Colombo Surgeon

Colombo Surgeon Health education on common, surgically related topics by Professor Daksh*tha Wickramasinghe

22/05/2026

ඔබටත් කෑම කෑවට පස්සේ බඩ පුරවා දානවාද? නිතරම බඩේ අමාරු, පාචනය හෝ මලබද්ධය වගේ ගැටලු වලින් පීඩා විඳිනවද?

බොහෝ දෙනෙක් මෙය සාමාන්‍ය "ගෑස්ටික්" තත්ත්වයක් යැයි වරදවා වටහා ගත්තද, සමහරවිට ඔබ පීඩා විඳින්නේ Irritable Bowel Syndrome (IBS) කියන සුලබ ආමාශ ආන්ත්‍රික රෝග තත්ත්වයෙන් වෙන්න පුළුවන්. අද වීඩියෝවෙන් අපි IBS ගැන කිසිවෙකු නොකියන විද්‍යාත්මක පසුබිම ඉතා සරලව සාකච්ඡා කරමු.

In this comprehensive health education video, we dive deep into Irritable Bowel Syndrome (IBS). We explain what it is, the exact pathophysiology behind it, and the critical symptoms you shouldn't ignore.

15/05/2026

මහා බඩවැලේ පිළිකා කියන්නේ වළක්වා ගන්න සහ කලින් හඳුනාගත්තොත් සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන් තත්ත්වයක්. ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් මේ වීඩියෝ එකේ තිබෙනවා.

🛑 Colonoscopy පරීක්ෂණයක් වැදගත් වෙන්නේ ඇයි? පිළිකාවක් වෙන්න කලින් 'Polyps' හඳුනාගෙන ඒවා ඉවත් කරන්නේ කොහොමද?

🥗 ආහාර රටාවේ වෙනස්කම්: පිළිකා අවදානම අඩු කරන තන්තු (Fiber) බහුල ආහාර මොනවාද?

🏃‍♂️ ජීවන රටාව: ව්‍යායාම සහ නිරෝගී බර පවත්වා ගැනීම පිළිකා මර්දනයට උදව් වෙන්නේ කොහොමද?

පිළිකාව ගැන තියෙන බය නැති කරලා, නිවැරදි දැනුමෙන් සන්නද්ධ වෙමු.
මේ තොරතුරු තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්, ඒ නිසා Share කරන්න අමතක කරන්න එපා!

08/05/2026

ස්ටෝමා (Stoma) එකක් තිබෙන රෝගියෙකු හෝ එවැනි රෝගියෙකු රැකබලා ගන්නා අයෙකු ලෙස, ඒ ආශ්‍රිතව ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබීම වැදගත්.

මෙම වීඩියෝව හරහා ස්ටෝමා සැත්කමකින් පසු මුල් කාලයේදී සහ පසුකාලීනව ඇතිවිය හැකි ගැටලු මෙන්ම, අයිලියොස්ටොමි (Ileostomy) එකකට විශේෂ වූ සංකූලතා පිළිබඳව දැන ගන්න.

මුල් කාලයේ සංකූලතා (Acute Complications): සැත්කමෙන් පසු මුල් දින කිහිපය තුළ ඇතිවිය හැකි ගැටලු.
ප්‍රමාද වූ සංකූලතා (Delayed Complications): මාස කිහිපයකට හෝ වසර කිහිපයකට පසු ඇතිවිය හැකි තත්ත්වයන් (උදා: පැරාස්ටෝමල් හර්නියා).
අයිලියොස්ටොමි එකක විශේෂිත ගැටලු (Ileostomy Specific): විජලනය සහ පෝෂණ ගැටලු
සංකූලතා හඳුනා ගන්නේ කෙසේද?

ඔබේ සෞඛ්‍යය සහ ස්ටෝමා පිළිබඳ නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට මෙම වීඩියෝව සම්පූර්ණයෙන් නරඹන්න.

02/05/2026

ගුද මාර්ගයේ ඇතිවන තුවාල (A**l Fissure) රෝගය නිසා ඔබ දැඩි වේදනාවකින් පසුවෙනවාද? සැත්කමකට යාමට බියෙන් ප්‍රතිකාර ප්‍රමාද කරනවාද?
ෆිෂර් රෝගය සඳහා භාවිතා කරන අලුත්ම "බෝටොක්ස්" (Botox) ප්‍රතිකාර ක්‍රමය ගැන දැනුවත් වෙන්න.

