තල්වත්ත වෙද මැදුර - ගම්පොල

තල්වත්ත වෙද මැදුර - ගම්පොල දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර සඳහා හොඳම තැන

04/09/2026
19/07/2026

සෙනසුරාදා දිනයන්හි ප්‍රතිකාර සිදු නොකරන බව කරුණාවෙන් සළකන්න.
~ ඉරිදා සවස 4.30 ට ප්‍රතිකාර සිදු කෙරේ.
076 896 0313

චිකුන්ගුන්යා සුව වීමෙන් පසුව ඔබ තවත් හන්දි වේදනාවෙන් පීඩා විඳිනවා ද?        චිකුන්ගුන්යා රෝගය සුව වීමෙන් පසුව*    අධික හ...
21/11/2025

චිකුන්ගුන්යා සුව වීමෙන් පසුව ඔබ තවත් හන්දි වේදනාවෙන් පීඩා විඳිනවා ද?
චිකුන්ගුන්යා රෝගය සුව වීමෙන් පසුව
* අධික හන්දි වේදනාව හා ඉදිමීම
* ඇඟේ පතේ වේදනාව
* දැඩි වෙහෙසකාරී බව
* බඩ පුරවා දැමීම
* ආහාර අරුචිය
* දැඩි කම්මැලි ස්වභාවය
වැනි රෝග ලක්ෂණ තවදුරටත් ඔබට පවතිනවා ද ?

සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර මගින් ඔබට මෙම තත්වය ඉතා ඉක්මනින් සුව කර ගැනීමට හැකියාවක් ඇත. චිකුන්ගුන්යා රෝගය සුව වූ වහාම ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් සාර්ථකව රෝගය මැඩපැවැත්වීමේ හැකියාවක් ඇත.

පත්තු බැඳීම, වාෂ්ප ප්‍රතිකාර වැනි බාහිර ප්‍රතිකාර වලින් පමණක් සුව නොවූ රෝගීන් සඳහා ද අප විශේෂ දේශීය ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ හා පත්තු, තැවිලි වර්ග භාවිතයෙන් සාර්ථකව ප්‍රතිකාර කිරීම අපගේ විශේෂත්වය යි.

එමෙන්ම අප ප්‍රතිකාර සඳහා කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සැකසූ ඖෂධ යොදා ගන්නා අතර ශරීරයට අහිතකර මද්‍යසාර හා රසායනික ද්‍රව්‍ය වලින් තොර, සීනි අඩංගු නොවන ප්‍රමිතියෙන් ඉතා උසස් තත්වයේ ඖෂධ භාවිතයට ගනු ලබයි.

සැ.යු.- දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා බටහිර ප්‍රතිකාර ගන්නා අතරතුර වුවත් අපගේ ප්‍රතිකාර සිදු කළ හැක.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B.A.M.S. (ගෞරව), කැළණිය විශ්වවිද්‍යාලය
SLAMC Reg. No.- 13551

තල්වත්ත වෙද මැදුර - සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)
සතියේ දිනවල - සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
සෙනසුරාදා - සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා

-----------------------------------
***ප්‍රතිකාර කරන වේලාවන් ඇතැම් විට වෙනස් විය හැකි බැවින් ඔබ පැමිණීමට පෙර වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න.
විමසීම් 074 – 189 6557
-----------------------------------

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/ayu.thalwatta

කොන්දෙ වේදනාවට තෙල් ගෑමෙන් පත්තු බැඳීමෙන් තවත් සුව වුනේ නැද්ද?      🔹 තුනටිය ආශ්‍රිතව වේදනාව       🔹 හිඳගෙන සිට නැගිටීමේ...
20/06/2025

කොන්දෙ වේදනාවට තෙල් ගෑමෙන් පත්තු බැඳීමෙන් තවත් සුව වුනේ නැද්ද?
🔹 තුනටිය ආශ්‍රිතව වේදනාව
🔹 හිඳගෙන සිට නැගිටීමේ දී තුනටියේ හිරවෙන්නාක් බඳු වේදනාව
🔹 තුනටියේ සිට පිටුපසින් පාදය දිගේ පහලට ඇදී යන වේදනාව

කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු වල තෙරපීම් නිසා ඇති වන මෙම රෝගයට විවිධ ප්‍රතිකාර මධ්‍යස්ථාන මගින් තෙල් ගා තවා ගැනීම, පත්තු බැඳීම, වාෂ්ප ඇල්ලීම (නාඩි ස්වේද ප්‍රතිකාරය) වැනි ප්‍රතිකාර ඉතා ජනප්‍රිය වී ඇත.
මේ වන විට මෙවන් ප්‍රතිකාර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ද සුදුසුකම් නොලත් පාරම්පරික හෝ වෙනත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පුද්ගලයින් මගින් ද ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරන්නවුන් මගින් ද ලබා ගත හැක.

😔 කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයින් ලවා තෙල් ගා තවා ගැනීම, පත්තු බැඳීම හා වාෂ්ප ප්‍රතිකාර ලබා ගැනීමට අද බොහෝ දෙනෙක් ඉතා ලැදි කමක් දැක්වීම නොරහසකි.

එමෙන්ම පාරම්පරික කැඩුම් බිඳුම් ප්‍රතිකාර කරන ස්ථාන කරා මෙම රෝග තත්වයට ප්‍රතිකාර සඳහා බොහෝ රෝගීන් යොමු වන අතර එහිදී අස්ථි බිඳුනු විට යොදන අස්ථි සවිවන පත්තු තුනටියට බැඳීම මගින් කොඳු ඇට අස්ථි වැරදි ආකාරයට සවි වීමත්, ඇතැම් විට තෙල් ගා ඇදීම, තැලීම ආදිය සිදු කිරීම මගින් කොඳ ඇට පද්ධතියට හානි වූ අවස්ථා ද බොහෝ ඇත. ඇතැම් විට එමගින් රෝගයේ මූලික අවස්ථාවන් සඳහා යම් සහනයක් දැනුනත් පසුව රෝගය සුව කළ නොහැකි තත්වයට පත්වීම අද අපට හමුවන බොහෝ රෝගීන්ට සිදු වී ඇති කණගාටුදායකම සිදුවීමකි.

⭐මෙවැනි රෝගයක් සඳහා ප්‍රතිකාර කළ හැකි සුදුසුකම් සහිත ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් කවු ද?

වර්තමානයේ ලෝකයේ ආයුර්වේද වෛද්‍යවරයෙක්ට ලබා ගත හැකි එකම මූලික උපාධිය BAMS (ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය) වේ. මෙම උපාධිය සහිත පරිනත ආයුර්වේද වෛදයවරයෙක් මගින් මෙම රෝගය සඳහා වඩාත් සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත හැක.

මෙම පරිනත උපාදිධාරී ආයුර්වේද වෛද්‍යවරයා ඇඟට බීමට දෙන ඖෂධ වලින් එනම් ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ, කශාය ආදිය මගින් වඩාත් සාර්ථකව හා රෝගය නැවත ඇති නොවන පරිදි එක් එක් රෝගියාට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රමයන් සිදු කිරීම විශේෂත්වය යි. ඇතැම් විට රෝග තත්වය අනුව සලකා බලා අවශ්‍ය නම් පමණක් තෛල ප්‍රතිකාර හා පත්තු යෙදීම ආදිය සිදු කරන අතර රෝගයට ගැලපෙන පරිදි විවිධ තෛල හා විවිධ පත්තු වර්ග ඉතා සංයමයෙන් යුතුව යොදා ගනී.

👉 තවද අත්දැකීම් සහිත ආයුර්වේද වෛද්‍යවරයා හට පත්තු බැඳීමට එහා ගිය දැනුම් සම්භාරයක් සහ සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ඇති බව කිව යුතුය.

එමෙන්ම මෙම රෝගයට ආයුර්වේද වෛද්‍ය සභාවේ පාරම්පරික “සර්වාංග” වෙදකම යටතේ (කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදිය නොවේ) ලියාපදිංචිය සහිත පාරම්පරික වෛද්‍යවරුන් මගින් ද ප්‍රතිකාර ලබා ගත හැක.

✅ එබැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරා යොමු වීමෙන් රෝගය ඉතා සාර්ථකව හා ඉතා ඉක්මනින් සුව කර ගත හැකි අතර වැරදි ප්‍රතිකාර සිදු කිරීමෙන් රෝගය සුව නොවන තත්වයට පත් කර ගැනීමෙන් වළක්වා ගන්න.

ඔබගේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව බුද්ධිමත්ව හා වගකීමෙන් කටයුතු කරන්න පුරුදු වන්න. හැකි තරම් දැනුවත් වෙන්න, අනෙක් අයත් දැනුවත් කරන්න.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B. A. M. S. (University of Kelaniya)
SLAMC Reg. No.- 13551

☎️ 074-189 6557

🔗 https://www.facebook.com/thalwatta

🌿 තුනටිය ආශ්‍රිත වේදනා වලට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...                ඔබටත් මෙවන් රෝග ලක්ෂණ තිබේ ද?      ✅ තුනටිය ආශ්‍ර...
29/05/2025

🌿 තුනටිය ආශ්‍රිත වේදනා වලට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...
ඔබටත් මෙවන් රෝග ලක්ෂණ තිබේ ද?
✅ තුනටිය ආශ්‍රිතව වේදනාව
✅ තුනටියේ සිට පිටුපසින් පාදය දිගේ පහලට ඇදී යන වේදනාව
✅ හිඳගෙන සිට නැගිටීමේ දී තුනටියේ හිරවෙන්නාක් බඳු වේදනාව
✅ කලවා/බත්කෙණ්ඩ ආශ්‍රිත මාංශ පේශීවල වේදනාව/තදගතිය
✅ පාදයේ පහල කොටස්වල, ඇඟිලිවල හිරිය/ වේදනාව/ පිච්චෙන වේදනාව
✅ ඉකිලිවලින් ඉහලට අදින්නාක් බඳු වේදනාව
✅ දණහිස පිටුපසින් හිරවෙන්නාක් බඳු වේදනාව

මෙවන් රෝග ලක්ෂණ වලට ප්‍රධානවම බලපාන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු වල (විශේෂයෙන් L4/5 හා L5/S1) තෙරපීම්ය. මෙවැනි කොඳු ඇට පෙළෙහි ස්නායු වල තෙරපීම් සඳහා මූලිකවම,
🔹 කොඳු ඇට පෙල ආශ්‍රිත කාටිලේජමය ඩිස්ක් පිටතට නෙරා ඒම (Disk bulging)
🔹 කොඳු ඇට පෙල ආශ්‍රිත අස්ථි / කාටිලේජ දිරා යාම හා අනවශ්‍ය ලෙස අස්ථිවලට පිටතින් කැල්සියම් තැන්පත් වීම ආදී විවිධ කරුණු රාශියක් බලපායි.

මෙවැනි අවස්ථාවන් වලදී බොහෝ විට බටහිර වෛද්‍ය ක්‍රමය මගින් වේදනානාශක ඖෂධ භාවිතා කිරීමත් එමගින් සුව නොවූ විට ශල්‍යකර්ම (50%-50%) කල යුතු බවටත් නිර්දේශ කරනු ලබයි.

වාෂ්ප ප්‍රතිකාර, පත්තු බැඳීම වැනි බාහිර ප්‍රතිකාර වලින් පමණක් සුව නොවූ රෝගීන් සඳහා ද අප විශේෂ දේශීය ගුලි, චූර්ණ, කල්ක, ක්වාථ හා තැවිලි, පත්තු වර්ග භාවිතයෙන් සාර්ථකව ප්‍රතිකාර කිරීම අපගේ විශේෂත්වය යි.

එමෙන්ම අප ප්‍රතිකාර සඳහා කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සැකසූ ඖෂධ යොදා ගන්නා අතර ශරීරයට අහිතකර මද්‍යසාර හා රසායනික ද්‍රව්‍ය වලින් තොර, සීනි අඩංගු නොවන ප්‍රමිතියෙන් ඉතා උසස් තත්වයේ ඖෂධ භාවිතයට ගනු ලබයි.

