Nurse Hesh

Call Directions Website Contact the business

Nurse Hesh Health education is key of long happy life , this page provide you best health education program.

29/09/2026

වැඩසටහන මගින් ඔබට බිත්තර පිළිබඳව ඉතා වටිනා කරුණු රැසක් පැහැදිලි කර ඇත. බිත්තර එකක් මගින් ලැබෙන පෝෂක ප්‍රමාණය සහ බිත්තර හතරක් මගින් ලැබෙන සියලුම පෝෂක ප්‍රමාණයම. බිත්තර හතරක් මගින් ලැබෙන මහා පෝෂක, ක්ෂුද්‍ර පෝෂක ප්‍රමාණයක් පිළිබඳවද, දිනකට ලබාගත හැකි උපරිම බිත්තර ප්‍රමාණය පිළිබඳවද, බිත්තර මගින් අපේ රුධිර කොලෙස්ටරෝල් මට්ටම් වලට කරන බලපෑම පිළිබඳවද, සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. තවද මෙම වැඩසටහනට අදාළ විද්‍යාත්මක පර්යේෂණ පහත දක්වා ඇත.

Impact of dietary cholesterol from eggs and saturated fat on LDL cholesterol levels: a randomized cross-over study - PubMed https://pubmed.ncbi.nlm.nih.gov/40339906/

Dietary saturated fat and cholesterol: cracking the myths around eggs and cardiovascular disease - PMC https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC10495817/

Egg Consumption and Human Health: A Comprehensive Review of the Effects on Serum Lipids, Antioxidant Status, and Cardiovascular Outcomes - PMC https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC12765572/

27/09/2026

මෙම වැඩසටහන මගින් ඔබ නිවැරදි ආකාරයට no sugar challenge එක, intermittent fasting, low carb diet, keto diet කරගෙන යන බව ශරීරය විසින් පෙන්වන ප්‍රධාන ලක්ෂණ දහයක් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇත. ඔබට මෙම ලක්ෂණ තියෙනවා නම් ඔබ නිවැරදි මාර්ගයේ ගමන් කරන බව පෙන්වන අතර මෙම ලක්ෂණ වලට බිය නොවී සිටීම සඳහා මෙම වැඩසටහන අතිශයින්ම වැදගත් වේ. ඔබටත් මාගේ fat loss challenge එක සමඟ එකතු වීමට කැමති නම් පහත දුරකය් අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

0712560075

27/09/2026

මෙම වැඩසටහන මගින් ඔබට 18:6 intermittent fastin ක්‍රමය පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර නිවැරදිව එය කරන ආකාරය එමගින් ලැබෙන අතිවිශේශ වාසි පිළිබඳවත් මෙමගින් පැහැය්කර ඇත.ඔබත් මෙම අභියෝගය සමග සම්බන්ධ වීමට කැමති නම් .

0712560075 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න

12/09/2026

මෙම වැඩ සටහන මගින් නිවැරදි මේද දහනයක් සඳහා ශරීරය හැඩ ගස්වන සාර්ථකම සති 9ක් වැඩසටහන පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර. එය ප්‍රධාන කොටස් 3 කින් සමන්විත වන අතර එහි මුල් අධියර වන No Suagar challenge එක සම්පූර්ණ කිරීම මගින් ඔබට ලැබෙන වටිනා වාසි පිළිබඳවද මෙමගින් සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කර ඇත ඔබත් මෙම වැඩ සටහන සමග සම්බන්ධ වීමට පහත දුරකථන අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමුකරන්න.

