01/09/2026
අස්ථි ක්ෂය රෝගියෙකු සඳහා ආහාර සකස් කරගන්නා ආකාරය
අස්ථි ක්ෂය රෝගියෙකු සඳහා ආහාර සකස් කරගන්නා ආකාරය
++++++++++
ඔස්ටියෝපොරෝසිස් (අස්ථි ක්ෂය) තත්ත්වයෙන් මිදීම සඳහා දෛනිකව ආහාර පාන තෝරා ගැනීමේදී, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රධාන නීති 4ක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔබ වෙළඳපොළෙන් හෝ නිවසේදී ආහාර තෝරාගත යුත්තේ මෙන්න මේ ආකාරයටයි.
• රසය අනුව තෝරාගැනීම (Taste Selection):
ආයුර්වේදයට අනුව වාත දෝෂය සමනය කිරීමට සහ අස්ථි ශක්තිමත් කිරීමට මධුර (පැණි), අම්ල (ඇඹුල්) සහ ලවණ (ලුණු) රසැති ආහාර සුදුසුය. ස්වාභාවිකව පැණි රසැති කිරි, ගිතෙල්, ධාන්‍ය, සහ තල.සීමා කරන්න: තිත්ත, කටුක (අධික සැර) සහ කෂාය (කසට) රසැති ආහාර (උදා: අධික මිරිස්, කරවිල වැනි දෑ වාතය වැඩි කරයි). ලුණු සහ සීනි රසය සුදුසු වුවද, ඒවා කෘතිමව නොව ස්වාභාවික ආහාර මඟින් ලබාගත යුතුය.
• ආහාරයේ ස්වභාවය අනුව තෝරාගැනීම (Physical Qualities)
ඔස්ටියෝපොරෝසිස් වලදී ශරීරය සහ අස්ථි ඇතුළතින් වියළීමට ලක්වේ. එම නිසා තෝරාගන්නා ආහාර ශරීරයට තෙතමනය සහ සන්නිග්ධ බව (Lubrication) ලබාදෙන ඒවා විය යුතුය. තෙල් ගතියක් සහිත ස්නිග්ධ සහ උෂ්ණ ආහාර (උදා: බත්වලට ගිතෙල් හෝ තල තෙල් ස්වල්පයක් එකතු කිරීම, උණුසුම් සුප් හෝ කැඳ වර්ග) එකතු කරගන්න. රුක්ෂ සහ ශීත ආහාර. (උදා: බිස්කට්, ක්‍රැකර්ස්, ශීතකරණයේ තැබූ කෑම, අයිස් වතුර) මඟහරින්න.
• දිරවීමේ පහසුව අනුව තෝරාගැනීම (Digestive Capacity)
ඔබ කොතරම් කැල්සියම් බහුල ආහාර ගත්තත්, ඔබේ බඩගින්න හෝ ජීර්ණ ශක්තිය (අග්නිය) දුර්වල නම් එම පෝෂණය අස්ථිවලට උරා නොගනී. පහසුවෙන් දිරවන ආහාර තෝරන්න. මුං ඇට කිචඩි, කුරක්කන් කැඳ වැනි සැහැල්ලු ආහාර. ආහාර ජීර්ණය ශක්තිමත් කරන්න. ආහාර පිසීමේදී ඉඟුරු, කහ, සූදුරු, සුදුළූණු සහ ගම්මිරිස් වැනි කුළුබඩු අනිවාර්යයෙන්ම එකතු කරගන්න.
• දෛනික වේල් 3 සැලසුම් කරගන්නා ආකාරය (Meal Planning)
උදෑසන වේල: ශක්තිමත් සහ දියරමය ආහාරයක් වන්නට හැරීම සුදුසුය. (උදා: කුරක්කන් කැඳ කෝප්පයක් සමඟ තල අග්ගලා හෝ තල හැන්දක්, නැතහොත් පොඟවා ගත් ආමන්ඩ් ඇට 5ක්).
