Colombo Health Centre

Colombo Health Centre Research based, time-tested natural medicines are our first treatment option.

We’re dedicated to helping people with chronic and non-communicable diseases such as arthritis, migraines, gastritis, diabetes, high cholesterol, skin conditions, and more.

Happy Vesak Day 🪔May the light of Vesak bring peace, happiness, good health, and prosperity to you and your loved ones.W...
30/05/2026

Happy Vesak Day 🪔

May the light of Vesak bring peace, happiness, good health, and prosperity to you and your loved ones.

Warm Wishes from Colombo Health Centre

📍 No. 52, Kawdana Road, Dehiwala
📞 +94 771 677 122 | +94 112 727 214
🌐 www.unani.lk

Eid Al-Adha MubarakColombo Health Centre wishes you and your family good health, peace, and happiness on this blessed oc...
28/05/2026

Eid Al-Adha Mubarak

Colombo Health Centre wishes you and your family good health, peace, and happiness on this blessed occasion.

Wishing you a healthy and blessed Eid Al-Adha.
-Colombo Health Centre.

📍 No. 52, Kawdana Road, Dehiwala
📞 +94 771 677122 | +94 112 727214
🌐 www.unani.lk

ස්ත්‍රී වදභාවය හා සම්බන්ධ ගැටළු ස්ත්‍රී වදභාවය හා සම්බන්ධ ගැටළු යනු කාන්තාවකට ගැබ් ගැනීමට අපහසු වීම හෝ ගර්භනීතාවය සම්පූර...
23/05/2026

ස්ත්‍රී වදභාවය හා සම්බන්ධ ගැටළු

ස්ත්‍රී වදභාවය හා සම්බන්ධ ගැටළු යනු කාන්තාවකට ගැබ් ගැනීමට අපහසු වීම හෝ ගර්භනීතාවය සම්පූර්ණ කිරීමට නොහැකි වීම  හා සම්බන්ධව ඇති ගැටළු වේ. එයට ප්‍රජනක අවයව වල ඇති වන ගැටළු, ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, හෝර්මෝනමය බලපෑම මෙන්ම දෛනික ජීවිතයේ ඇති වන ගැටලු ද හේතු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වදබව යනු කිසිදු උපත් පාලනයකින් තොරව සිදු කරනු ලබන ලිංගික සංසර්ගයක් හරහා මාස 12 ක් හෝ ඊට වැඩි කාලයකින් පසුව ද ගැබ් ගැනීමට නොහැකි වීමයි.

බලපාන සාධක

·        ඔසප් චක්‍රය හා සම්බන්ධ ගැටළු හෝ රෝග (PMOS)

·        හෝර්මෝනමය අසමතුලිතතාවයන් (තයිරොයිඩ් ගැටළු, ප්‍රොලැක්ටීන් හෝර්මෝනව වැඩි වීම)

·        පැලෝපීය නාලිකාවන් හා සම්බන්ධ ගැටළු (නාලිකා අවහිර වීම/ ආසාදනයන් ඇති වීම)

·        ගර්භාෂය හා සම්බන්ධ ගැටළු (උපතේ සිටම ඇති වන සංකූලතා/ ෆයිබ්‍රොයිඩ් වැනි අසාමාන්‍ය වර්ධනයන් / ගැටිති ඇති වීම)

·        වයස්ගත වීමත් සමග ඩිම්භ වල ඇති වන දුබලතාවයන්

·        දුම්පානය කිරීම, ස්ථුලතාවය, මානසික ආතතිය

හදුනාගත හැකි හෝ පෙන්නුම් කරන ලක්ෂණ

·        අක්‍රමවත් ඔසප් චක්‍රය / ඔසප් වීම සිදු නොවීම

·        වේදනාකාරී ඔසප් චක්‍රය හෝ අධිකව ඔසප් වීම

·        මාස 12 ක එකදිගට උත්සහයකින් පසුවත් ගර්භනී නොවීම

·        අධික ලෙස සිරුරේ බර වැඩි වීම / අධික ලෙස රෝම වර්ධනය වීම(මුහුණේ)

