Lankanadclick

Lankanadclick Help others, help yourself....

0770 259 438 In a period the method of e-commerce is successful and
spreading tremendously in worldwide.

Lankan ad click is incorporated as a private company having
compiled with the requirements under the company Act,
No 07 of 2007 and that the company is limited with PV 89719
as its company registration number. LankanadClick පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදී සමාජවාදී ජනරජයේ 2007 අංක 7 දරන සමාගම් පනතේ විධි විධානයන්ට යටත්ව, අංක PV 89719 යටතේ, නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇත.
අප ආයතනයේ මූලික කා

ර්යය වන්නේ දිනෙන් දින දියුණු වන අන්තර්ජාල දැන්වීම් කලාව වැඩි දියුණු කිරීමත් ඒ හරහා ලෝකයේ සෑම වෙළඳ ආයතනයකම වෙළඳ දැන්වීම් අප සමාගමේ නිල වෙබ් අඩවිය තුල ප්‍රචාරණය කිරීමය. එමඟින් වැඩි කාලයක්, අන්තර්ජාලයේ සැරිසරන පුද්ගලයන්නෙ කාලය ඵලදායි ලෙස යොදවමින් ආදායම් මාර්ගයක් ඔවුන්ට විවර කරදීමයි...

08/03/2026

පිරිත් නූල 😇

#පිරිත්

08/03/2026

Our beloved Princess as an action figure...
Look how beautiful she is... Princess Diana forever ::

02/03/2026

▶ සිකුරු උච්ච වෙයි !

⭆ ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු, 2026 වසරේ මාර්තු 03 වනදා,
කුම්භ රාශියෙන් මිදී, මීන රාශියට පැමිණ උච්ච වෙයි. මෙම ග්‍රහචාරය මාර්තු 26 වනතුරුම පවති.

⭆ සිකුරු උච්ච වන්නේ, මීන රාශියේ වන අතර,
මීන රාශියේම සෙනසුරුද සිටින නිසා,
“ ශනි + සිකුරු යෝගයක් “ ඇති වෙයි.

⟷ මේ තත්වය පොදුවේ කලාවට සම්බන්ධ අයට තරමක් අපලදායකය.
⟷ විශේෂයෙන් ගායකයන්, නළු - නිලියන් වැනි අයට තරමක් අපලකාරි සති කීපයකි.
⟷ ජනතාවගේ සුළු සුළු කැළඹීම් පෙන්වන කාලයකි මේ කාලය.

ලග්න 12ට පොදුවේ බලපෑම යට තිබෙන පරිදිය.
( කේන්දර සටහන අනුව වෙනස් විය හැක)

-
● මේෂ

මේෂ ලග්නයේ 12 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
වියදම් අධික වන්නට ඉඩ ඇති කාලයකි.
වියදම් තත්වය කළමනාකරණය කරගත යුතුය. ඒ පිලිබද පියවර ගත නොගතහොත්, ණය වීමට පවා ඉඩ ඇත.
කිරීමට සිතාගෙන සිටි දේවල් අතරමග නතර වීමට ඉඩ ඇත.
වියදම් අනවශ්‍ය දේට වීමට ඉඩ ඇත.
ප්‍රේම සබදතා වලට බාධා, ප්‍රේම සබදතාවය කැඩෙන්නට ​හෝ සබදතාවලින් ඈත්විමට ඉඩ ඇති කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග යනාදිය ගැන පරිස්සම් වන්න.

-

● වෘෂභ
11 ලග්නයේ වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
ලග්නාධිපතියා 11 වැන්නේ උච්ච වීම යහපත්ය.
හදිසි ධනලාභ ඇතිවිමට ඉඩ ඇත.
කරන කියන දේ වලින් ලාභ ලැබේ !
ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. ආදායම් මාර්ග ස්ථිර වෙයි.
මංගල යෝජනා ස්ථිර වන කාලයකි. ප්‍රේමයට ආදරයට යහපත් කාලයකි.
නව බලා​පොරොත්තු ඇතිවන කාලයකි.
ගෘහ ජිවිතය වෙනදාට වඩා සාමාකාමිව, උනන්දුවෙන් උත්සාහයෙන් ගතවන කාලයකි.

