පිරිසිදු තැඹිලි තෙල් Virgin king coconut oil

පිරිසිදු තැඹිලි තෙල් Virgin king coconut oil පිරිසිදු තැඹිලි තෙල් හිසේ හා සමේ ගැල්වීමට මෙන්ම ආහාරයටත් සුදුසුයි.

16/08/2022
නිවසේ සාදන ලද උසස්ම තත්වයේ කවලම් නැති පිරිසිදු තැඹිලි තෙල්.රසායන ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.හිස ගැල්වීමට , සමේ ගැල්වීමට...
06/08/2022

නිවසේ සාදන ලද උසස්ම තත්වයේ කවලම් නැති පිරිසිදු තැඹිලි තෙල්.

රසායන ද්‍රව්‍ය හෝ වර්ණක අඩංගු නැත.

හිස ගැල්වීමට , සමේ ගැල්වීමට මෙන්ම ආහාරයටත් ඉතාම සුදුසුයි.

තැඹිලි තෙල් වල ප්‍රයෝජන 1. ආහාරයන් සකස් කර කරගැනීමට පොල්තෙල් වෙනුවට භාවිත කිරීමෙන් වඩාත් පෝෂ්‍යදායි ආහාරයක් සකසා ගත හැකි...
18/07/2022

තැඹිලි තෙල් වල ප්‍රයෝජන

1. ආහාරයන් සකස් කර කරගැනීමට පොල්තෙල් වෙනුවට භාවිත කිරීමෙන් වඩාත් පෝෂ්‍යදායි ආහාරයක් සකසා ගත හැකිවේ.

2. වියලි සම නැති කරගැනීමට සහ සම වයසට යාම ප්‍රමාද කිරීමට, රැලි වැටිම වලකාලීමට , අදුරු පැල්ලම් නැතිකොට සම ඒකාකාරී පැහැයකින් තබාගැනීමට ක්‍රියා කරයි. එමෙන්ම ඔබ තැඹිලි තෙල් ආලේප කිරීමෙන් සමට ඉතා දීප්තිමත් පැහැයක් ලබාගත හැක. ඒ වගේම ඇස් වල ඇති එල්ලා වැටෙන ස්වාභාවය නැති කරගැනිමට ස්වල්පයක් රාත්‍රියට ආලේප කරන්න.

3. තැඹිලි තෙල් හිසකෙස් සදහා ආලේප කිරීමෙන් හිසකෙස් වඩාත් දිගු සහ ශක්තිමත් කරගත හැක. තවද අනවශ්‍ය රැලි සහ ගැටගැසුනු ස්වාභාවය නැති කරගැනීමට තැඹිලි තෙල් උපයෝගී කරගන්න පුලුවන්. තැඹිලි තෙල් වල ඉහල ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු නිසා හිසකෙස් වල ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරමින් හිසකෙස් කැඩීයාම සහ වියලීම නැති කරයි. තවද ඛනිජ සහ විටමින් වලින් ඔබගෙ හිසකෙස් පෝෂණය කරයි. තැඹිලි තෙල් ඔබගෙ හිසකෙස් තද කලු පැහැයට හරවා ගැනීමට යොදාගන්න පුලුවන්. අකලට හිසකෙස් පැසීම වළකනවා සේම හිස කෙස් වල ආලේපනයෙන් දුර්ගන්ධයක් ඇති නොවෙයි.

අවශ්‍ය අය විමසන්න.

තැඹිලි තෙල් භාවිතය හිසට සහ සමටඅපි භාවිතයට ගන්න තෙල් වර්ග අතරින් ප්‍රමුඛයා වෙන්නෙ පොල්තෙල්. පොල්තෙල් ලබාගන්නෙ පොල් ගසෙන්....
05/06/2022

තැඹිලි තෙල් භාවිතය හිසට සහ සමට

අපි භාවිතයට ගන්න තෙල් වර්ග අතරින් ප්‍රමුඛයා වෙන්නෙ පොල්තෙල්. පොල්තෙල් ලබාගන්නෙ පොල් ගසෙන්. ඒ හා සමානම ඉතාමත් රසවත් ගුණැති තැඹිලි ගෙඩි වලින් නිස්සාරණය කරගන්නා ලද තැඹිලි තෙල් බහුලව බොහොදෙනා යොදාගන්නෙ නැතත් තැඹිලි තෙල් භාවිතයෙන් ඉහල රූපලාවණ්‍යය ප්‍රතිඵල ලබාගන්න පුලුවන් වෙනවා.

