහත පරීක්ෂණ මගින් ආසාදනය පැතිරී ඇති ආකාරය සහ නිවැරදි ප්‍රතිකාරය තීරණය කරනු ලබයි.
👉 රුධිර පරීක්ෂාව - ආසාදනය රුධිරයට පැතිරී ඇත්දැයි තහවුරු කිරීමට.
👉 සමේ පරීක්ෂාව සහ බැක්ටීරියා රෝපණය (Skin test & Bacterial culture)
ආසාදනයට හේතු වූ නිශ්චිත බැක්ටීරියා වර්ගය හඳුනාගෙන, ඊට වඩාත් සුදුසු ප්‍රතිජීවක ඖෂධය නියම කිරීමට.

💁‍♀️ ප්‍රතිකාර ක්‍රම සහ කළමනාකරණය

සෙලියුලයිටිස් සඳහා ප්‍රධානතම ප්‍රතිකාරය වන්නේ බැක්ටීරියා විනාශ කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබා දීමයි. සාමාන්‍ය තත්ත්වයන් සඳහා මුඛ මාර්ගයෙන් ප්‍රතිජීවක පෙති හෝ කරල් ලබාදෙන අතර, දරුණු තත්ත්වයන් සඳහා රෝහල් ගතවී ශිරාගත කරන (IV) ප්‍රතිජීවක ලබාගැනීමට සිදුවේ.
සුවවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා නිවසේදී පහත පියවර අනුගමනය කරන්න පුලුවන්.

🔴 Warm compress - ආසාදිත ප්‍රදේශයට උණුසුම් තැවීමක් යෙදීමෙන් ඉදිමීම සහ වේදනාව සමනය වේ.
🔴 ඔසවා තැබීම - ආසාදිත පාදය හෝ අත ඔසවා තැබීමෙන් රුධිර වාහිනීවල පීඩනය අඩුවී රුධිර ගමනාගමනය ක්‍රමවත් වේ. එමගින් ඉදිමුම බැසයාම වේගවත් කරයි.
🔴 Compression - කම්ප්‍රෙෂන් බැන්ඩේජ් භාවිතය මගින් රුධිර සංසරණය වැඩි දියුණු කරයි. (රුධිර ගමනාගමනය අඩාල නොවන සේ මෙය පැලඳිය යුතු අතර දිනකට දෙවරක්වත් විනාඩි 10-15 ක් ඉවත් කර තැබිය යුතුය).
🔴 වේදනා නාශක (NSAIDs) - වෛද්‍ය උපදෙස් මත ඇස්පිරින් හෝ අයිබියුප්‍රොෆෙන් වැනි ඖෂධ ලබාගැනීමෙන් වේදනාව සහ ප්‍රදාහය අවම කරගත හැක.

💁‍♀️ වළක්වා ගැනීම සහ රෝගය සමඟ ජීවත් වීම
සෙලියුලයිටිස් කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් දින 7 සිට 10 ක් ඇතුළත සම්පූර්ණ සුවය ලබාගත හැක. රෝගය නැවත ඇතිවීම සහ සංකූලතා වළක්වා ගැනීමට පහත පුරුදු වැදගත් වේ.
🔴 ප්‍රතිජීවක සම්පූර්ණ කිරීම - රෝග ලක්ෂණ අඩුවී සුවයක් දැනුණද, වෛද්‍යවරයා නියම කළ ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය සම්පූර්ණයෙන්ම ලබාගැනීම අනිවාර්ය වේ. එසේ නොකළහොත්, ඉතිරි වන බැක්ටීරියා හේතුවෙන් රෝගය නැවත ඇතිවිය හැකි අතර ඊට ප්‍රතිකාර කිරීම වඩාත් අපහසු වේ.
🔴 තුවාල කළමනාකරණය - ඕනෑම කුඩා කැපුමක්, සීරීමක් හෝ තුවාලයක් වහාම ප්‍රතිබැක්ටීරීය සබන් සහ ජලය යොදා පිරිසිදු කර, ප්‍රතිජීවක ආලේපනයක් ගල්වා බැන්ඩේජ් එකකින් ආවරණය කරන්න.
🔴 ආසාදිත ප්‍රදේශය ස්පර්ශ නොකිරීම - ආසාදිත ප්‍රදේශය මිරිකීමෙන් හෝ සිදුරු කිරීමෙන් වළකින්න. ඉන් සහනයක් නොලැබෙන අතර ආසාදනය තවත් පැතිරීමට එය හේතු වේ.
🔴 විවේකය - ආසාදිත ප්‍රදේශයට පීඩනයක් එල්ල වන ඇවිදීම හෝ වෙනත් ව්‍යායාමවලින් වැළකී ප්‍රමාණවත් විවේකයක් ලබාගන්න.

