19/01/2021
"ධනාත්මක පුරවැසි පුහුණුව" Positive Citizenship / Youth Development Training
වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන් හට හමුදා පුහුණුවක් ලබාදිය යුතුයයි රජයේ අමාත්‍ය වරයෙක් කර ඇති ප්‍රකාශය දැක මේ සටහන තැබීමට කල්පනා කලෙමි.
රටක් දියුනු වන්නට නම් අනිවාර්යෙන්ම එහි ජනයා තුල තම චර්යාවේ වෙනසක් සිදුවිය යුතුබව පිලිගැනීමට සිදුවේ. සිoගප්පූරු ආශ්චර්යයේ ප්‍රධානම ධාරක කුළුණක් බවට පත්ව ඇත්තේ එරට තුල ඇතිකර තිබෙන සිවිල් විනයයි.
මහ පාරේ සිදුවන අනවශ්‍ය මාර්ග තද බදය, නො ඉවසිලිමත් ලෙස වාහන පැදවීමෙන් සිදුවන මාරක අනතුරු, මහජනයාට හිරිහැර වන අන්දමින් කරන වාහන නලා නාද කිරීමේ පටන් තමාගේ වාරය පැමිනෙන තෙක් ඉවසිලිවන්ත වීමට නොහැකිව පෝලිම් කඩාගෙන ඉදිරියට ගොස් තමාගේ වැඩය කරගැනීමට දරන උත්සාහය දක්වාත්, මහ පාරේ කැලි කසල ඉවත ලෑම කෙල ගැසීම ආදිය දක්වාත් යන මේ සියල්ලම චාරයක් නොමැතිකමේ සෘණාත්මක ප්‍රථිපලයන්මය.
මෙයට තුඩු දී ඇති ප්‍රධානම හේතුවක් වන්නේ ජාතියක් වශයෙන් අපේ ජනතාවගෙන් බහුතරය පුරවැසි යුතුකම් සහ වගකීම් වලින් බැඳී නොසිටීමයි. එම තත්වයට ප්‍රවේශ දෙකකින් විසඳුම ලබාදිය යුතුය. එනම් පුරවැසි වගකීම් කඩකරන්නන් හට නීතිමය ලෙස ක්‍රියා කිරීම සහ ඒවා පිලිබඳව නිසි පුහුනුවක් ලබා දීමත්ය.
මේ මාතෘකාව පටලවා ගන්නා බොහෝ දෙනෙකු ප්‍රකාශ කරන්නේම හමුදා පුහුණුවක් ගැනය. ඇත්තෙන්ම හමුදා පුහුණුවේ මූලිකම අග වන විනය හෙවත් චාරය ඇති කිරීමේ පුහුණුව පමනක් මේ අවශ්‍යතාවයට අදාල වන නමුත් සoඝ්‍රාමික කටයුතු සඳහා ලබාදෙන පුහුණුව මේ අවශ්‍යතාවය සඳහා අවශ්‍ය නොවන බවයි මගේ නම් මතය. එයට හේතු ගනනාවක්ම ඇත.
මේ කියන 'පුරවැසි පුහුණුවට' ඇතුලත් විය යුත්තේ
1. රටට ආදරය කිරීම.
2. අනෙකාගේ මූලික අයිතීන්ට ගරු කරමින් සාමූහිකව ජීවත් වීමේ හැකියාව.
3. තමන්ව පාලනය කරගැනීමේ හැකියාව.
4. යහපත් සෞක්‍ය පුරුදු සහ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම.
5. විනාශකාරී ඇබ්බැහිවීම් වන මත්ද්‍රව්‍ය ආදියෙන් වැලකී සිටීම.
6. ජීවිතයේ යහපත් තේරීම් කිරීම සඳහා ගැටළු විසඳාගැනීමේ හැකියාව.
7. නිර්මාණශීලිතවය ඔස්සේ රැකියාගතවීම සහ ආදායම් මාර්‍ග ඇති කර ගැනීම.
8. සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගැනීම සඳහා වන අවශ්‍යතාවයක් තමන් තුලම ජනිත කර ගැනීම හෙවත් ස්වයo අභිප්‍රේරණයක් ඇති කිරීම.
9. යහපත් සමාජ සම්බන්දතා පවත්වා ගැනීමේ හැකියාව.
10.හැම විටම පොදු යහපත මුල්කරගත් ආකල්ප වෙනසක්. ආදියයි.
ඉතින් මේ මාතෘකාවට මානව සම්පත් ප්‍රවර්ධන ක්ශේත්‍රයේ කියන්නේ 'ධනාත්මක තරුන සoවර්ධන පුහුණුව' Positive Youth Development කියායි. මෙය හමුදා පුහුණුව සමග කිසිසේත්ම පටලවාගත යුතු නොවේ. අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන, නිර්මාණශීලිත්වය තුලින් රටේ අභිවෘද්ධියට යමක් දායක කල හැකි ශක්ති සම්පන්න පුරවැසියන් මිස සියල්ලට අවනත වන යටහත් පහත් පුරවැසියන් නොවේ.
ඉතින් මේ කටයුත්ත ලෝකය පුරාම දියුනුයයි සම්මත සියළු රටවල විශ්ව විද්‍යාල අධ්‍යාපනයේම කොටසක් ලෙස සිදුවෙමින් පවතියි. 'තරුන ප්‍රවර්ධනය' නමින් අන්තර්ජාලය පීරන ඕනෑම අයෙකුට ලෝකයේ කීර්තිමත්ම විශ්ව විද්‍යාල මේ විෂයය අරබයා සිදුකෙරෙන පුහුනු පාඨමාළාවල මොඩියුල විස්තර ලබාගත හැකිය.
ඒවා අතරින් විශ්ව සම්භාවනාවට පාත්‍රවූ සoකල්පය වන්නේ 4 H ආකෘතියයි. මෙය එක්සත් ජාතීන්ගේ සoවිධානයේ මානව සම්පත් ප්‍රවර්ධන අoශය විසින්ද පිලිගත් සoකල්පයයි.එහි ප්‍රධාන සoරචකයන් පහතින් සඳහන්වේ.
1. My Head to clearer thinking. වඩාත් පැහැදිලි චින්තනයකට මගේ මනස.
2. My Heart to greater loyalty. මගේ රටට සහ මගේ ලෝකයට සහ මගේ ප්‍රජාවට වැඩියෙන් ඇල්මක් දක්වන හදවතක්.
3. My Hands to larger service. ඕනෑම ක්ශේත්‍රයක සාර්ථක දායකත්වයක් ලබාදිය හැකි දෑතක්.
4. My Health to better living For my community, my country and My world. මගේ රට සහ මගේ ලෝකය සහ මගේ ප්‍රජාවේ වඩා හොඳ ජීවිතයක් සඳහා මගේ සෞඛ්‍යය.
අප විසින් කලයුත්තේ මේ සoකල්පය මත පදනම්වූ පුහුණු වැඩ සටහනක් අපේ රටේ වයස 15 ඉක්මවූ සියළු පුරවැසියන් හට ශ්‍රම බළකායට එක්වීමට පලමුව ලබා දීමයි. ඒ සඳහා, දැනටමත් සථාපිතව පවතින 'ජාතික යොවුන් සේනාoකය' ට අයත් සම්පත් ඉතාමත්ම සාර්ථක ලෙස යොදාගැනීමටද හැකිය.