📌 දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා බටහිර ප්‍රතිකාර ගන්නා අතරතුර වුවත් අපගේ ප්‍රතිකාර සිදු කළ හැක.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B.A.M.S. (ගෞරව), කැළණිය විශ්වවිද්‍යාලය
SLAMC Reg. No.- 13551

--------------------------
🔹 වේලාවක් වෙන් කර ගැනීමට 074 – 189 6557
(ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න)
--------------------------

📍 Thalwatta Ayurveda (තල්වත්ත වෙද මැදුර) - සිංහපිටිය, ගම්පොල. (සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)
🕔 සඳුදා සිට බ්‍රහස්පතින්දා - සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
🕒 සෙනසුරාදා සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා
_____________________
📍 මෙත්සේයා චැනලින් සෙන්ටර්, කුරුඳුවත්ත, ගම්පොල.
🕔 සිකුරාදා සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

🔹 පොහොය දින සහ ඉරිදා දින වසා ඇත.

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/thalwatta

තුනටියේ අමාරුව /සයටිකා (Sciatica) රෝගය සුව කරගන්නේ මෙහෙමයි...ඔබත් මෙවන් රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවා ද?   * තුනටිය ආශ්‍ර...
07/11/2024

තුනටියේ අමාරුව /සයටිකා (Sciatica) රෝගය සුව කරගන්නේ මෙහෙමයි...

ඔබත් මෙවන් රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවා ද?
* තුනටිය ආශ්‍රිතව වේදනාව
* හිඳගෙන සිට නැගිටීමේ දී තුනටියේ හිරවෙන්නාක් බඳු වේදනාව
* තුනටියේ සිට පිටුපසින් පාදය දිගේ පහලට ඇදී යන වේදනාව
* කලවා/ බත්කෙණ්ඩ ආශ්‍රිත මාංශ පේශීවල වේදනාව/තදගතිය
* පාදයේ පහල කොටස්වල, ඇඟිලිවල හිරිය/ වේදනාව
* ඉකිලිවලින් ඉහලට අදින්නාක් බඳු වේදනාව
* හිඳගෙන සිට එකවර සිට ගැනීමේ අපහසුතාවය

මෙවන් රෝග ලක්ෂණ වලට ප්‍රධානවම බලපාන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ස්නායු වල (විශේෂයෙන් L4/5 හා L5/S1 ස්ථාන වල) තෙරපීම්ය. මෙම රෝග තත්වයට හේතුවන කාරණා මොනාද සහ රෝගය සුව කරගන්න අපි කළ යුත්තේ මොනද කියල අපි සලකා බලමු.

ගොඩක් වෙලාවට මෙවන් රෝග තත්වයන් ඇති වන්නේ ඔබගේම වැරදි හැසිරීම් රටා නිසා. දරාගත නොහැකි බර එසවීම, නිවැරදි ඉරියව් සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට වැඩ කිරීම ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඒ වගේ ම විවිධ අනතුරු වලින් කොඳු ඇට පේළියට වන හානි නිසා ද මෙවන් රෝග තත්වයන් ඇති වෙනවා.

ගොඩක් රෝග වගේ මෙම රෝගයත් බොහෝ විට ටික ටික වේදනාව එන්න පටන් ගන්නවා. අපි ඒ අවස්ථාවට ප්‍රතිකාර කරන්න යන්නේ නෑ. නැත්නම් වේදනා නාශකයක් අරගෙන රෝගය ගැන නොසිතා දිගටම වැරදි ඉරියව් ආදිය පවත්වා ගනිමින් වැඩ කරනවා. නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙනුත් කපා ගන්න බැරි වෙනකල් නොසලකා ඉන්නවා.

අපි වැඩක් කරද්දි එන වේදනාව නොසලකා තව ටිකයි තියෙන්නේ ඒ නිසා වැඩේ ඉවර කරලම පොඩි විවේකයක් ගන්නව කියල දිගටම වැඩ කරනවා. අපේ ශරීරයට බාහිරව හෝ අභ්‍යන්තරව යම් හානියක් වන විට වේදනාවක් එන බව ඔබ දන්නවා. ඒ වගේ ම තමයි කොඳු ඇට පේළියේ ස්නායු වලට හානි වීමෙන් ඉහත පරිදි වේදනාවන් එනවා. එම අවස්ථාවේදී අපි එම වේදනාව ගැන නොසිතා තව ටිකයි තියෙන්නේ ඒ ටික කරලම විවේකය ගන්න හිටියොත් ස්නායු වලට තවතවත් හානි වීමෙන් රෝග තත්වය එන්න එන්නම වැඩි වෙනවා.

