11/07/2018
#හරි_අපූරු_තැනක්_තියෙනවා
වෙලාවකට මුහුණට හිනාවක් ඇවිත්
හදවත් සතුටින් ඉහ වහා යන
තවත් වෙලාවකට ඇස්වලට කදුලු ඇවිත්
හදවත් දුකෙන් තෙරපලා දාන
එක කෙරෝලක මිනිස්සු
දුකින් අඩනකොට
තව කෙරෝලක මිනිස්සු
ඒ තත්පරේම අසීමිතව සතුටු වෙන
හරි අපූරු තැනක් තියෙනවා මචං
අහිංසක සැමියෙක්ගේ,බිරිදක්ගේ,
අම්මෙක්ගේ,තාත්තෙක්ගේ
මූණේ හිනාවක් ඇති කරන වගේම
දරදඩු සැමියෙක්ගේ,තාත්තෙක්ගේ,
මුරණ්ඩු පුතෙක්ගේ,දුවෙක්ගේ
ඇස්වලින් කදුලු කැට වැටෙන
මිනිස්සුගේ ඇත්ත ආදරේ එළියට එන
හැගීම් එක්ක හරි ලස්සනට
සෙල්ලම් කරන හරි අපූරු තැනක්
තියෙනවා මචං.
බයෙන් ගැහි ගැහි කදුලු එක්ක
හැමදේම හොද වෙන්න කිය කිය
දෙවියන්ට කන්නලව් කර කර
කොළ කෑලි ටිකක්
එනකම් බලන් ඉන්න
කොළ කෑලි ටික ආවම
සමහර හිත්වල බය අතුරුදහන් වෙන
සමහර මිනිස්සුන්ගේ බලාපොරොත්තු,
අනාගත හීන එක මොහොතෙන්
බොද වෙලා දිය වෙලා යන
හරි අපූරු තැනක් තියෙනවා මචං..
මිනිස්සුන්ගේ කදුල වෙනුවට
හිනාවක් ගේන්න මහන්සි වෙන
උදේ රෑ කියලා බලන්නේ නැතුව
වෙහෙස වෙලා වැඩ කරන
මිනිස්සුන්ගෙන් වැදුම් ලබන පින් ගන්න
වෙලාවකට සාප ලබන,
කුහකයි කියලා අහගන්න වෙන
මිනිස්සු ටිකක් වැඩ කරන
හරි අපූරු තැනක් තියෙනවා මචං.
පන්සලක පැය ගාණක් කියන
බණ දේශනාවකට වඩා
පල්ලියක පැය ගණන් කරන
දේශනවලට වඩා
පැයක් විතර රවුමක් ගැහුවම
ඉපදෙන එක,වයසට යන එක
ලෙඩ වෙන එක,මැරෙන එක
හරි අපූරුවට පෙන්නලා දෙන
සල්ලි පස්සේ ලුහුබදින
ආතල් එක පමණක් වුන අපේ ජීවිත
කොතනින් නවතියිද කියලා හිතෙන
ඒ හරි අපූරු තැන
ඉස්පිරිතාලේ මචං...
~Copied~