0712560075

11/09/2026

මෙම වැඩසටහන මගින් ඔබට. දියවැඩියාව පාලනය කරගනිමින් තරබාරුකම නැති නීරෝගී සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතකට ඔබව හුරු කරන සති 9ක පරිවර්තනීය වැඩපිළිවෙළ සහ එමගින් ඔබට ලැබෙන වාසි සහගත තත්වයන් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකර ඇත ඔබත් මෙම වැඩසටහන සමග සම්බන්ධ වීමට කැමතිනම් පහත අංකය වෙත Whatsapp පනිවිඩයක් යොමු කරන්න

0712560075

29/08/2026

ලේවල සීනි, කොලෙස්ටරෝල් විතරක් නෙවෙයි... Fatty Liver තත්ත්වයත් පාලනය කරන්න පුළුවන් මේ ස්වාභාවික තන්තුව (Fiber) ගැන ඔබ දැනුවත්ද?

බොහෝ දෙනෙක් "ඉසප්ගොල් (Isabgol / Psyllium Husk)" භාවිත කරන්නේ මලබද්ධයට විතරයි කියලා හිතුවට, මෑත කාලීන පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා මේක අපේ ඇඟ ඇතුළෙ වෙනස්ම විද්‍යාත්මක කාර්යයක් ඉටුකරන බව!

💡 මෙම වීඩියෝවෙන්:
1️⃣ Isabgol මගින් Fatty Liver සහ ලේවල සීනි පාලනය වන විද්‍යාත්මක ක්‍රමය.
2️⃣ නිවැරදිව ලබාගත යුතු මාත්‍රාව සහ බොන නිවැරදි ක්‍රමය.
3️⃣ තයිරොක්සින් (Thyroxine) ඇතුළු දිනපතා පෙති ගන්නා අය සැලකිලිමත් විය යුතු වැදගත් කරුණ!
ඉගෙනගන්න පුළුවන්

නීරෝගී ශක්තිමත් දවසක ආරම්භය සමබල ආහාර වේලයිGreat results require great daily habits. Start strong, stay focused, and tac...
28/08/2026

නීරෝගී ශක්තිමත් දවසක ආරම්භය සමබල ආහාර වේලයි
Great results require great daily habits. Start strong, stay focused, and tackle the day! 💪🥞

27/08/2026

Fat Loss කරන්න මහන්සි වෙන ඔබට වටින ආහාර අතිරේක (Suplement). 10ක් ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක්

27/08/2026

1. කාලා නිදාගන්න හොඳම වෙලාව මොකක්ද?
2. අපි නින්දට ඔන්න මෙන්න තියලා කාලා බඩ පුරවගෙන නිදාගන්න එකද හොඳ?
3. නැත්නම් පැය කීයකින් අපි කාල ඉවර වෙලා නිදාගන්න ඕනෙද?
4. මොකක්ද මේකේ තියෙන විද්‍යාත්මක සම්බන්ධය?
5. කොහොමද හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ?