·        නිරායාසයෙන් සිදු වන ගබ්සා වීම්

·        ශ්‍රෝණි කුහරය ආශ්‍රිතව ආසාදනයන් ඇති වීම

නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඇති වන අවදානම් තත්වයන්

·        සදාකාලික ලෙස ඇති විය හැකි වදබව

·        මානසික ව්‍යාකූල තත්වයන් ඇති වීම ( විෂාදය)

·        පවුල් ජීවිතය බිද වැටීම

·        යටපත් වී ඇති සෞඛ්‍යමය තත්වයන් හදුනා ගැනීමට නොහැකි වීම හා ඒ සදහා ඇති ප්‍රතිකාර ක්‍රමයන් මගහැරී යාම

ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප කාන්තා ඔබ හා බැදුණු ගැටළු වෙනුවෙන්ම කාන්තා සුවතා සායනයක් පිහිටුවා ඇත්තෙමු.

මවක් වීමට සිහින දකින ඔබගේ ඒ සිහිනය සාර්ථක කරගන්නට අප බැදි සිටින්නෙමු. විවිධ ප්‍රතිකාර සදහා බොහෝ කාලයක් වෙන් කොට ප්‍රතිඵල නොලැබූ කාන්තාවන් හට ඔවුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට අප හට හැකි වීම අප ලැබූ මහත් ජයග්‍රහණයකි.

ඔබත් මවක් වීමට අපේක්ෂා කරන්නේ නම්, ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප ඒ සදහා පියවරින් පියවර උපකාර කිරීමට බැදී සිටින්නෙමු. 

අමතන්න

011 2 72 72 14

077 16 77 122


එක්සීමා  එක්සීමා  යනු සමෙහි ඇති වන රෝගී තත්වයකි. වයස් සීමාවකින් තොරව ඕනෑ ම පුද්ගලයකුට මෙය ඇති වන නමුත් දරුවන් අතර විශේෂය...
19/05/2026

එක්සීමා 

එක්සීමා  යනු සමෙහි ඇති වන රෝගී තත්වයකි. වයස් සීමාවකින් තොරව ඕනෑ ම පුද්ගලයකුට මෙය ඇති වන නමුත් දරුවන් අතර විශේෂයෙන් දක්නට ලැබේ. මෙය බෝ  නොවන රෝගයක් වන නමුත් පවුලේ සමාජිකයන් අතර දක්නට හැකි වේ. තවද  මෙම රෝගය ඇදුම වැනි රෝග තත්වයන් සමග සමීප සම්බන්ධතාවයක් දක්වයි.

බලපාන සාධක

·        ජාන / පවුල් පරිසරය

·        ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඌනතා

·        සමහර සබන් / රෙදි සේදුම්කාරක

·        දූවිලි

·        සතුන්ගේ ලොම්

·        කාළගුණය (වියළි / සීතල)

·        මානසික ආතතිය

·        හෝර්මෝන වෙනස් වීම්

රෝග ලක්ෂණ

·        සම වියළි රළු වීම

·        නිරන්තරයෙන් ඇති වන කැසීම

·        සම රතු වීම

·        සම ඉරි තැලීම

·        ඇතැම් විට බිබිලි ඇති වී දියර ගැලීම

නිසියාකාරව එක්සීමා  සදහා  ප්‍රතිකාර නොකීරිමෙන් නොයෙකුත් ලෙඩ රෝග හා  අපහසුතාවයන් වලට මුහුණ දීමට සිදු වනු ඇත. ඉන් කිහිපයක් නම්

·        සමෙහි ආසාදනයන් ඇති වී පැතිරීම

·        අධික කැසීම නිසා  නින්දට බාධා  ඇති වීම

·        සමෙහි කැලැල් ඇති වීම

·        මානසික ආතතිය.

සමෙහි ඇති වන රෝග යනු ඔබව කායික මෙන්ම මානසිකව පීඩාවට පත් කරන රෝගි තත්වයන් බව අප දන්නෙමු.

නිසි ලෙස නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් එක්සීමා  රෝගී තත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැක.

ක්ලම්බෝ   හෙල්ත් සෙන්ටර් වන අප වෙත පිවිස එක්සීමා  සදහා  සම්පූර්ණ සුවයක් අත් කර ගන්න.

ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකස් කරන ලද අපගේ ඖෂධ රෝග මූලය දක්වාම ගමන් කරන අතර කෙටි කාලීනව රෝග ලක්ෂණ වලින් මිදිමට වඩා  දිගු කාලීන සම්පූර්ණ සුවය අත් කර දෙනු ලැබේ. තවද අපගේ ප්‍රතිකාර හරහා  දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නැවත ඔප්නංවා  තැබීමට ද සමත් වනු ඇත.

රෝගී වූ සම නැවත කැලැල් වලින් තොර වූ පැහැපත් සමක් දක්වා  සුව කිරිමට අප සමත් වන්නෙමු.

අතුරු ආබාධ වලින් තොර අපේක්ෂාවෙන් ඔබ්බට ගිය ස්වාභාවික සුවයක් අත් දැකීම සදහා  අදම අප වෙත පිවිසෙන්න.
අමතන්න
011 2 72 72 14 I 077 16 77 122


මළබද්ධයමළබද්ධය යනු අද සමාජයේ බාල මහළු ඇතුළු බොහෝ දෙනෙකු පීඩා විදින රෝගී තත්වයකි. සතියට දවස් 03 කට වඩා අඩුවෙන් මළපහ පිට ක...
17/05/2026

මළබද්ධය

මළබද්ධය යනු අද සමාජයේ බාල මහළු ඇතුළු බොහෝ දෙනෙකු පීඩා විදින රෝගී තත්වයකි. සතියට දවස් 03 කට වඩා අඩුවෙන් මළපහ පිට කිරීම හෝ වියළි ඉතා තද ස්වාභාවයකින් යුත් මළපහ පිට කිරීමට සිදු වීම මෙහිදී ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් මළබද්ධය යනු තාවකාලිකව ඇති වන තත්වයක් වන නමුත් නිදන්ගත මළබද්ධ තත්වය සදහා නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් බොහෝ අවදානම් තත්ව ඇති විය හැක.

රෝග ලක්ෂණ

·        සතියට වාර 3 කට වඩා අඩුවෙන් මළපහ පිට කිරීම

·        මළපහ වියළි මෙන්ම ඉතා තද බවකින් යුක්ත වීම

·        ආයාසයකින් යුතුව මළපහ පිට කිරීමට සිදු වීම

·        මළපහ පිට කළ ද සම්පූර්ණයෙන්ම පිට වූවක් මෙන් නොහැගීම

·        බඩ පිපීම

·        මළපහ පිට කිරීමේදී වේදනාවක් තිබීම

·        මළපහ පිට කිරීමේදී ඇතැම් විට භාහිර උපකාරයන් ලබා ගැනීමට සිදු වීම ( ඇගිලි තුඩු යොදා ගැනීමට සිදු වීම)

බලපාන සාධක

·        තන්තුමය ආහාර අඩුවෙන් ගැනීම

·        දියරමය ද්‍රව්‍ය අඩුවෙන් ගැනීම

·        ව්‍යායාම් හෝ කායික ක්‍රියාකාරකම් ප්‍රමාණවත් අයුරින් සිදු නොකිරීම

·        මළපහ කිරීම සදහා හැගීම් පැමිණි විට විවිධ හේතුන් මත එය යටපත් කර දැමීම

·        ඇතැම් සෞඛ්‍යමය ගැටළු - දියවැඩියාව, හයිපොතයිරොයිඩිස්ම්

·        ඇතැම් ඖෂධ වර්ග - යකඩ පෙති

නිසි ලෙස ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඇති විය හැකි අවදානම් තත්වයන්

·        අර්ශස්

·        ගුද මාර්ගය ඉරීම

·        ගුද මාර්ගය තුළ මළද්‍රව්‍ය රැදීම

·        ගුද මාර්ගය එළියට නෙරීම

·        මානසිකව බිද වැටීම

අවුරුදු 20 කට වඩා අත්දැකීම් සමගින් විශ්වාසයක් ගොඩ නැගු ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප මළබද්ධය යනු රෝගයකට වඩා එය ඔබ ගේ දිනචර්යා වල අසමතුලිතතාවය හා බැදුණු තත්වයක් ලෙස හදුනා ගනිමු.