-
● මිථුන
මිථුන ලග්නයේ 10 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
රැකියා ස්ථානයේ - ආයතන වල ගැටළු ඇතිවිමට ඉඩ ඇත.
විදේශ ගතවීමට බලාපොරොත්තුව සිටි අයට ඒ ගැන යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත.
විදේශගත රැකියා අවස්ථා නිර්මාණය වන කාලයකි.
ආර්ථික තත්වය තරමක් යහපත් වීමට පුලුවන.
ආදර ප්‍රේමය යනාදි කටයුතු වලට අයහපතක් නැත.
ඇඳුම - හතිය වැනි රෝග තත්වයන්ගෙන් ආරක්සා වන්න.
-
● කටක
කටකයේ 09 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් කාලයකි.
දෙමාපියන් සම්බන්ධ දේ වෙනුවෙන් වැඩිපුර කාලය ගත කරන කාලයකි.
ඒ සම්බන්ධ වියදම් අධික වන කාලයකි.
වෙනදාට වඩා පවුල් ජිවිතය සාමකාමිව සතුටින් ගත කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
නව රැකියා අපේක්ෂාවෙන් සිටින, දුර ගමන් අපේක්සා කරන අයට යහපත් කාලයකි.
ඒ ගැන වැඩිපුර නිරත වීමට හැකියාව ලැබේ.

-
● සිංහ
සිංහ ලග්නයේ 08 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
10 වැන්නාධිපති 08 වැන්නේ උච්ච විම, තමන්ගෙ ආර්ථික තත්වය තරමක් කඩාවැටෙන්නට ඉඩ ඇති කාලයකි. ආදායම් තත්වයන් හිරවීමට ඉඩ ඇත වෙනදාට වඩා.
තම සහෝදර සහෝදරයින් වෙනුවෙන් කාලය වැයකිරිමට සිදුවන කාලයකි.
රැකියා වල තමන්ට පැවරෙන රාජකාරි වැඩිවිමට ඉඩ ඇත. එනිසා පීඩකාරි බව වැඩිවනු ඇත.
ප්‍රේමය - ආදරය සම්බන්ධ ගැටළු - සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත.

-
● කන්‍යා
කන්‍යා ලග්නයේ 07 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
මංගල යෝග උදාවන කාලයකි.
09 වැන්නාධිපති සහ 02 වැන්නාධිපති 07 උච්ච වීම තුල ආදරය - ප්‍රේමය - විවාහයට අදාලව ගැටළු නිරාකරණය වන කාලයකි. වෙනදා තිබුනු බලපෑම් අඩුවන කාලයකි. මව්පිය පාර්ශවයෙන් තිබුනු බාධා තරමක් අඩුවන කාලයකි.
ආර්ථික තත්වයේ තිබුනු ගැටළුකාරි තත්වයන් තරමක් අඩුවන කාලයකි.
කණ්ඩායම් ක්‍රියාකාරකම් - හවුල් ව්‍යාපාර වල යෙදි සිටින අයට තමන්ගේ ලාභ තත්වයන් වෙනදාට වඩා වර්ධනය වන කාලයකි.

-
● තුලා
තුලා ලග්නයේ 06 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
සතුරු කරදර අඩුවන කාලයකි.
යටිබඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇත, අජීර්ණය වැනි රෝගද ඒ අතර විමට ඉඩ ඇත.
ආදරය - ප්‍රේමය සම්බන්ධව පෙර තිබුනු යහපත් තත්වයට බාධා ඇතිවිමට ඉඩ ඇත, දෙදෙනාගේම පවුල් වල අතපෙවීම් නිසා තරමක් පීඩාකාරි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය තරමක් අයහපත් වෙයි. මුදල් සම්බන්ධව ගැටළු ඇතිවිමට ඉඩ ඇත.