ඕගොල්ලෝ දන්නවා අපේ නින්ද ඇතිවෙන්නේ තරංග ස්වභාවයට. අපි ගැඹුරු නින්දට ගමන් කරනවා, නැවතත් අපි නින්දත් නොනින්දත් අතර තත්ත්වයට පත්වෙනවා, ආයිත් ගැඹුරු නින්දට ගමන් කරනවා. ඔය ආකාරයෙන් තරංග ස්වභාවයෙන් තමයි මේ නින්ද අපිට ඇතිවෙන්නේ. නිදාගන්න පටන් ගත්ත ගමන්ම විනාඩි එකක් හතක් අතර කාලයක් තුළ ගමන් කරනවා non-rapid eye movement stage 1 ( NREM 1) එකට.
මේ අවස්ථාවේදී අපේ මාංශ පේශි ලිහිල් වෙනවා, ශ්වසන වේගය, හෘද ස්පන්දනය අඩු වෙනවා. අනතුරුව අපි ගමන් කරන්නේ non-rapid eye movement stage 2 ( NREM 2) එකට. සාමාන්‍යයෙන් නින්දේ වැඩිපුරම කාලයක්, 50%ක් පමණ අපි ගත කරන්නේ මෙන්න මේ stage 2 එකේ. මේ අවස්ථාව තුළ memory consolidation ඒ කියන්නේ මතකය තහවුරු වීමක් සිද්ධ වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී. අපේ ශරීර උෂ්ණත්වය මේ අවස්ථාවේ පහළ යනවා. හෘද ස්පන්දනය සහ ශ්වසන වේගය මන්දගාමී තත්ත්වයෙන් තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දැනගන්න ඕන ඉතා වැදගත් කාරණාවක් මෙන්න මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි නින්දට ගිහිල්ලා විනාඩි 90ක් විනාඩි 120ක් අතර කාලයක් තුළ අපේ growth hormone එක ඒ කියන්නේ මේ වර්ධක හෝමෝනය උපරිම අවස්ථාවට peak level එකට එනවා. එතකොට මේ growth hormone එක තමයි අපිට අපේ දිනචර්යාවේ වැදගත්ම කාර්යයක් ඉටු කරන්නේ. මේ වර්ධක හෝමෝනය මගින් තමයි මේද දහනය සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ මේ අපි දවස පුරා කරපු කැපකිරීම් හැම එකේම උපරිම ප්‍රතිඵල ලැබෙන්නේ නින්දෙදී. එතකොට ඕගොල්ලෝ මේද දහනය සඳහා fasting එකක් ඉන්නවා නම්, ආහාර පාලනයක් කරනවා නම් මේ හැම දේකම ප්‍රතිඵල ලැබෙන්නේ මේ නින්දෙදී. එතකොට විනාඩි 90ක් විනාඩි 120ක් අතර මේ මේද දහනය සඳහා growth hormone එකෙන් අපිට උපරිම උදව් කරනවා. මාංශ පේශි අලුත් වැඩියා කරන්න. දැන් gym එකට ගිහිල්ලා ඕගොල්ලෝ ගොඩාක් මහන්සි වෙලා හොඳට මේ මාංශ පේශි වර්ධනය සඳහා ව්‍යායාම කරලා ඉවර වෙලා නිදාගත්තට පස්සේ පළවෙනි විනාඩි 90 ත් 120ත් අතර කාලය තුළ මේ Growth Hormone එක උපරිම තත්ත්වයට ගිහිල්ලා ඒකෙන් තමයි මේ පටක අලුත් වැඩියාව වෙන්න, හානි වෙච්ච පේෂී කොටස් ඊට වඩා හොඳ තත්ත්වයට රෙපෙයාර් වෙන්න, ඉතින් මෙන්න මේ දේවල් වලට උදව් කරන්නේ, මේ මසල් බිල්ඩ් එකට සම්පූර්ණයෙන්ම උදව් කරන්නේ මේ ග්‍රෝත් හෝමෝන් එක. ඒ වගේම කොලජන් synthesis එක, ඒ කියන්නේ මේ හානි වූ තන්තු අලුත් වැඩියා කරන්න, කොලජන් තන්තු අලුත් වැඩියා කරන්න, ඉලාස්ටින් තන්තු අලුත් වැඩියා කරන්න, මේ පටක රෙපෙයාර් කරන්න උදව් කරන්නේ මේ ග්‍රෝත් හෝමෝන් එක. ඒ වගේම අපේ අස්ථි ශක්තිමත් කිරීම සඳහා අපිට උදව් කරනවා මේ ග්‍රෝත් හෝමෝන් එක. ඒ වගේම අවසානයේදී රිකවරි එකට, මුළු ඇඟම සම්පූර්ණ රිකවර් කරන්න, අලුත් වැඩියා කරන්න උදව් කරන්නේ මේ ග්‍රෝත් හෝමෝන් එක.
හැබැයි ඕගොල්ලෝ මෙතනදී දැනගන්න ඕන කාරණාවක් තියෙනවා, ඒ තමයි ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාව. දැන් ගොඩක් කට්ටියට බඩ පිරුනේ නැත්නම් හරියට නින්ද යන්නේ නැහැ. ඒ නිසා මොනවා හරි කාලා ඉවර වෙච්ච ගමන් තමයි නිදාගන්න ඕනේ. එතකොට වෙන දෙයක් තමයි ඉන්සියුලින් හෝමෝන් එකෙන් මේ ග්‍රෝත් හෝමෝන් එකේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නිශේධනය කරනවා. ඒ කියන්නේ මේ ක්‍රියාව සම්පූර්ණයෙන්ම නතර කරන්න හේතු වෙනවා මේ ඉන්සියුලින් හෝමෝනය අපේ රුධිරය තුළ ඉහළ මට්ටමෙන් තියෙනකොට. එතකොට මේ ග්‍රෝත් හෝමෝන් එකෙන් අපිට කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා. මේ විදිහට අපි ඉන්සියුලින් ස්පයික් කරගෙන නින්දට ගියොත්.
ඒ නිසා සාමාන්‍යයෙන් නින්දට පැය තුනකට කලින්වත් ඔබ ආහාර අරන් අවසන් කළ යුතුයි. ඔබ 11ට නින්දට යන කෙනෙක් නම්, ඔබ ඔබේ අවසන් ආහාර වේල රාත්‍රී 8ට අරන් අවසන් කළ යුතුයි. ඔබ 10ට නිදාගන්න කෙනෙක් නම්, ඔබ 7ට අවසාන ආහාර වේල අරගෙන ඉවර කළ යුතුයි. 9ට නිදාගන්න කෙනෙක් නම්, එහෙනම් ඔබ හවස 6ට ඔබේ රාත්‍රී ආහාර වේල අරගෙන අවසන් කළ යුතුයි. ඒ කියන්නේ කොහොමහරි නින්දට පැය තුනක ගැප් එකක්වත් තියන්න ඕනේ මේ ආහාර වේල සහ නින්ද අතර. එතකොට අපේ ඉන්සියුලින් හෝමෝන් ලෙවල් එක සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා අපිට ග්‍රෝත් හෝමෝන් එකෙන් මේ ෆැට් බර්න් එකට උපරිම සපෝට් එකක් ගන්න පුළුවන් වෙන්නේ එන්න එතකොට.



