ජීවක වෙද අසපුව

ජීවක වෙද අසපුව නිරෝගීමත් ජාතියකට පෙරමග තනමු.....

31/05/2026
රථවාහනවලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වූ විට ඒ පිළිබඳව අදාළ වාහනයේ අංකය /  සිද්ධිය වූ දිනය/ ස්ථානය  සඳහන් කර 070-3500525 ...
12/05/2026

රථවාහනවලින් කළු දුම පිටවීම නිරීක්ෂණය වූ විට ඒ පිළිබඳව
අදාළ වාහනයේ අංකය / සිද්ධිය වූ දිනය/ ස්ථානය
සඳහන් කර 070-3500525 වට්ස්ඇප් අංකය වෙත යොමු කරන්න

--පොලිස් මාධ්‍ය කොට්ඨාසය

*අවධානයට! පොලිසියේ දූෂිත නිලධාරියෙක්  මත්ද්‍රව්‍ය දමා බොරු නඩුවකට පැටලුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?තමන්ගේ උසස්වීම් වෙනුවෙන...
05/05/2026

*අවධානයට! පොලිසියේ දූෂිත නිලධාරියෙක් මත්ද්‍රව්‍ය දමා බොරු නඩුවකට පැටලුවහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?

තමන්ගේ උසස්වීම් වෙනුවෙන් හෝ වෙනත් පෞද්ගලික අරමුණක් වෙනුවෙන් අහිංසක මිනිසුන්ගේ සාක්කුවලට හෙරොයින් (කුඩු) හෝ ගංජා වැනි දෑ දමා බොරු නඩු පටලන දූෂිත පොලිස් නිලධාරීන් ගැන අපි වරින් වර අසා ඇත්තෙමු. මේ තත්ත්වය ඕනෑම මොහොතක ඔබටත්, මටත්, අපේ ආදරණීයයෙකුටත් මුහුණ දීමට සිදුවිය හැකි ඛේදවාචකයකි.
එවැනි අනපේක්ෂිත අවස්ථාවකදී ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? මේ නීතිමය සහ ප්‍රායෝගික පියවරයන් හොඳින් කියවා දැනුවත් වන්න.

🛑 (1) කලබල නොවන්න, කිසිවිටෙකත් පොලිසිය සමඟ ගැටුම් ඇතිකර නොගන්න**
ඔබේ සාක්කුවට යමක් දැමූ වහාම ඔබ බියට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත්, කිසිම විටෙක නිලධාරීන්ට පහර දීමට හෝ ඔවුන් සමඟ ශාරීරිකව ගැටීමට යාමෙන් වළකින්න. එසේ කළහොත් "රාජකාරියට බාධා කිරීම" සහ "පහරදීම" වැනි වෙනත් චෝදනා ද ඔබට එල්ල විය හැක.

( 2 ) මහජනතාවගේ අවධානය ලබාගන්න**
අත්අඩංගුවට ගන්නා ස්ථානයේ වෙනත් අය (සාක්ෂිකරුවන්) සිටී නම්, මහඬින් කෑගසා මෙසේ පවසන්න: "මේක මගේ නෙවෙයි, මේ නිලධාරියා දැන් මගේ සාක්කුවට දැම්මේ!" මෙය අවට සිටින අයට ඇසීමට සැලැස්වීම නඩු විභාගයකදී ඔබට ඉතා වැදගත් සාක්ෂියක් වනු ඇත. හැකි නම් අවට සිටින අයෙකුට වීඩියෝ කරන ලෙස ඉල්ලා සිටින්න.

( 3 )නිලධාරීන්ගේ තොරතුරු මතක තබාගන්න**
අදාළ පොලිස් නිලධාරීන්ගේ නම්, නිල ලාංඡන අංක (Badge Numbers), ඔවුන් පැමිණි වාහනයේ අංකය සහ ස්ථානය හොඳින් මතක තබාගන්න.