මළබද්ධය හා සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයේ ආහාර ජීර්ණ පද්ධතිය සමතුලිත කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. ආහාර ජීර්ණ පද්ධතිය නිවැරදි කිරීම ඕනෑම රෝගී තත්වයක් සුව කිරීම සදහා හේතු වන ප්‍රධාන අදියරය බවට අපගේ වෛද්‍ය ක්‍රමයේ විශ්වාසයයි.

අතුරු ආබාධ වලින් තොර ස්වාභාවික ඖෂධ සමග නව ජීවන රටා හදුන්වා දෙමින් ඔබව සම්පූර්ණ සුවයක් කරන්නෙමු. ඔබත් මළබද්ධය නම් රෝගී තත්වයෙන් පෙළෙනවා නම් අදම අප හා එක් වී සම්පූර්ණ සුවයක් අත් කර ගන්න.

අමතන්න

011 2 72 72 14

077 16 77 122


ෆ්‍රෝසන්  ෂෝල්ඩර් (උරහිස් සන්ධියේ වේදනාව)ෆෝසන් ෂෝල්ඩර් යනු උරහිස් සන්ධිය ප්‍රධාන කර ගනිමින් ඇති වන රෝගී තත්වයකි. මෙහිදි ...
13/05/2026

ෆ්‍රෝසන් ෂෝල්ඩර් (උරහිස් සන්ධියේ වේදනාව)

ෆෝසන් ෂෝල්ඩර් යනු උරහිස් සන්ධිය ප්‍රධාන කර ගනිමින් ඇති වන රෝගී තත්වයකි. මෙහිදි උරහිස් සන්ධිය තද වී අධික වේදනාවක් සමග සාමාන්‍ය ලෙස ක්‍රියා කිරීමට නොහැකි වීම දක්නට ලැබේ. උරහිස් සන්ධිය ආශ්‍රිතව ඇති පේෂි පටකයන් ඇතුළු අනෙකුත් පටකයන්ට හානි වීම මෙම රෝගී තත්වයට ප්‍රධාන හේතුවයි.

මෙම රෝගී තත්වය වයස අවුරුදු 40-60 අතර පුද්ගලයන් අතර දක්නට ලැබෙන අතර ඉන් කාන්තාවන් හා දියවැඩියාව, තයිරොයිඩ් වැනි රෝගී තත්වයන් සහිත පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබේ.

බලපාන සහ අවදානම් සාධක
o උරහිස සන්ධිය ආශ්‍රිත ව ඇති වූ අනතුරකින් හෝ සැත්කමකින් පසුව
o බොහෝ විට නිසි හේතුවක් නොමැතිව ඇති වේ

ප්‍රධාන රෝග ලක්ෂණ
o උරහිස ආශ්‍රිතව වේදනාවක් පැවතීම (විශේෂයෙන් උරහිස ක්‍රියා කිරිමේදී)
o කාලයත් සමග උරහිස සන්ධියේ ඇති වන දැඩි බව/ තද ගතිය
o උරහිස සන්ධිය ආශ්‍රිතව සිදු කරන ක්‍රියාකාරකම් අඩු වීම

නිසිලෙස ප්‍රතිකාර නොකිරීමෙන් ඇති විය හැකි අවදානම් තත්වයන්
o උරහිස් සන්ධියේ ක්‍රියාකාරකම් සදාකාලිකව ඇණ හිටීම
o නිතර පවතින වේදනාව
o උරහිස සන්ධිය දුර්වල වීම
o නිරෝගීව පවතින අනෙක් උරහිසටත් මෙම තත්වය ඇති විමේ අවදානම වැඩි වීම
o දෛනික කටයුතු සිදු කිරීමට නොහැකි වීම

තාවකාලිකව වේදනාව යටපත් කිරීම, ෆ්‍රෝසන් ෂෝල්ඩර් රෝගී තත්වය සදහා විසදුමක් නොවේ.
ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප, මේ හා සම්බන්ධව අප වෙත පැමිණි බොහෝ රෝගීන් පිරිසකට සෑහීමකට පත් විය හැකි අයුරින් සුවපත් කර ඇත්තෙමු.
නවීන තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් වැඩි දියුණු කර ඇති අපගේ ස්වාභාවික ඖෂධ සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නේය. තවද ඔබ, මෙම රෝගී තත්වයත් සමග දියවැඩියාව තත්වයෙන් ද පෙළෙන්නේ නම් අපගේ මෙම ප්‍රතිකාර ක්‍රමයන් ඒ සදහාද දායක වන අතර අතුරු ආබාධ වලින් ද තොර වේ.
අභ්‍යන්තර ප්‍රතිකාර වලට අමතරව මේ සදහාම සුවිශේෂි වූ සායනික චිකිත්සා ක්‍රම ද සාර්ථක මෙන්ම සම්පූර්ණ සුවයක් සදහා අප විසින් හදුන්වා දෙන්නෙමු.
අදම අප වෙත පැමිණ සාර්ථක මෙන්ම සම්පූර්ණ සුවයක් අත් කර ගන්න.
අමතන්න
011 2 72 72 14
077 16 77 122