-
● වෘශ්චික
වෘශ්චික ලග්නයේ 05 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
මුලින් තිබුනු දරුඵල සම්බන්ධ ගැටළු තරමක් සමනය වීමට ඉඩ තිබෙන කාලයකි.
12 වැන්නාධිපතියා 05 උච්ච වීම තුල වියදම් තත්වය වැඩිවිමට ඉඩ ඇති කාලයකි.
වියදම් තත්වය පාලනයට පියවර ගැනිමට සිදුවන කාලයකි.
විදේශ වලින් රැකියා අපේක්ෂාවෙන් හෝ, විදේශ වලින් ශිෂ්‍යත්ව අපේක්ෂාවෙන් සිටි අයට ඒ සම්බන්ධව යහපත් පිලිතුරු ලැබෙන කාලයකි. බලාපොරොත්තු තබාගත හැක.
සෞඛ්‍ය තත්වයේ පීනස් රෝග තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.

-
● ධනු
ධනු ලග්නයේ 04 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
නිවාස සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
අලුතින් වැඩ කටයුතු අරඹන්නට හැකියාව - වාතාවරණය සැකසෙනු ඇත.
මුදල් සම්බන්ධ ගැටළු නිරාකරණය කරගැනිමට හැකියාව ලැබේ.
ආර්ථිකය තරමක් යහපත් වනු ඇත.
සැමියා / බිරිද​ගේ මෙන්ම ළමයින්ගේ වැඩ කටයුතු වලට වැඩිපුර වෙහෙසීමට සිදුවන කාලයකි.
ඒනිසා වෙනදා නැති සහයෝගයක් ගොඩනැගෙන කාලයකි.

-
● මකර
මකර ලග්නයේ 03 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
03 වැන්නේ සිකුරු උච්ච වීම තුල, කලාත්මක අංශයේ කටයුතු කරන අයට යහපත්ය.
අන් අය වෙනුවෙන් වෙහෙසීමට සිදු කරන කාලයකි.
රැකියා තත්ව වල වෙනස් වීම් පෙන්නුම් කරන කාලයකි.
උසස් වීම් බලාපොරොත්තුව සිටින අයට ඒ සම්බන්ධ යහපත් තොරතුරු ලැබෙන කාලයකි.
ආදර - ප්‍රේමය සම්බන්ධ දේට යහපත් කාලයකි.

-
● කුම්භ
කුම්භයේ 02 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
ආර්ථික තත්වය වර්ධනය කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
අඩපණ වී තිබුනු ආදායම් මාර්ග නැවත ප්‍රකෘති තත්වයට ගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
ආදරය - ප්‍රේමය සම්බන්ධව විශේෂ ගැටළු නැත.
සෞඛ්‍ය තත්වයේ, කැස්ස, සෙම්පතිශ්‍යාව ඇතිවිමට ඉඩ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.

-
● මීන
මීනයේ 01 වැන්නට සිකුරු උච්ච වෙයි.
සිකුරු + ශනි යෝගයක් ඇති වෙයි.
වෙනදාට වඩා ගැටළු ඇතිවන කාලයකි.
අන් අයගේ ප්‍රශ්න - ගැටළු තමන් වෙත පැමිණිමට ඉඩ ඇති බැවින් ඒ ගැන කල්පනාකාරි වන්න.
අන්සතු වස්තුව වැනි දේ නිසා තමන්ගේ අභිමානයට කැළලක් ඇතිවිමට ඉඩ ඇත.
ආර්ථික තත්වය තරමක් පහල වැටිමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.

-
071 383 5369
(WhatsApp)
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන,
Word Document සේවාව, කාර්යාලයට වේලාව වෙන් කිරීම,
අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම,
ඇතුළු සියලුම සේවාවන් ..

08/02/2026

ඇත්ත ආදරේ ගැන උපුල් ශාන්ත සන්නස්ගල සර් කියපු අදහසක්...



Upul Shantha Sannasgala

19/01/2026

Junior bank executive මල්ලි Starter Pack >>>


17/07/2025

ි බැලුවා Bakshak 2024 කියල ඉන්දියන් සිනමාපටයක් ඒකෙ තියෙන දේ අනුව, ලංකාවෙ තත්වය, ළමා නිවාස ළමයින්....

2025 මැයි 07 දක්වා බලපාන " බුධ මාරුව "
28/02/2025

2025 මැයි 07 දක්වා බලපාන " බුධ මාරුව "

“ බුධ මාරුව “

(පෙබ. 27 සිට මැයි 07 වනදා දක්වා බලපායි )

- ග්‍රහලොව සුරතලා / පොඩි දරුවා වන බුධ ග්‍රහයා, කුම්භ රාශියේ සිට මීන රාශියට පෙබවාරි 27 වනදා පැමිණේ. එසේ පැමිණ උච්ච සිකුරු සමග සංයෝග වෙයි.
උෂ්ණාධික තත්වය තවත් වැඩිවිය හැකි වෙයි. මෙතෙක් පොදුවේ සැමට පැවති කරදර - බාධක ස්වභාවය තරමක් අඩුවිය හැක. විශේෂයෙන් පවතින රජයට දැනට තිබෙන තත්වය තරමක් ලිහිල් වනු ඇත.
උෂ්ණාධික කාලගුණය තිබුනද පරිසර විද්‍යාත්මක චක්‍රය අනුව වර්ෂාපතනයද කඩින්කඩ හෝ ලැබිය හැක.
ලග්න 12ට බලපෑම මෙසේය.
( පොදු පලාපලයක් පමණි )

● මේෂ
11 වැන්නේ සිට බුධ 12 වැන්නට පැමිණේ.
බුධ 12 සිටියදි කරදර බාධක තරමක් හෝ අඩු වේ. වියදම් මනාව කළමනාකරණය කල හැක.
නව අදහස් ක්‍රියාත්මක කල හැකි කාලයකි. නව ආදායම් මාර්ග වලටද යොමුවිය හැක.
ගෘහ ජිවිතය තුල ඍජු තීරණ ගැනීමෙන් තරමකට පීඩා සිටිය හැක. සිත් පීඩාද ඇතිවීමට ඉඩ ඇත.
ස්නායුගත ආබාධ වලින් පරිස්සම් වන්න.

-
● වෘෂභ
10 සිට 11 වැන්නට බුධ පැමිණේ.
යහපත් කාලයකි. නව ආදායම් ලැබේ. ඒවාට මාර්ග විවර වනු ඇත.
විද්‍යා - තාක්ෂණ අංශයේ රැකියා සහ ව්‍යාපාර වලට වඩාත් යහපත්ය. මෙතෙක් හිර වී හෝ බාධා සහිතව නැවතී තිබුනු කටයුතු ඉදිරියට කරගෙන යාමට හැකි වේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි හොදින් ගතවනු ඇත.
සෞඛ්‍ය තත්වයද යහපත් වෙයි. ස්නායුගත ආබාධ තිබේ නම් ඒවායින් සුවය ලැබේ.
සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.

-
● මිථුන

පින ගැන කියවෙන 9 සිට, රැකියාව ගැන කියවෙන 10 ට බුධ පැමිණේ.
ආදායම් මාර්ග වැඩි දියුණු කරගැනිමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවේ උසස් වීම් ලැබෙන කාලයකි.
ජිවිතයේ මෙතෙක් පැවති අසමගිකම් දුරුවී යහපත් ගෘහ ජිවිතයක් ඇතිවිය හැකි කාලයකි .
සෞඛ්‍ය තත්වයේ පපුව, සෙම ආශ්‍රිත රෝග පීඩා ගැන සැලකිලිමත් වන්න.

-
● කටක
8 වැන්නේ සිට 9 වැන්නට බුධ පැමිණේ.
ආදායම් මාර්ග වලට තරමක බාධා, පීඩා ඇතිවිය හැක.
අධ්‍යාපන කටයුතු වලට හොදයි.
දෙමාපියන්ගෙන් අවවාද උපදෙස් ලබාගැනිමට හැකි කාලයකි.
විදේශගතවීම් වලට සුභ කාලයකි. ඒවා ඉෂ්ට විය හැක.
ගෘහ ජිවිතය සාර්ථක වෙයි.
සෞඛ්‍ය තත්වය අයහපත් නැත.

-
● සිංහ
7 සිට 8 වැන්නට බුධ පැමිණේ.
දුරදිග නොසිතා ගනු ලබන තීරණ වලින් පාඩු සිදුවිය හැක. වියදම් ගැන ඉතා සැලකිලිමත් වන්න.
ණය ගනුදෙනු ආදියෙන් පරිස්සම් වීම හෝ ඒවා නොකර සිටිම වඩාත් සුදුසුයි. එසේ නොකලොත් හිර වීම් වලට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ සිත් පීඩා බහුල විය හැකි කාලයකි.
ඇස් රෝග සම්බන්ධව පරිස්සම් වන්න.