( 4 ) කිසිම ලියවිල්ලකට, විශේෂයෙන් හිස් කොළවලට අත්සන් කරන්න එපා!
පොලිස් ස්ථානයට ගෙන ගිය පසු, ඔබට විවිධ ලියවිලි වලට හෝ හිස් කොළවලට අත්සන් කරන ලෙස බලපෑම් කළ හැක. ඔබ එය කියවා බලා, එහි ඇත්තේ ඔබට විරුද්ධව ලියැවුණු බොරු ප්‍රකාශයක් නම් අත්සන් කිරීමෙන් තරයේ ප්‍රතික්ෂේප කරන්න

( 5 ) නීතිඥයෙකුට හෝ පවුලේ අයට දැනුම් දෙන්න
ඔබව අත්අඩංගුවට ගත් වහාම, ඔබේ පවුලේ අයට හෝ නීතිඥයෙකුට ඇමතුමක් ලබාදීමට ඔබට අයිතියක් ඇත. එම අයිතිය ඉල්ලා සිටින්න.

( 6 ) මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවූ විට (අතිශයින්ම වැදගත්)**
ඔබව අධිකරණයට ඉදිරිපත් කළ විට, බියෙන් නිහඬව සිටින්න එපා.

* මත්ද්‍රව්‍ය සාක්කුවට දැමුවේ අදාළ නිලධාරියා බවත්, ඔබ නිර්දෝෂී බවත් මහේස්ත්‍රාත්වරයාට නිර්භීතව සහ පැහැදිලිව ප්‍රකාශ කරන්න.
* බලහත්කාරයෙන් අත්සන් ගත්තා නම් හෝ පහර දුන්නා නම් ඒ බවද පවසන්න

(7 ) අධිකරණ වෛද්‍යවරයා (JMO) හමුවූ විට**
පොලිසියෙන් පහර දීමක් සිදුවී ඇත්නම් හෝ ඔබට යම් ප්‍රතිකාර අවශ්‍ය නම්, ඒ බව JMO වරයාට කිසිදු බියකින් තොරව පවසන්න. වෛද්‍ය වාර්තාව ඔබේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ප්‍රබල ආයුධයකි.

( 8 ) නීතිඥ ගාස්තු වලට බියෙන් කිසිවිටෙකත් වරද පිළිගන්න එපා!**
බොහෝ දෙනෙක් නඩු ගාස්තු සහ නීතිඥ ගාස්තු වලට බිය වී, තමන් නොකළත් මේ කරදරයෙන් ඉක්මනින් බේරීමට සිතා උසාවියේදී "වරද පිළිගනිමි" යැයි පවසති. මෙය ඔබගේ මුළු අනාගතයම විනාශ කරන ක්‍රියාවකි!

* **නොමිලේ නීති ආධාර:** ඔබට ආර්ථික අපහසුතා ඇත්නම්, මුදල් ගෙවීමට නොහැකි නම් "ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව" (Legal Aid Commission of Sri Lanka) හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ නීතිඥ සහාය ලබාගත හැක.

* **වෙනත් සහාය:** ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ විවිධ මානව හිමිකම් සංවිධාන හරහා ද අසාධාරණයට ලක්වූවන්ට නොමිලේ නීති උපදෙස් සහ සහාය හිමිවේ.

* **අනාගතය අඳුරු කරගන්න එපා:** ඔබ වරද පිළිගතහොත් ඔබට "අපරාධ වාර්තාවක්" (Criminal Record) එකතු වේ. එමගින් අනාගතයේදී ඔබට හොඳ රැකියාවක් ලබාගැනීමට හෝ විදේශගත වීමට (පොලිස් සහතික ලබාගැනීමේදී) ඇති අවස්ථා සම්පූර්ණයෙන්ම අහිමි වී යයි. එබැවින් තාවකාලික වියදමට හෝ අපහසුතාවයට බියෙන් ඔබේ අනාගතය විනාශ කර නොගන්න.

( 9 ) පසුව ගතහැකි නීතිමය පියවර**
ඔබ ඇප මත නිදහස් වූ පසු පහත ආයතන වලට අදාළ දූෂිත නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කළ හැක:
* ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL)
* ජාතික පොලිස් කොමිෂන් සභාව
* ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සමක් ගොනු කිරීම.
💡 **මතක තබාගන්න:** නීතිය යනු අපව ආරක්ෂා කිරීමට ඇති දෙයක් මිස අපව බිය ගැන්වීමට ඇති දෙයක් නොවේ. නිවැරදි දැනුමෙන් සන්නද්ධ වීම යනු දූෂිතයන්ට එරෙහිව ඔබට ඇති ලොකුම ආයුධයයි.
👇 **මෙම තොරතුරු කවදා හෝ දවසක ඔබටත්, ඔබේ හිතවතෙකුටත් වැදගත් විය හැකියි. අනිත් අයටත් දැනගන්න හැකිතාක් Share කරන්න!**

​(Disclaimer) : "මෙම ලිපිය හුදෙක් මහජනතාව නීතිය පිළිබඳව දැනුවත් කිරීම උදෙසා පමණක් පළ කරන ලද්දකි"

27/04/2026

"පුතේ අර නැන්දා hospital admit කරලා. මොලේ නහරයක් පුපුරලාලු පොඩ්ඩක් බලන්න" අම්මගෙන් call එකක්.
ඒ වාට්ටුවට ගිහින් බැලුවා. නැන්දට කාලයක් තිස්සේ
ප්‍රෙෂර් තිබිලා. ඒත් හරියට බෙහෙත් අරන් නෑ. Hospital එකට ගෙනත් තියෙන්නේ එක පාරම කතා කරගන්න බැරුව කට පැත්තකට ගියපු නිසා.
ETU එකේදි CT Scan එකක් කරලා. ඒකෙන් තමයි මොලේ ඇතුලට ලේ ගැලීමක් වෙලා තියෙනවා කියලා හොයාගෙන තියෙන්නේ.

"Doctor මට pressure එක තිබුනා. මාස තුනක් විතර බෙහෙත් ගත්තා. දැන් අඩුයි. බෙහෙත් නතර කරන්න පුලුවන්ද?"
මේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක්.

ප්‍රෙෂර් බෙහෙත් නතර කරන්න පුලුවන්ද?????

​අද මේ කියන්න යන්නේ ඒ විදියට ප්‍රෙෂර් බෙහෙත් මග ඇරියොත් හරි ප්‍රෙෂර් එක පාලනය කරගත්තේ නැත්නම් වෙන්න පුලුවන් ගොඩක් දේවල් අතරේ එකක් ගැන.

​අපේ මොළය තමයි අපිව පාලනය කරන්නේ. මොළයේ සෛල වලට ඕනේ ඔක්සිජන්, පෝෂණය අරන් යන්න රුධිර නාල පද්ධතියක් තියෙනවා. මේවා බෙදිලා බෙදිලා සියුම්, කෙස් ගසකටත් වඩා හීනි රුධිර නාල දහස් ගණනක් තියෙනවා.

හිතන්න, අපේ ගෙදර වතුර එන නල පද්ධතියට ඔරොත්තු දෙන්නේ නැති තරම් අධික ප්‍රෙෂර් එකකින් වතුර එනවා කියලා. එතකොට වෙන්නේ මොකක්ද? දුර්වලම තැනකින් බටේ පුපුරලා වතුර විදිනවා.

අධික රුධිර පීඩනය (Hypertension) තියෙද්දී බෙහෙත් නොබී ඉන්න එකත් හරියට ඒ වගේ. මොළයේ තියෙන අර සියුම් නාලවලට මේ පීඩනය දවස ගාණේ දරාගන්න බැරි වෙනවා. අන්තිමේදී එක මොහොතක ඒ නාලයක් පිපිරෙනවා! 💥

මොළය කියන්නේ හිස් කබල ඇතුළේ තියෙන දෙයක්නේ. එතන අමතර කිසිම දේකට ඉඩ නැහැ. ලේ නාලයක් පුපුරලා ලේ එළියට එද්දී, ඒ ලේ ටික මොළයේ පටක තෙරපන්න ගන්නවා. ඒ කියන්නේ මේ එකතු වෙන ලේ ගොඩ නිසා මොළයේ සෛල මිරිකෙනවා.

ලේ ගැලීම නිසා ඇතිවන රසායනික ක්‍රියාවලියෙන් මොළය ඉදිමෙන්න ගන්නවා.

නාලය පුපුරපු තැනින් එහාට ලේ යන්නේ නැති නිසා ඒ හරියේ මොළයේ සෛලවලට ඔක්සිජන් ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අර ලේ ගොඩට තෙරපෙන සෛලත් විනාශ වෙනවා.


අපි වැරදිලා හරි කරන ලොකුම මෝඩකම ❌
​හුඟක් වෙලාවට ප්‍රෙෂර් එක 160-180ට තිබුණත් අපිට කිසිම අමාරුවක් දැනෙන්නේ නැහැ. ඒකයි මේකට "නිහඬ මාරයා" කියන්නේ. ලෙඩක් දැනෙන්නේ නැති නිසා හුඟක් අය බෙහෙත් බොන්නේ නැහැ.
​හැබැයි ඒ වෙලාවෙත් ඔයාගේ මොළයේ නාල තියෙන්නේ උපරිම පීඩනයකින් "පුපුරන්න" ඔන්න මෙන්න මට්ටමකයි.

​බේරෙන්නේ කොහොමද? ✅
✔️වෛද්‍යවරයා නියම කළ ප්‍රෙෂර් බෙහෙත් ටික එක දවසක්වත් මග හරින්න එපා.
✔️දැනෙන්න අමාරුවක් නැතත් මාසෙකට සැරයක්වත් රුධිර පීඩනය පරීක්ෂා කරගන්න.
✔️ලුණු කෑම සීමා කරන්න (ලුණු කියන්නේ ප්‍රෙෂර් එක කියන ගින්නට එකට භූමිතෙල් ගහනවා වගේ වැඩක්).

​මතක තියා ගන්න......
ඔයා එක දවසක් හරි ප්‍රෙෂර් බෙහෙත් පෙත්ත මග හරිනවා නම්, ඔයාගේ මුළු ජීවිත කාලයම රෝද පුටුවකට සීමා කරන අංශභාග තත්ත්වයකට පාර කපන්න පුළුවන් ඒක හේතුවක් වෙන්න පුලුවන්.

​ඔබේ ආදරණීයයන් අතරේ ප්‍රෙෂර් බෙහෙත් බොන අය ඉන්නවා නම් මේ පෝස්ට් එක අනිවාර්යයෙන්ම ඒ අයට පෙන්වන්න. ❤️

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න
ස්තුතියි මුල් හිමි කාරිත්වයට 🙏🙏

24/04/2026

අද මල ගෙදරක ගියා. අවුරුදු 27 ක කොල්ලෙක්. කොල්ලා නැති වෙලා තියන්නෙ වහබීලා. දැන් බැලූ බැල්මට හිතන්න පුළුවන් ලව් කේස් එකක් කියලා. එහෙමනෙ මේ වයසෙ කොල්ලෙක් කෙල්ලෙක් සියදිවි හානිකර ගත්තම හිතන්න පුරුදු වෙල තියන්නෙ.

මේ එහෙම කතන්දරයක් නෙවෙයි. හතර දෙනෙක් ඉන්න ගෙදර හම්බ කරන්නෙ මෙයා විතරයි. තාත්තා අසනීපෙන්. නංගි උසස් පෙළ කරනවා. අම්මා තමයි ගෙදර වැඩ බලන්නෙ.

නංගි වයසට වඩා ෆැෂනබල්. කඩකෑමට රුසියෙක්. තාත්තගෙ බෙහෙත් වලට වියදම් සහ ගෙදර හැම වියදමක්ම කොල්ලා තමයි දරන්නෙ. කොල්ලා බ්ලොක් ගල් වැඩපලක බ්ලොක් ගල් ගහලා තමයි සල්ලි හම්බ කරන්නෙ. ඒකත් මහලොකු පඩියකට නෙවෙයි.

