27/11/2024
අද මම ලියන්න හිතුවේ කථා කල යුතුම මාතෘකාවක් ගැන.. ඒ තමයි අපි වෛද්ය නිර්දේශයක් නොමැතිව ඖෂධ ලබා නොගත යුත්තේ ඇයි කියලා.. මේ පිලිබදව මොන තරම් දැනුවත් කරත් ඒ දේ පිළිපදින්නේ නම් නැති තරම්.. මෙන්න මේ වැරදි ක්රියාව නිසා සමහර අවස්ථාවලදී ජීවිතය උනත් නැති වෙන්න පුළුවන්.නැතිනම් හිතන්නේ නැති අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. මේ දේ ඒ තරම් අවදානම්..
ඖෂධ කියන්නේ රසායනික සංයෝග, හිතු මනාපයට ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න කලින් ලිපිය අවසන් වෙනකන් කියවලා ඉන්න
අපි දැන් බලමු වෛද්ය නිර්දේශ නොමැතිව ඖෂධ ලබා නොගන්න හේතු මොනවාද කියලා..
1. ඖෂධ ඖෂධ අතර අන්තර් ක්රියා (Drugs interactions) පැවැතීම..
සමහර ඖෂධ ලබා ගන්නා විට ඒ ඖෂධ සමග ලබා නොගත යුතු ඖෂධ පවතිනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් එම ඖෂධ වර්ග දෙක හෝ කිහිපය එකට ලබා ගැනීමක් කරොත් අදාළ ප්රථිපල නොලැබීම, ඖෂධ විෂ වීම, අසාත්මිකතාවක් හෝ සමහර විට මරණයට පත්විමට ද හැකිය..
උදාහරණ ලෙස රුධිර කැටි ඇති වීම අඩු කිරීම සදහා ලබාදෙන clopidogrel සමග Omeprazole ලබා ගත් විට clopidogrel ඖෂධයේ ක්රියාකාරීත්වය අඩු වීමක් සිදු වෙනවා...
හදවත් රෝග සදහා ලබාදෙන nitrates කාන්ඩයේ (GTN වැනි) ඖෂධ සමග පුරුෂ ලිංගික අප්රාණික තත්වයට (Erectile Dysfunction) ලබාදෙන sildenafil එකට ලබා ගත් විට හදිසියේ රුධිර පීඩනය අඩු වි මරණයට පත් විය හැකිය..
මෙවැනි උදාහරණ තවත් ඕනෑ තරම් ඉදිරිපත් කල හැකි අතර මේ ගැන කිසිදු දැනීමක් නැතිව ඖෂධ හිතු මනාපයට ලබා ගත්තොත් සමහරවිට මරණයෙන් පවා වන්දි ගෙවීමට සිදු වෙන්න පුළුවන්..
2. රෝගියාගෙ රෝගී තත්වය අනුව ලබා දිය හැකි සහ නොහැකි ඖෂධ පැවැතීම..
වෛද්යවරයා විසින් ඔබට යම් කිසි ඖෂධයක් නිර්දේශ කරණු ලබන්නේ රෝගියාගෙ තත්වය සහ දැනට ලබා ගන්නා ඖෂධ ගැන දැනගෙන නිගමනයකට පැමිණිමෙන් පසුවයි.. රෝගියාගෙ තත්වය අනුව ඔහුට ලබා දිය හැකි සහ නොහැකි ඖෂධ පවතිනවා.
උදාහරණයක් ලෙස ඇඳුම, හතිය සහිත රෝගීන් සදහා beta blocker කාන්ඩයේ ඖෂධ (propanalol, carvedilol, atenalol, bisapralol වැනි) ලබා දෙන්නේ නැත. එයට හේතුව නම් ඇඳුම රෝගීන්ට එවැනි ඖෂධ ලබා දුන් විට හුස්ම ගැනිමේ අපහසුතාවට පත් වී මරණයට පවා පත් විය හැකි වීමයි..
මෙවැනි තාක්ෂණික කරුණු නොදැන ඔබට එක් රෝගයකට ලබා දුන් නිසා වෙන අයකුට එම රෝගය පවතින නිසා එම ඖෂධ ලබා දීම කිසිසේත්ම නොකළ යුතුය.. මේ සදහා වෛද්ය උපදෙස් ලබා ගත යුතු වේ..
3. සමහර ඖෂධ සදහා ආසාත්මිකතා පැවැතීම...
ඔබට යම් ඖෂධයක් සදහා ආසාත්මිකතා පවති නම් එම කාන්ඩයේ සියලුම ඖෂධ සදහා ආසාත්මිකතා පැවැතිය හැකිය.. ආසාත්මිකතා මගින් ඉතා ඉක්මනින් මරණයට උවත් පත් විය හැකිය..