මෙය සරල උදාහරණයකින් පැහැදිලි කලොත්, අපි යම්කිසි වැඩක් කරමින් ඉන්න වෙලාවක අපේ අතක් යමකට පිළිස්සෙනවා නම් අත ඉන් ඉවතට නොගෙන වැඩේ ඉවර වෙන්න තව ටිකයි තියෙන්නේ ඒ ටිකත් ඉවර කරලම අත ඉවත් කර ගන්නම් කියල හිටියොත් අතට කුමක් වෙයි ද? ඒ සිදුවීම ම තමයි අපේ කොඳු ඇට පේළියේ ස්නායු වලටත් වෙන්නේ. හිටගෙන හිඳීමේදී වේදනාව එන විට තව ටිකයි තියෙන්නේ වැඩේ ඉවර කරලම ඉඳගන්න හිටියොත් වෙන්නෙත් ඉහත කියූ දේ ම තමයි.

ඒ වගේම තමයි උස වැඩි මෙට්ට සහිත ඇඳන් භාවිතය, උස කොට්ට භාවිතය, ඇඳෙහි සිට ජංගම දුරකථන, Laptop හා පොත්-පත්තර කියවීම, ඇඳෙහි හිඳ ගෙන සිටීම මගින් ද පුටු/සෝෆා වල හාන්සි වී සිටීම, එක දිගට දිගු වේලාවක් සිට ගෙන සිටීම හෝ ඉඳ ගෙන සිටීම මගින් ද උස අඩු කොසු/ ඉදල් වලින් අතුගෑම ආදීය මගින් ද ඉහත රෝග තත්වය උත්සන්න විය හැකිය.

මේ රෝගයේ වේදනාව තවත් වැඩි කරන්න අපේ ආහාර පානත් සෘජුවම බලපානවා. ඔබ දන්නවා ඇඟේ පතේ වේදනාව එනව කියල අපේ අත්තම්මල එහෙම වැඩිය කන්නේ නැති වාත කෑම කියන කෑම වර්ග ආහාරයට ගැනීම මගින් වේදනාව වැඩි වෙනවා. එම වේදනාව වැඩි කරවන වාත කෑම අතරට කොස්, මෑ කරල්, බටු, මුං ඇට, ජපන් බටු කොල වගේ ආහාර ප්‍රධාන වෙනවා.

මෙවැනි අවස්ථාවන් වලදී බොහෝ විට බටහිර වෛද්‍ය ක්‍රමය මගින් වේදනා නාශක ඖෂධ භාවිතා කිරීමත් එමගින් සුව නොවූ විට ශල්‍යකර්ම (50% - 50%) කල යුතු බවට නිර්දේශ කිරීමත් සිදු කරනු ලබයි. නමුත් “නිවැරදි” ආයුර්වේද ප්‍රතිකාර මගින් බොහෝ දෙනෙක් සාර්ථකව සුව කිරීමේ හැකියාවක් පවතියි.

මෙවැනි රෝගයකට ආයුර්වේද ප්‍රතිකාර කිරීමේ දී අප විශේෂයෙන් රෝගයට අදාළ වාත-පිත-සෙම (වාත යනු වාතය/සුළඟ හෝ පිත යනු ආමාශ පිත හෝ සෙම යනු සොටු යන්න අදහස් නොවේ) යනාදී ත්‍රිදෝෂයන්ගේ තත්වය මත ප්‍රතිකාර සිදු කරනවා. එනම් රෝගයේ අවස්ථාව අනුවත්, එක් එක් රෝගියා අනුවත් ප්‍රතිකාර වෙනස් වෙනවා. ඒවගේම රෝගයේ දෝෂ තත්වය මත හිතකර/අහිතකර ආහාර පාන ද වෙනස් වෙනවා. රෝගයේ මූලික අවස්ථාවේ දී තෛල ගැල්වීම, පත්තු බැඳීම හා වාෂ්ප ස්වේද/ තැවීම් ආදී බාහිර ප්‍රතිකාර මගින් පමණක් වුව ද සුව කර ගත හැකි වුවත් රෝගය දරුණු තත්වයට පත් වූ පසු ප්‍රතිකාරයේ දී අභ්‍යන්තර ඖෂධ යොදා ගැනීමටද සිදුවෙනවා.

