Blooming Heart

Blooming Heart 🌸Supporting you from pregnancy to parenting.
🌸Gentle tips on child psychology & happy parenting.
❤️ Let’s raise happy kids together!

🌸ගර්භණී සමයේ සුව නින්දක්🌸අම්මෙක් වෙන්න ඉන්න ඔබටයි මේ... 🥰​ගර්භණී කාලය කියන්නේ හැම අම්මෙක්ටම බලාපොරොත්තු පිරුණු, ඒ වගේම ඇ...
09/07/2026

🌸ගර්භණී සමයේ සුව නින්දක්🌸
අම්මෙක් වෙන්න ඉන්න ඔබටයි මේ... 🥰

​ගර්භණී කාලය කියන්නේ හැම අම්මෙක්ටම බලාපොරොත්තු පිරුණු, ඒ වගේම ඇඟටත් හිතටත් ලොකු වෙනස්කම් දැනෙන කාලයක්නේ. මේ දවස්වලට අපේ ශාරීරික සෞඛ්‍යය වගේම "මානසික සෞඛ්‍යයත්" උපරිමයෙන්ම රැකගන්න ඕනේ. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ තමයි හැමදාම හොඳ සුව නින්දක් ලබාගන්න එක.

​නින්ද අඩු වුණාම අපේ හිතට මොකද වෙන්නේ සහ සුව නින්දකට කරන්න පුළුවන් දේවල් මොනවාද කියලා සරලවම කතා කරමු.

​නින්ද මදි වුණාම හිතට දැනෙන්නේ කොහොමද? 🤔

💐 ​කේන්ති යාම සහ දුක හිතීම.
හෝමෝන වෙනස්කම් නිසා මේ දවස්වල නිකන්ම හිත සංවේදී වෙනවා. නින්දත් මදි වුණාම නිතරම කේන්ති යන්න, අනවශ්‍ය විදිහට දුක හිතෙන්න පටන් ගන්නවා.

💐 ​බය සහ අනාරක්ෂිත බව.
රෑට නිදි මරනකොට අනවශ්‍ය සිතුවිලි හිතට වද දෙනවා. ප්‍රසූතිය ගැන බයක්, කාංසාවක් (Anxiety) ඇති වෙන්න මේක ප්‍රධාන හේතුවක්.

💐 ​මහන්සිය වගේම නොසන්සුන්කම.
ඇඟට විවේකයක් නැති වුණාම දවසම මූඩ් එක අවුල් යනවා. කිසිම වැඩකට හිත එකඟ කරගන්න බැරි වෙනවා.

🌺 ​රෑට සුවපහසුවට නිදාගන්න පුංචි රහස් කිහිපයක්.

​1. නිවැරදි පැත්ත තෝරාගන්න .🤰

වැඩිපුරම හොඳ වම් ඇලයට හැරිලා නිදාගන්න එකයි. එතකොට බබාට වගේම ඔබටත් රුධිර ගමනාගමනය හොඳින් වෙනවා. කොන්දට සහ බඩට සුවපහසුවක් දැනෙන්න කොට්ට කීපයක් ආධාරකයක් විදිහට තියාගන්න.


​2. ෆෝන් එක පැත්තකින් තියන්න 📱❌

නිදාගන්න යන්න පැයකට කලින්වත් ෆෝන් එක, ටීවී එක බලන එක නතර කරන්න. නිදන කාමරය නිශ්ශබ්ද, සිසිල් තැනක් කරගන්න.

​3. හිත සැහැල්ලු කරගන්න 🌸

නින්දට පෙර ඇල්මැරුණු වතුරෙන් ඇඟ පත සෝදලා, පපුවේ දැවිල්ල ඇති නොවන සැහැල්ලු කෑමක් ගන්න. ආදරණීය සංගීතයකට සවන් දීම හෝ හොඳ පොතක් කියවීම වගේ දෙයකින් හිත නිදහස් කරගන්න.

​පුංචි මතක් කිරීමක්:
අම්මා සතුටින් සහ නිදහසින් ඉන්න එක කුස ඇතුළේ ඉන්න පුංචි පැටියටත් දැනෙනවා. ඒ නිසා ඔයාගේ නින්ද ගැන, විවේකය ගැන වෙනදාටත් වඩා හිතන්න. දිගින් දිගටම නින්ද යන්නේ නැත්නම් ඒ ගැන ඔයාගේ වෛද්‍යවරයා එක්ක කතා කරන්න අමතක කරන්න එපා. ❤️

මෙය ඔබගේ සාමාන්‍ය දැනුවත්භාවය සඳහා පමණි.

