Isiwara Pharmacy & Grocery

Isiwara Pharmacy & Grocery Pharmaceutical

12/05/2026
02/08/2024
First flow New shop &  items ❤
02/08/2024

First flow
New shop & items ❤

New Isiwara pharmacy.&Grocery
08/05/2024

New Isiwara pharmacy.&Grocery

29/11/2022
04/08/2020

සේලයින් ගැන හරියට දැනගමු.........🚑❤

ලෙඩාට සේලයින් දෙනවා? සේලයින් එකක් දුන්නොත් හොඳයි!

සේලයින් දෙන්නේ ලෙඩාට ගොඩාක් අමාරු ඇති!

මොකක්ද මේ සේලයින්? අද අපි සේලයින් ගැන කතා කරමු.

ඇත්තටම සේලයින් කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්නා ලුණු Nacl - හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් ඉතා ස්වල්පයක් මිශ්‍ර වූ පිරිසිදු වතුරයි.

ඇත්ත තත්ත්වය ඒක වුණත් සම්පූර්ණයෙන් විෂබීජ රහිතව සිරුරට විෂ නැති ප්ලාස්ටික් බෝතලයක ගබඩා කර, විද්‍යානුකූලව නිපදවන ලද සේලයින් බෝතලය, පහසුවෙන් තියෙන බෙහෙත් කර්මාන්තශාලාවක තමයි නිපදවන්න පුළුවන් වෙන්නේ.

ඒ වගේම ප්ලාස්ටික් බෝතලයක එල්ලා, ප්ලාස්ටික් බටයක් දිගේ (Drip set) රෝගියාගේ ශරීරයේ නහර තුළට (ශිරාවක් ඇතුළට හෙවත් Intravenous) දෙනු ලබන හැම බෙහෙතක් ම “සේලයින්” ලෙස හඳුන්වන්නට වෛද්‍ය නොවන සාමාන්‍ය ජනතාව පුරුදුවෙලා තියෙනවා.

ඇත්ත තත්ත්වය ඒක නෙවෙයි. සේලයින් බෝතලයේ හැඩරුව ඇති ඖෂධ වර්ග රාශියක් එලෙස ලබා දෙනවා. උදාහරණ ලෙස 5% ග්ලූකෝස් ද්‍රාවණය රුධිරය අඩු වු විට දෙන ප්ලස්මා වැඩිකරන දේවල් හෙවත් Plasma expanders, මුඛයෙන් ආහාර නොගන්නා විට දෙන ආහාරමය ඖෂධත්, අධික පාචනය, වමනය නිසා රුධිර පොටෑසියම් අඩු විටෙක දෙන “හාට්මාන්” නම් ඖෂධයත් තවත් එවැනි ඖෂධ කිහිපයකුත් හඳුන්වන්න පුළුවන්.

නමුත් ඉතා බහුලව පාවිච්චි කරන සේලයින් ද්‍රාවණය “සාමාන්‍ය සේලයින්” හෙවත් “Normal Saline” ලෙස හඳුන්වනවා. අද අපි ඒ සේලයින් ගැන කතා කරමු. මම මුලින් සඳහන් කළ පරිදි ආහාරයට ගන්නා ලුණු හා ජලය එකතුවෙන් තමයි මේ සේලයින් ද්‍රාවණය නිපදවන්නේ. මෙ සේලයින්වල ලවණ තත්ත්වය එහෙම නැතිනම් ලුණු ගතිය (Osmloality) ශරීරය ඇතුලේ තරලවල ලවණ ගතියට සමාන නිසා ශරීරයට අයිති තරලයක් වගේ ශරීරය ඇතුලේ හැසිරෙනවා. ඒ නිසා සේලයින් වතුරෙන් අපිට ප්‍රයෝජන රාශියක් ලබාගන්න පුළුවන් වෙනවා.

1 ප්‍රධාන වශයෙන් ශරීරයට ජලය හා ලවණ අවශ්‍ය වූ විට උදාහරණයක් ලෙස වමනය, පාචනය, අධික දහදිය ආදී ලවණ හා ජලය ශරීරයෙන් පිටතට යන අවස්ථාවල.