දවල් වේල: ප්‍රධාන සහ බර ආහාරය විය යුතුය. නිවුඩ්ඩ සහිත රතු බත් සමඟ මුරුංගා කොළ මැල්ලුමක්, පරිප්පු හෝ මුං ඇට හොද්දක් සහ වට්ටක්කා වැනි එළවළුවක් එක්කර ගන්න. බත් පිසීමේදී ගිතෙල් බිංදු කිහිපයක් එක් කිරීම ඉතා ගුණදායකයි.
රාත්‍රී වේල: ඉතා සැහැල්ලු විය යුතුය. නිදාගන්නට පැයකට පමණ පෙර උණුසුම් එළකිරි කෝප්පයකට කහ කුඩු ස්වල්පයක් සහ ගිතෙල් තේ හැඳි භාගයක් මුසු කර පානය කරන්න. එය අස්ථි පෝෂණයට ඇති හොඳම ආයුර්වේද නිවනකි.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව, ඔස්ටියෝපොරෝසිස් (අස්ථි ක්ෂය) රෝගීන්ට වඩාත් ගුණදායී (පථ්‍ය) සහ අගුණදායී (අපථ්‍ය) ආහාර මොනවාද යන්න පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි පහතින් දැක්වේ:
• ගුණදායී (පථ්‍ය) ධාන්‍ය වර්ග: කුරක්කන්, නිවුඩ්ඩ සහිත රතු බත්, ඕට්ස්, බාර්ලි.
අගුණදායී (අපථ්‍ය) ධාන්‍ය වර්ග: පාන් පිටි ආහාර, සුදු බත්, පැකට් කළ බිස්කට් සහ වියළි රොටී වර්ග.
• ගුණදායී (පථ්‍ය) ඇට වර්ග: කළු සහ සුදු තල, වතුරේ පොඟවා ලෙලි හැරගත් ආමන්ඩ්, මුං ඇට.
අගුණදායී (අපථ්‍ය) ඇට වර්ග: කඩල, පරිප්පු, සෝයා බෝංචි (අධික ලෙස ගැනීමෙන් වාතය කිපේ).
• ගුණදායී (පථ්‍ය) කිරි නිෂ්පාදන: නැවුම් එළකිරි (උණුසුම්ව), ගිතෙල්, මෝරු (Buttermilk), එළු කිරි.
අගුණදායී (අපථ්‍ය) කිරි නිෂ්පාදන: ශීත කළ යෝගට්, චීස්, අයිස්ක්‍රීම් සහ පැකට් කළ කිරි පිටි.
• ගුණදායී (පථ්‍ය) එළවළු සහ පලා: මුරුංගා (කොළ සහ කරල්), වට්ටක්කා, කැරට්, බණ්ඩක්කා, ගොටුකොළ.
අගුණදායී (අපථ්‍ය) එළවළු සහ පලා: අර්තාපල්, තක්කාලි, වම්බටු, නිවිති (කැල්සියම් උරාගැනීම බාධා කරයි).
• ගුණදායී (පථ්‍ය) පළතුරු වර්ග: අත්තික්කා (Figs), රටඉඳි, පැණි දොඩම්, දෙළුම්, ඉදුණු අඹ.
අගුණදායී (අපථ්‍ය) පළතුරු වර්ග: ඇඹුල් අධික පළතුරු, නොඉදුණු පැපොල්, ශීත කළ පළතුරු බීම.
• ගුණදායී (පථ්‍ය) තෙල් සහ කුළුබඩු: තල තෙල්, පිරිසිදු පොල්තෙල්, කහ, ඉඟුරු, සුදුළූණු, සූදුරු.
අගුණදායී (අපථ්‍ය) තෙල් සහ කුළුබඩු: පිරිපහදු කළ එළවළු තෙල් (Vegetable oils), අධික මිරිස් සහ තුනපහ.
• ගුණදායී (පථ්‍ය) පාන වර්ග: කුරක්කන් කැඳ, තල කැඳ, ඖෂධීය තේ (ඉඟුරු/කොත්තමල්ලි), උණුසුම් වතුර.
අගුණදායී (අපථ්‍ය) පාන වර්ග: කෝපි, තේ (කැෆේන් බහුල පාන), පැණි බීම, මත්පැන්.