දේශීය හා ආයුර්වේද වෛද්‍ය සී. එන්. තල්වත්ත
තල්වත්ත වෙද මැදුර - 49, බුවනෙකබා පාර, සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)

පීනස සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...       ඔබටත් මෙවන් රෝග ලක්ෂණ තිබේ ද?              * සීතලට/ පින්නට කිවිසුම් යාම    ...
07/11/2024

පීනස සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...
ඔබටත් මෙවන් රෝග ලක්ෂණ තිබේ ද?
* සීතලට/ පින්නට කිවිසුම් යාම
* සීතලට/ පින්නට නාසයෙන් සොටු දියර ගැලීම
* නාසය අවහිර වීම
* නාසය, ඇස්, කණ්, උගුර කැසීම
* ඇස් රතු වීම
* හිසේ කැක්කුම
* සීතල, අව්ව, පින්න, දූවිල්ල ඇති විට අධික කිවිසුම් යාම
* අකලට හිසකෙස් සුදුවීම
* ආහාර අප්‍රියතාව සහ මලබද්ධය

පීනස ලෙස හඳුන්වන මෙම රෝග තත්වය විවිධ පාරසරික තත්වයන් සඳහා ශරීරය දක්වන ආසාත්මිකතත්වයක් නිසා හටගන්නා අතර බොහෝ දෙනෙක් මෙම රෝගී තත්වය නිසා පීඩාවට පත්වෙමින් සිටියි.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර මගින් බොහෝවිට මෙම රෝග තත්වය පාලනය කර ගැනීම පමණක් සිදුකරගත හැකි වුවත් අපගේ ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව මෙම රෝග තත්වය සම්පූර්ණයෙන් සුව කළ හැක.

මේ සඳහා අප විසින් ඔබගේ කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන පරිදි පහසුවෙන් භාවිතයට ගත හැකි පරිදි සැකසූ ඖෂධ යොදා ගන්නා අතර ශරීරයට අහිතකර මද්‍යසාර හා රසායනික ද්‍රව්‍ය වලින් තොර, සීනි අඩංගු නොවන ප්‍රමිතියෙන් ඉතා උසස් තත්වයේ ඖෂධ භාවිතයට ගැනීම අපගේ විශේෂත්වය යි.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B.A.M.S. (ගෞරව), කැළණිය විශ්වවිද්‍යාලය
SLAMC Reg. No.- 13551

තල්වත්ත වෙද මැදුර - සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)
සෙනසුරාදා - සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා

මෙත්සේයා වෛද්‍ය සායනය- කුරුඳුවත්ත, ගම්පොල.
සිකුරාදා - සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

-----------------------------------
***ප්‍රතිකාර කරන වේලාවන් ඇතැම් විට වෙනස් විය හැකි බැවින් ඔබ පැමිණීමට පෙර වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න.
විමසීම් 074 – 189 6557
-----------------------------------

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/ayu.thalwatta

අර්ශස් රෝගය සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...             ඔබත් මෙවන් රෝග ලක්ෂණ වලින් පෙළෙනවාද?  * ගුද මාර්ගය අවට ගෙඩි ස්...
07/11/2024

අර්ශස් රෝගය සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර...
ඔබත් මෙවන් රෝග ලක්ෂණ වලින් පෙළෙනවාද?
* ගුද මාර්ගය අවට ගෙඩි ස්වභාවය
* ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම
* ගුද මාර්ගයේ වේදනාව
* මළ පහ කිරීමෙන් අනතුරුව ගුද මාර්ගයේ වේදනාව/ දැවිල්ල
* ගුද මග කටු ඇනෙන්නාක් මෙන් දැනිම
* ගුද මග පිරී තිබෙන්නාක් මෙන් දැනීම
* මලබද්ධය

අර්ශස් යනු, ගුද මාර්ගයේ ඇතිවන ලේ පිරුණු ගෙඩි වර්ගයක් වේ. නමුත් අර්ශස් ගෙඩි වලින් තොර මල පහ කිරීමේන් අනතුරුව ඇතිවන දැවිල්ල, වේදනාව සහිත ගුද ගත තුවාල (a**l fissure) තත්වයන් ද සමාජයේ අර්ශස් යැයි හඳුන්වනු ලැබුවත් එය මේ හා සමාන වෙනත් රෝගී තත්වයකි.