2 අධික රුධිර වහනය වැනි අවස්ථාවක රුධිරය ලබා දෙන තෙක් හා සාමාන්‍ය රුධිර වහනයකදී ප්‍රතිකාරයක් ලෙසත් සාමාන්‍ය සේලයින් වැදගත් වෙනවා.

3 කම්පන තත්ත්වයක් (shock State) ශරීරයේ රෝගාබාධයක් නිසා රුධිර පීඩනය ඉතාමත්ම අඩු වී කම්පන තත්ත්වයක් ඇති වූ විට රුධිර පීඩනය වැඩිකිරීමට.

4 ශල්‍යකර්මවලදී ශරීරය ඇතුළත පිරිසිදු කිරීමට ජලය වෙනුවට සාමාන්‍ය සේලයින් භාවිතා වෙනවා.

5 ඇස, කන, නාසය වැනි ඉන්ද්‍රියන් පිරිසිදු කිරීමටත්, තුවාල පිරිසිදු කිරීමටත්, ඒ ඒ ස්ථානයන්ට පමණක් සේලයින් පාවිච්චි කරනු ලබනවා.

6 මීට අමතරව සමහර බෙහෙත් වර්ග, විටමින් ආදිය ශරීරය තුළට ලබා දෙන මාධ්‍යයක් ලෙසත් භාවිතා කරනවා.

සේලයින් ශරීරයට ලබා දෙන්නේ කොහොමද?

අපේ ශරීරයේ විශේෂයෙන් අත පය ආදී ප්‍රදේශවල ඉලිප්පී පෙනෙන නහර විශේෂය “ශිරා” යනුවෙන් හඳුන්වනවා. මේ ශිරාවන්වලින් කෙරෙන්නේ හෘදය වෙතට රුධිරය නැවත රැගෙන ඒමයි. (හෘදයෙන් ඉවතට යන නහර “ධමනි” ලෙස හඳුන්වනවා. මේ ධමනි ටිකක් ගැඹුරින් පිහිටා ඇති නිසා සම ආසන්නව පෙනෙන්නේ නැහැ. “නාඩි වැටීම” ලෙස අපට දැනෙන්නේ, සමහර ස්ථානවලදී ධමනිය අහුවෙන විටයි. උදා: අතේ මැනික් කටුවට පහළින්) ඉතිං මම කලින් කියපු ශිරාවක් තුළට ඉදිකටුවක් (needle) හෝ ප්ලාස්ටික්වලින් හැදුන කැනියුලාවක් (Canula) මගින් තමයි සේලයින් ශරීරය තුළට ලබා දෙන්නේ.

සේලයින්වල අතුරු ආබාධ නැද්ද?

නැතිවාම නෙවෙයි. සේලයින් ශරීරය තුළට දෙන්න සිදුවන අවස්ථා සලකා බැලුවාම ඒ අතුරු ආබාධ වැදගත්කමින් අඩුවෙනවා. සමහර විට මඳ උණ ගතියක්, සේලයින් විදපු ස්ථානයේ විෂබීජ ආසාධනයක්, ශිරාව ඇතුලේ ඉදිමීමක්, රුධිර කැටි ඇතිවීමක් හෝ නහරයෙන් පිටතට යාමක් නිසා ඒ ස්ථානය ඉදිමීමත් දකින්නට පුළුවන්.

මීට අමතරව මුහුණේ ඇස් යට ඉදිමීමක් හා හෘදය වස්තුව ඉතා දුර්වල වූ අවස්ථාවක (Heart failure) කෘත්‍රිමව දෙන සේලයින් පොම්ප කර ගැනීම බැරි වූ විට හා වකුගඩු නරක් වූ විට පෙනහළුවල ඉදිමීමක් හෙවත් වතුර ගතිය වැඩිවීමක් පවා සිදුවන්න පුළුවන්. නමුත් වෛද්‍යවරු මේ ඖෂධ දීමේදී ඉතා සැලකිලිමත් ලෙස මාත්‍රාව හසුරුවන නිසා මෙවැනි දේ ඉතා කලාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.

ඉතිං සේලයින් කියන්නේ තරමක් සංකීර්ණ මාතෘකාවක් වුණත් පාඨක ඔබට සේලයින් ගැන මූලික අදහසක් මේ ලිපියෙන් ලැබුණා කියලා මම හිතනවා. ඇත්තටම අපි රෝගී වූ විට සේලයින් අපිට යම්කිසි ජීවයක් ලබා දෙනවා කියන එක සේලයින් භාවිතා කරන අවස්ථා දිහා බැලුවාම ඇත්තක් කියලා කියන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න සේලයින් ලබා දිය යුත්තේ ඇත්තටම සේලයින් අවශ්‍යම විටෙක පමණක් නිසා “සේලයින් ටිකක්වත් දුන්නේ නැහැ කියලා” හිත නරක් කර ගන්නත් එපා.

උපුටා ගැනීමකි
වෛද්‍ය මහින්ද හේමප්‍රිය
ශික්ෂණ රෝහල
රාගම

04/08/2020

පණුබෙහෙත්(මෙබෙන්ඩසෝල්) ගැන හරියට දැනගමු.........🚑❤

🌸ශ්‍රී ලoකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ,ළමාරෝග විශේෂඥවරුන්ගේ සoගමය සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ සoගමය සමග එක් වෙලා හදාපු පණු රෝග අවම කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය අනුව තමයි මේ සටහන ලියල තියෙන්නේ.( ).
🌸ලoකාවේ කුඩා දරුවන්ට සහ ගර්භනී මව්වරුන්ට පණුබෙහෙත් ලබා දීමේදී ප්‍රදේශ අනුව කොටස් දෙකකට වෙන් කරල තියනවා.
1. අධි අවදානම් ප්‍රදේශ
ඌව, සබරගමුව, මධ්‍යම
2. මධ්‍යස්ථ අවදානම් ප්‍රදේශ
අනෙකුත් සියලු පළාත්
🌸මධ්‍යස්ථ අවදානම් ප්‍රදේශ වල උනත් පණු රෝග පැතිරීමේ හැකියාව වැඩි පාසැල් හෝ කර්මාන්ත ආයතන තිබේ නම් ඒවායේ අධි අවදානම් ප්‍රදේශ වල විදිහට බෙහෙත් ලබා දීම කරනවා.

#පස හරහා බෝවෙන පණු රෝග නිසා ඇති වන ගැටලු
🌼ආහාර වල තියන පෝෂණ කොටස් අවශෝශනය අඩු වීම
🌼නීරක්තිය
🌼ආහාර රුචිය අඩු වීම
🌼පාචනය
🌼බඩවැල් අවහිර වීම
🌼ආන්ත්‍රික සහ පිත්ත ප්‍රනාල අවහිර වීම
🌼බුද්ධි වර්ධනයේ ගැටලු ඇති වීම දීර්ඝ කාලීන අතුරුපල වේ..

#අධි අවදානම් ප්‍රදේශ වල පණු බෙහෙත් දෙන ආකාරය~

🌲~වයස අවුරුදු 5 ට අඩු දරුවන් සඳහා~
🍁වසරකට දෙවතාවක් පණුබෙහෙත් දිය යුතුයි.
🍁වයස මාස 18 සිට වයස අවුරුදු 5 දක්වා මාස හයකට වරක් #විටමින්A අධිමාත්‍රාව සමඟ #මෙබෙන්ඩසෝල් 500 mg තනි පණු පෙත්ත දිය යුතුයි .මෙහිදී මාස 18 සිට අවුරුදු 3 දක්වා දරුවන්ට හැඳි තල දෙකක් මැද පෙත්ත තබා කුඩු කර දෙන්න.
🍁පෙර පාසල් හෝ පාසල් දරුවන්ට වයස 5 සම්පූර්ණ වීමේදී විටමින් A අධි මාත්‍රාව එක්ක සායනයෙන් පණුබෙහෙත් දෙනවා.

🌲🌲~පාසල් දරුවන් සඳහා~
🍁වසරකට දෙවතාවක් පණුබෙහෙත් දිය යුතුයි .
🍁1 වසරේ සිට 13 වසර දක්වා දරුවන් ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම මෙබෙන්ඩසෝල් 500 g තනි පෙත්ත දිලා ඉන්පසු සති 24 එකදිගට යකඩ, ෆෝලේට්, විටමින් C පෙති ලබා දෙනවා.මෙම පෙත්ත මාස හයකින් නැවත ලබා දිය යුතුය.

🌲🌲~ගර්භණී මව්වරුන් සඳහා ~
🍁මුල් තුන්මසෙන් පසු යකඩ පෙති ලබා දීම ආරම්භයේ දීම මෙබෙන්ඩසෝල් 500g පෙත්ත දෙනු ලැබේ.

#මධ්‍යස්ථ අවදානම් ප්‍රදේශ වල පණු බෙහෙත් දෙන ආකාරය~

🌲~වයස අවුරුදු 5 ට අඩු දරුවන් සඳහා~
🍁වසරකට එක්වරක් පණුබෙහෙත් ලබා දිය යුතුයි.
🍁වයස මාස 18 සිට වයස අවුරුදු 4 දක්වා විටමින් A අධිමාත්‍රාව සමඟ මෙබෙන්ඩසෝල් 500 mg තනි පණු පෙත්ත දිය යුතුයි .මෙහිදී මාස 18 සිට අවුරුදු 3 දක්වා දරුවන්ට හැඳි තල දෙකක් මැද පෙත්ත තබා කුඩු කර දෙන්න.
🍁පෙර පාසල් හෝ පාසල් දරුවන්ට වයස 5 සම්පූර්ණ වීමේදී විටමින් A අධි මාත්‍රාව එක්ක සායනයෙන් පණුබෙහෙත් දෙනවා.

🌲~පාසල් දරුවන් සඳහා~
🍁වසරකට වරක් පණුබෙහෙත් දිය යුතුයි .
🍁1 වසරේ සිට 13 වසර දක්වා දරුවන් ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුලින්ම මෙබෙන්ඩසෝල් 500 g තනි පෙත්ත දිලා ඉන්පසු සති 24 එකදිගට යකඩ, ෆෝලේට්, විටමින් C පෙති ලබා දෙනවා.

🌲~ගර්භණී මව්වරුන් සඳහා ~
🍁මුල් තුන්මසෙන් පසු යකඩ පෙති ලබා දීම ආරම්භයේ දීම මෙබෙන්ඩසෝල් 500g පෙත්ත දෙනු ලැබේ.

#පණුරෝග අවම කිරීම සඳහා කල යුතු දේ~
🌷ආහාර පිළියෙල කිරීමට පසු, ආහාර ගැනීමට පෙර, වැසිකිලි යාමෙන් පසු දෑත් සබන් යොදා සේදීම.
🌷වැසිකිලි නිසි ආකාර පරිහරණය.
🌷කුඩා දරුවන් සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීම.
🌷පාවහන් භාවිතය හුරුකිරීම

🌼පනුවන් සඳහා බෙහෙත් බීමේදී සියලු දෙනා එකම දිනයකදී එකට පණුබෙහෙත් බොන්න ඕනේ.
🌼පණුබෙහෙත් බීමෙන් පසු බුරුල් නොවන තද යට ඇඳුම් ඇන්ඳවන්න.
🌼පහුවදාට ඇඳේ බෙඩ්ශීට් ඒවගේම ඇඳගෙන හිටපු ඇඳුම් සියල්ල හෝදන්න.බිම මොප් කරල පිරිසිදු කරන්න.
🌼නාවන්න එපා කියන මතය සමාජයේ තිබුනත් මේ කාලයේ පණුවන් පිටවන නිසා දරුවා නාවා හොඳින් පිරිසිදු කරගැනීම අත්‍යාවශ්‍යයි.
🌼සමහර ආහාර වර්ග පණුබෙහෙත් එක්ක ගන්න එපා කියල කිව්වත් ඒවායේ විද්‍යාත්මක සත්‍යයක් නැහැ.

🌻ලබා දීමේ පහසුව නිසා දියර පණු බෙහෙත් අම්මලා අතර හරිම ජනප්‍රිය යි.
🌻මේ බෙහෙත් වර්ගය සහ එහි ක්‍රියාකාරිත්වය මෙබෙන්ඩසෝල් පෙත්තට බොහොම සමාන උනත් වෛද්‍ය අවවාදයක් සහිතවම ලබා ගැනීම වැදගත්.