Blooming Heart
R.C.Gunathilake

#මාතෘ #ගර්භණීමව

Pregnancy කාලයේදී යකඩ පෙති සහ කැල්සියම් පෙති එකට (එකම වෙලාවක) ගන්න එක සුදුසු නැහැ.​එයට ප්‍රධාන හේතුව තමයි:🌸 ​අවශෝෂණය අඩු...
30/06/2026

Pregnancy කාලයේදී යකඩ පෙති සහ කැල්සියම් පෙති එකට (එකම වෙලාවක) ගන්න එක සුදුසු නැහැ.

​එයට ප්‍රධාන හේතුව තමයි:

🌸 ​අවශෝෂණය අඩු වීම:
කැල්සියම් මගින් ශරීරයට යකඩ (Iron) උරාගන්නා ක්‍රියාවලිය අඩාල කරනවා. ඔබ මේ පෙති වර්ග දෙකම එකට ගත්තොත්, ශරීරයට ලැබෙන යකඩ ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන්.

🌸​ලේ අඩුකම (Anemia):
ගර්භණී කාලයේදී මවට වගේම වැඩෙන කලලයටත් යකඩ අත්‍යවශ්‍යයි. යකඩ නිසි ලෙස ශරීරයට අවශෝෂණය නොවුණොත් රක්තහීනතාවය (ලේ අඩුකම) ඇතිවීමේ අවදානමක් පවතිනවා.

​නිවැරදිව ලබාගන්නේ කොහොමද?

​මෙම පෙති දෙකේම උපරිම ගුණය ශරීරයට ලබාගැනීම සඳහා වේලාවන් දෙකකදී ලබා ගැනීමයි සුදුසු ..එනම් එකක් උදේට , අනිත් එක රෑට ...

​උදාහරණයක් ලෙස: calcium පෙත්ත උදේ වරුවේ ලබාගන්නේ නම්, iron පෙත්ත රාත්‍රී කාලයේ ලබාගත හැක.

💐​තවත් වැදගත් කරුණක්:
Iron පෙත්ත Vitamin C බහුල පානයක් (දෙහි යුෂ, දොඩම් යුෂ) සමඟ ලබාගැනීමෙන් යකඩ අවශෝෂණය තවත් වැඩි කරගත හැකි අතර, තේ හෝ කෝපි සමඟ ගැනීමෙන් අවශෝෂණය අඩු වේ.

​ඔබට ලබා දී ඇති සායනික උපදෙස් සහ ඖෂධ මාත්‍රාවන් පිළිබඳව සැමවිටම ඔබේ වෛද්‍යවරයා හෝ පවුලේ සෞඛ්‍ය සේවා නිලධාරිනිය (Midwife) උපදෙස් දෙන ආකාරයට කටයුතු කිරීම වඩාත්ම සුදුසුය.

මෙය ඔබගේ සාමාන්‍ය දැනුවත්භාවය සඳහා පමණි .

R.C.Gunathilake
Blooming Heart

#ගැබිණිඅම්මා

ඔබත් දවසකට කී පාරක් විතර මේ විදියට සෙල්ලම් බඩු අහුලනවාද? 😅   #දෙමාපියන්
29/06/2026

ඔබත් දවසකට කී පාරක් විතර මේ විදියට සෙල්ලම් බඩු අහුලනවාද? 😅

#දෙමාපියන්

28/06/2026

මෙය සරල නමුත් වැදගත් ජීවන රටා වෙනස්කම්, සාර්ථක ලෙස ගැබ් ගැනීමකට මඟ පාදන ප්‍රධාන සාධක වේ.

#ගැබිණිඅම්මා

ගර්භණී කාලයේදී ඔබ පොත් කියවන විට, කතා කරන විට හෝ ගීත ගයන විට ඒ හැම හඬක්ම ඔබේ පුංචි පැටියාට ඇසෙන බව ඔබ දන්නවාද?(සති 24ක් ...
27/06/2026

ගර්භණී කාලයේදී ඔබ පොත් කියවන විට, කතා කරන විට හෝ ගීත ගයන විට ඒ හැම හඬක්ම ඔබේ පුංචි පැටියාට ඇසෙන බව ඔබ දන්නවාද?
(සති 24ක් වැනි කාලයක සිටම)

​එය,

​🧠 මුල් මොළයේ වර්ධනය වේගවත් කරයි.
​👂 මවගේ කටහඬ හඳුනා ගැනීමට උපකාරී වේ.
​💞 මව සහ දරුවා අතර බැඳීම ශක්තිමත් කරයි.
​🧘‍♀️ මවගේ මානසික ආතතිය අඩු කරයි.
​🎵 ශබ්ද සහ රිද්මයන්ට හුරුපුරුදු වේ.

අද ඔබ කියවන ආදරණීය කතා, හෙට ඔබේ දරුවාගේ ලස්සන මතකයන් වේවි. 🌸📖

​ #ගැබිණිඅම්මා

26/06/2026
ගර්භණී සමයේදී මව මානසිකව සන්සුන්ව සහ සතුටින් සිටීම, උපදින්නට සිටින දරුවාගේ මොළයේ වර්ධනයට මෙන්ම අනාගතයේදී යහපත් පෞරුෂයකින...
26/06/2026

ගර්භණී සමයේදී මව මානසිකව සන්සුන්ව සහ සතුටින් සිටීම, උපදින්නට සිටින දරුවාගේ මොළයේ වර්ධනයට මෙන්ම අනාගතයේදී යහපත් පෞරුෂයකින් යුත් දරුවෙකු වීමටද බෙහෙවින් උපකාරී වේ.

​එබැවින්, ගර්භණී මවක් සැමවිටම ප්‍රසන්න පරිසරයක, සතුටින් සහ ආදරණීය සිතුවිලි සමඟින් කාලය ගත කිරීම ඉතාමත් වැදගත් වේ.

#ගැබිණිඅම්මා

🌸 ගර්භණී සමයේ ඇතිවන පොදු ගැටලු සහ විසඳුම් 🌸මෙම විසඳුම් සාමාන්‍ය අපහසුතා සඳහා පමණක් වන අතර, යම් හෙයකින් රෝග ලක්ෂණ උත්සන්න...
20/04/2026

🌸 ගර්භණී සමයේ ඇතිවන පොදු ගැටලු සහ විසඳුම් 🌸

මෙම විසඳුම් සාමාන්‍ය අපහසුතා සඳහා පමණක් වන අතර, යම් හෙයකින් රෝග ලක්ෂණ උත්සන්න වේ නම් හෝ ඔබට සැක සහිත නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතක නොකරන්න.

Blooming Heart Wellness

#ගර්භණීසමය

10/04/2026

ඔබ මේ ලක්ෂණ ගැන සැලකිලිමත් ද?
#ගර්භණීසමය #මවසහදරුවා #ගර්භණීසමය

07/04/2026

🌸 කැල්සියම්: ඔබේත්, දරුවාගේත් සෞඛ්‍යයේ රහස! 🌸

​ගර්භණී සමය කියන්නේ ජීවිතයේ ඉතාම සුන්දර වගේම වගකීම් සහගත කාලයක්. මේ කාලයේදී ඔබ ලබාගන්නා පෝෂණය ගැන වැඩිපුර සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඒ අතරින් කැල්සියම් වලට හිමිවන්නේ සුවිශේෂී තැනක්.

​✨ කැල්සියම් ඇයි මෙතරම් වැදගත්?

🌿 ​පුංචි පැටියාගේ වර්ධනයට:
දරුවාගේ අස්ථි පද්ධතිය, දත්, හදවත සහ ස්නායු පද්ධතිය නීරෝගීව නිර්මාණය වීමට කැල්සියම් අත්‍යවශ්‍ය වේ.

🌿 ​මවගේ ආරක්ෂාවට:
ඔබේ සිරුරේ අස්ථි ශක්තිමත්ව තබා ගැනීමටත්, අධික රුධිර පීඩනය පාලනය කිරීමටත් මෙය උදවු වේ.

​🥛 කැල්සියම් බහුල ආහාර:

🏵️ ​කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන (යෝගට්, චීස්).

🏵️ ​හාල්මැස්සන් වැනි කුඩා මාළු වර්ග.

🏵️ ​නිවිති වැනි තද කොළ පැහැති පලා වර්ග.

🏵️ ​තල සහ ඇට වර්ග.

​⚠️ විශේෂයෙන් මතක තබා ගන්න
​යකඩ (Iron) පෙත්ත සමඟ කැල්සියම් ගන්න එපා: කැල්සියම් මගින් යකඩ අවශෝෂණය බාධා කරන නිසා, මෙම පෙති වර්ග දෙක දවසේ වෙනස් වේලාවන් දෙකකදී ලබාගන්න.

🤚 සායනයෙන් ලබාදෙන කැල්සියම් පෙති නිවැරදිව ලබාගැනීමට අමතක කරන්න එපා.
Blooming Heart Wellness

#මවසහදරුවා #ගර්භණීසමය #කැල්සියම් #පෝශණය

Address

Gampaha

Telephone

+94762066967

Website

Alerts

Be the first to know and let us send you an email when Blooming Heart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blooming Heart:

Shortcuts

Share