සීතාවක පී.එච්.අයි මහත්තයා

සීතාවක පී.එච්.අයි මහත්තයා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සීතාවක පී.එච්.අයි මහත්තයා, Medical and health, Office of Medical Officer of Health/Hanwella, Hanwella.

09/08/2026

අතුරු වෛද්‍ය සේවාව යටතේ දන්ත තාක්ෂණවේදී (Dental Technician), මහජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector), කෘත්‍රිම අවයව සහ විකලාංග තාක්ෂණවේදී (Prosthetist and Orthotist), සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී (Health Entomology Officer), පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist), හෘද විද්‍යුත් රේඛන ශිල්පී (Electro Cardiographer), ඖෂධ සංයෝජක (Dispenser) සහ විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පි (Electro Encephalographer) යන වෘත්තීය ක්ෂේත්‍ර 08 සඳහා පුහුණු පාඨමාලා සඳහා අයදුමි පත් කැඳවනු ලැබේ.

මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීමට අදාළව 2026.08.07 දිනැති 2501 අංක දරන ගැසට් නිවේදනය මගින් වෘත්තීය සුදුසුකම් ඇතූළු වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

😶‍🌫️ ධූමායනය ගැන ඔබ දැනගත යුතු ඇත්ත 😶‍🌫️"අනේ අපේ පැත්තට දුම් ගහන්න" "අපේ ගෙදරට දුම් ගහන දවස කවද?" "දුම් ගහල ගියාම ඩෙංගු ...
24/06/2026

😶‍🌫️ ධූමායනය ගැන ඔබ දැනගත යුතු ඇත්ත 😶‍🌫️

"අනේ අපේ පැත්තට දුම් ගහන්න"
"අපේ ගෙදරට දුම් ගහන දවස කවද?"
"දුම් ගහල ගියාම ඩෙංගු ඉවරයි නේද?"

මේ ප්‍රශ්න හැමදාම අපට අහන්න ලැබෙනවා.
ඒ නිසා ඇත්ත කතාව කියමු

ධූමායනය කියන්නේ මොකක්ද?

ඩීසල් + කෘමිනාශක රසායනය කවලම් කරලා, අධිකව රත් කරලා හදන දුම.
බලාපොරොත්තුව: පියාඹන, සුහුබුල් මදුරුවන් විනාශ කිරීම.

හැබැයි ඇත්ත මොකක්ද?
1. ❌ බිත්තර වලට කිසිම හානියක් නෑ
2. ❌ කීට, පිලව අවස්ථාවට කිසිම හානියක් නෑ
3. ✅ විනාශ වෙන්නේ පියාඹන මදුරුවෝ විතරයි

එතකොට මොකද වෙන්නේ? දුම් ගැහුවට පස්සේ දවස 2කින් ආපහු මදුරුවෝ එනවා.
මොකද බිත්තර වලින් ආපහු මදුරුවෝ හදනවා නේ.

ධූමායනය කරන්නේ කවද?
🙏 ඩෙංගු රෝගීන් වාර්තා වෙන විදිය( උදා; පොකුරු වශයෙන් රෝගීන් වාර්ථාවන ස්ථාන)+ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණය අනුව, පමණයි.
නැතුව ඇදුනුම්කමට, ඉල්ලීමට, "අපේ ගෙදරට විතරක්" නෙවෙයි.

තව කරුණු 3ක්

1. පරිසරයේ ඉන්න මීමැස්සෝ, සමනළයෝ වගේ හොඳ කෘමි සතුන්ටත් හානි වෙනවා 🐝
2. ඩීසල් + කෘමිනාශක = රටට ලොකු වියදමක් 💰
3. ධූමායනය සඳහා ඇති සෞඛ්‍ය කාර්යසහායක නිලධාරීන් ප්‍රමාණය සීමිතයි.(උදා; හොරණ සෞ.වෛ.නි.කාර්යාලයේ 3 දෙනෙක් පමණයි)

ඉතින් කරන්න ඕන මොකක්ද?

"දුම් ටිකක් ගහලා යමු" කියලා බලාගෙන ඉන්න එපා.

✅ කරන්න ඕන එක දෙයයි: මදුරුවන් බෝවන තැන් විනාශ කිරීම පමණයි.
වතුර රැඳෙන බෝතලේ, ටින් කෑන්, පොල් කටු, ටයර්, මල් පෝච්චිය...
සතියට 1 පාර, විනාඩි 10යි. ඒ ඇති.

