23/07/2026
ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම වසර 20කට ආසන්න කාලයක් පුරාවට පුත්තලම් දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොට්ටුකච්චිය ඇතුන්ගොඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින් බාහිර වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටී. මෙම කාලය පුරාවට ගොවි පවුල් 300කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමීප සහයෝගීතාවයෙන් කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සහ ජීවනෝපාය සංවර්ධනය උදෙසා සමාගම නිරන්තරයෙන් සිය දායකත්වය ලබාදී ඇත.
මෙම දිගුකාලීන සමාජ මෙහෙවරේ තවත් පියවරක් ලෙස, දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාත්මක කරන ලද මනුසත් දෙරණ වැඩසටහන එම ගම්මානය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් අප සමාගම මුලිකත්වය ගෙන කටයුතු සිදු කළ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ගොවි ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ යහපැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමයි.
එම වැඩසටහනට සමගාමීව,ඇතුන්ගොඩ ඉසිපතන කනිෂ්ඨ විද්‍යාලය සහ පුත්තලම මුරියාකුලම කනිෂ්ඨ විද්‍යාලය වෙත ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීම, ලින්ක් සුදන්ත අනුග්‍රහයෙන් ජංගම දන්ත සායන වැඩසටහනක් සංවිධානය කිරීම, සහභාගී වූ සියලු දෙනා වෙත ස්වස්ථ අමෘත පානයෙන් සංග්‍රහ කිරීම සහ බුළු පැළ 1,000ක් ජනතාව අතර බෙදාදීම යන සමාජ සත්කාරක වැඩසටහන් රැසක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
For nearly 20 years, Link Natural Products has been implementing an out-grower cultivation programme in Ethungoda, Kotukachchiya, located within the Anamaduwa Divisional Secretariat Division of the Puttalam District.
Throughout this period, the Company has worked closely with approximately 300 farming families, continuously supporting their livelihoods while contributing to the wellbeing of their families through a range of community development initiatives.
As part of this long-standing commitment, Link Natural Products facilitated the implementation of the Manusath Derana programme, organised by the Derana Media Network, in the village. The primary objective of this initiative was to promote the health and wellbeing of the local farming community.
Complementing the programme, Link Natural Products also carried out several community initiatives, including the donation of sports equipment to Ethungoda Isipathana Junior School and Muriyakulam Junior School in Puttalam; the organisation of a mobile dental clinic sponsored by Link Sudantha; the provision of Swastha Amurtha herbal beverages to all participants; and the distribution of 1,000 Bulu (Terminalia bellirica) saplings among members of the local community.