ගැස්ට්‍රික් අල්සර් (ආමාශයේ තුවාල)ගැස්ට්‍රික් අල්සර් යනු ආමාශය ආස්තරණය කරමින් පවතින ස්ථරයේ ඇති වන තුවාලයක් වැනි ඉරීමකි.  ...
09/05/2026

ගැස්ට්‍රික් අල්සර් (ආමාශයේ තුවාල)

ගැස්ට්‍රික් අල්සර් යනු ආමාශය ආස්තරණය කරමින් පවතින ස්ථරයේ ඇති වන තුවාලයක් වැනි ඉරීමකි. 

ප්‍රධාන වශයෙන් බලපාන සාධක

Ø  හෙලිකොබැක්ටර් පයිලොරි බැක්ටීරියා ආසාදනය

Ø  දීර්ඝකාලීනව භාවිතා කරන වේදනා නාශක ඖෂධයන් (ඇස්ප්‍රින්)

Ø  අධික ලෙස ආමාශයික යුෂය ස්‍රාවය වීම

Ø  දුම් පානය හා මත්ද්‍රව්‍ය භාවිතය

Ø  අධික මානසික ආතතිය

රෝගී ලක්ෂණ

Ø  උදරයේ ඉහළ පෙදෙස බඩ දැවිල්ලක් තිබීම

Ø  ආහාර ගැනීමෙන් පසු වේදනාව වැඩි වීම

Ø  ආහාර අජීර්ණය හා පපුව දැවිල්ල

Ø  ඔක්කාරය හා වමනය

Ø  ආහාර පොඩි ප්‍රමාණයකින් බඩ පිරීම

Ø  ආහාර අරුචිය

අවදානම් රෝග ලක්ෂණ

Ø  ලේ වමනය

Ø  මළපහ කළු පැහැතිව යෑම

Ø  එකවර අධ්ක වේදනාවකින් ඇති වන බඩ කැක්කුම

Ø  කලන්ත ගතිය

නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් ඇති විය හැකි අවදානම් තත්වයන්

Ø  රුධිර වහනය - එනිසා රක්ත හීනතාවය ඇති විය හැකිය

Ø  ආමාශයික ස්ථරය බිදී යාම නිසා වෙනත් ආසාදන තත්වයන් ඇති විය හැකි වීම

Ø  ආමාශය නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා ආමාශය තුළ ආහාර රැදීම

Ø  ආමාශ ගත පිළිකාමය තත්වයන් ඇති වීමේ අවදානමක් තිබීම

 

ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප ගැස්ට්‍රික් අල්සර් නොහොත් ආමාශයික තුවාල නම් රෝගී තත්වය සදහා ප්‍රතිකාර කරන්නෙමු. රෝගීයාගේ රෝග ලක්ෂණ ඔස්සේ රෝගයට හේතු වන රෝග කාරකය හා රෝගී අවස්ථාව නිර්ණය කිරීමෙන් පසුව පියවරින් පියවර සාර්ථකව ප්‍රතිකාර කරන්නෙමු.

පළපුරුදු ලත් වෛද්‍යවරුන්ගේ මනා අධීක්ෂණය යටතේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරනු ලබන ඖෂධ පමණක් භාවිතා කරමින් සුවපත් කරන්නෙමු. රෝගය පවතින අවස්ථාව අනුව රෝගය සම්පූර්ණයෙන් සුවපත් කිරීම මෙන්ම රෝග ලක්ෂණ පාලනය කිරීම ද අප විසින් සිදු කරන්නෙමු. ඔබත් මෙම රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් ඇතැම් විට එය ගැස්ට්‍රයිටීස් නොව ගැසිට්‍රික් අල්සර් රෝගී තත්වය විය හැකිය. අදම අප වෙත පැමිණ නිසි ප්‍රතිකාර ඔස්සේ සුවය ලබන්න.