"දුමෙන් මදුරුවෝ මැරෙනවා. වතුර හිස් කිරීමෙන් ඩෙංගු ඉවර කරනවා."

ඔබේ දරුවාට ආදරේ නම් දුම බලාගෙන ඉන්න එපා.
අදම ක්‍රියාත්මක වෙන්න.

🧑‍⚖️ නිවාස පරීක්ෂා කිරීමේදී මදුරු බෝවන ස්ථාන හමු වුවහොත් නීතිමය පියවර ගනු ලැබේ.

📸 Copied from MOH PANADURA Page
by Sandaruwan Tharaka

#ධූමායනය #ඩෙංගුමර්දනය #බෝවනස්ථානවිනාශකරමු

23/06/2026
ජාතික ඩෙංගු මර්ධන සතිය 2026.06.15 දින සිට 2026.06.20 දින දක්වා ක්‍රියත්මකයි.එක්ව මැඩලමු ඩෙංගු , රැකගමු අපි අපේම ...MOH O...
15/06/2026

ජාතික ඩෙංගු මර්ධන සතිය 2026.06.15 දින සිට 2026.06.20 දින දක්වා ක්‍රියත්මකයි.

එක්ව මැඩලමු ඩෙංගු , රැකගමු අපි අපේම ...

MOH Office Hanwella
MOH - Office Padukka

#ඩෙංගු_මර්දනය

13/06/2026

📢 ඩෙංගු රෝගය පිළිබඳ ඔබත් අවධානයෙන් සිටින්න!

#ඩෙංගු
#ඩෙංගු_මර්දනය

📢 ඩෙංගු රෝගය පිළිබඳ ඔබත් අවධානයෙන් සිටින්න! 🟡 ඩෙංගු මදුරුවාගෙන් ඔබේ පවුල බේරාගන්න ඔබ සූදානම්ද?මේ දවස්වල ඩෙංගු රෝගය ආයෙමත...
13/06/2026

📢 ඩෙංගු රෝගය පිළිබඳ ඔබත් අවධානයෙන් සිටින්න!


🟡 ඩෙංගු මදුරුවාගෙන් ඔබේ පවුල බේරාගන්න ඔබ සූදානම්ද?

මේ දවස්වල ඩෙංගු රෝගය ආයෙමත් වේගයෙන් පැතිරෙනවා. අපේ පුංචි නොසැලකිල්ලක් නිසා අපේම ආදරණීයයන්ගේ ජීවිත ලොකු අනතුරක වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනුවත් වෙමු!

🤒 මේ රෝග ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න.

🔻හදිසියේ ඇතිවන තද උණ
🔻ඉවසාගන්න බැරි හිසරුදාව සහ ඇඟපත වේදනාව
🔻ඇස් යට හෝ ඇස් පිටුපස වේදනාව
🔻වමනය හෝ ඔක්කාරය ගතිය
🔻සමේ රතු පැහැති ලප ඇතිවීම

🏥 උණක් හැදුනොත් මොකද කරන්නේ?

🔻වෛද්‍ය උපදෙස් ගන්න.
උණ දවස් දෙකකට වඩා තියෙනවා නම් ගෙදරට වෙලා ඉන්න එපා. අනිවාර්යයෙන්ම ළඟම තියෙන රෝහලට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යන්න.

🔻වේදනා නාශක වලින් පරිස්සම් වෙන්න
උණට සහ ඇඟපත වේදනාවට පැරසිටමෝල් (Paracetamol) හැර වෙනත් කිසිම වේදනා නාශකයක් (උදා: අයිබියුප්‍රොෆෙන්, ඩිස්ප්‍රින් වැනි දේවල්) බොන්න එපා. එයින් රෝගය දරුණු වෙන්න පුළුවන්.

🔻දියර වර්ග බොන්න
රෝගියාට හොඳින් විවේක ගන්න දෙන්න. ඒ වගේම කැඳ, ජීවනී, තැඹිලි, නාරං යුෂ වගේ දියර වර්ග නිතරම බොන්න දෙන්න. රතු හෝ දුඹුරු පාට දියර වර්ග දෙන එකෙන් වළකින්න.

