ඉසිවර වෙද මැදුර-Isiwara weda medura

ඉසිවර වෙද මැදුර-Isiwara weda medura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඉසිවර වෙද මැදුර-Isiwara weda medura, Medical and health, Galle.

දේශීය හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර හා ඖෂධ නිශ්පාදනය
(Traditional & Ayurwedic Medicine)
Dr.A.N.Priyadarshani
Physician
SLAMC 14288

1: Isiwara Ayurvedic Home Hikkaduwa
No 7
Kuruduwatta , Hikkaduwa

2:Isiwara weda medura
Welipitimodara
Ginthota

21/08/2026

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය.

කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "ළමා මණ්ඩපය" වෙත හඳුන්වා දී තිබේ.

එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

පසුව ලංකා ගුවන්විදුලියේ සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීම සහ අනුග්‍රහයද ඇයගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යාමට මහත් පිටුබලයක් විය.

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකරන ලදී.

එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමිවිය.

ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ "මධුවන්ති" වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී වූ අතර, "සන්නාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ප්‍රකට කළාය.

නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් බිහි විය.

ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කළාය.

"දන්නෝ බුදුන්ගේ" වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ "සින්දු හෝඩිය" ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස ඇය සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් හිමිකරගෙන ඇත.

"ගලන ගඟකි ජීවිතේ", "මේ සිංහල අපගෙ රටයි", "රංග සැඩොල් කඳුළු", "හඳ හාවුන්", "දෙනෝදහක් නුවන් අතරේ", "අම්මාවරුනේ", "අහසින් පොළවට" සහ "ඉවුරු බිඳුණු ගංතලාවේ" ඇතුළු ගීත වෙනුවෙන්ද ඇය සම්මානයට පාත්‍ර වූවාය.

ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද සිය ගායන හැකියාව රැගෙන ගිය නන්දා මාලනී මහත්මිය සිංගප්පූරුව, මැලේසියාව, පාකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, මැදපෙරදිග සහ මාලදිවයින ඇතුළු රටවල ප්‍රසංග සඳහා සහභාගී වී තිබේ.

1988 දෙසැම්බර් 16 වැනිදා ඇය සිය 250 වැනි ප්‍රසංගය පවත්වා ඇත.

ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

Veteran singer Nanda Malini passes away at the age of 82 years -Family sources - adaderana.lk

ඊයේ දින පැවති හික්කඩුව ආයුර්වේද සංරක්ෂණ සභාව මගින් සූදානම් කළ වෛද්‍ය සායනය.ස්ථානය .රත්ගම රත්නෝදයාරාම විහාරය 2026/8/19 බද...
20/08/2026

ඊයේ දින පැවති හික්කඩුව ආයුර්වේද සංරක්ෂණ සභාව මගින් සූදානම් කළ වෛද්‍ය සායනය.
ස්ථානය .රත්ගම රත්නෝදයාරාම විහාරය
2026/8/19 බදාදා දින .

17/08/2026

Herbal Soap
ඇත්තෝර සබන්

09/08/2026

මං ආස නැටුමක් මේ යන්නෙ.අද පෙරහරේදී වීඩියෝ කර ගත්තේ .
පිම්බුන සායක් වැනි ඇදුම් නිර්මාණයක් ඇති මේ නර්තනය තමයි කතකලී කියන්නේ . (Kathakali) යනු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට හිමි, ලෝකප්‍රකට සම්ප්‍රදායික නෘත්‍ය නාට්‍ය (Dance-Drama) කලාවක්. "කත" යන්නෙන් කතාව ද, "කලී" යන්නෙන් රඟදැක්වීම ද අදහස් වේ. එනම් නර්තනය, සංගීතය, රංගනය සහ නාට්‍යමය ලක්ෂණ එකිනෙක මුසු වූ අද්විතීය කලාංගයක් ලෙස මෙය හැඳින්වේ .
කතකලී නාට්‍ය සඳහා ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ ඉපැරණි හින්දු මහා කාව්‍යයන් ය:
​මහාභාරතය
​රාමායණය
​භාගවත පුරාණය (දේව කතා සහ අසුරයන් අතර යුද්ධ)

සංවාද රහිත රංගනය: නළුවන් විසින් වචනයෙන් දෙබස් පැවසීමක් සිදු නොකෙරේ.