අමතන්න 011 2 72 72 14  077 16 77 122



ෆය්බ්රොයිඩ්ස් ෆය්බ්රොය්ඩ්ස් යනු කාන්තාවන්ගේ ගර්භාෂය තුළ හෝ ඒ ආශ්‍රිතව හට ගන්නා ගෙඩියක් වැනි ව්‍යුහයක් වන අතර ඒවා පිළිකාම...
06/05/2026

ෆය්බ්රොයිඩ්ස්

ෆය්බ්රොය්ඩ්ස් යනු කාන්තාවන්ගේ ගර්භාෂය තුළ හෝ ඒ ආශ්‍රිතව හට ගන්නා ගෙඩියක් වැනි ව්‍යුහයක් වන අතර ඒවා පිළිකාමය තත්වයක් නොවේ. මේවා පේෂිමය පටකයන්ගෙන් යුක්ත වේ. බොහෝ කාන්තාවන් මෙම රෝගී තත්වය සමග නීරෝගීව ජීවත් වන අතර ඇතැම් කාන්තාවන් ජීව්ත කාලය තුළ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.

බලපාන සාධක - නිශ්චිත සාධකයක් දැක්විය නොහැකි අතර ඇතැම් සාධක වල බලපෑමක් දක්නට ලැබේ.

Ø  හෝර්මෝනමය බලපෑම - ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් මෙම තත්වය වර්ධනය කිරීමට උපකාරී වේ

Ø  මෙම රෝගී තත්වය හා බැදුණු පවුල් පසුබිමක් තිබීම

Ø  යෞවන වියේ සිට කාලයත් සමග

Ø   අධි ස්ථූලතතාවය

Ø  ඔසප් සමය අඩු වයසින් ආරම්භ වීම

රෝග ලක්ෂණ (ඇතැම් විට රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථා ද දක්නට ලැබේ)

Ø  ඔසප් වීමේදී අධිකව රුධිරය වහනය වීම

Ø  දිගු කාලයක් ඔසප් වීම හා වේදනාත්මන වීම

Ø  ඔසප් චක්‍ර දෙකක් අතර දී රුධිරය වහනය වීම

Ø  යටි බඩ කැක්කුම

Ø  බඩේ අමතර පීඩනයක් හෝ බඩ පිරී ඇති මෙන් හැගීම

Ø  නිතර නිතර මුත්‍රා පිට කිරීම (ෆයිබිරොය්ඩ් තත්වය මුත්‍රාශය තෙරපන්නේ නම්)

Ø  කොන්ද කැක්කුම

නිසි ලෙස නිසි කලට ප්‍රතිකාර නොකරන්නේ නම් ඇති විය හැකි අවදානම් තත්වයන්

Ø  අධීක රුධිර වහනය නිසා රකිත හීනතාවය ඇති වීම

Ø  ශ්‍රෝණීය ආශ්‍රිත අධික වේදනාව

Ø  දෛනික ජීවිතයේ කටයුතු වලට බාධා ඇති වීම( වේදනාව හා අධික රුධිර වහනය නිසා)

Ø  ඇතැම් විට මදසරු බව හෝ ගැබ් ගැනීමට අපහසු වීම

Ø  මෙම ගෙඩි නිසා යාබද අවයව වෙත අමතර තෙරපීමක් ඇති වීම

Ø  රුධිර වහනය නිසා මහන්සි බව, ශරීරය දුර්වල වීම

ක්ලමිබෝ හෙල්ත් සෙන්ටර් වන අප කාන්තාවන්ගේ රෝග සදහා ද සාර්ථකව ප්‍රතිකාර කරන්නෙමු.

පුළුල් රෝග ඉතිහාසය හා රෝග ලක්ෂණ හදුනා ගැනීමෙන් පසුව ඒ සදහා අවශ්‍ය කරන සුදුසු පරීක්ෂණ වලින් තහවුරු කිරීමෙන් පසුව ස්වාභාවික ඖෂධ භාවිතා කරමින් ප්‍රතිකාර කරන්නෙමු.