උපුටා ගැනීමකි
Samadhi

02/08/2020

තයිරොක්සින් ගැන හරියට දැනගමු.........🚑❤

ඔබත් තයිරොක්සින් ගන්නවාද

නිර්මලී හොඳ දැරිවියක්. ඇගේ අම්මා ගැන දක්වන උනන්දුව සායනයේ අනෙකුත් රෝගීන් අතර කැපී පෙනුණා. ඇගේ අම්මා තයිරොක්සින් අඩුකම හින්දා වසර ගණනාවක සිට බෙහෙත් ගත්තා. අම්මගේ රෝගී තත්ත්වය ගැන අම්මටත් වඩා සංවේදී වුණේ නිර්මලී යි.

දවසක් ඇය තම අම්මත් සමඟ සායනයට ආවා. සුපුරුදු පරිදි අම්මාටත් වඩා රෝගය ගැන කතා කළේ නිර්මලී යි.

‘ඩොක්ටර් අම්මාගේ බර ටිකක් වැඩිවෙලා වගේ. ටිකක් වෙනදටත් වැඩිය කම්මැලිකමකුත් පේනවා’

‘ඇයි ඩොක්ටර් එහෙම වෙන්නෙ ?’

ඇත්තටම හේතු කාරණා ගොඩක් නිසා එහෙම වෙන්න පුළුවන්. බොහෝ දුරට තයිරොක්සින් අඩුවන්නට පුළුවන්. මොකද තයිරොක්සින් අඩු රෝගියෙකුගේ බර වැඩිවෙනවා,

1 ආහාර අරුචිය, බඩ වේලීම, අලස ගතිය වැඩිවීම, ශීතලට ඔරොත්තු දීම අඩුවීම, කොණ්ඩය තුනී වීම හෝ අධිකව ගැලවී යාම

2 සමෙහි ගොරෝසු භාවය

3 ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම

4මානසිකත්වය දුර්වල ස්වභාවයක් ඇතිවීම

වැනි කාරණා ඉස්මතු වෙනවා නම් තයිරොක්සින් ලැබෙන ප්‍රමාණයේ මදිවීමක් හෝ ශරීරයට තයිරොක්සින් අවශ්‍යතාවයේ ප්‍රමාණය වැඩිවීමක් හෝ ඇති වන්න පුළුවන්.

‘ඒ කියන්නේ ඩොක්ටර් අම්මා ගන්න පෙති ප්‍රමාණය මදිද ?’

ඇත්තටම ඒක මදි කියන කාරණයට අමතරව ගන්නා ආකාරයත්, බෙහෙත් පෙති ගැනත් වඩාත් සැලකිලිමත් වෙන්න වෙනවා.

‘ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩොක්ටර්. . .’

අපි මේ තයිරොක්සින් පෙති රෝගියාට දෙන්නේ එයාගේ ඇගේ තයිරොක්සින් නිපදවෙන්නේ නැතිනිසා. ඒ නිසා ඒක ජීවිත කාලය පුරාවටම වගේ වෛද්‍ය උපදෙස් මත ගන්න වෙනවා. මේකෙදි අපි ගන්න පෙත්තත්, එහි ගුණාත්මක බවත් පෙත්ත ගන්නා ආකාරයත්, අපට තියෙන අනිකුත් ලෙඩ රෝග හා ඒවාට ගන්නා බෙහෙත් වර්ගත් වැදගත් වෙනවා.

‘ඒ කියන්නේ ඒක ටිකක් සංකීර්ණ තත්ත්වයක් ?’

අපොයි නැහැ. පෙනුමට එහෙම වුණාට අවශ්‍ය වන්නේ සරල උපදෙස් පිළිපැදීමක් විතරයි.

‘ඉතින් අපි මොනවද මේකට කරන්න ඕන ?’

පළවෙනි කාරණය පෙත්ත නොවරදවාම ගන්න ඕන. ඒක දිනපතා එකම වෙලාවක ඒ කියන්නේ බොහෝ වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව උදේට හිස් බඩට ගැනීම වැදගත්. අපි ගන්නා ආහාර සමඟ කළවම් වුණොත් පෙත්ත ශරීරයට උරා ගන්නා ප්‍රමාණයන් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා උදේ පෙති බිව්වාට පැයකට පමණ පසු උදේ ආහාරය ගන්න පුළුවන් නම්, පෙති ඇඟට උරා ගැනීම වැඩි වෙනවා.