අර්ශස් රෝගයේ අවස්ථා හතරකින් දක්නට ලැබෙන අතර මූලික අවස්ථාවන් වලදී නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු නොවීමෙන් රෝගය උග්‍ර තත්වයට පත්වේ.

අර්ශස් රෝගයේ පළමු අවස්ථාවේ දී අර්ශස් ගෙඩි දක්නට නොලැබෙන අතර ගුද මාර්ගයෙන් රතු පැහැති ලේ පිටවේ. එම තත්වයට නිවැරදි ප්‍රතිකාර සඳහා යොමු නොවීමෙන් දෙවන අවස්ථාවට පත්වන අර්ශස් රෝගයේ දී මළ පහ කරන විට ගුද මාර්ගයෙන් ගෙඩියක් පිටතට පැමිණෙන අතර එය ඉබේම ඇතුළට යයි. පසුව තවදුරටත් නිවැරදි ප්‍රතිකාර කරා යොමු නොවීමෙන් තුන්වන අවස්ථාවට පත්වන අර්ශස් රෝගයේදී මළ පහ කිරීමේ දී පිටතට පැමිණෙන ගෙඩිය ඉබේම ඇතුළට නොයන අතර අතින් තල්ලු කිරීමෙන් ඇතුළට යයි. මේ අවස්ථාව වන විට ද නිවැරදි ප්‍රතිකාර නොයෙදීමෙන් මළ පහ කරන විට එළියට පැමිණෙන අර්ශස් ගෙඩි අතින් තද කර හෝ ඇතුළට නොයන රෝගයේ හතරවන අවස්ථාවට පත්වෙයි.

වැරදි ආහාර රටාවන් සහ හැසිරීම් රටා නිසා ඇතිවන මෙවන් අර්ශස් / ගුද ගත තුවාල (a**l fissure) තත්වයන් බටහිර ශල්‍යකර්ම වලින් තොරව අපගේ නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය මගින් සාර්ථකව සුව කළ හැක.

එමෙන්ම අප විසින් භාවිතා කරනු ලබන්නේ සීනි රහිත, මධ්‍යසාර රහිත අතුරු ආබාධ ඇති නොවන, ප්‍රමිතියෙන් යුත් ඖෂධ වන අතර මධුමේහය, අධි රුධිර පීඩනය වැනි වෙනත් සංකූලතා සහිත රෝගීන් සඳහා ද පහසුවෙන් භාවිතයට ගත හැකිවන පරිදි සැකසූ ද ඖෂධ වගකීමක් සහිතව මේ සඳහා යොදා ගැනේ.

වෛද්‍ය සී. එන්. තල්වත්ත
B.A.M.S. (ගෞරව), කැළණිය විශ්වවිද්‍යාලය
SLAMC Reg. No.- 13551

තල්වත්ත වෙද මැදුර - සිංහපිටිය, ගම්පොල.
(සිංහපිටිය රේල් ගේට්ටුව ඉදිරිපිට)
සෙනසුරාදා - සවස 3.00 සිට රාත්‍රී 8.00 දක්වා

මෙත්සේයා වෛද්‍ය සායනය- කුරුඳුවත්ත, ගම්පොල.
සිකුරාදා - සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා

-----------------------------------
***ප්‍රතිකාර කරන වේලාවන් ඇතැම් විට වෙනස් විය හැකි බැවින් ඔබ පැමිණීමට පෙර වෛද්‍යවරයා පැමිණෙන වේලාව තහවුරු කර පැමිණෙන්න.
විමසීම් 074 – 189 6557
-----------------------------------

Google Map Location
https://goo.gl/maps/rhYpdrxoFaZdHMaU8

වැඩි විස්තර සඳහා අපගේ Facebook පිටුවට පිවිසෙන්න
https://www.facebook.com/ayu.thalwatta

**lfissure

Address

No. 49, Buwanekaba Road, Singhapitiya
Gampola
20500

Opening Hours

15:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when තල්වත්ත වෙද මැදුර - ගම්පොල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share