ප්‍රතිකාර ආරම්භ කර දින කිහිපයකට පසුවත් රෝග ලක්ෂණ අඩු නොවේ නම්, ඉදිමීම සහ වේදනාව වැඩිවේ නම්, හෝ ආසාදනය වෙනත් ප්‍රදේශවලට පැතිරී යන්නේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය වේ. මෙම බැක්ටීරියා රුධිරයට හෝ හෘදයට පැතිර ගියහොත් එය මාරාන්තික විය හැක.
ස්තූතියි
හෙදියකගේ දිනපොත

13/09/2026

🚨 රෑට ටික ටික මූත්‍රා යන එක සාමාන්‍යයි කියලද හිතන්නේ?
⚠️️ ඔබ පිරිමි පුද්ගලයෙක් නම් පුරස්ථි ග්‍රන්ථියේ ඇතිව්න පිළිකා ගැන අනිවාර්යෙන් දැන සිටිය යුතුම දේවල් 5ක්👇
පළවෙනි comment එක බලන්න.🔴⚠️️

12/09/2026

🚨1990 ගිලන්රථ සේවාවෙන් රැගෙන ආ ඔහු, හුස්ම ගැනීමේ දැඩි අපහසුව සමඟ දින කිහිපයක් නිවසේ රැඳී සිට තිබුනා.💔 ඔහු රෝහලට රැගෙන එන විටත් ප්‍රමාද වැඩියි.
💔 හේතුව කුමක් විය හැකිද?

12/09/2026

💁‍♀️ ඔයාගේ හාට් එක වැඩ කරන්නේ අඩුවෙන් කියලා කීවද? මොකක්ද මේ EF (Ejection Fraction) අගය කියන්නේ?
⚠️️ඒ අගය අඩු වෙන්නේ ඇයි?
පළවෙනි comment එක බලන්න.👇👇

10/09/2026

අද සැප්තැම්බර් 10 !
"ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනය"
🚨පහත රෝග ලක්ශන 16 ඔබ තව කෙනෙකුගෙන් දකීයි නම් ඔහුට ඔබගේ උදව් අවශ්‍යයි ! 👇
අවධානයෙන් සිටින්න.

10/09/2026

⚠️️ "මට හාට් ඇටෑක් එකක්ද? මම දැන් මැරෙයිද?
ලෙඩක් නැතුව කොහොමද මට මැරෙන්න තරම් අමාරු වුණේ?"
🚨එහෙම ඔයාටත් හිතෙනවා නම් පළවෙනි comment එක බලන්න 👇👇

09/09/2026

🚨 දියවැඩියාව ඇති ඔබට පපුවේ වේදනාවක් නැතිවම එන්න පුලුවන් නිහඬ හෘදයාබාධය ගැන ඔබ දැන සිටියාද? 💁‍♀️
🔴⚠️️ පපුවේ වේදනාවක් නැතත් පහත රෝග ලක්ශණ පිළිබඳ අවධානයෙන් සිටින්න.!👇

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when හෙදියකගේ දින පොත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හෙදියකගේ දින පොත:

Shortcuts

Share