යම් ආහාරයක් ඔස්ටියෝපොරෝසිස් (අස්ථි ක්ෂය) රෝගීන්ට අගුණදායී (අපථ්‍ය) වන්නේ ප්‍රධාන හේතු 3ක් නිසාවෙනි. ආයුර්වේදයට අනුව සහ නූතන විද්‍යාවට අනුව මෙම ආහාර ශරීරය තුළ ක්‍රියා කරන්නේ මෙසේය:
• ශරීරයේ "වාත දෝෂය" අධික ලෙස කුපිත කිරීම (ආයුර්වේද මතය): ඔස්ටියෝපොරෝසිස් යනු ශරීරය වියළී යාම සහ ක්ෂය වීම (වාතය වැඩිවීම) නිසා සිදුවන රෝගයකි. වියළි, සීතල සහ කසට රසැති ආහාර (උදා: පැකට් කළ බිස්කට්, ඩ්‍රයි ෆෘට්ස්, අයිස් වතුර, කොස්, පොලොස්) ශරීරයේ වියළි බව තවත් වැඩි කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සන්ධි සහ අස්ථි ඇතුළත ඇති ස්වාභාවික තෙතමනය (Lubrication) නැති වී, අස්ථි ඉක්මනින් දිරාපත් වීමට සහ බිඳී යාමට පටන් ගනී.
• අස්ථිවල ඇති කැල්සියම් දියකර ශරීරයෙන් පිට කිරීම (Calcium Leaching): ඇතැම් ආහාර අප ලබා ගන්නා විට, ඒවා ශරීරය තුළ අම්ල (Acid) නිපදවයි. මෙම අම්ල සමනය කිරීම සඳහා ශරීරය කරන්නේ අස්ථිවල ගබඩා කර ඇති කැල්සියම් ඇද ගැනීමයි. අධික ලුණු (සෝඩියම්): ලුණු අධික ආහාර ගත් විට (සැන්ඩ්විච්, සෝස්, අච්චාරු, බයිට්ස් වර්ග), ශරීරය එම සෝඩියම් පිට කිරීමට උත්සාහ කරයි. එහිදී සෝඩියම් සමඟ අස්ථිවල ඇති කැල්සියම් ද මුත්‍රා මාර්ගයෙන් පිටවී යයි. සුදු සීනි සහ පැණි බීම: මේවා ශරීරයේ කැල්සියම් පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) සම්පූර්ණයෙන්ම අවුල් කරයි.
• කැල්සියම් ශරීරයට උරාගැනීම අවහිර කිරීම (Malabsorption): ඔබ කොතරම් කැල්සියම් බහුල ආහාර (කිරි, තල) ගත්තත්, පහත සඳහන් ආහාර ගන්නා විට ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය කැල්සියම් සමඟ බන්ධනය වී සිරුරට උරා ගැනීමට ඉඩ නොදෙයි. තේ සහ කෝපි (කැෆේන්): කෝපි සහ තේ වල ඇති කැෆේන් (Caffeine) සහ ටැනින් (Tannin) මඟින් බඩවැලෙන් කැල්සියම් අවශෝෂණය කරගැනීම 50% කින් පමණ අඩු කරයි. සෝඩා සහ කාබනේටඩ් බීම: මේවායේ ඇති 'ෆොස්ෆොරික් අම්ලය' (Phosphoric acid) ශරීරයේ කැල්සියම් අවශෝෂණය සම්පූර්ණයෙන්ම අඩාල කරයි.නිවිති සහ තක්කාලි (අධික ලෙස ගැනීම): මේවායේ 'ඔක්සලේට්' (Oxalates) බහුල බැවින් කැල්සියම් ශරීරයට උරාගැනීම වළක්වයි.
සරලවම කිවහොත් අගුණ ආහාර ලබා දීමෙන් සිදුවන්නේ එක්කෝ අස්ථිවල දැනට තියෙන කැල්සියම් දියවී යාමයි. නැත්නම් අලුතින් ගන්නා පෝෂණය අස්ථිවලට නොලැබී යාමයි.
මීළඟට ඔස්ටියෝපොරෝසිස් (අස්ථි ක්ෂය) යනු නිට්ටාවට සුව කළ හැකි රෝගයක් ද? යන්න කතා කරමු.
වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා