Suwasandhi

Suwasandhi සන්ධි වේදනාවට තිත

සිරුරේ අනවශ්‍ය කැල්සියම් දියකර හරින ආයුර්වේද ප්‍රතිකාරකැල්සියම් ශරීරයේ අස්ථි වර්ධනයට පෝෂණයට අත්‍යවශ්‍යම පදාර්ථයක්. නමුත්...
29/11/2025

සිරුරේ අනවශ්‍ය කැල්සියම් දියකර හරින ආයුර්වේද ප්‍රතිකාර

කැල්සියම් ශරීරයේ අස්ථි වර්ධනයට පෝෂණයට අත්‍යවශ්‍යම පදාර්ථයක්. නමුත් අවුරුදු 40 ඉක්මවා යන විට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය සිරුරට උරා ගෙන වැඩිපුර ප්‍රමාණය සිරුරේ තැනින් තැන තැන්පත් වීමට පටන් ගන්නා බව ඔබ දන්නවාද. ඒවා හන්දි වගේම ඇට වෙන්න පුළුවන්. සරලව කිව්වොත් කැල්සියම් තැන්පත් වීම නිසා ස්නායු මාර්ග අවහිර වන අතර එවිට සංවේදන ගමන් කිරීම අපහසු වේ. මෙහිදී ඔබ විසින් කැල්සියම් එකතුවී ඇති ස්ථාන නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගත යුතුයි. මෙහිදී සිරුරේ තැන්පත් වී ඇති අනවශ්‍ය කැල්සියම් ඉවත් කළ යුතු අතර බොහෝ විට එය වෛද්‍ය විද්‍යාවේ දී සිදුකරනු ලබන්නේ සැත්කම් ආකාරයටයි. නමුත් මෙසේ කපා කොටා තුවාල කර ගන්නේ නැතුව ඉතාමත් ඉක්මනින් වේදනාවකින් තොරව අනවශ්‍ය කැල්සියම් දියකර හරින බෙහෙත් වර්ග අපගේ පාරම්පරික ආයුර්වේද ක්‍රම වල අන්තර්ගත වී තිබේ.

නික සහ බෙහෙත් එඬරු කොළ වල ඇති සංයෝග කැල්සියම් තට්ටු දිය කිරීම සිදු කරයි. ඊට අමතරව අරත්ත අල, රසකිද, පාවට්ටා, කොබෝනිල, කොහොඹ වැනි ඖෂධ යොදා සාදන කසාය වර්ග, කුඩුකර සාදන චූර්ණ සහ කල්ක බීමට ගැනීමෙන්ද, අඹරා සාදන ලද පත්තු සහ තෙල් වර්ග ආලේපය මෙන්ම බෙහෙත් කොළ කොටා පොට්ටනි සාදා තැවීම් මගින්ද කැල්සියම් දියකර හරින්නට පුළුවන්. මෙහිදී නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මෙන්ම නිවැරදි ඉරියව් පවත්වා ගැනීමත් ඉතාමත් අත්‍යවශ්‍යයි. එමෙන්ම එදිනෙදා ඔබ ගන්නා ආහාර ගැනත් සැලකිලිමත් විය යුතුයි. කංකුං මුකුණුවැන්න රාබු හාල්මැස්සන් ගෝවා ගස්ලබු දොඩම් වගේ කැල්සියම් අඩංගු ආහාර වර්ග පාලනයකින් යුතුව එදිනෙදා ආහාර වේලට එකතු කර ගත යුතුයි. ගෘහණියන් වන ඔබ කැල්සියම් අඩංගු ආහාර වර්ග දෙකක් එකට පිළියෙල නොකිරීමට සැලකිලිමත් වෙන්න.

විලුඹේ කැල්සියම් එකතුවීම නිසා කකුල බිම තැබීම අපහසු වන අතර වේදනාවක් ගෙන දේ. තවද උරහිසේ කැල්සියම් එකතු වීම නිසා අත උස්සන්න වගේම වැඩක් පලක් කර ගැනීම අමාරු වෙයි. උරහිසේ ඇතිවන මෙම තත්ත්වය අවබාහුක නමින් හඳුන්වයි. අතේ මැණික් කටුවේ කැල්සියම් එකතු වීමෙන් අත මිට මෙළවීමට අපහසු වන අතර ඇඟිලි හිරිවැටීම ද සිදුවේ. මෙම තත්ත්වය කාන්තාවන්ට ඉතාමත් වැඩි අතර රෙදි සේදීම පොල් මිරිකීම කොණ්ඩය බැඳීම වැනි සුළු වැඩක් වත් කර ගැනීමට නොහැකි වී යයි. දනහිස් වල කැල්සියම් තැන්පත් වූ විට සන්ධි වේදනාවක් නොදැනෙන අතර නැමීම් දිග හැරීම් සිදුකිරීම අපහසු වේ. මෙහිදී ඔබ විසින් විශේෂයෙන්ම අවධාරණය කරගත යුත්තේ ඖෂධ පමණක් නොව ඔබගේ එදිනෙදා දින චර්යාව ගැනද දෙවරක් සිතිය යුතු බවයි. එවිට මෙවැනි තත්ත්ව වලට ඔබට මුහුණ පෑමට සිදු නොවනු ඇත.

වේදනාව නතර නොකර ඇතුලතින්ම රෝග නිධානයම නිට්ටාවටම සුව වෙන ප්‍රත්‍යක්ෂ සුවයක් සඳහා ❤🙏වසර දහසකට වඩා ඉපැරණි රහස් ආයුර්වේද ඖෂධ...
18/12/2024

වේදනාව නතර නොකර ඇතුලතින්ම රෝග නිධානයම නිට්ටාවටම සුව වෙන ප්‍රත්‍යක්ෂ සුවයක් සඳහා ❤🙏
වසර දහසකට වඩා ඉපැරණි රහස් ආයුර්වේද ඖෂධීය වට්ටෝරුවක් භාවිතා කර නිශ්පාදනය කරන මෙම සුවසන්ධි තෛලය ඔබගේ,

ආතරයිටීස් සහ කාටිලේජ වර්ධනය මෙන්ම අනෙකුත් සියළු සන්ධි වේදනා සදහා ලක්දිව සුවහසක් රෝගීන්ගේ විශ්වාසය දිනූ ආයුර්වේද නිශ්පාදන දෙකක් ලෙස සුවසන්ධි තෛලය හදුන්වන්න පුළුවන්..

සැ.යු : මෙම තෛලය ඉක්මන් සහනය සඳහා නොවේ, මාස තුනක් නොකඩවා ප්‍රතිකාර කිරීම මඟින් නිට්ටාවටම සුව කරගත හැක..

ඒ සඳහා ඔබ වෙනුවෙන් එම මාස තුන මුළුල්ලේම අපගේ කාර්‍යමන්ඩලය ඔබට අවශ්‍ය සේවය සැපයීමට කැපවී සිටී...

ඔබගේ සියලුම අස්ථි රෝග නිට්ටාවටම සුව වන බවට අප ඔබට සහතික වන්නෙමු...

▪️ආතරයිටීස්
▪️හන්දි වේදනා
▪️දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා ▪️විලුඹ වේදනා
▪️කාටිලේජ ගෙවීයාම, වියළීම, සන්ධි වල ශබ්ධ ඇතිවීම
▪️බෙල්ලේ තුනටියේ වේදනා, සයිටිකා, හිරිය, වේදනාව
▪️අත්දෙක ඔසවන්නට බැරිකම/අවබාහුක, හිරිය, වේදනාව
▪️තදබල කෙන්ඩ පෙරලීම, මස්පිඩු වේදනා යන

මේ රෝගී තත්වයන් සියල්ලටම ඉක්මනින්ම සහනය ගෙනදෙන, සුවසන්ධි තෛලය දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.

නිවසට ගෙන්වා ගැනීම සඳහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය එවන්න.

කතාකරන්න 077 452 3703

ආමවාතය ගැන ඔබ දැනුවත් ද?අද අපි කතා කරන්නෙ ආම වාත රෝගීන් ගැන. ඔබ දැක ඇති සන්ධිගත වාත රෝගීන්ට (ආතරයිටිස්)  අමතරව තවත් රෝගී...
18/12/2024

ආමවාතය ගැන ඔබ දැනුවත් ද?

අද අපි කතා කරන්නෙ ආම වාත රෝගීන් ගැන. ඔබ දැක ඇති සන්ධිගත වාත රෝගීන්ට (ආතරයිටිස්) අමතරව තවත් රෝගීන් ඉන්නවා දණහිස් සන්ධිය ඉදිමුම් සහිතව. තව හොදට විමසුවොත් මේ රෝගින්ගෙන් සමහර රෝගීන්ගේ අනෙකුත් සන්ධිවලත් මෙලෙස ඉදිමුම් පවතිනවා. රෝගියාගේ ඉතිහාසය ගැන පරික්ෂා කළහොත් ජ්වර තත්ත්වයක් නැත්නම් උණ ඇති වී තිබෙනවා.

බටහිර වෛද්‍ය විද්‍යාවෙ එන Rheumatism නම් රෝගයට මෙය සමාන කම් දක්වන නමුත් එම රෝගයම යයි අපට නිශ්චිතවම කියන්න බෑ.

ආයුර්වේදයේ කායික රෝග ගණනාවකටම හේතු වන අගිනියේ මන්දතාව හා ආමය කියන තත්ත්වය මෙයට හේතු වෙනවා.
ආමය කියන්නෙ කෙටියෙන් කිව්වොත් නොදිරවූ ආහාර නිසා ශරීරයේ නිර්මාණය වන විෂ තත්වයක්. මේ විෂ ශරීරයේ ස්‍රෝතස් හා ධාතු ගතවී විවිධ රෝගාබාධ ඇති කරනවා. ඉතින් ඒ අතරින් ඇතිවන ප්‍රධාන රෝගයක් තමයි මේ ආමවාත කියන රෝගී තත්වය.

ආමය ඇති වීමට බලපාන හේතු නැතිකර ගැනීමෙන් රෝග ගණනාවකින්ම අපට වැළකෙන්න පුළුවන්. දිරවීමට අපහසු
විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම, පිටි තෙල් අන්තර්ගත බර අහාර නිතර ගැනීම, දහවල් කාලයේ නිදාගැනීම, අහාර ගත් පසු නිදාගැනීම, නොපැසවූ අහාර ගැනීම, එක් අහාර වේලක් දිරවීමට ප්‍රථම අනෙක් ආහාර වේල් ගැනීම, නිතර නිතර ආහාර ගැනීම, ව්‍යායාම අඩුකම ආදී මෙවැනි හේතු ගණනාවක් මේ ආමය ඇතිවීමට බලපානවා.

ආම තත්වයක් ඇති වූ විට අපි එය හඳුනාගන්නේ කොහොමද ?

විටෙක ඔබට අලස බවක්, බඩ පුරවා ඇති බවක්, නිදිමතක්, බඩගිනි නොදැනීමක්, ආහාර දිරවීමේ අපහසුවක් දැනෙන්නේ නම් එය ආම තත්වයක් විය හැකියි. මෙවැනි ආමයක් සහිත අයගේ මල පහ දිය යට ගිලේ. ආම මල ලෙස අපි ඒවා හඳුන්වනවා. මල පහ කල පසු එය ජලය මතුපිට පාවෙන්නේ දැයි ඔබටම පරික්ෂා කරගත හැකියි. එමෙන්ම මොවුන්ගේ දිවේ අක්කාරම් හෙවත් සුදු මැලියම් ද පවතිනවා.

මෙවැනි තත්ත්වයක් ඔබ තුළ තිබේ නම් ආමය දැනටමත් නිර්මාණය වෙමින් තිබෙනවා. එසේනම් ඔබ කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ ඔබෙ අග්නි තත්ත්වය හෙවත් ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමයි. ඒ සඳහා ආයුර්වේද ප්‍රතිකාර වලට යොමුවන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඉහත කී හේතු වලින් වැළකී සිටීමත් ඉතා වැදගත්. එසේම උපවාස කිරීම, සැහැල්ලු ආහාර ගැනිම, එළවළු සුප්, පාචක තිත්ත රස ආහාර ආදිය ගත යුතු වෙනවා.

මෙම නිර්මාණය වූ ආමය, ඊළගට අප ආයුර්වේදයේ සඳහන් වාත දෝශය හා එක් වී සන්ධි ස්ථාන කරා ගොස් ආම වාත රෝගය ඇති කරනවා. රෝගයේ මුල් අවස්ථාවේ දී සමහර රෝගින්ට උණ ඇතිවෙනවා. Rheumatic fever එසේත් නැතිනම් රුමැටික් උණ ලෙස බටහිර වෛද්‍ය වරුන් හඳුන්වන්නේ මෙයයි.

උණ රෝග තත්ත්වය සුව වුවත් සමහර රෝගීන්ට පසු කාලීනව Rheumatism ඇතිවෙනවා. එය මේ ආම වාත තත්ත්වයට සමානයි. ශරීරයේ විශාල හා කුඩා සංධින් ඉදිමීම, බලවත් වේදනාව, ආහාර අරුචිය, ඇඟේ බර බව ඇතිවෙනවා මේ අවස්ථාවේ ප්‍රතිකාර වලට යොමු වීමෙන් සුවයක් ලද හැකියි. ඒ සඳහාම විශේෂ වූ තෙල්, පත්තු, මැල්ලුම්, කසාය, ගුලි, කල්ක අපගේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අඩංගුයි.

රෝගය නොසලකා හැරීමෙන් එහි කෘඡ්ච අවස්තාව හෙවත් ප්‍රවෘද්ධ ආම වාත තත්වය මතුවෙනවා. මෙය සුව කිරීමට අපහසු නමුත් යම් සුවයක් කළ හැකියි. මෙහිදි ඉහත කී සන්ධිවල විකෘතිතා ඇතිවීම ප්‍රධානයි. ප්‍රධානවම කුඩා සන්ධි එනම් ඇතැඟිලි අතර සන්ධිවල.

01. Spindle Shape Deformity
02. Swan Neck Deformity
03. Ulnar Deviation
04. Mallet
05. Sublaxation of Metatarsophalangeal Joints
06. Button Hole Deformity

ලෙස බටහිර වෛද්‍යවරු මෙය හඳුනාගන්නවා.

මෙවැනි රෝගීන් ඔබට දැන් හොඳින් හඳුනා ගන්න පුළුවන් . ඔබට සමාජ වගකීමක් තිබෙනවා. එනම් එසේ හඳුනාගත් රෝගීන්ව ගොඩ ප්‍රතිකර්ම නොකර වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න .ගොඩක් රෝගීන් අප වෙත එන්නේ එහි උච්ඡතම අවස්තාවේ විකෘතිතා මතු වුණහම. එය ගැටලුක් . එම නිසා රෝගය වළක්වාගන්නට එහි මුල් අවස්ථාවේදීම රජයේ ආයුර්වේද රෝහලක් වෙත රැගෙන එන්න. මේ සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිකාර අප සතු බව කියන්නෙ වගකීමෙන්. එමෙන්ම අපගේ ප්‍රතිකාර හමුවේ සුව වූ රෝගින් විශාල ප්‍රමාණයක් සිටීම අපට ආඩම්බරයක්.

කොණ්ඩය ශක්තිමත් කරන, පාට කරන විනාඩි 20න් හදන තෙල් එක...තරුණ වැඩිහිටි කාන්තා පිරිමි හැම දෙනාටම හිසකෙස් සම්බන්ධව බොහෝ ගැටළ...
18/12/2024

කොණ්ඩය ශක්තිමත් කරන, පාට කරන විනාඩි 20න් හදන තෙල් එක...

තරුණ වැඩිහිටි කාන්තා පිරිමි හැම දෙනාටම හිසකෙස් සම්බන්ධව බොහෝ ගැටළු තියෙනවා. අපි පනාවක් කොණ්ඩයට ලංකරත් කෙස් ගස් අහුරු පිටින් ගැලවිලා යන්නේ අපේ කොණ්ඩය අපි හිතන තරම් ශක්තිමත් නැති නිසා. දුර්වල නිසා. වෙළඳපොලේ තියෙන තෙල් වර්ග කිසිවක් නොතිබූ යුගයක අපේ යුවතියන්ගේ කොණ්ඩය කිතුල් රෑනක් මෙන් බැබලුනේ සිරුරට අවශ්‍ය නිසි පෝෂණය, යහපත් ඇවතුම් පැවතුම් හා ඔවුන් විසින්ම සකස්කරගත් ගුණදායක තෙල් වර්ග හිසට නිරන්තරයෙන් එක්කර ගත් නිසාමයි.

ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආයුර්වේද ඔසු 05 කින් සැකසෙන හිසකෙස් වල ශක්තිමත් භාවය, වර්ණය, පැලීම නැතිකරන, හිස්හොරි වලට තිත තියන ඉතා ගුණාත්මක ඖෂධීය තෙල් වර්ගයක්. ඇත්තටම මෙය තෙල් සමඟ ආලේපයක්..

ඖෂධ තෙල සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
(සතියකට අවශ්‍ය තෙල් ප්‍රමාණයකට)

පිරිසිදු තල තෙල් අඬු කෝප්ප කාලක්
වැල්මී කුඩු මේස හැඳි 02 ක්
කළුදුරු මේස හැඳි 01 ක්
නෙල්ලි ගෙඩි 04 ක් (හොඳින් තලාගන්න)
දෙහි ගෙඩියක යුෂ

සකසන ආකාරය :-

පිරිසිදු මැටි භාජනයක් ලිප තබන්න. එයට වැල්මී කුඩු, කළුදුරු, නෙල්ලි හා දෙහි යුෂ එක්කර මද ගින්නේ හැඳිගාමින් විනාඩි 20 ක් පමණ හොඳින් තම්බාගන්න. විනාඩි 20කට පසු මෙය ලිපෙන් බා හොඳින් නිවෙන්නට හරින්න.

පිරිසිදු කරගත් හොඳින් වැසිය හැකි වීදුරු බෝතලයක් ගෙන මෙම තෙල් ටික එහි ඇති අවශේෂ කොටස් ද (කල්ක කොටස්) සමඟ එම බෝතලයට දමාගන්න. ඔබට මෙම තෙල් එක සාමාන්‍ය පරිසරයේ සති එකහමාරක් පමණ තැබිය හැකියි.
නෑමට විනාඩි 20 කට පමණ පෙර මෙම තෙල් එහි ඇති ඖෂධීය අවශේෂ කොටස් සමඟින් හිසට එක්කරන්න. ඇඟිලිතුඩු වලින් විනාඩි කිහිපයක් හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 20 කට පසුව ස්නානය කරන්න.

මෙම තෙල් වර්ගය ඕනෑම වයසක පසුවන කාන්තා පිරිමි කිසිම භේදයකින් තොරව භාවිතා කළ හැකියි. (පීනස, සෙම් රෝග සහිත අයටද භාවිතයට සුදුසුයි)

31/07/2023

Happy Customer

Mrs : Chithra Kumari - Mitipola Eheliyagoda

Suwasandhi HotLine : 077 452 3703

රෝගයක් නොවන “රෝගය” ආතරයිටිස්වියපත් වැඩිහිටියන් අතරේ ආතරයිටිස් ඉතා බහුලව තිබෙන රෝගයකි. මෙය රෝගයක් ලෙස හැඳින්වූවත් සැබෑවටම...
28/07/2023

රෝගයක් නොවන “රෝගය” ආතරයිටිස්

වියපත් වැඩිහිටියන් අතරේ ආතරයිටිස් ඉතා බහුලව තිබෙන රෝගයකි. මෙය රෝගයක් ලෙස හැඳින්වූවත් සැබෑවටම මෙය රෝගයක් නොව රෝගයක ලක්ෂණයකි. හරියටම කිවහොත් හිසරදය මෙනි. හිසරදයද රෝගයක ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. අපගේ ශරීරයේ ඕනෙම සන්ධියක ආතරයිටිස් හට ගැනීමට පුළුවන.

මෙහි ප්‍රධාන ලක්ෂණ වන්නේ එම සන්ධි ඇතිවන ප්‍රදාහ සහ වේදනාව සහ වේදනාව සහ ඉදිමීමයි ඊට අමතර ලක්ෂණයක් ලෙස ඇතැම්විට එම සන්ධිය ශරීරයේ අනෙක් තැන් වලට වඩා උණුසුමින් වැඩි විය හැකිය.

ආතරයිටිස් රෝග හටගන්නේ වියපත් වූ වැඩිහිටියන්ට යැයි බොහෝ දෙනෙක් සිතා සිටියත් එහි සත්‍යතාවයක් නැත. බාල, තරුණ, මහලු ඕනෑම වයස් කාණ්ඩයක කෙනකුට ආතරයිටිස් ලක්ෂණ හට ගැනීමට පුළුවන.

හන්දියේ ඉදිමුමක් හෝ උණුසුම් බවක් නැතිව වේදනාවක් පමණක් දැනෙන්නේ නම් එය හඳුන්වන්නේ arthralgia ලෙසිනි. මෙහිදී ඒ පිළිබඳව කතා කරන්නට අදහස් කරන්නේ නැත.

අපේ ශරීරයේ ප්‍රධාන සන්ධි වර්ග දෙකක් තිබේ. මෙහි පළමු වර්ගය සයිනෝවියල් ජොයින්ට්ස් (Synovial joints )ය. මේ සන්ධිවල කාටිලේජ සහ ඒ වටේට ආවරණයක් පවතී. මීට උදාහරණ වන්නේ දණහිස, අත උරහිසට සම්බන්ධ වන සන්ධිය වැනි දෑ ය. අනෙක් සන්ධි වර්ගය ෆයිබ්‍රෝකාටිලේජිනියස් ජොයින්ට්ස් ( fibrocartilaginous joints) නම්වේ. කොඳු ඇට පෙළේ කශේරුකා අතර සන්ධි මීට උදාහරණයකි.

මේ සඳහන් කරන ලද සන්ධි දෙවර්ගයෙහිම ආතරයිටිස් හටගනී.

ආතරයිටිස් හට ගන්නේ කොහොමද?

1. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් මත ඇතිවන අසාමාන්‍යතා සන්ධිවලට බලපෑමක් ලෙසින් ආතරයිටිස් හටගැනීම එක් හේතුවකි.(inflammatory conditions) මේ තත්ත්වයට දැක්විය හැකි සුලබ උදාහරණයක් වන්නේ රුමැටොයිඩ් ආතරයිටිස් ය. මෙහිදී කුඩා සහ ලොකු සන්ධිවල ඉදිමුම හා වේදනාව ඇති වේ.

2. දණහිස් , උකුල් ඇටය වැනි ලොකු සන්ධිවලට රුධිරය හරහා විෂබීජ ඇතුල් වීමෙන් එම සන්ධි ආසාදනය වීම (infections conditions )

ක්ෂය රෝග විෂබීජය සන්ධිවල සහ කශේරුකාවල ආසාදනය වීමෙන් හට ගන්නා ටී.බී ආතරයිටිස්, ගොනෝරියා නම්වූ ලිංගාශ්‍රිත රෝගය තුළින් ඇතුළු වන එම බැක්ටීරියා වර්ගය ආසාදනය වීමෙන් හට ගන්නා ගොනොකොකල් ආතරයිටිස් මීට උදාහරණ වේ.

3. කාන්තාවන්ට ආර්තවහරණයෙන් පසුව ඇතිවිය හැකි දණහිස්, උරහිස, වැලමිට, වළලුකර වැනි සන්ධිවල ඇතිවන වේදනාව, ඉදිමීම සහ උණුසුම් බව ( degenerative conditions ) මේ ලක්ෂණ ඇති වන්නේ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ දීය. මෙම රෝගය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් වැළඳෙයි.

4. ශරීරයේ ඇතිවන රසායනික වෙනස්කම් (metabolic conditions )

ගවුටි ආතරයිටිස් රෝගය මීට උදාහරණයකි. ශරීරයේ සෑදෙන යූරික් ඇසිඩ් විවිධ හේතු මත සන්ධිවල තැන්පත් වීම නිසා කාලයක් ගතවන විට දණහිස්වලත්, අත් පා වල ඇඟිලි සන්ධිවලත් වේදනාව ඇති වීම මෙහි ලක්ෂණයයි.

5. හදිසි අනතුරක් නිසා හෝ තදබල පහරක් වැදීම වැනි තත්ත්වයකින් සන්ධියකට හානි ඇතිවීම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස හට ගන්නා ආතරයිටිස් ( traumatic arthritis )

ශරීරයේ බර වැඩිවීම ආතරයිටිස් හටගැනීමට හේතුවක් ද?
සිරුර තරබාරු වන විට දණහිස්වලට දිගු කලක් වැඩිපුර බර ප්‍රමාණයක් දරාගෙන සිටීමට සිදුවේ. එවිට දණහිස සන්ධියේ ඇති කාටිලේජ පලුදු වීමෙන් අස්ථි දෙක එකට ගැටෙනු ඇත. මෙහිදී විශාල වේදනාවක් ද දැනේ. ඒ අනුව බර වැඩි කෙනෙකුට ඔස්ටියෝ ආතරයිටිස් හට ගැනීමට තිබෙන හැකියාව සිහින් සිරුරක් ඇති කෙනෙකුට වඩා වැඩි ය. නමුත් බර වැඩිවීම මේ රෝගය හට ගැනීමට බලපාන එක් සාධකයක් පමණි. ඒ අනුව අනෙකුත් සාධකත් එකතු වුණොත් බර වැඩි කෙනෙකුට ඔස්ටියෝ ආතරයිටිස් හට ගැනීමේ පහසු හැකියාවක් තිබේ.

ආතරයිටිස් හඳුනා ගන්නේ කොහොමද ?
ඉහත කී හේතු වලින් කුමන හෝ හේතුවක් මත ආතරයිටිස් හටගත හැකිය. රෝගීන් එම ලක්ෂණ සමග වෛද්‍යවරයකු වෙත පැමිණි විට රෝග ඉතිහාසය පිළිබඳව වෛද්‍යවරයා විමසීමක් කරනු ලබයි. සමහර රෝගීන් තුළ තමන්ගේ රෝගයට අදාළ ඉහත කී ලක්ෂණවලට අමතරව උණ, සන්ධිවල උදය කාලයේ තද ගතියක් ඇතිවීම, ඒ අනුව සන්ධි උදේට දිගහැර ගැනීම අපහසු වීම( දිවා කාලය වන විට ටිකෙන් ටික මෙය මග හැරී යයි.) වැනි ලක්ෂණද දැක්විය හැකිය.

මේ රෝග ලක්ෂණවලට අනුව F.B.C., E.S.R. වැනි මූලික රුධිර පරීක්ෂණ කර එයින් ලැබෙන ප්‍රතිඵලවලට අනුව විශේෂිත පරීක්ෂණ කිරීමට වෛද්‍යවරයාට සිදුවේ. රෝගය පිළිබඳ නිවැරැදි නිශ්චයකට එළඹෙන්නට හැකි වන්නේ ඒ අනුව ය.

තමන් වෙත පැමිණෙන රෝගියාට තිබෙන්නේ කුමන වර්ගයේ ආතරයිටිස්දැයි වෛද්‍යවරයා විසින් හඳුනා ගැනීමෙන් පසු, ඒ පිළිබඳව සහ ඊට කරනු ලබන ප්‍රතිකාර පිළිබඳව රෝගියා දැනුවත් කළ යුතුය.

ආතරයිටිස් නිට්ටාවට සුව කළ නොහැකි ද?
මෙම මතය 100% ක් ම නිවැරදි නොවේ. රෝගියාට වැළඳී තිබෙන ආතරයිටිස් වර්ගය හරියටම හඳුනා ගැනීමෙන් පසු නිසි ප්‍රතිකාර කිරීමෙන් සමහර ආතරයිටිස් වර්ග සුව කළ හැකිය.

* රුමැටොයිඩ් ආතරයිටිස්
මෙය ප්‍රතිකාර මගින් පාළනය කළ හැකිය. ඒ අනුව නිසි ලෙස ප්‍රතිකාර ගැනීම තුළින් රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකියාව තිබේ.

* ඔස්ටියෝ ආතරයිටිස්
ප්‍රතිකාර මගින් රෝගය පාලනය කළ හැකිය. රෝගය සහිත සන්ධිය ඉවත් කර කෘත්‍රිම සන්ධියක් සැත්කමක් මගින් සවි කිරීම මීට නිශ්චිත ප්‍රතිකාරයකි. නමුත් මෙම සැත්කම මිල අධික ය.

* ගොනොකොකල් ආතරයිටිස් සහ ටී. බී.ආතරයිටිස්
මෙවැනි ආසාදන නිසා ඇතිවන ආතරයිටිස් වර්ගයේදී ආසාදනය සඳහා හේතුකාරක වූ විෂබීජය ප්‍රතිකාර මඟින් ඉවත් කළ විට රෝගය නිශ්චිතවම සුව වේ.

* හදිසි අනතුරු නිසා ඇතිවන ආතරයිටිස්
හන්දියට සුළු හානියක් වී ඇත්නම් සැත්කමක් මගින් යථා තත්ත්වයට පත් කළ හැකිය.

* ගවුටි ආතරයිටිස්
ශරීරයෙහි යූරික් ඇසිඩ් වැඩිවීමට බලපාන හේතුවට ප්‍රතිකාර කර එය ඉවත් කළ විට රෝගය මුළුමනින්ම සුව වේ.

ආතරයිටිස් තත්ත්වයන්ට වේදනානාශක ඇතුළු නොයෙකුත් විශේෂිත වූ ඖෂධ ප්‍රතිකාර සහ සමහර ආතරයිටිස් වර්ගවලට ව්‍යායාම කිරීමට ද සිදුවේ. දිගුකාලීන ඖෂධ ප්‍රතිකාර මගින් ගැස්ට්‍රයිටිස්, ඇතැම් විට සිරුර තරබාරු වීම, දියවැඩියාව මෙන්ම ඇතැම් විට ඔස්ටියෝපොරෝසිස් පවා අතුරු ආබාධ ලෙස හට ගැනීමේ හැකියාව ඇත. කෙසේ වුවත් මේ අතුරු ආබාධ පිළිබඳව රෝගියා දැනුවත් කිරීම සාමාන්‍යයෙන් සිදුවේ.

කායික රෝග විශේෂඥ වෛද්‍ය කේමින්ද තිලකරත්න

ඉන්දු පෙරේරා

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ගවර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පි...
25/07/2023

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා හඳුන්වන්න පුලුවන්. පියයුරු පිළිකා ඇතිවීම සඳහා අධික මත්පැන් පානය, දුම්පානය, ඊස්ට්‍රජන් හෝමොන ක්‍රියාකාරිත්වය සහ ඇතැම් ආහාර රටාවන් බලපාන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. නමුත් ඔබ දන්නවාද ඇතැම් ආහාර වර්ග පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩුකරන බව.

කොළ පැහැති කොළ වර්ග සහ පළා
පලා වර්ග, කේල්, නිවිති වැනි කොළ පැහැ එළවලු බීටා කැරොටින්, ලියුටින් වැනි කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක වලින් පිරී පවතිනවා. එය පියයුරු පිළිකා අවධානම පහළ දැමීමට සහය වෙනවා. කාන්තාවන් 7000ක් පමණ යොදාගෙන කරනා ලද පර්‍යේශණයකට අනුව සිරැරේ බීටා කැරෝටින් මට්ටම ඉහළ කාන්තාවන් හට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව සොයාගෙන තිබෙනවා..

පැඟිරි කුළයට අයත් පළතුරු
ෆෝලේට්, විටමින් සී, සහ බීටා ක්‍රිප්ටොක්සැන්ටින් සහ බීටා කැරොටින් සහ ප්‍රතිඔක්සිකාරක මගින් පියයුරු පිළිකා අවධානම පහළ නංවනවා. ඔබට දොඩම්, මිදි, ලෙමන්, දෙහි වැනි පළතුරු වර්ග දිනපතා වුවත් ආහාර වේලට එක්කර ගැනීමට පුලුවන්.

මේදය සහිත මාළු
සැමන්, සාඩින් සහ මැකරල් වැනි මේදය සහිත මාළු පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම පහත දමනවා. විශේෂයෙන් එහි අන්තර්ගත ඔමේගා-3 මේද අම්ල, සෙලේනියම් සහ canthaxanthin වැනි ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකා මර්ධනයට සහය වෙනවා. පර්යේශණ මගින් සනාථව ඇති ආකාරයට විශේෂයෙන් මේද මාළු ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම පාලනය වෙනවා..

ළුණු වර්ග
සුදුළූණු, ළූණු සහ ලීක්ස් ආදීයේ ෆ්ලේවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සී ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙනවා. පර්‍යේශකයන් පවසන්නේ විශේෂයෙන් ළූණු වල පිළිකා සෛල නැසීමට හැකි ගුණයක් පවතින බවයි. ඒ වගේම පෝටෝ රිකෝ රාජ්‍යයේ කාන්තාවන් 660 දෙනෙකු යොදාගෙන කරන ලද පර්‍යේශණයකින් සුදුළූණු සහ ළූණු වැඩිපුර ආහාරයට ගත් කාන්තාවන් පියයුරු පිළිකා සඳහා ගොදුරු වීමේ අවධානම අඩු බව සොයාගෙන තිබෙනවා.

පැසවන ලද ආහාර
යෝගට්, කිම්චි, මිසෝ සහ ගෝවා (sauerkraut) වැනි පැසුණු ආහාර වල පියයුරු පිළිකා වලින් ආරක්ෂා විය හැකි ප්‍රෝබියොටික් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. බටහිර සහ ආසියානු ජනතාව අතර කල අධ්‍යන 27ක් මගින් පෙන්නුම් කර ඇත්තේ යෝගට් සහ කෙෆීර් වැනි පැසුණු කිරි නිෂ්පාදන ඔවුන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බවයි.

මල්වලින් එළවලු වර්ග
මල්ගෝවා, ගෝවා සහ බ්‍රොකොලි වැනි මල් වර්ග පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම පහත දමනවා. එමෙන්ම ඒවා පෝෂණයෙන්ද ඉහළයි. එම එළවලු වර්ගවල glucosinolate සංයෝග අඩංගු වන අතර එය ශරීරයට වැදගත් molecules නමැති අණු බවට පරිවර්තනය වෙනවා.

බෝංචි සහ අනෙකුත් ධාන්‍ය
බෝංචි ඇට වර්ග සහ අනෙකුත් රනිල බෝගයනු බොහෝ විටමින් සහ ඛනිජ අඩංගු පෝශ්‍යදායී ආහාරයි. ඒවායේ අඩංගු ඉහළ තන්තු නිසා පියයුරු පිළිකාවලින් ආරක්ෂාව සපයනවා. කාන්තාවන් 2,571ක සහභාගීත්වයෙන් කරන ලද පරීක්ෂණයකින් හෙලි වූයේ බෝංචි ඇට සහ ධාන්‍ය වරග වැඩිපුර ආහාරයට ගත් කාන්තාවන් තුළ පියයුරු පිලිකා සෑදීමේ අවධානම අඩු බවයි.

ඖෂධ පැළෑටි සහ කුළුබඩු
පාර්ස්ලි, රෝස්මරි, ඔරිගානෝ,තයිම්, කහ, ඉගුරු වැනි ඖෂධීය ගුණාංග සහිත පැළෑටි සහ කුළුබඩු වර්ග ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා වලින් ආරක්ෂාව සැලසෙනවා. විටමින්, මේද අම්ල වලට අමතරව පොලිෆෙනෝල් වැනි ප්‍රතිඔක්සිකාරකයන් ඒවායේ අන්තර්ගත වෙනවා. විශේෂයෙන් කහවල අඩංගු Curcumin සහ පාර්ස්ලි වල ඇති ප්‍රතිඔක්සිකාරකවලට පිළිකා නාශක ගුණාංග අඩංගු වෙනවා.

බෙරි කුලයේ පළතුරු
බෙරි කුලයේ පළතුරු ෆ්ලේවනොයිඩ් සහ ඇන්තොසියානින් වැනි ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකා සෛල වර්ධනය වීම සහ පැතිරීම පාලනය වෙනවා. විශේෂයෙන් බ්ලූබෙරි ආහාරයට ගැනීමෙන් ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක ඍණ (ER−) වන පිළිකා තත්ත්වය සමනය වීම සිදුවෙන බවට පර්‍යේශණයන් සනාථ කර තිබෙනවා.

පීච්, ඇපල් සහ පෙයාර්ස්
පීච්, ඇපල් සහ පෙයාර්ස්වල අඩංගු පෝෂණ සංඝටක පියයුරු පිළිකාවෙන් ආරක්ෂාව සැලසෙන බවයි පර්‍යේෂණ මගින් සනාථව තිබෙන්නේ.. විශේෂයෙන් පීච් වල ඇති පොලිෆෙනෝල් නමැති ප්‍රතිඔක්සිකාරකය පියයුරු සෛලවල රේඛීය වර්ධනය සහ පැතිරීම පාලනයට සහය වෙනවා.

පිළිකා වැළඳීමේ අවධානම වැඩිකරනු ලබන ආහාර වර්ග

- ඇල්කොහොල්
- ක්ෂණික ආහාර
- ගැඹුරු තෙලේ බදින ලද ආහාර
- බේකන් සහ සොසේජස් වැනි සකස් කරන ලද මස් වර්ග
- අධික සීනි සහිත ආහාර
- පිරිපහදු කල පිටි සහිත ආහාර

වැදගත් : බොහෝ පිළිකා වර්ග සහ බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි බලපානු ලබනේ අපගේ ආහාර රටාව සහ ජීවන රටාව බලපානවා.. නමුත් දෛනික ව්‍යායාම් හි නියැළීම, ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම සහ දුම්පානය/ මත්පැන් පානයෙන් වැළකීම සහ ඔබගේ සිරැරේ බර ක්‍රමාණූකූලව පවත්වාගැනීම ආදිය මගින් එවැනි රෝග ඇතිවීම සාර්ථකව පාලනය කරගැනීමට ඔබට පුලුවන්. ඒ වගේම පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සහ රෝග විනිශ්චය සඳහා වෛද්‍ය හමුවීම් සැලසුම් කරගැනීම වැදගත් වෙනවා.

ආතරයිටිස් මට්ටුකරන ආහාරආතරයිටිස් රෝගය අතීතයේ සිටම මිනිසාව පීඩාවට පත් කර තිබෙනවා. අද කාලයේ බොහෝ කාන්තාවන්ට වැළඳෙන රෝගයක්....
22/07/2023

ආතරයිටිස් මට්ටුකරන ආහාර

ආතරයිටිස් රෝගය අතීතයේ සිටම මිනිසාව පීඩාවට පත් කර තිබෙනවා. අද කාලයේ බොහෝ කාන්තාවන්ට වැළඳෙන රෝගයක්. බෙහෙත් පමණක් නොව දෛනික ආහාර ඇසුරෙන් ආතරයිටිස් මට්ටු කරන්න පුළුවන්ද බලමු.

ආතරයිටිස් රෝගය මිනිස්‌ සිරුරට වැළඳීමේදී දෙයාකාරයක්‌ ගන්නා බව වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙන අතර ඔස්‌ට්‍රියෝ සහ රුමැටොයිඩ් යනුවෙන් ඒවා නම්කර ඇත වැලමිට, උකුල් අස්‌ථිය, වළලුකර හා ඇඟිලි පුරුක්‌ වැනි ස්‌ථානවල ඇතිවන වේදනාව ඉදිමීම ආතරයිටිස්‌ රෝගයේ ස්‌වභාවයකි.

සිරුරේ බර අඩු කරගැනීමෙන් සන්ධි වේදනාව සෑහෙන දුරට අඩු කරගත හැකි නිසා ආතරයිටිස් පාලනය කිරීමේදී ආහාර රටාවට විශේෂ තැනක් හිමි වේ. තද කොළ පැහැති පළා වර්ග, නැවුම් පලතුරු මෙන්ම කැල්සියම් අනූන ආහාර, සිසිල් ජලයේ වැඩෙන ඔමේගා-3 වර්ගයේ මේද අම්ල සහිත මසුන් වර්ග ආහාරයට ගැනීමෙන් හා කෘත්‍රිම ලෙස සකස් කරගත් සන්තෘප්ත මේද සහිත ආහාර අඩු කිරීමෙන් සිරුරේ බර මෙන්ම වේදනාවද අඩු කරගත හැකියි. මෙවැනි ආහාර රටාවක් ප්‍රදාහක (ඉදිමීමේ) ක්‍රියාවලිය අඩු කිරීමට දායක වන බව පැවසේ. මස්, කිරිවලින් ආදියෙන් සාදන ලද ආහාර වර්ග, තිරිඟු සහ තක්කාලි, අල, මිරිස් වර්ග හා වම්බටු වැනි නයිට්ශේඩ් විශේෂයට අයත් එළවළු වර්ග ද ආහාර රටාවෙන් ඉවත් කිරීමෙන්ද ඇතමෙක් සහනයක් ලබා තිබෙනවා.

ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්, සතියකට දවස් දෙකක්වත් තම ආහාර වේල සඳහා මාළු එක්කර ගැනීම සුදුසු බව පර්යේෂණයක් මඟින් හෙළිවී තිබේ. එයට හේතුව, මාළුවල අඩංගු ඕමේගා 3 සංඝටකය මඟින් ආතරයිටිස් රෝගය සැදීමට තිබෙන අවදානම අවම කිරීමය. ආතරයිටිස් රෝගය වැලඳුණු මුල් කාලයේදී ම මාළු පරිභෝජනය වැඩි කර ගැනීමෙන්, කෙටි කාලයක් තුළ රෝගය මඟ හරවා ගත හැකි බව ද මේ පර්යේෂකයෝ පවසති. මෙම පර්යේෂණය මඟින් හෙළි වූයේ, පෙර වසරේදී ඔවුන් තම ආහාර වේලට වැඩි වශයෙන් මාළු එකතු කර ගැනීම නිසා, ඇට මිදුළු හා සන්ධි රෝග අවම කර ගෙන ඇති බව ය. මාළු වර්ග අතර ටූනා, සැමන්, සාඩින් වර්ග ආතරයිටිස් රෝගීන් සඳහා වඩාත් සුදුසු වේ. එසේමසන්ධි ආශ්‍රිතව පවත්නා දැඩි වේදනාව ද යම් තාක් දුරට මාළු අනුභව කිරිමෙන් අවම කර ගත හැකි ය.
ආතරයිටිස් මට්ටුකරන ආහාර

ආතරයිටිස් රෝගය අතීතයේ සිටම මිනිසාව පීඩාවට පත් කර තිබෙනවා. අද කාලයේ බොහෝ කාන්තාවන්ට වැළඳෙන රෝගයක්. බෙහෙත් පමණක් නොව දෛනික ආහාර ඇසුරෙන් ආතරයිටිස් මට්ටු කරන්න පුළුවන්ද බලමු.

ආතරයිටිස් රෝගය මිනිස්‌ සිරුරට වැළඳීමේදී දෙයාකාරයක්‌ ගන්නා බව වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙන අතර ඔස්‌ට්‍රියෝ සහ රුමැටොයිඩ් යනුවෙන් ඒවා නම්කර ඇත වැලමිට, උකුල් අස්‌ථිය, වළලුකර හා ඇඟිලි පුරුක්‌ වැනි ස්‌ථානවල ඇතිවන වේදනාව ඉදිමීම ආතරයිටිස්‌ රෝගයේ ස්‌වභාවයකි.

සිරුරේ බර අඩු කරගැනීමෙන් සන්ධි වේදනාව සෑහෙන දුරට අඩු කරගත හැකි නිසා ආතරයිටිස් පාලනය කිරීමේදී ආහාර රටාවට විශේෂ තැනක් හිමි වේ. තද කොළ පැහැති පළා වර්ග, නැවුම් පලතුරු මෙන්ම කැල්සියම් අනූන ආහාර, සිසිල් ජලයේ වැඩෙන ඔමේගා-3 වර්ගයේ මේද අම්ල සහිත මසුන් වර්ග ආහාරයට ගැනීමෙන් හා කෘත්‍රිම ලෙස සකස් කරගත් සන්තෘප්ත මේද සහිත ආහාර අඩු කිරීමෙන් සිරුරේ බර මෙන්ම වේදනාවද අඩු කරගත හැකියි. මෙවැනි ආහාර රටාවක් ප්‍රදාහක (ඉදිමීමේ) ක්‍රියාවලිය අඩු කිරීමට දායක වන බව පැවසේ. මස්, කිරිවලින් ආදියෙන් සාදන ලද ආහාර වර්ග, තිරිඟු සහ තක්කාලි, අල, මිරිස් වර්ග හා වම්බටු වැනි නයිට්ශේඩ් විශේෂයට අයත් එළවළු වර්ග ද ආහාර රටාවෙන් ඉවත් කිරීමෙන්ද ඇතමෙක් සහනයක් ලබා තිබෙනවා.

ආතරයිටිස් වැනි සන්ධි ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන්, සතියකට දවස් දෙකක්වත් තම ආහාර වේල සඳහා මාළු එක්කර ගැනීම සුදුසු බව පර්යේෂණයක් මඟින් හෙළිවී තිබේ. එයට හේතුව, මාළුවල අඩංගු ඕමේගා 3 සංඝටකය මඟින් ආතරයිටිස් රෝගය සැදීමට තිබෙන අවදානම අවම කිරීමය. ආතරයිටිස් රෝගය වැලඳුණු මුල් කාලයේදී ම මාළු පරිභෝජනය වැඩි කර ගැනීමෙන්, කෙටි කාලයක් තුළ රෝගය මඟ හරවා ගත හැකි බව ද මේ පර්යේෂකයෝ පවසති. මෙම පර්යේෂණය මඟින් හෙළි වූයේ, පෙර වසරේදී ඔවුන් තම ආහාර වේලට වැඩි වශයෙන් මාළු එකතු කර ගැනීම නිසා, ඇට මිදුළු හා සන්ධි රෝග අවම කර ගෙන ඇති බව ය. මාළු වර්ග අතර ටූනා, සැමන්, සාඩින් වර්ග ආතරයිටිස් රෝගීන් සඳහා වඩාත් සුදුසු වේ. එසේමසන්ධි ආශ්‍රිතව පවත්නා දැඩි වේදනාව ද යම් තාක් දුරට මාළු අනුභව කිරිමෙන් අවම කර ගත හැකි ය.

සාමාන්‍යයෙන් ලබා ගන්නා ප්‍රතිකාර වලට අමතරව මෙවැනි ආහාර රටාවක් අනුගමනය කිරීම තුලින් සන්ධි වේදනාව බොහෝ දුරට අඩු කරගත හැකි නිසා අනිවාර්යයෙන්ම ඔබත් ආහාර පිළිබඳවවැඩි අවධානයක් යොමු කිරීම වැදගත් නොවේද?

ආතරයිටිස් නිට්ටාවටම සුව කරන ඉපැරණි හෙළ වෙද වට්ටෝරුව මෙන්නආතරයිටීස් නැතහොත් හන්දිපත් රුදාව රෝග තත්ත්වයෙන් පීඩා විඳින විශා...
21/07/2023

ආතරයිටිස් නිට්ටාවටම සුව කරන ඉපැරණි හෙළ වෙද වට්ටෝරුව මෙන්න

ආතරයිටීස් නැතහොත් හන්දිපත් රුදාව රෝග තත්ත්වයෙන් පීඩා විඳින විශාල පිරිසකට හෙළ වෙදකම ඔස්සේ නිට්ටාවටම සුවය ලබාගත හැකි සුවිශේෂී හෙළ ප්‍රතිකාර වට්ටෝරුවන් පාරම්පරික වෙද පොත් පත්වල සඳහන් වෙනවා. හරිහැටි වැඩක් පළක් කර ගන්නට බැරිව, ඇවිද ගන්නට බැරිව අතිශය පීඩාකාරී දිවියක් ගත කරන බොහෝ දෙනෙකුට දෙනෙකුට එමඟින් ඉක්මන් සහනයක් ලැබෙන බව පාරම්පරික වෛද්‍යවරුන් අත්දැකීමෙන් ම පවසා සිටිනවා.

ආතරයිටිස් රෝගයෙන් අවුරුදු ගණන් එක දිගට පීඩා විඳින බොහෝ දෙනෙක් අද ඉන්නවා. නමුත් අපගේ හෙළ වෙද ප්‍රතිකාර වට්ටෝරු හරියාකාරව අනුගමනය කළහොත් මේ අයට ඉක්මන් සුවය ළඟා කර ගත හැකියි. සමහරුන්ගේ මතය වී තිබෙන්නේ ආතරයිටිස් කියන්නේ සුවපත් කළ නොහැකි රෝගයක් බවයි. ඇත්තටම එය මිත්‍යා මතයක්. එවැනි රෝගීන් බොහෝ දෙනෙක් සුවපත් කර සහනය ළඟා කර දෙන්නට මෙම සුවිශේෂී ඖෂධ වට්ටෝරු වලට හැකියාව ලැබී තිබෙනවා. එසේම තවමත් එම රෝගයෙන් පීඩා විඳින බොහෝ දෙනෙකුගේ හිත සුවය පිණිස එම ප්‍රතිකාර වට්ටෝරුව මෙහි සඳහන් කිරීම අපගේ කාලීන යුතුකමයි.

ඖෂධ සාදාගන්නා ආකාරය...
වියළි ඉඟුරු, එළ ගම්මිරිස්, තිප්පිලි, බෙලි මුලේ පොතු, තොටිල මුලේ පොතු, මිදි මුලේ පොතු, තලොල් මුලේ පොතු, ඇද්දෙමට මුලේ පොතු කලං එකයි මදටිය දහය බැගින් ගෙන වතුර බෝතලයකින් කාල් අටක් දමා, එය කාල් එකට සිඳුවා තිප්පිලි කුඩු දමා දින 08 ක් උදේ සවස පානය කරන්න.

ඊට අමතරව හන්දිපත් වේදනා ඇති තැන්වල ආලේප කිරීමට ඖෂධ තෙලක් භාවිතා කළ යුතු වෙනවා. ඒ සඳහා,
මී ඇට තෙල් කාලක්, අබතෙල් කාල් භාගයක්, වණ්ඩු කපුරු ග්‍රෑම් 50 ක් අවශ්‍ය වෙනවා. එය සාදා ගැනීමේදී අබ තෙල් වලට වණ්ඩු කපුරු ටික දියකර තද අව්වේ පැය දෙක හමාරක් තැබිය යුතුයි. ඊට අමතරව මී ඇට තෙල් කාල ද පැය දෙක හමාරක් තද අව් රශ්මියේ තැබිය යුතුයි. ඉන්පසුව මේ සියල්ල එකට මිශ්‍රකර පිරිසිදු වීදුරු බෝතලයකට දමා ගන්න. ඉදිමී වේදනා දෙන තැන්වල මේ තෙල් දමා බැඳ පැය 12 ක් පමණ සිටිය යුතුයි. රාත්‍රී කාලයට තෙල් බඳින්නේ නම් වඩාත් සුදුසුයි.

විශේෂයෙන් තුනටියේ වේදනාවට, අත් පා හන්දි වල වේදනාවට එම ස්ථාන උණු වතුරෙන් තවා ඉන් පසුව තෙල් බැඳීම වඩාත් සුදුසුයි.
මෙය පාරම්පරික වෙද පොත්පත් වල සඳහන් වන ඉතාම වටිනා සුවිශේෂී ප්‍රතිකාර පන්තියක්. එය හරියාකාරව අනුගමනය කළහොත් ඔබට ඉතා ඉක්මණින් නිට්ටාවටම සුවපත් විය හැකියි.

ඔබ සැමට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා! තෙරුවන් සරණයි!

- සුවසන්ධි -

ආතරයිටීස් සහ කාටිලේජ වර්ධනය මෙන්ම අනෙකුත් සියළු සන්ධි වේදනා සදහා ලක්දිව සුවහසක් රෝගීන්ගේ විශ්වාසය දිනූ ආයුර්වේද නිශ්පාදන...
07/07/2023

ආතරයිටීස් සහ කාටිලේජ වර්ධනය මෙන්ම අනෙකුත් සියළු සන්ධි වේදනා සදහා ලක්දිව සුවහසක් රෝගීන්ගේ විශ්වාසය දිනූ ආයුර්වේද නිශ්පාදනයක් ලෙස සුවසන්ධි තෛලය හදුන්වන්න පුළුවන්..

👉 ආතරයිටීස්
👉 හන්දි වේදනා
👉 දණහිස ක්‍රියාකිරීමේ අපහසුතා හා වේදනා
👉 විලුඹ වේදනා
👉 කාටිලේජ ගෙවීයාම, වියළීම, සන්ධි වල ශබ්ධ ඇතිවීම
👉 බෙල්ලේ තුනටියේ වේදනා, සයිටිකා, හිරිය, වේදනාව
👉 අත්දෙක ඔසවන්නට බැරිකම/අවබාහුක, හිරිය, වේදනාව
👉 තදබල කෙන්ඩ පෙරලීම, මස්පිඩු වේදනා

මේ රෝගී තත්වයන් සියල්ලටම ඉක්මනින්ම සහනය ගෙනදෙන, සුවසන්ධි තෛලය දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකියි.

නිවසට ගෙන්වා ගැනීම සඳහා ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය එවන්න.

කතාකරන්න 0716 111 888

Address

Ayuraya (pvt) Ltd No 207/02/C/05 Wilimbula Radawana
Gampaha
11725

Alerts

Be the first to know and let us send you an email when Suwasandhi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share