තවද රෝගය අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට අවශ්‍ය කරන මාර්ගෝපදේශනයන් ද අපගේ අත්දැකීම් වලින් හෙබී වෛද්‍යවරුන් විසින් ලබා දෙනු ඇත.

ඔබත් මෙම රෝග ලක්ෂණ වලින් පසු වන්නේ නම් සහ ෆයිබ්රොයිඩ් තත්වය පිළිබදව අදහස් වන්නේ නම් අදම අප වෙත පැමිණ ඒ සදහා සුදුසු පියවර හා ප්‍රතිකාරයන් ලබා ගන්න.

අමතන්න 011 2 72 72 14  077 16 77 122



05/05/2026


වියළි සම වියළි සම යනු සාමාන්‍යයෙන් සමේ පැවතිය යුතු තෙතමනය හා තෙල් ස්වාභාවය අඩු වී සම රළු, වියළි හා ගොරෝසු බවට පත් විමයි....
03/05/2026

වියළි සම

වියළි සම යනු සාමාන්‍යයෙන් සමේ පැවතිය යුතු තෙතමනය හා තෙල් ස්වාභාවය අඩු වී සම රළු, වියළි හා ගොරෝසු බවට පත් විමයි. ශරීරයේ ඕනෑම ස්ථානයක ඇති විය හැකි අතර අත්, පා, මුහුණ යන ස්ථානයන් මේ අතරින් විශේෂ වේ.

බලපාන සාධක

Ø  පරිසර සාධක - සීතල කාළගුණය, අඩු ආර්ද්‍රතාවය, වායු සමීකරණ, උණු වතුරෙන් ඇග සේදීම හා නිතරම ඇග සේදීම

Ø  ජීවන රටා - නිසි පමණට ජලය පානය නොකීරීම

Ø  ඇතැම් රසායනික සංයෝග භාවිතය

Ø  ඇතැම් රෝගී තත්වයන් - එක්සීමා, පොතු කබර, තයිරොයිඩ් රෝගී තත්වයන්, දියවැඩියාව

Ø  වයසට යාම

රෝග ලක්ෂණ

Ø  වියළි ගොරෝසු සම

Ø  සමේ ඉරිතැලීම

Ø  සමේ පොතු ගැලවීම

Ø  කැසීම

Ø  නෑමෙන් පසු සමේ තද ගතියක් දැනීම

Ø  සම රතු වීම

Ø  සමේ ඇති සියුම් රේඛා හොදින් දිස් වීම

නිසි කලට නිසි ලෙස දිගු කලක් ප්‍රතිකාර නොකිරීමෙන් ඇති විය හැකි ගැ‌ටළු

Ø  සම පැලීම් ඇති වීම

Ø  අධික ලෙස සම කැසීම

Ø  සමේ ආසාදනයන් ඇති වීම

Ø  සමේ පැලීම් ස්ථාන වලින් රුධිර වහනය වීම

සම යනු මිනිස් ශරීරයේ ඇති විශාලම අවයවයයි. සෞඛ්‍යමත් සම විෂබීජ ආසාදන වලට බාධකයක් ලෙස ක්‍රියා කරමින් බොහෝ ලෙඩ රෝග වලින් අප ශරීරය ආරක්ෂා කරනු ලැබේ. සම සෞඛ්‍යව පවත්වා ගෙන යාමට නම් එහි පැවතිය යුතු සංඝටක නිසි පමණට පැවතිය යුතුය. වියළි සම යනු ද එලෙස සමේ පැවතිය යුතු නියමිත සංඝටක නිසි පමණට නොමැති වීම නිසා ඇති වන තත්වයකි. එය ශරීර සෞඛ්‍යට මෙන්ම සුන්දරත්වයටද බලපාන කරුණකි.

ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප වියළි සම සදහා සාර්ථක ලෙස ප්‍රතිකාර කරන්නෙමු. අභ්‍යන්තර ඹෟෂධ මෙන්ම භාහිර ආලේපනයන්ද සමේ හීන වූ සංඝටක නැවත යථා තත්වයට නංවමින් සමේ වියළි බව නැති කරනු ලැබේ. ඔබත් වියළි සමක් සතු පුද්ගලයකු නම් අදම අප හා එක් වී නීරෝගී සමක් හිමි කර ගන්න.