උදාහරණයක් ලෙස ඔබට amoxicillin වලට ආසාත්මිකතා ඇති වනවා නම් co- amoxiclave, cloxicillin, flucloxicillin, ampicilin, penicillin යන සියලුම ඖෂධ සදහා ආසාත්මිකතා ඇති වෙන්න තියෙන සම්භාවිතාව ඉතාමත්ම වැඩි..
ඉතින් ඔබ amoxicillin සදහා පමනක් ඔබට ආසාත්මිකතා ඇති බව සිතා එම කාන්ඩයේ අනිත් ඖෂධ වෛද්ය නිර්දේශයෙන් තොරව ලබාගෙන අමාරුවේ වැටෙන්න පුළුවන්...
ඉතින් මෙන්න මේ වගේ නිසි උපදෙස් නොමැතිව ඖෂධ ලබා ගැනීම ඉතාමත් භයානකයි.. ජීවිතය උවත් නැති වෙන්න පුළුවන්..
4. ප්රතිජීවක වැනි ඖෂධ සදහා ප්රතිජීවක ප්රතිරෝධය ඇති වීම..
ප්රතිජීවක ඖෂධ ලබා දිය යුත්තේ අදාළ රෝගයට අදාළව නියමිතව කාල පරාසයක් සහිතව නියමිත කාල සීමාවක් ලබා දිය යුතුයි.. ප්රතිජීවක ප්රතිරෝධය ඉදිරි දශක කිහිපය තුළ ලෝකය බරපතළ තත්වයකට පත් කරනු ඇත.. ප්රතිජීවක ප්රතිරෝධය වැඩි වීම නිසා අනාගතේදී bacteria ආසාදන සදහා ලබා දිය හැකි ඖෂධ නොමැති වීම නිසා මරණයට පත් වන්න තමයි සිදු වෙන්නේ..
ප්රතිජීවක ප්රතිරෝධය ට ප්රධාන හේතුවක් වන්නේ අක්රමවත් ලෙස ප්රතිජීවක භාවිතා කිරීම නැත්නම් අවභාවිත කිරීමයි.. (මේ සම්බන්ධ සම්පූර්ණ ලිපියක් මීට පෙර පළ කර ඇත)
මේ හේතු නිසා ප්රතිජීවක ඖෂධ ලබා ගත යුත්තේ වෛද්ය උපදෙස් මත පමණි.. මේ බරපතළ කම තේරුම් යද්දී ගොඩක් පරක්කු වෙලා තිබේවි..
5. වයස අනුව සමහර සමහර ඖෂධ ලබානොදීම..
සමහර ඖෂධ වයස අනුව ලබා නොදෙන අවස්ථා පවතින අතර ඒ පිලිබදව නිසි අවබෝධයක් පවතින්නේ වෛද්යවරු හා ඖෂධවේදීන්ට ය.. එනම් සමහර ඖෂධ කුඩා ලමුන්ට, ලමුන්ට ලබා නොදෙන අතර වැඩිහිටි අයට ලබා දෙනු ලැබේ.. ඉතින් ඖෂධ ගැන හරි හැටි නොදෙන ලබා ගන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ ඔබම තමයි..
උදාහරණ ලෙස ciprofloxacin නම් ප්රතිජීවක ඖෂධය අවුරුදු 12 අඩු ලමුන්ට ලබා නොදේ.. නමුත් ගෙදර අම්මට, තාත්තට හෝ වෙනත් කෙනෙකුට ඇති වී ඇති රෝගී තත්වයක් සදහා එම ඖෂධය වෛද්යවරු විසින් ලබා දෙනව.. ඒ රෝග ලක්ෂණ සහිත එම නිවසේ අවුරුදු 12 ට අඩු ලමයෙක් සදහා වෛද්ය උපදෙස් නොමැතිව එම ඖෂධය දරුවාට ලබා දෙනව.. ඒ මගින් හානියක් මිස හොඳක් සිදු වෙන්නේ නැත..
6. සමහර ඖෂධ සදහා ඇබ්බැහිවීමක් සිදු වීම..
සමහර ඖෂධ දිගු කාලයක් ලබා ගැනීම එම ඖෂධය සදහා ඇබ්බැහි වීමක් සිද්ධ වෙන්න පුළුවන්.. ඒ කියන්නේ ඔබට ඒ ඖෂධය නැතිවම ඉන්න බැරි වෙනවා.. මෙන්න මේ නිසා එවැනි ඖෂධ වෛද්යවරු විසින් සිමිත කාලයකට පමනක් වෛද්යවරු නිර්දේශ කරනවා..