මේක නීතියක් වගේ ක්‍රියාත්මක කරනවාට වඩා වැදගත් වෙන්නේ පුරුද්දක් ලෙස පෙති ගැනීම හා ආහාරය අතර නියමිත පරතරයක් (පැය 1 / 2 හෝ පැයක් හෝ වෙනත් කාලයක්) පවත්වා ගෙන යෑමයි. ඒ වගේ වෙලාවට ශරීරයට හැමදාම එකම තයිරොක්සින් ප්‍රමාණයක් ලැබෙනවා කියලා අනුමාන කරන්න පුළුවන්. වෛද්‍යවරයාට තියෙන්නේ ඒ පෙති ප්‍රමාණය එහා මෙහා කරන එක විතරයි.

‘එතකොට පෙත්තේ ගුණාත්මක භාවය වැදගත් නැද්ද ?’

වෙළෙඳ පොළේ තයිරොක්සින් ඖෂධය ආකාර දෙකකට තියෙනවා. එකක් වෙළෙඳ නාමය යටතේ එන පෙති හා අනෙක ඖෂධීය නාමය යටතේ එන පෙති. මේවා අදාළ බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එන නිසා සාමාන්‍යයෙන් වරදක් සිදුවීමට ඇති ඉඩකඩ අවමයි. ඉඳහිට සිදුවන සිදුවීමක් අපි සාමාන්‍ය වශයෙන් ගන්න හොඳ නැහැ. ඖෂධීය නාමයෙන් එන ඒවා මිලෙන් අඩුවීම රෝගියාට පහසුවක්.

අනෙක් අතට වෙළෙඳ නාමයෙන් එන ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ ඒවා නිපදවන ආයතන වගකීමක් දැරිය යුතු නිසා, ඔවුන් ඒ පිළිබඳ ඉතා සැලකිලිමත් වෙනවා. රෝගියා කළ යුත්තේ තමන්ගේ වෛද්‍යවරයත් එක්ක සාකච්ඡා කරලා, තමන්ට තමන්ගේ වියදමට ගැලපෙන පෙත්තක් තෝරා ගැනීමයි. එහෙම නැතුව පෙති ගැන අවිශ්වාසයෙන් කටයුතු කිරීම ගැන දෙපාරක් හිතන්නම වෙනවා.

‘ඒ කියන්නේ ඩොක්ටර් තමන්ට ගැලපෙන පෙත්ත දිගටම භාවිත කිරීම වැදගත් කියලද ?’

ඇත්තටම ඔව්. වඩාත් වැදගත් වන්නේ තමන්ගේ වියදමට ගැලපෙන එකම පෙති වර්ගයක් දිගටම භාවිත කිරීමයි. වෛද්‍යවරයාට රුධිරය පරීක්ෂා කරලා ඒ ප්‍රමාණයේ අවශ්‍ය වෙනස්කම් කරගන්න පුළුවන්. එසේම ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන්.

මේ ඖෂධවල ගුණාත්මක බව පිළිබඳ මීට වසර 1 1 / 2 කට පමණ පෙර ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබෙනවාද ?

මේ ඖෂධය පිළිබඳ කාලයකට ප්‍රථම ඇතිවී තිබූ ගැටලුව තමයි ඖෂධ නිෂ්පාදනයේදී නිසි ගුණාත්මක බවක් නොමැති වීම. එසේ නොමැතිව මෙය බෝතලයේ හෝ දවටනයේ වූ ගැටලුවක් නොවෙයි. ඖෂධය නිෂ්පාදනය වීමේ දීම නිසි ප්‍රමිතියට අදාළව එය නිෂ්පාදනය වූවා නම්, ඉහත ගැටලුව ඇති වන්නේ නැහැ. ඒ අනුව අසුරනය පිළිබඳ ගැටලුවකුත් නැහැ. මෙහිදී අදාළ ඖෂධය නිසි ප්‍රමිතියට අනුව නිපදවීම වැදගත් බව කිව හැකියි.

කෙසේ නමුත් මේ වන විට ඉහත ගැටලුවත් විසඳී තිබෙනවා. ඒ අනුව රෝගියාට විශ්වාසයෙන් යුතුව අදාළ ඖෂධය භාවිත කිරීමේ හැකියාවද තිබෙනවා. මේ අනුව කිසියම් පුද්ගලයෙකු තයිරොක්සින් හෝර්මෝනයේ අඩුවීමකින් පෙළෙනවා නම්, වෛද්‍ය උපදෙස් මත තයිරොක්සින් හෝර්මෝනය අදාළ මාත්‍රාවට අනුවම ලබා ගැනීම ඉතා වැදගත්.