00:32 ෆිෂර් (Fissure) රෝගය යනු කුමක්ද?
01:31 බෝටොක්ස් (Botox) එන්නත මගින් මෙය සුව කරන්නේ කොහොමද?
03:00 සැත්කමකට වඩා මෙහි ඇති වාසි මොනවාද?

27/03/2026

ලොකු කැපුමකට බයද? මෙන්න අලුත් විසඳුම! මහා බඩවැලේ පිළිකා සිදු කරන laparascopic ශල්‍යකර්ම

මහා බඩවැලේ පිළිකා සඳහා ශල්‍යකර්ම කියනකොට බොහෝ දෙනාට බයයි… ලොකු කැපුම්, වේදනාව, දිග කාලයක් රෝහලේ නැවතී සිටීම 😟
ඒත් අද තියෙන්නේ නවීන ක්‍රම ගැන මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්

විශේෂඥ ශල්‍ය වෛද්‍ය දක්ෂිත වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කොළඹ) විශේෂඥ ශල්‍ය වෛද්‍ය, සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය
🔴 Open surgery වල අවාසි
🟢 යතුරු සිදුරු (Laparoscopic / Robotic ) කියන්නේ මොකක්ද?
✨ මෙම ක්‍රම වල වල වාසි

💡 මතක තියාගන්න:
ඉක්මනින් හඳුනාගත්තොත් colorectal cancer සුව කරගන්න පුළුවන්!

#මහාබඩවැලේපිළිකා #බඩවැල්කැන්සර්
#මහාබඩවැලේපිළිකාලක්ෂණ #මහාබඩවැලේපිළිකාප්‍රතිකාර




13/03/2026

ගුද මාර්ගයෙන් රුධිරය දැකීම බොහෝ දෙනාට බියක් ඇති කරන ලක්ෂණයක්.
බොහෝවිට මෙය අර්ශස් නිසා වෙන්න පුළුවන්.

නමුත් සමහර අවස්ථාවලදී මෙය මහා බඩවැලේ පිළිකා වැනි බරපතළ රෝගයක ලක්ෂණයක් විය හැක.

මෙම වීඩියෝවෙන් ඔබ දැනගන්නෙ👇

මළපහ සමග ලේ පිටවීම හැමවිටම අර්ශස්ද?
මළපහ සමග ලේ පිටවීම ඇතිවිය හැකි භයානක නොවන හේතු
මළපහ සමග ලේ පිටවීමසමඟ ඇතිවිය හැකි මහා බඩවැලේ පිළිකා වල ලක්ෂණ
මළපහ සමග ලේ පිටවීම දැක්කොත් කළ යුතු දේ

⚠️ වැදගත් පණිවිඩය
මළපහ සමග ලේ පිටවීම නොසලකා හරින්න එපා.
නිවැරදි පරීක්ෂාවෙන් හේතුව හඳුනා ගැනීම ඉතා වැදගත්.

👍 Like කරන්න
🔁 Share කරන්න – කෙනෙකුගේ ජීවිතයක් බේරෙන්න පුළුවන්
🔔 Subscribe කරන්න – තවත් Sinhala medical education videos සඳහා

06/03/2026

අර්ශස් කියන්නේ බොහෝ දෙනාට ඇති නමුත් කතා කරන්න අකමැති රෝගයක්.
වෛද්‍ය විද්‍යාවේ නව තාක්ෂණයක් ලෙස මේ සඳහා Laser haemorrhoid surgery තිබෙනවා .

මෙම වීඩියෝවෙන් ඔබට පැහැදිලි කරනවා:

🔹 අර්ශස් කියන්නේ මොනවාද?
🔹 අර්ශස් වලට තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද?
🔹 Laser surgery එක වැඩ කරන්නේ කොහොමද?
🔹 Laser surgery එකේ වාසි සහ අවාසි
🔹 Laser surgery සදහා සුදුසු /සුදුසු නොවන අර්ශස්
🔹 රෝගියාට හොඳම ප්‍රතිකාරය තෝරාගන්නේ කොහොමද?

අර්ශස් සඳහා හැමෝටම එකම ප්‍රතිකාරයක් හොඳ නැහැ.
රෝගියාගේ තත්වය, අර්ශස් විශාලත්වය, සහ අනෙකුත් සාධක අනුව හොඳම ප්‍රතිකාරය වෛද්‍යවරයා තීරණය කරනවා.