ඉතින් මෙන්න මේ වගේ දේවල් නොදැන ඔබ ඖෂධ ලබා ගන්න ගිහින් අමාරුවේ වැටෙන්න නම් එපා..
7. ඖෂධ සදහා අතුරු ආබාධ පැවැතීම..
ඕනම ඖෂධයක් සදහා සුළු හෝ බරපතළ අතුරු ආබාධ තිබෙන්න පුළුවන්.. වෛද්යවරයා විසින් අතුරු ආබාධ වැඩි ඖෂධ නිර්දේශ කරණු ලබන්නේ අතුරු ආබාධ වලට වඩා රෝගියාට ඇති ප්රතිලාභය වැඩි බව තහවූරු කර ගැනිමෙන් පසුවයි..
ඉතින් මේ කිසිදු දෙයක් නොදන්නා ඔබ ඖෂධ ලබා ගන්න ගියොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා.. සමහර අවස්ථාවල ඔබ සදාකාලික ආබාධිත තත්වයට පවා පත් වෙන්න පුළුවන්..
8. ගර්භණී සහ කිරි දෙන මව්වරු සදහා බොහෝ ඖෂධ ලබා නොදීම..
ගර්භණී අවස්ථාවේ සහ කිරි දෙන මව්වරුන්ට ඒ අවස්ථාවේදි ලබා දිය යුත්තේ පරික්ෂාකාරීව සහ ආරක්ෂාකාරි ඖෂධ පමණි.. එසේ නොමැති උනොත් මවට සහ දරුවාට අවදානම් විය හැකිය..
මේ නිසා නිසි දැනුමක් සහ වෛද්ය උපදෙස් නොමැතිව ගර්භනී සහ කිරිදෙන මව්වරුන්ට ඖෂධ කිසිසේත්ම ලබා දීම් නොකළ යුතුය..
9. රෝගියා පරික්ෂා කර ඔහුට හෝ ඇයට ඇති රෝගය පිලිබදව මනා නිගමනයකට පැමිණිමේ සුදුසුකම් සහ පලපුරුද්ද ඇත්තේ වෛද්යවරුන්ට වීම..
රෝග ලක්ෂණ අනුව අදාළ රෝගය පිලිබදව නිගමනයකට පැමිණිමෙ මනා හැකියාව පවතින්නේ වෛද්යවරුන්ටයි.. සමහර අවස්ථාවල පිටතින් පෙනෙන්නට තිබෙන ලක්ෂණ වලට වඩා බරපතළ රෝගී තත්වයක් තිබිය හැකිය.. මේ පිලිබදව රෝගී තත්වය නිගමනය කර තහවූරු කර ගත හැක්කේ වෛද්යවරුන්ටයි..
ඕනෑම රෝගී අවස්ථාවක මුල් අවස්ථාවේම හදුනා ගෙන ප්රතිකාර කිරීම රෝගය සුව කිරීම සදහා ඉතාමත්ම වැදගත් වේ.. මුල් අවස්ථාවේම සුදුසුකම් ලත්
වෛද්යවරයකු මගින් රෝගය හදුනා නොගෙන ඔබ හිතු මනාපයට ඖෂධ ගන්න ගියොත් රෝගය බරපතළ තත්වයට පත් විය හැකිය.. එය අවාසිදායක වන්නේද ඔබටමයි..
මෙන්න මෙවැනි බරපතළ හේතුන් නිසා වෙන අයකුට ලබා දුන් ඖෂධ ඔබට ද ඒ රෝගය පවතින නිසා වෛද්ය උපදෙස් නොමැතිව ගන්න යන්න එපා.. ඖෂධ සම්බන්ධව ඇති ගැටලු ඒ පිලිබදව දැනුම ඇති වෛද්යවරුන්ගෙන් සහ ඖෂධවේදීන්ගෙන් ලබා ගන්න.. ඒ පිලිබද කිසිදු දැනුමක් නැති අයගෙන් උපදෙස් ගැනීම නවතන්න..
ඖෂධ ආහාර ලෙස නොගෙන ඖෂධ ලෙස නිවැරැදි උපදෙස් සහිතව පරෙස්සමින් ලබා ගන්න..නැත්නම් ඔබට ආහාර ලෙස අනාගතයේදී ඖෂධ ලබා ගන්න වේවි..
මෙවැනි වැදගත් ලිපියකින් නැවත හමු වෙමු..
Page එක follow කරන්න, like කරන්න, share කරන්න, Comment කරන්න..
Rasika Gamage,
SLMC Registered Pharmacist,
B.Sc. (UOJ), Certificate of efficiency as pharmacist (CMCC)
Copied
Pharma expert page