අමතන්න

011 2 72 72 14 | 077 16 77 122


ඒනල් ෆිස්ටියුලාඒනල් ෆිස්ටියුලා යනු ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වන රෝගී තත්වයකි. එහිදි කාණුවක් ආකාරයට තුවාලය ඇති වන අතර එක් අ...
30/04/2026

ඒනල් ෆිස්ටියුලා

ඒනල් ෆිස්ටියුලා යනු ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වන රෝගී තත්වයකි. එහිදි කාණුවක් ආකාරයට තුවාලය ඇති වන අතර එක් අන්තයක් ගුද මාර්ගය ආශ්‍රිත සම මතුපිටට එන අතර අනෙක් අන්තය සම මතුපිට හෝ ගුද මාර්ගය තුළ පිහිටනු  ලැබේ. 

සාමාන්‍යයෙන් මෙය ඇති වනු ලබන්නේ  ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවනු ලබන සැරව ගෙඩි හෝ එම සැරව ගෙඩි නිසි ලෙස සුව නොවී තිබීමයි.

බලපාන අනෙකුත් සාධක

Ø  ක්‍රෝන්ස් රෝගී තත්වය

Ø  ටියුබකියුලෝසිස් හා අනෙකුත් ආසාදන වර්ගයන්

Ø  ගුද මාර්ගය ආශ්‍රිතව අනතුරු සිදු වීම

Ø  රේඩියේෂන් තෙරපි වැනි ප්‍රතිකාර ක්‍රමයන්

මූලික රෝග ලක්ෂණ

Ø  ගුද මාර්ගය ආශ්‍රිතව නිතර පවතින වේදනාව

Ø  ගුද මාර්ගය ආශ්‍රිත ඉදිමීම

Ø  සැරව හෝ රුධිරය පිට වීම

Ø  ගුද මාර්ගය ආශ්‍රිත සම කැසිම

Ø  මළපහ කිරිමේදී වේදනාව ඇති වීම

Ø  ඇතැම් විට උණ ඇති වීම

නිසි ලෙස ප්‍රතිකාර නොකිරීමෙන් ඇති වන අවදානම් තත්වයන්

Ø  නිදන්ගත ආසාදන තත්වයන් ඇති වීම

Ø  ආසාදන තත්වයන් ශරීරයේ අනෙකුත් ස්ථාන වලට පැතිරී යාම

Ø  අධික වේදනාව

Ø  ඒනල් ෆිස්ට්යුලා කිහිපයක් ඇති වීම

Ø  මළද්‍රව්‍ය නිරායාසයෙන් පිට වීම

ඒනල් ෆිස්ට්යුලා යනු ඉතා වේදනාත්මක රෝගී තත්වයකි. නිසි ප්‍රතිකාර නොමැති වීමෙන් මෙම තත්වය තව දුරටත් දරුණු තත්වයකට පත් විය හැකි අතර එනිසා දෛනික ජීවිතයේ වැඩ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වෙි. 

ක්ලම්බෝ හෙල්ත් සෙන්ටර් වන අප මෙම  රෝගී තත්වයට සැත්කම් වලින් තොරව සාර්ථකව ප්‍රතිකාර කරන්නෙමු. අප ගේ අභ්‍යන්තර ප්‍රතිකාර මෙන්ම භාහිර ආලේපනයන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන අතර අතුරු ආබාධ වලින් තොර වේ. රෝගී තත්වය අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට මෙන්ම නැවත ඇති නොවීමට පවත්වා ගෙන යායුතු ජීවන රටාවන් පිළිබදවද අපගේ වෛද්‍යවරුන් විසින් මාර්ගෝපදේශන මාලාවක්ද ලබා දෙනු ලැබේ.

සැත්කම් වලින් තොරව මෙම රෝගී තත්වයෙන් ස්වාභාවිකව සුව වීමට අදම අප වෙත පැමිණෙන්න.

අමතන්න

011 2 72 72 14 | 077 16 77 122




Address

No. 52, Kawdana Road
Dehiwela
10350

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+94112727214

Alerts

Be the first to know and let us send you an email when Colombo Health Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo Health Centre:

Share