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට රුධිරය පිටවීම, වේදනාව, හෝ ගැටිත්තක් වැනි ලක්ෂණ තිබේ නම්, ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.

Humbled and excited to join the IAGES 2026 Conference as a faculty and session chair. It’s a privilege to discuss the la...
14/02/2026

Humbled and excited to join the IAGES 2026 Conference as a faculty and session chair. It’s a privilege to discuss the latest in surgical innovation while reconnecting with old colleagues and meeting new friends in the field. 🤝✨

Global surgical excellence in Sri Lanka 🩺

IAGES 2026 ජාත්‍යන්තර සම්මේලනයට සහභාගී වීමට ලැබීම මහත් ගෞරවයකි. පැරණි මිතුරන් හමුවීමටත්, ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ නවීනතම දැනුම බෙදාහදා ගැනීමටත් මෙය කදිම අවස්ථාවකි. 🤝✨

ලොව දියුණුතම ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ශ්‍රී ලංකාවේදී ලබාගත හැකිය 🩺

07/02/2026

Gastritis කියන්නේ රෝගයක්ද රෝග ලක්ෂණයක්ද?
ගැස්ට්‍රයිටිස් වලට හේතු සහ එහි රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වෙන්න

විශේෂඥ ශල්‍ය වෛද්‍ය දක්ෂිත වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කොළඹ) විශේෂඥ ශල්‍ය වෛද්‍ය, සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය

16/01/2026

A**l Fistula කියන්නේ මොකක්ද?
Laser fistula treatment කියන්නේ සැබෑවටම “magic solution” එකක්ද?
කවුද Laser ප්‍රතිකාරයට සුදුසු, කවුද නුසුදුසු?

මෙම වීඩියෝවෙන්👇
✔️ Laser fistula treatment කියන්නේ මොකක්ද?
✔️ Laser ප්‍රතිකාරයේ වාසි සහ සීමා
✔️ සියලුම fistula රෝගීන්ට Laser හොඳද ?
✔️ හොඳම ප්‍රතිකාරය තීරණය කරන්නේ කවුද?

Laser ප්‍රතිකාරය හොඳ විකල්පයක් වුණත්, සියලුම A**l Fistula රෝගීන්ට එකම ප්‍රතිකාරයක් නැහැ. නිවැරදි ප්‍රතිකාර ක්‍රමය තෝරාගන්නා විට පමණක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා.

ඔබට සුදුසුම ප්‍රතිකාරය තීරණය කළ යුතුේ
➡️ ශල්‍ය වෛද්‍ය පරීක්ෂාව
➡️ MRI ප්‍රථිපල
➡️ ඔබගේ ලක්ෂණ අනුව

විශේෂඥ ශල්‍ය වෛද්‍ය දක්ෂිත වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන. ශ්‍රී ලංකා ජාතික රෝහලේ (කොළඹ) විශේෂඥ ශල්‍ය වෛද්‍ය, සහ කොළඹ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිලිබඳ මහාචාර්ය

09/01/2026

❌ Antibiotics වලින් ෆිස්ටියුලා සුව නොවන්නේ ඇයි ?
❌ Fistula එකක් simple ද complex ද කියලා වෛද්‍යවරු වර්ගීකරණය කරන්නේ කොහොමද?
💉 Simple fistula වලට තියෙන සරල ප්‍රතිකාර
💉 Complex fistula වලට LASER, VAAFT වගේ නවීන විසඳුම්
🎯 ඔබට හොඳම ප්‍රතිකාරය තෝරාගන්නේ කොහොමද?

😟 වැරදි ප්‍රතිකාරයක් තෝරාගත්තොත්…
– නැවත නැවත ෆිස්ටියුලා එන්න පුළුවන්
– වසර ගණන් පීඩා විඳින්න වෙන්න පුළුවන්
– වැසිකිලි යාම පාලනයට (bowel control) ගැටලු එන්නත් පුළුවන්

✅ හරි ප්‍රතිකාරය = ස්ථිර සුවවීම
සෑම fistula එකක්ටම එකම ප්‍රතිකාරයක් නෑ.
රෝගයේ ගැඹුර, ෆිස්ටියුලා යන මාර්ගය, ඔබේ ජීවන රටාව
👉 මේ හැමදේම බලලා තමයි හොඳම විසඳුම තෝරන්න ඕනේ.

Address

Dematagoda

Alerts

Be the first to know and let us send you an email when Colombo Surgeon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share