​මුද්‍රා (Mudras) සහ අභිනය: අත්වලින් දක්වන මුද්‍රා 24ක් සහ මුහුණේ භාව ප්‍රකාශන (අක්ෂි, බැම, තොල් සහ කම්මුල් චලනයන්) මඟින් කතාවේ සංවාද සහ හැඟීම් ප්‍රකාශ කරයි.

​නර්තන සහ සටන් ජවනිකා: සටන් කලා ශිල්ප ක්‍රම ඇතුළත් ජව සම්පන්න, තාලානුකූල පා චලනයන් මෙහි දක්නට ලැබේ.

අන්තර් ජාලයෙන් තොරතුරු
゚viralシ

මල් වලින් පිරිල අද නම්  හරිම ලස්සනයි දේවාලය වටේම .අපි අද ගියා සීනිගම දේවාලයෙ පෙරහර බලන්න .😍💐❤ ゚
08/08/2026

මල් වලින් පිරිල අද නම් හරිම ලස්සනයි දේවාලය වටේම .අපි අද ගියා සීනිගම දේවාලයෙ පෙරහර බලන්න .😍💐❤


08/08/2026

Hair Cear ❤️😍

හිසට තෙල් දාන්න කියල අනුන්ට උපදෙස් දුන්නට මට පහුගිය කාලෙ නිදහසේ හිසට තෙල් සාත්තුවක් කර ගන්න වුනේ නැහැ .කෙස් වලට  පෝෂණය ම...
07/08/2026

හිසට තෙල් දාන්න කියල අනුන්ට උපදෙස් දුන්නට මට පහුගිය කාලෙ නිදහසේ හිසට තෙල් සාත්තුවක් කර ගන්න වුනේ නැහැ .කෙස් වලට පෝෂණය මදි කියල හොදටම තේරුම් ගිය නිසා ඊයේ මං හිදපු තෙල් වලින්ම හොදට තෙල් ගාල පැක් එකත් දාල නාන්න හිටියෙ .නමුත් පැක් එක දා ගන්න වුනේ නැහැ 😪.ඒ වැඩේ කල් ගියා.වදමල් ෂැම්පු ගාල නාන්න විතරයි වුනේ.ආපහු දවසක පැක් එක දාන්න ඕන 😊😁

06/08/2026

පාන්දර 1.30 සිට 4.30 දක්වා පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන ආකාරය Star Trail ඡායාරූපයකින් පෙනෙන හැටි. 🌌🌍

ඔබ මේ ඡායාරූපයේ දකින විදිහට තරු ගමන් කරනවා කියලා හිතනවාද?

බොහෝ දෙනෙකුගේ පිළිතුර "ඔව්" වෙයි. ඒත් ඇත්ත කතාව නම්, මේ රටාව ඇතිවෙන්නේ තරු මේ ආකාරයෙන් අහසේ ගමන් කරන නිසා නොව, පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන නිසයි.

පෘථිවිය භූමධ්‍ය රේඛාව ආසන්නයේදී පැයට කිලෝමීටර් 1,670ක් පමණ වේගයෙන් භ්‍රමණය වෙද්දි අපිත් ඒ සමඟම ගමන් කරන නිසා ඒ චලනය අපට දැනෙන්නේ නැහැ.

මෙම සංසිද්ධිය සරලව පෙන්වීමට, තත්පර 25 බැගින් ලබාගත් ඡායාරූප 425ක් එකට Stack කර මෙම Star Trail ඡායාරූපය නිර්මාණය කළා. ඒ සඳහා ගත වූ සම්පූර්ණ කාලය පැය 3කට ආසන්නයි.

📷 Sony A7RV + Sony 12–24mm GM

Each shot: 25s | ISO 2500 | f/2.8

425 shots × (25s exposure + 1s interval) = 11,050 seconds

3 hours 4 minutes of total shooting time. 😇

පෙරහර උත්සවයට සැරසී ඇති සීනිගම දේවාලය.❤️❤️🙏💐💐6/8/2026
06/08/2026

පෙරහර උත්සවයට සැරසී ඇති සීනිගම දේවාලය.❤️❤️🙏💐💐
6/8/2026

06/08/2026

Address

Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+40760128798

Website

Alerts

Be the first to know and let us send you an email when ඉසිවර වෙද මැදුර-Isiwara weda medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share