✅ අපිට කරන්න පුළුවන් මොනවද? (මදුරුවන් බෝවීම වළක්වමු)

🔻සතියකට දවසක්වත් තමන්ගේ ගෙවත්ත සහ ගෙදර වටපිටාව පිරිසිදු කරන්න කාලය වෙන් කරන්න.

🔻වතුර එකතු වෙන තැන් (පරණ ටයර්, හිස් ටින්, යෝගට් කෝප්ප, පොල් කටු, තැඹිලි කෝම්බ) එකතු කරලා විනාශ කරන්න.

🔻වැහි පීලි, ෆ්‍රිජ් එක පිටුපස තියෙන වතුර තැටි, මල් පෝච්චිවල තියෙන වතුර නිතරම මාරු කරන්න. අමතක කරන්න එපා, ඩෙංගු මදුරුවා බෝවෙන්නේ පිරිසිදු වතුරෙයි!

බෙහෙත් ගහනකම් බලන් ඉන්නවට වඩා, මදුරුවන් බෝවෙන තැන් නැති කරන එක තමයි සාර්ථකම ක්‍රමය.
ඔබේ එක Share කිරීමකින් තවත් වටිනා ජීවිතයක් බේරෙන්න පුළුවන්. හැමෝම දැනුවත් කරමු, ඩෙංගු පරදවමු!

#ඩෙංගු
#ඩෙංගු_මර්දනය

13/06/2026

පාසල් දරුවන් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බැවින්, ඔබේ දරුවා සහ අවට පරිසරය පිළිබඳව වෙනදාටත් වඩා දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

1. පාසල් බලධාරීන් සහ දෙමාපියන් වෙත කෙරෙන උපදෙස්:
පාසල් පරිසරය තුළ වතුර රැඳෙන සියලුම ස්ථාන (වැහි පීලි, බෝතල්, ටින්, පොල්කටු සහ ටයර්) සතිපතා පරීක්ෂා කර විනාශ කිරීමට පියවර ගන්න.

විශේෂයෙන්ම සති අන්තයෙන් පසු සඳුදා දිනවල පාසල් ආරම්භ කිරීමට ප්‍රථම මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කරන්න.

පාසල් දරුවන් ඩෙංගု මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මදුරු විකර්ෂක (Mosquito repellents) භාවිතයට උනන්දු කරන්න.

2. නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම:
ඔබගේ නිවස, වත්ත සහ ව්‍යාපාරික ස්ථාන අවට ජලය රැඳෙන අයුරින් ඇති ද්‍රව්‍ය සතිපතා ඉවත් කර "මදුරුවන්ගෙන් තොර කලාපයක්" බවට පත් කරන්න.

ශීතකරණ තැටි, මල් පෝච්චි සහ සුරතල් සතුන්ගේ ජල බඳුන් දිනපතා පිරිසිදු කර ජලය මාරු කරන්න.

3. රෝග ලක්ෂණ සහ වෛද්‍ය ප්‍රතිකාර:
තද උණ, හිසරදය, ඇස් යට වේදනාව, වමනය, සන්ධි සහ මස්පිඬු වේදනාව ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.
උණ වැළඳී පවතින රෝගියෙකුට පැරසිටමෝල් (Paracetamol) හැර වෙනත් කිසිදු වේදනා නාශක ඖෂධයක් (උදා: Ibuprofen, Mefenamic Acid, Diclofenac) ලබා නොදීමට වගබලා ගන්න.

උණ දින 2කට වඩා පවතී නම්, ප්‍රමාද නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් (FBC) සිදු කර ගන්න.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

බල්ලෙක් හැපුවොත් "මම පලි නෑ" කියන්න අයිතිකරුට බෑ! ලංකාවේ නීතිය මෙන්න.අල්ලපු ගෙදර බල්ලා ගේට්ටුව උඩින් බුරද්දී, තමන්ගේ දරු...
12/06/2026

බල්ලෙක් හැපුවොත් "මම පලි නෑ" කියන්න අයිතිකරුට බෑ! ලංකාවේ නීතිය මෙන්න.

අල්ලපු ගෙදර බල්ලා ගේට්ටුව උඩින් බුරද්දී, තමන්ගේ දරුවාව බයෙන් වඩාගෙන පාරේ යන අම්මලා තාත්තලා අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. "ගේට්ටුව වහලයි තිබ්බේ, සතා පැන්නට මම පලි නෑ" කියලා බේරෙන්න බල්ලන්ගේ අයිතිකරුවන්ට දැන් බැහැ.
තමන්ගේ සුරතලා නිසා වෙනත් අයෙකුට, විශේෂයෙන්ම දරුවෙකුට අනතුරක් වුණොත් ලංකාවේ නීතියෙන් රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි වන්දියක් ලබාගන්න පුළුවන් බව ඔබ දන්නවාද?