ශක්තිමත් සාර්ථක දවසක ආරම්භය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලයි.            ඔබ දවස පටන් ගන්නේ ඉඳිආප්ප මුලක් කාලා, රොටියක් කාලා, පා...
18/08/2026

ශක්තිමත් සාර්ථක දවසක ආරම්භය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලයි.

ඔබ දවස පටන් ගන්නේ ඉඳිආප්ප මුලක් කාලා, රොටියක් කාලා, පාන් කෑල්ලක් , කිරිබත් කෑල්ලක් කාලා නම් දවස පුරාම ඔබගේ ශක්තිය පිරිහී මහන්සිය සහ නිදිමත ගතිය වැඩි වෙන්න පුළුවන්.
උදෑසන වේලට එකවර පිරිසිදු කරන ලද කාබෝහයිඩ්‍රේට් (refined carbohydrates) වැඩි ප්‍රමාණයක් එකතු කරගත් විට සිදු වන්නේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස්, ඊට සාපේක්ෂව ඉන්සියුලින් හෝමෝනයද ක්ෂණිකව ඉහළ යාමයි. එමගින් රුධිරයේ සීනි මට්ටම වේගයෙන් පහත වැටෙන අතර (blood sugar crash), දවස ආරම්භයේදීම දැඩි ලෙස නිදිමත, ඊළඟ වේල වන විට අධික බඩගින්න සහ කම්මැලි ගතිය ඇති වේ. දවස පුරා එකලෙස ශක්තිය සහ පූර්ණ අවධානය පවත්වා ගැනීමට උදෑසන ආහාර වේලට පහත දේවල් ඇතුළත් කර ගැනීම වඩාත් සුදුසුය

- Nurse Hesh-
Day 9

Address

Sirimuthu Uyana Stadium Flat
Grandpass
00130

Alerts

Be the first to know and let us send you an email when Nurse Hesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nurse Hesh:

Shortcuts

Share