අම්මගෙ වැඩේ කොල්ලගෙන් සල්ලි ඉල්ලන එක. අරක ගේන්න මේක ගේන්න කියකිය සල්ලි ඉල්ලන එක. පුළුවන් හැම වෙලාවකම සල්ලි දුන්නත් බැරි වෙන වෙලාවට කට කැඩිච්ච කතා කියනවලු. නංගිත් කරන්නෙ ඒවට උල්පන්දම් දෙන එකලු.

අන්තිමට ඩෙනිමක් ගත්ත දවසක්, අන්තිමට කොත්තුවක් කාපු දවසක් කොල්ලට මතක තිබිලා නෑ. කරන හරියක් කරලා තියන්නෙ ගෙදරටමලු. කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ආසාව තිබුණත් ගෙදර ප්‍රශ්න නිසා තනියම ඉන්න තීරණය කරලා.

මේ සිදුවීමට අදාල ආසන්නම සිද්ධිය තමයි, කොල්ලට මේ ළඟදි දවසක උණ හැදිලා. අමාරු වැඩි කමටම දවස් දෙකක් නිවාඩු දාලා. ඒ වෙනකන් පැනඩෝල් පෙත්තක්වත් නොදීපු අම්මා කිව්වලු " ගල් උස්සන්න බැරිනම් පාරෙ හිඟා කාලා හරි සල්ලි කීයක් හරි හොයන් වරෙන් කියලා "

කොල්ලට ඇඬෙන්න ආවත් ඇඬිලා නෑ. ආපිට අම්මට වචනයක් වත් නොකියා කොල්ලා තාත්තාගෙ ඔලුව අතගාලා ගෙදරින් යන්න ගිහින්. ඒ ගියපු කොල්ලා ආපහු ගෙදර එන්නෙ පන පිටින් නෙවෙයි. පීඩනය දරාගන්න බැරිකමට කොල්ලා වහබීලා.

බැලූ බැල්මට මෝඩ වැඩක් කියලා කවුරු කොහොම කිව්වත්, ඕනම මනුස්සයෙක්ට දරාගැනීමේ සීමාව පැන්නම ජීවිතේ මේ තැනට තල්ලු වෙනවා.

ජීවිතය තුළ රැඳෙන්න තරම් එකම එක හේතුවක් වත් නැත්නම් ඒ මනුස්සයට මීට වඩා හොඳ තීරණයක් නැතුව යනවා.

ප්‍රශ්නෙ තමන්ගෙ නොවන තාක් මිනිස්සුන්ට කතා කියන්න පුළුවන්. ඒත් මනුස්සයෙක් විදියට අපි කරන්න ඕන ගෙවෙන හැම තත්පරයකම අනිත් පාර්ශවය ගැන හිතන එක.

මිනිස්සු නොදන්න, තමන් විතරක්ම දන්න, හරිම අසාධාරණ කතා ගොඩක් සමහර හිත් අස්සෙ හැංගිලා තියෙනවා. එහෙම කතන්දර මේ විදියට අවසන් වෙලා යනවා.

අවසානෙට ලියුම කියවපු මට හිතුණෙ උඹට මේක ලියලා ඉවර වෙලා කොහේහරි නොදන්න ඈත ගමකට ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න තිබුණා කියලා. ඒත් ඒ හැමදේකටම කලින් උඹ ඉස්සර වෙලා.. 💔

- රජිත ලසන්ත -

02/03/2026

🔴 වාහම යු*ධය නතර නොකළහොත් අපි දිගටම වැඩි වැඩියෙන් තෙල් ගහනවා

ශ්‍රී ලංකා ජනතාව ඇමරිකාවට නැවතත් අනතුරු අඟවයි ‼️

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ජීවක වෙද අසපුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share