-
● කන්‍යා
6 වැන්නේ සිට 7 වැන්නට බුධ පැමිණේ.
පැවති ආදායම් මාර්ග වල යම් අවහිරතා තිබුනේ නම් ඒවා දුරුවනු ඇත.
මංගල යෝග උදා වෙයි. කල්පසුවී තිබෙන විවාහ කටයුතු සිදුවීමේ ඉඩකඩ වැඩියෙන් පවති.
පෙර පැවති රෝග වල යම් හෝ සුවවීමක් අපේක්ෂා කල හැක. විශේෂයෙන් ආමාශගත රෝග පීඩා වලට සහනය ලැබෙනු ඇත.

-
● තුලා
5 සිට 6 වැන්නට බුධ පැමිණේ.
සතුරු පීඩා දුරුවන කාලයකි. ආදායම් මාර්ග වල අවහිරතා පෙන්නුම් කරයි. ආදායම් මාර්ග වලට සතුරු බලපෑම් සිදුවිය හැකි කාලයකි.
දුරදිග නොසිතා තීරණ ගතහොත් ඒවායින් පාඩු විය හැක.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වේ. සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.

-
● වෘශ්චික
4 වැන්නේ සිට 5ට බුධ පැමිණේ.
මන්දගාමිව සිදුවු අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකියාව ඇත. තරග විභාග ආදියෙන් ජය ලබාගැනිමේ හැකියාව ඇති කාලයකි. කලාත්මක විෂයන් වල යෙදෙන අයට යහපත් කාලයකි.
දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින අයට සුභ ඵල ගෙනදෙන කාලයකි. ආදර සබදතා වල ගැටළු - ප්‍රශ්න නිරාකරණය කරගත හැක.
සෞඛ්‍ය තත්වය යහපත් වෙයි.

-
● ධනු
3 වැන්නේ සිට 4 වැන්නට බුධ පැමිණේ.
නැවති හෝ අතපසුවි තිබුනු නිවාස සම්බන්ධ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යාමට හැකිවනු ඇත.
අධ්‍යාපන කටයුතු වලට පෙර තිබුනු බාධක දුරුවී යනු ඇත.
රැකියා බලාපොරොත්තු සිටි අයට යහපත් රැකියා ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගලාගෙන යයි, තිබුනු ගැටළුකාරි තත්වයන් සමනය වෙයි.
සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.

-
● මකර
2 වැන්නේ සිට 3 වැන්නට බුධ පැමිණේ.
නව ආදායම් මාර්ග උදාවිය හැක. තිබෙන ආදායම් මාර්ග ස්ථාවර වන කාලයකි. අන් අයගේ උදව් උපකාර තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ලබාගත හැකි කාලයකි. ණය ආධාර පවා ලබාගැනිමට හැකියාව තිබෙයි.
ගෘහ ජිවිතය සතුටුදායක වෙයි. ප්‍රශ්න අවම වෙයි.
සෞඛ්‍ය තත්වයද අයහපතක් නැත.

-
● කුම්භ
1 වැන්නේ සිට 2 වැන්නට බුධ පැමිණේ.
ආදායම් මාර්ග ස්ථාවර කරගැනිමට හැකියාව ඇති කාලයකි. ස්ථාවර ආදායම් මාර්ග නොතිබුනු අයට එය ස්ථාවර කරගැනිමට හැකියාව ලැබෙනු ඇත. මුදල් තත්වය යහපත් වෙයි.
කථන ආශ්‍රිත රැකියා කරන අයට යහපත්ය. වචනය මෙහෙයවා කරන කටයුතු වලින් ජය / වාසි ලැබිය හැකි කාලයකි. කෙසේ වුවද මුදල් වියදම් තත්වය වැඩිවිය හැක, කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය ගැටළුවක් නැත, සෙම් රෝග ගැන සැලකිලිමත් වන්න.

