06/07/2026
🌿 නිහඬව වද දෙන "අර්ශස්" රෝගයට ආයුර්වේදයෙන් ස්ථිර සුවයක්! 🌿
ලැජ්ජාව සහ බිය නිසා බොහෝ දෙනෙක් සඟවාගෙන සිටින, එදිනෙදා ජීවිතය අපායක් කරන රෝගයක් තමයි අර්ශස් කියන්නේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අර්ශස් (Arshas) යනු ශරීරයේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය (ජඨරාග්නිය) දුර්වල වීම නිසා හටගන්නා රෝගී තත්ත්වයක්.
නමුත් නිවැරදි ආහාර රටාව සහ ආයුර්වේද ප්‍රතිකාර මඟින් මෙය ශල්‍යකර්ම රහිතව සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්.
🚨 අර්ශස් ඇතිවීමට ප්‍රධාන හේතු:
💡දිගින් දිගටම පවතින මලබද්ධය සහ මළපහ කිරීමේදී අධික ලෙස තැටමීම.
🔔අධික ලෙස සැර, තෙල්, මිරිස්, අච්චාරු, ජාඩි සහ බලමාළු, කෙලවල්ලෝ වැනි උෂ්ණාධික ආහාර නිතර ගැනීම.
🔔රාත්‍රී නිදිවැරීම සහ දහවල් කාලයේ අධික ලෙස නිදාගැනීම.
🔔පැය ගණනාවක් එක දිගට දැඩි ආසන මත වාඩි වී සිටීම.
🍏 රෝගය පාලනයට සහ සුව වීමට නිවසේදීම කළ හැකි සරල සත්කාර:
🔊ආහාර වේලට එකතු කරගත යුතු දේ:
ගුණදායක එළවළු: කහට රසැති කෙසෙල් මුව, කොහිල අල, බණ්ඩක්කා, වට්ටක්කා සහ වැටකොලු. (විශේෂයෙන් කොහිල අල සහ කෙසෙල් මුව අර්ශස් රෝගීන්ට දිව්‍යඖෂධ වැනිය).
🍌🍊🫐පළතුරු: ඉදුණු ගස්ලබු, ඉදුණු කෙසෙල් (විශේෂයෙන් ඇඹුල් කෙසෙල්), බෙලි පළතුරු සහ දිවුල්.
🥗රතු ලූණු: රතු ලූණු අර්ශස් ගෙඩි දිය කිරීමට සහ ලේ වහනය නතර කිරීමට උපකාරී වේ.
🥤සුවදායී බීම වර්ග:
නිතර තැඹිලි වතුර, කිතුල් පිටි කැඳ, කොහිල අල කැඳ පානය කරන්න.
🍵රාත්‍රියට නිදාගැනීමට පෙර එළකිරි වීදුරුවක් හෝ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම මළබද්ධය දුරු කරයි.
👨⚕️ මතක තබා ගන්න:
අර්ශස් රෝගයේ විවිධ ප්‍රභේද (වාතජ, පිත්තජ, කපජ ආදී) පවතිනවා. එම නිසා රෝග ලක්ෂණ මතු වූ සැනින්, ස්වයං ප්‍රතිකාර වලට පමණක් සීමා නොවී, ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී ශරීර ස්වභාවයට ගැලපෙන කසාය, අරිෂ්ට හෝ ක්ෂාර සූත්‍ර (Khara Sutra) වැනි සාර්ථක ප්‍රතිකාර ලබාගන්න.
✨ආයුර්වේද වෛද්‍ය අනෝමා රත්නායක
BAMS (Hons) University of Kelaniya
Diploma in ayurveda Panchakarma and Spa therapy
Certificate in ayurveda beauty culture
දීපායුෂ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 26, ගන්නෝරුව, පේරාදෙණිය
🔔සෑම සතියේ දිනකම සවස 3.00 සිට රාත්‍රි 7.00 දක්වා.
සෙනසුරාදා සහ ඉරිදා උදේ 9.00 සිට රාත්‍රි 7.00 දක්වා
☎️දුරකථන අංක:📞📞 0702336972
#කොහිල #ආයුර්වේද #අර්ශස්සුවය