20/06/2025
කොන්දෙ වේදනාවට තෙල් ගෑමෙන් පත්තු බැඳීමෙන් තවත් සුව වුනේ නැද්ද?
🔹 තුනටිය ආශ්‍රිතව වේදනාව
🔹 හිඳගෙන සිට නැගිටීමේ දී තුනටියේ හිරවෙන්නාක් බඳු වේදනාව
🔹 තුනටියේ සිට පිටුපසින් පාදය දිගේ පහලට ඇදී යන වේදනාව
කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු වල තෙරපීම් නිසා ඇති වන මෙම රෝගයට විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන මගින් තෙල් ගා තවා ගැනීම, පත්තු බැඳීම, වාෂ්ප ඇල්ලීම (නාඩි ස්වේද ප්‍රතිකාරය) වැනි ප්‍රතිකාර ඉතා ජනප්‍රිය වී ඇත.
මේ වන විට මෙවන් ප්‍රතිකාර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ද සුදුසුකම් නොලත් පාරම්පරික හෝ වෙනත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පුද්ගලයින් මගින් ද ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරන්නවුන් මගින් ද ලබා ගත හැක.
😔 කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින් ලවා තෙල් ගා තවා ගැනීම, පත්තු බැඳීම හා වාෂ්ප ප්‍රතිකාර ලබා ගැනීමට අද බොහෝ දෙනෙක් ඉතා ලැදි කමක් දැක්වීම නොරහසකි.
එමෙන්ම පාරම්පරික කැඩුම් බිඳුම් ප්‍රතිකාර කරන ස්ථාන කරා මෙම රෝග තත්වයට ප්‍රතිකාර සඳහා බොහෝ රෝගීන් යොමු වන අතර එහිදී අස්ථි බිඳුනු විට යොදන අස්ථි සවිවන පත්තු තුනටියට බැඳීම මගින් කොඳු ඇට අස්ථි වැරදි ආකාරයට සවි වීමත්, ඇතැම් විට තෙල් ගා ඇදීම, තැලීම ආදිය සිදු කිරීම මගින් කොඳ ඇට පද්ධතියට හානි වූ අවස්ථා ද බොහෝ ඇත. ඇතැම් විට එමගින් රෝගයේ මූලික අවස්ථාවන් සඳහා යම් සහනයක් දැනුනත් පසුව රෝගය සුව කළ නොහැකි තත්වයට පත්වීම අද අපට හමුවන බොහෝ රෝගීන්ට සිදු වී ඇති කණගාටුදායකම සිදුවීමකි.
⭐මෙවැනි රෝගයක් සඳහා ප්‍රතිකාර කළ හැකි සුදුසුකම් සහිත ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් කවු ද?
වර්තමානයේ ලෝකයේ ආයුර්වේද වෛද්‍යවරයෙක්ට ලබා ගත හැකි එකම මූලික උපාධිය BAMS (ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය) වේ. මෙම උපාධිය සහිත පරිනත ආයුර්වේද වෛදයවරයෙක් මගින් මෙම රෝගය සඳහා වඩාත් සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැක.
මෙම පරිනත උපාදිධාරී ආයුර්වේද වෛද්‍යවරයා ඇඟට බීමට දෙන ඖෂධ වලින් එනම් ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ, කශාය ආදිය මගින් වඩාත් සාර්ථකව හා රෝගය නැවත ඇති නොවන පරිදි එක් එක් රෝගියාට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රමයන් සිදු කිරීම විශේෂත්වය යි. ඇතැම් විට රෝග තත්වය අනුව සලකා බලා අවශ්‍ය නම් පමණක් තෛල ප්‍රතිකාර හා පත්තු යෙදීම ආදිය සිදු කරන අතර රෝගයට ගැලපෙන පරිදි විවිධ තෛල හා විවිධ පත්තු වර්ග ඉතා සංයමයෙන් යුතුව යොදා ගනී.
👉 තවද අත්දැකීම් සහිත ආයුර්වේද වෛද්‍යවරයා හට පත්තු බැඳීමට එහා ගිය දැනුම් සම්භාරයක් සහ සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ඇති බව කිව යුතුය.
එමෙන්ම මෙම රෝගයට ආයුර්වේද වෛද්‍ය සභාවේ පාරම්පරික “සර්වාංග” වෙදකම යටතේ (කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදිය නොවේ) ලියාපදිංචිය සහිත පාරම්පරික වෛද්‍යවරුන් මගින් ද ප්‍රතිකාර ලබා ගත හැක.
✅ එබැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරා යොමු වීමෙන් රෝගය ඉතා සාර්ථකව හා ඉතා ඉක්මනින් සුව කර ගත හැකි අතර වැරදි ප්‍රතිකාර සිදු කිරීමෙන් රෝගය සුව නොවන තත්වයට පත් කර ගැනීමෙන් වළක්වා ගන්න.
ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව බුද්ධිමත්ව හා වගකීමෙන් කටයුතු කරන්න පුරුදු වන්න. හැකි තරම් දැනුවත් වෙන්න, අනෙක් අයත් දැනුවත් කරන්න.
වෛද්‍ය සී. එන්. තල්වත්ත
B. A. M. S. (University of Kelaniya)
SLAMC Reg. No.- 13551
☎️ 074-189 6557
🔗 https://www.facebook.com/thalwatta