-
● මීන
12 වැන්නේ සිට 1 වැන්නට එනම් හිසට / ලග්න කොටුවට බුධ පැමිණේ.
වෙනදාට වඩා බුද්ධිමත් වන, සිතා බලා තීරණ ගන්නා කාලයකි.
පෙර පැවති අලස ගති දුරුවන කාලයකි. රාජකාරි කටයුතු වලදී අන් අයගේ සහය ලැබෙන කාලයකි.
මංගල යෝග ඇතිවන කාලයකි. එනයින් ප්‍රේම සබදතා වලටද යහපත්ය. පේම සබදතා වලට පැවති ගැටළුකාරි තත්වයන් විසදා ගැනිමට හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ හිස ආශ්‍රිත රෝග පීඩා වලින් පරිස්සම් වන්න.

-

-
කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය,
අපල - දෝෂ ආදියට කල යුතු ශාන්ති කර්ම - පින්කම්, යහපත් පැවැත්ම,
සුභ ඵල ලබාදීමට දෙන යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ,
නිවසට පැමිණ සිදු කරන වාස්තු පරික්ෂාව
ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
- [email protected]
071 383 5369
(WhatsApp)

Sikuru Maruwa until 31st of May
30/01/2025

Sikuru Maruwa until 31st of May

මැයි 31 වෙනතුරු බලපාන “ සිකුරු උච්චය “

ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු තම උච්ච රාශිය වන මීනයේ මැයි 31 වනදා තුරු සිටියි.

▲ ලංකා කේන්දරයේ 4 වැන්නාධිපති සහ 9 වැන්නාධිපති වන සිකුරු ග්‍රහයා, කේන්දරයේ 2 වැන්නට හෙවත් ධනස්ථානයට පැමිණ ඇත.
▲ ජනරජ කේන්දරයේ 3 වැන්නාධිපති සහ 10 වැන්නාධිපති සිකුරු/ශුක්‍ර 8 වැන්න හෙවත් ආයුෂ ස්ථානයට පැමිණ ඇත.

♠ මෙතෙක් පැවති උෂ්ණාධික කාලගුණය තරමක් පහව යන කාලයකි. සීතල කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැක.

♠ ජනරජ කේන්දරය අනුව සිංහ ලග්නයේ 8 වැන්නට එනම් ආයුෂ ස්ථානයට සිකුරු පැමිණීම, ආණ්ඩුවට තරමක් අපලයි. ආණ්ඩුවට දොස් අහන්නට වෙන කාලයකි. ආණ්ඩුව ඉතාම බුද්ධිමත්ව සහ ජනතා අපේක්ෂාවන් ගැන මැනවින් බලා තීරණ ගත යුතු කාලයකි.
♠ කුම්භ ලග්න ලංකා කේන්දරය අනුව සලකා බලන කල මෙය යහපත් කාලයකි. රටේ දියුණුවට ඍජු පියවර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබේ. මුදල් ලැබීම් ඇති වෙයි. ණය ආධාර යනාදිය ලැබෙන නිසා ආර්ථිකය ස්ථාවර වෙන්නට කරුණු යෙදේ
( පෙර ජනාධිපතිවරයා පවත්වාගෙන ගිය ආර්ථික දර්ශනයට සමාන දර්ශනයක් උදා- IMF වැනි තීරණ නිසා ආර්ථිකයට යහපතක් විය හැකි වුවද, ජනතාවගේ ප්‍රසාදය පිලිබද ගැටළු ඇතිවිය හැක.

♠ පොදුවේ සලකන කල ආදරවන්තයන්ට යහපත් කාලයකි. ආදරය සහ පවුල් ජිවිත වල සබදතා ශක්තිමත් වන කාලයකි.
♠ ලංකාවට තරමක් ස්වභාවික විපත් ඇතිවීමට ඉඩක් ඇත, ඒනිසා ගංවතුර තත්වයන් සුලි සුළං තත්වයක් ඇතිවීමේ අවදානම ඇත.

කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, පැලදිය යුතු ස්වර්ණාභරණ, මැණික් වර්ගය යනාදිය ඇතුළු සියලුම සේවාවන් සදහා, inbox කරන්න.
[email protected]

+94 71 383 5369
(WhatsApp)
-

#සිකුරු #ශුක්‍ර #

ස්වතන්ත්‍ර නිර්මාණයක්..
28/01/2025

ස්වතන්ත්‍ර නිර්මාණයක්..



