MOH Office Dehiattakandiya

MOH Office Dehiattakandiya Medical Officer of Health Office - Dehiattakandiya

04/07/2026
2026 පොසොන් පෝය වෙනුවෙන් පවත්වන දන්සල් පරීක්ෂා කිරීම අප ආයතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අද දින...
30/06/2026

2026 පොසොන් පෝය වෙනුවෙන් පවත්වන දන්සල් පරීක්ෂා කිරීම අප ආයතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අද දිනය පුරා සිදු කෙරිණි.

අප බලප්‍රදේශය තුළ පවත්වන දන්සල් වල සංවිධායකයන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහන අද දින අප කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ...
27/06/2026

අප බලප්‍රදේශය තුළ පවත්වන දන්සල් වල සංවිධායකයන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහන අද දින අප කාර්යාලයේ දී පවත්වන ලදී.
මෙහිදී සෞඛ්‍යාරක්ෂිතව දන්සලක් පවත්වන ආකාරය පිළිබඳව ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම සිදු කරන ලදී.

24/06/2026
24/06/2026

බර, දිග/උස වැනි සරල මිනුම් මඟින් ඔබේ දරුවාගේ සෞඛ්‍ය සහ පෝෂණය පිළිබද බොහෝ දේ අනාවරණය කර ගතහැකියි.

ක්‍රමානුකූලව වර්ධනය ඇගයීම තුලින්
- මන්දපෝෂණය
- අධිබර
- වර්ධන ගැටළු සඳහා ඇති අවදානම
වැනි තත්ත්ව ඉක්මනින් හදුනාගත හැකියි.

ඉක්මනින් හඳුනා ගැනීම තුලින් අදාළ පිළියම් යෙදීම බොහෝවිට පහසු කරවන අතර දරුවන්ට සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් ප්‍රශස්ත වර්ධනයක් ලගා කරගැනීමටත් උපකාර කරයි.

ජාතික පෝෂණ මාසය වන මෙම ජූනි මාසයේදී අවුරුදු 5ට අඩු ඔබේ දරුවාත් සමග ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පවත්වනු ලබන වර්ධනය ඇගයීමේ සැසියට නොවරදවාම සහභාගිවී දරුවාගේ වර්ධන රටාව ක්‍රමවත්ව සිදුවෙනවා දැයි දැන ගන්න.

ක්‍රමානුකූල වර්ධනය ඇගයීම දරුවාට සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත්, ජව සම්පන්න දරුවකු වන්නට මග සලසයි.
අද ඔබ ගන්නා කුඩා පියවර ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට තබන පළවෙනි පියවරකි

24/06/2026

කලින්ම හඳුනා ගතහොත්, වර්ධනය සහ පෝෂණය පිළිබඳ ගැටලු බොහොමයක් පහසුවෙන්ම නිවැරදි කළ හැකියි.

ගැටලුවක් ඉක්මනින් සොයා ගන්නා තරමට, දරුවාගෙ වර්ධනය යථා තත්ත්වයට පත් කිරීමට පවුල්වලට අවශ්‍ය උපදෙස්, සහය සහ සෞඛ්‍ය රැකවරණය ඉක්මනින් ලබා දීමට හැකියි.

ගැටළුවක් නිවැරදි කළ නොහැකි තත්ත්වයකට පත්වන තෙක් බලා නොසිටින්න. ක්‍රමානුකූල වර්ධන ඇගයීම ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හා යහපැවැත්මට සැබෑම වෙනසක් ලගා කරදෙයි.

ජාතික පෝෂණ මාසය වන මෙම ජූනි මාසයේදී අවුරුදු 5ට අඩු ඔබේ දරුවාත් සමග ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් පවත්වනු ලබන වර්ධනය ඇගයීමේ සැසියට නොවරදවාම සහභාගිවී දරුවාගේ වර්ධන රටාව ක්‍රමවත්ව සිදුවෙනවා දැයි දැන ගන්න.

ක්‍රමානුකූල වර්ධනය ඇගයීම දරුවාට සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත්, ජව සම්පන්න දරුවකු වන්නට මග සලසයි.

අද ඔබ ගන්නා කුඩා පියවර ඔබේ දරුවාගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට තබන පළවෙනි පියවරකි.

Address

Dehiattekandiya

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Telephone

+94272250145

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Office Dehiattakandiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MOH Office Dehiattakandiya:

Shortcuts

Share