ගුªණාත්මක භාවයට අමතරව තව මොනවද ඩොක්ටර් බලපාන දේවල් ?

මම කලින් කිව්වා ආහාරයේ බලපෑම. ඊට අමතරව පෙත්ත නිති පතා පිළිවෙළට ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට කලබල වෙලා වැඩිපුර ගන්න හොඳ නැහැ. ඊළඟ දවසේ නියමිත වෙලාවට ගත්තාම ඇති. හදිසි වෙලා පෙති ගැනීමෙන් මාත්‍රාව වැඩි වී අතුරු ආබාධ ඇති වන්න පුළුවන්. වඩාත් වැදගත් වන්නේ පෙති දිනපතා බොන්න වැඩපිළිවෙළක් ඒ කියන්නේ නියමිත වේලාවක් ඇස ගැටෙන ස්ථානයක් ඒ පිළිබඳ මතක් කිරීමේ ක්‍රමයක් වගේ සැලැස්මක් හදා ගන්න එක. ඊට අමතරව අපි ගන්නා වෙනත් බෙහෙත් වර්ගත් මේ පෙත්තේ ක්‍රියාකාරීත්වයට බලපානවා.

ඒ ගැනත් ටිකක් කිව්වොත් ඩොක්ටර් ? මොකද අපේ අම්මා තව ලෙඩවලට බෙහෙත් බොනවනේ ?

සමහර බෙහෙත් වර්ගවලින් තයිරොක්සින් පෙත්තේ ක්‍රියාකාරී බව වැඩි කරනවා වගේම සමහර පෙති වර්ගවලින් ක්‍රියාකාරී බව අඩු කරනවා. ඒ නිසා ඒ බෙහෙත් වර්ග ගැන වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කළායින් පසුව ප්‍රශ්නයක් ඇතිනම් ඒවා ගන්න වෙලාවල් වෙනස් කිරීම වගේ දේවල් මගින් හා විකල්ප බෙහෙත් පාවිච්චි කිරීම මගින් මෙයට සාධාරණයක් ඉටු කර ගන්න පුළුවන්.

නිර්මලී අම්මාගේ අලුත් බෙහෙත් පරීක්ෂා කරලා මම ඒ ගැන කියන්නම්.

බොහොම ස්තුතියි ඩොක්ටර් මේ ගැන තවත් දැනගත යුතු විශේෂ දේවල් තියෙනවද ?

ඔව්.

තව කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධවල අතුරු ආබාධ (Side effects) හා මාත්‍රාව වැඩි වූ විට දැනෙන රෝග ලක්ෂණ. මේවා ගැනත් වෛද්‍යවරයා එක්ක කතා කරන්න ඕන. තයිරොක්සින් වැඩිවූ විට කලබල ගතිය, නොඉවසිලිමත් බව, හදවතේ ගැස්ම වැඩිවීම, වමනය, පාචනය, හුස්ම ගැනීමේ අපහසුව වගේ දේවල් දැනෙන්න පුළුවන්. මේ වෙලාවට වෛද්‍යවරයා හමුවුණොත් ඔහු ඒ ගැන පරීක්ෂා කරලා බලලා කටයුතු කරාවි.

ඒ වගේ දේ වලින් රෝගියාට දිගටම ගැනීමට අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය නිවැරදිව තක්සේරු කරන්න උදවු වෙනවා. වැදගත්ම කාරණය වෙන්නේ තමන්ට දිගටම අවශ්‍ය බෙහෙත් පෙති ප්‍රමාණය හෝ මාත්‍රාව තීරණය කිරීමට වෛද්‍යවරයාට ටික කාලයක් සමහර විට මාස කිහිපයක් ලබාදීමයි.

උපුටා ගැනීමකි
වෛද්‍ය මහින්ද හේමප්‍රිය
ශික්ෂණ රෝහල
රාගම

Address

Wackwella Road
Galle
80042

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94771360485

Website

Alerts

Be the first to know and let us send you an email when Isiwara Pharmacy & Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share