ලක් ඉතිහාසයේ තවත් එක් අබිරහසක්ව සැඟව ගිය දුටු ගැමුණු රජුගේ අපරාජිත ජය කුන්තය පසුපස හඹා එන බලලෝභී අඳුරු බලවේගයක් ? ...

King DutuGemunu - Jayakontaya Mirisawetiya
19/12/2024

King DutuGemunu - Jayakontaya Mirisawetiya

ීතයේ සිට කියවෙන පරිදි ජයකොන්තය ලබන්නා විජයග්‍රාහී වේ. ඒ ආකාරයටම දුටුගැමුණු මහරජු 40 වසරකට අධික එල...

19/12/2024

දවසක් මනුස්සයෙක් බාබර් සාප්පුවකට ඔළුව දාලා අහනවා,

"මට කොණ්ඩෙ කපා ගන්න තව කොච්චර වෙලාවක් යනවද? "

කියලා. බාබර් කිව්වා,

"පැය දෙකක් විතර යනවා"

කියලා. ඊට පස්සෙ අර මනුස්සයා සැලුන් එකෙන් යන්න ගියා. දවස් තුන හතරකට පස්සේ ඒ මනුස්සයා කලින් දවසෙ වගේම සැලුන් එකට ඔළුව දාලා ඇහුවා,

"මට කොණ්ඩෙ කපා ගන්න තව කොච්චර වෙලාවක් යනවද? "

කියලා. කොන්ඩෙ කපා ගන්න ආපු මිනිස්සු කිහිප දෙනෙක්ම හිටපු නිසා බාබර් කිව්වා,

"පැය දෙකක් විතර යයි"

කියලා. ඊට පස්සෙ කලින් දවසෙ වගේම අර මනුස්සයා සැලුන් එකෙන් යන්න ගියා. තවත් සතියකට විතර පස්සෙ ආයෙත් ඒ මනුස්සයා සැලුන් එකට ඔළුව දාලා අහනවා,

"මට කොණ්ඩෙ කපා ගන්න තව කොච්චර වෙලාවක් යනවද? "

කියලා. බාබර් සැලුන් එකේ වටපිට බලලා කිව්වා,

"තව පැය එක හමාරක් විතර"

කියලා. ඊට පස්සෙ වෙනදා වගේම අර මනුස්සයා සැලුන් එකෙන් යන්න ගියා. දවස් දෙක තුනක්ම මේ විදිහට ඇවිත් ඇවිත් යන මේ මනුස්සයා ගැන හොයලා බලන්න බාබර්ට හිතුණා. ඒ වෙලාවේ සැලුන් එක ඇතුලෙ බාබර්ගෙ යාළුවෙක් හිටියා.

"ඒයි ඩේවිඩ්... අර මනුස්සයා පිටිපස්සෙන් ගිහින් පොඩ්ඩක් සෝදිසි කරලා බලනවද ඌ කොහෙටද යන්නෙ කියලා"

තම මිතුරාගේ ඉල්ලීමට අර මනුස්සයා පස්සෙන් ගියපු ඩේවිඩ් ටික වෙලාවකින් ආපහු සැලුන් එකට ආවේ අමතු විදිහකට හිනා වෙවී.

"ඇයි ඩේවිඩ් මොකෝ, අර මිනිහා මෙහෙන් ගිහින් කොහෙටද ගියේ?"

බාබර් ඇහුවා. ඩේවිඩ් බාබර් දිහා බලාගෙන මෙහෙම කිව්වා...

" උඹලගෙ ගෙදරට " 😁😂

✍️ මුල් හිමිකරු නොදනී 🌷
©️ උපුටා ගැනීමකි

ආ තව දෙයක්...

මේ ෆොටෝ එක තියෙන්නෙ අර කිව්ව සැලුන් එක නෙවෙයි හොඳේ.. මේක මේ වෙන එකක්.. 😁

Address

Dehiwela

Alerts

Be the first to know and let us send you an email when Lankanadclick posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share