25/11/2019
ලාංකිකයන් “කුංකුම” නමින් හඳුන්වන “සැෆ්‍රොන්” (saffron )ආයුර්වේදයේ කුංකුමප්පු ලෙසද හදුන්වයි. මේ ඖෂධය ලොව මිළ අධිකම කුළුබඩුවයි. ආයුර්වේදවෛද්‍ය ක්‍රමය තුල කුංකුම යොදාගැනීම ශතක කීපයක සිට සිදුවන්නකි.
යුවතියන් වගේම ගර්භණී අවධියේ ඉන්න කාන්තාවන්ද දරුවන් ලස්සන වීම බලා පොරොත්තුවෙන් කුංකුම පානය කරයි. කුංකුම යනු ඒ තරම්ම ගුණ දෙන පානයකි.
කුංකුම සම පැහැපත් කරන රූපලාවණ්‍ය ඖෂධ අතර ප්‍රධාන තැනක් ගනී.ඒ ඇයි දැයි ඔබ දන්නවාද ?
කුංකුම මගින් සම මතුපිට ඇති අක්‍රීය සෛල ඉවත් කර සමට සුසිනිදු බවක් එක් කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය අන්තර්ගත වන නිසා ඔබගේ සම රැලී වැටීම අවම කර ලස්සන පෙනුමක් ගෙන දෙයි. කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.
ගොඩක් දෙනෙක් කුංකුම පානය කරනුයේ ලස්සන වීම සදහාය. ඇත්තටම කුංකුම මගින් ඔබගේ සම පැහැපත් කරනවා පමනක් නොව සමේ තියෙන කුරුළෑ හා ලප කැළැල් ඉවත් කර දිදුලන සමක් ඇතිකරයි. විශේෂයෙන්ම කුංකුම මගින් ඔබට ලැබෙනුයේ තාවකාලීක පැහැපත් බවක්නොව.සැබෑවන් ලස්සනකි.
කුංකුම පානය කරනුයේ කෙසේද?
කුංකුම රේණු 2ක් 3ක් පමන වතුර හෝ එල කිරි වීදුරුවකට එකතු කර ගන්න එය ලස්සන කහ පැහැයක් ඇති වනු දැකිය හැකියි.එවිට පානය කරන්න.
ඒ වගේම ආලේපනයක් විදිහටත් සකස් කර ගත හැකියි. කුංකුම රේණු අවශ්‍ය ප්‍රමාණයට රැගෙන හොඳින් අඹරා ගන්න. පසුව එය යෝගට් හෝ කෝමාරිකා සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු 20 කට පමණ පසු සෝදා ඉවත් කරන්න. සතියකට දෙවරක් පමණ මේම
සත්කාරය සිදු කරන්න. මෙමගින්ඔබේ සම පිරිසිදු වී අවපැහැය ඉවත් වීයයි. සම දීප්තිමත් වී ලස්සන වේ.
සම ලස්සන කර ගන්නවට අතමරව කුංකුමවල තවත් ගුණ රැසක් අන්තර්ගත වේ. කුංකුම යනු විෂබීජ නාශකයක්කි ආහාර ජීර්ණයද පහසු කරයි. ආහාර ජීර්ණය නොවන අවස්ථාවකදී උණුවතුර වීදුරුවකට කුංකුම රේණු 2ක් 3ක් දමා පානය කරන්න.
මේවා හෘදය සහ රුධිරවාහිනී පද්ධතිය පවිත්‍ර කිරීම සඳහා ඉතා හොඳ ඖෂධීය ගුණයකින් යුක්තය.
මතක ශක්තිය වැඩි කිරීම,
ලිංගික හැකියාවන් වර්ධනය කිරීම,
ප්‍රතිශක්තිය වැඩි කිරීම ආදී වශයෙන් විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා ප්‍රයෝජනවත් බව තහවුරු කරගෙන තිබේ.ඒ නිසාම
අතීසාරය, සරම්ප වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීම සදහා ඉතා අනර්ඝ ඖෂධීය පානයක් ලෙස කුංකුම යොදා ගනී.
පිළිකා නිශේධනය කිරීමේ හැකියාවක්ද ඇත.
ඒපමක් නොව මානසික අවපීඩනය අඩු කිරීමේ හැකියාවක්ද ඇත.ස්වසන ආබාධ, කැස්ස, සෙම්ප්‍රත්ෂ්‍යාව, කහ උණ, ඇදුම රෝග ආදී රෝග රැසකට වටිනා ප්‍රතිකාරක් ලෙසද ගැනිය හැක
කුංකුම රේණුවල අඩංගු කහ පැහැය වර්ණක සඳහා ද ,ආහාර වර්ණ ගැන්වීම සඳහාද ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සඳහාද යොදාගනු ලැබේ. එහි රත්රන් පැහැයට හුරු කහ පැහැය ආහාර වලට ප්‍රිය උපදවනසුළු අලංකාර බවක් එක්කරන අතරම එහි විශේෂිත වූ සුවඳ සහ රසය ආහාර වලට වැඩි ප්‍රියතාවයක් එක් කරනු ලබයි.ජපානයේද බත් වලට කුංකුම යෙදීම බහුලව දැකිය හැකිය.
මේ ආකාරයට කුංකුම හෙවත් Saffron යනු ඖෂධීයව ඉතා වටිනා කමක් දක්වන ඖෂධකි.ඉතින් ඔබත් හැකි අයුරින් මෙම වටිනා ඖෂධය භාවිතය අමතක නොකරන්න.
ජේ. අයි රුවන්තී ජයරත්න (B.A.M.S)
වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යයතනය
කැලණිය විශ්ව විද්‍යලය