— තැඹිලි තෙල් මගින් හිසකෙස් සදහා ලැබෙන සුපිරි වාසින් —

සාමාන්‍යයෙන් පොල්තෙල් මගින් හිසකෙස් සදහා ඉහල පෝෂණයක් ලැබුණත් තෙල් ගඳ නිසා ගොඩාක් අය හිසට යොදන්න මැලි වෙනවා. විශේෂයෙන්ම තරුණියන්. තැඹිලි තෙල් ඒ සදහා හොදම විසදුමක් වෙන්නෙ හිසකෙස් වල ආලේපනයෙන් දුර්ගන්ධයක් ඇති නොවන නිසයි.

තැඹිලි තෙල් හිසකෙස් සදහා ආලේප කිරීමෙන් හිසකෙස් වඩාත් දිගු සහ ශක්තිමත් කරගත හැක.තවද අනවශ්‍ය රැලි සහ ගැටගැසුනු ස්වාභාවය නැති කරගැනීමට තැඹිලි තෙල් උපයෝගී කරගන්න පුලුවන්. තැඹිලි තෙල් වල ඉහල ප්‍රෝටීන ප්‍රමාණයක් අඩංගු නිසා හිසකෙස් වල ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරමින් හිසකෙස් කැඩීයාම සහ වියලීම නැති කරයි.තවද ඛනිජ සහ විටමින් වලින් ඔබගෙ හිසකෙස් පෝෂණය කරයි. තැඹිලි තෙල් ඔබගෙ හිසකෙස් තද කලු පැහැයට හරවා ගැනීමට යොදාගන්න පුලුවන්.

— තැඹිලි තෙල් මගින් ඔබේ සමට ලැබෙන සුපිරි වාසින් —

තැඹිලි තෙල් ඔබගේ හිසකෙස් නීරෝගි කරනවා සේම සමටද ඉහලම පෝෂණයක් ලබාදීම සිදු කරයි. තැඹිලි තෙල් ඉහලම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූනයි.එම නිසා බාහිර පරිසරයෙ ඇති අහිතකර මූලද්‍රව්‍ය මගින් ඔබේ සම විනාශ කිරීම වලකයි. ඒ වගේම් ඔබේ සම ඉතාමත් වියලියි නම් තැඹිලි තෙල් කියන්නෙ ඊට කදිම විසදුමක්.දවස පුරාම ඔබේ සමෙ තෙතමනය රැකගැනීමට කටයුතු කරනවා මෙන්ම සම ඉතාමත් නැවුම් පෙනුමකින් තබාගැනීමට කටයුතු කරයි.

පොල්තෙල් සමට හිතකර වුවත් ගන්ධය නිසා භාවිතා කිරීමට මැලි වන්නන්ට තැඹිලි තෙල් කියන්නෙ කදිම විසදුමක්.වියලි සම නැති කරගැනීමට සහ සම වයසට යාම ප්‍රමාද කිරීමට, රැලි වැටිම වලකාලීමට , අදුරු පැල්ලම් නැතිකොට සම ඒකාකාරී පැහැයකින් තබාගැනීමට ක්‍රියා කරයි. එමෙන්ම ඔබ තැඹිලි තෙල් ආලේප කිරීමෙන් සමට ඉතා දීප්තිමත් පැහැයක් ලබාගත හැක. ඒ වගේම ඇස් වල ඇති එල්ලා වැටෙන ස්වාභාවය නැති කරගැනිමට ස්වල්පයක් රාත්‍රියට ආලේප කරන්න.

කොහොමද හිසකෙස් සහ සම සදහා තැඹිලි තෙල් භාවිත කරන්නෙ ?

• සතියකට වරක් තැඹිලි තෙල් මේස හැන්දක ප්‍රමාණයකට විටමින් E කරලක් එක්කර මදක් රත්කර හිස්කබලට යොදා හොදින් මසාජ් කරන්න.එය හිසමත තිබෙන්නට හැර පහුවදා සෝදාහරින්න.

• පොල්තෙල් වෙනුවට තැඹිලි තෙල් ආලේප කරන්න පුලුවන්.

• සතියකට වරක් තැඹ්ලි තෙල් මදක් රත්කර සිරුරේ ආලේප කර හොදින් කවාකාරව සම්බාහනය කර ස්නානය කරන්න.

04/06/2022

Address

Galgamuwa

Telephone

+94716345496

Website

Alerts

Be the first to know and let us send you an email when පිරිසිදු තැඹිලි තෙල් Virgin king coconut oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පිරිසිදු තැඹිලි තෙල් Virgin king coconut oil:

Share