අපේ සමාජයේ මුල්බැසගෙන තියෙන ලොකුම මිථ්‍යාවක් තමයි "අනේ මම දැක්කේ නෑ", "සතා දම්වැල කඩාගෙන ගිහින්" කිව්වම අයිතිකාරයා නීතියෙන් නිදහස් වෙනවා කියන එක. නමුත් ලංකාවේ ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීතියේ එන 'Actio de Pauperie' (පෞපෙරියානු නඩුකරය) සංකල්පයට අනුව මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ ‘Strict Liability' (තදබල වගකීම) පිළිබඳ නීතියයි. එනම්, අනතුර සිදුවීමට අයිතිකරුගේ නොසැලකිල්ලක් තිබුණාද නැද්ද යන්න ඔප්පු කිරීමට වින්දිතයාට අවශ්‍ය නැත. සතා තමන්ගේ නම්, සතාගෙන් සිදුවන හානියට සම්පූර්ණයෙන්ම වන්දි ගෙවීමට අයිතිකරු බැඳී සිටී.

දණ්ඩ නීති සංග්‍රහය සහ අලුත්ම දඬුවම්
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 282 වගන්තිය (Penal Code Section 282) ප්‍රකාරව, තමන්ගේ සතෙකුගෙන් අන් අයට සිදුවන අනතුරු වළක්වා නොගැනීම පැහැදිලිවම සාපරාධී වරදකි. 2024 වසරේදී සිදුකළ නවතම නීති සංශෝධනවලට අනුව:

* මේ සඳහා වන උපරිම දඩ මුදල රුපියල් 10,000ක් දක්වා වැඩි කර ඇත.
* දඩයට අමතරව මාස 6ක් දක්වා සිරදඬුවම් නියම කිරීමටද අධිකරණයට ප්‍රතිපාදන ඇත.
* "වැඩකාරයා ගේට්ටුව ඇරියා" හෝ "හිතාමතා සිද්ධවුණේ නැහැ" වැනි නිදහසට කරුණු උසාවියේදී වලංගු නොවේ.

සිවිල් වන්දි ලබාගැනීමේ අයිතිය_____

ඉහත සාපරාධී නඩුවට අමතරව, අනතුරට පත් පාර්ශ්වයට දිසා අධිකරණය හරහා සිවිල් වන්දි නඩුවක් පැවරිය හැකිය. සුළු සපාකෑමකට පවා රුපියල් 50,000 සිට වන්දි ඉල්ලා සිටිය හැකි අතර, දරුවෙකුට සිදුවන බරපතළ තුවාලයක්, මානසික කම්පනයක් හෝ මුහුණේ ඇතිවන කැළලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි වන්දි මුදල් අධිකරණය මඟින් ලබාදුන් නඩු තීන්දු ලංකාවේ පවතී. මේ නීතිමය අවදානම නිසාම වර්තමානයේ ලංකාවේ සමහර පිරිස් 'Pet Owner Insurance' (සුරතල් සතුන්ගේ අයිතිකරුවන් සඳහා වන රක්ෂණ) ලබාගැනීමට පවා පෙළඹී ඇත.

අනතුරක් වුවහොත් ඔබ වහාම කළ යුතු පියවර 4

නීතිමය වශයෙන් සාධාරණයක් සහ වන්දියක් ලබාගැනීමට නම්, අනතුර සිදු වූ වහාම ඔබ මෙම පියවර අනුගමනය කළ යුතුය:

1. පළමුවැනි පියවර: වහාම දරුවා හෝ අනතුරට පත් පුද්ගලයා රෝහල් ගත කරන්න. ජලභීතිකා අවදානමෙන් ආරක්ෂා වීම සහ ජීවිතය බේරාගැනීම සියල්ලටම වඩා වැදගත්ය.

2. දෙවැනි පියවර: ළඟම ඇති පොලිසියට ගොස් පැමිණිල්ලක් (Police Entry) දමන්න. අයිතිකරු පිටතදී සමථයකට පත්වීමට හැදුවද, පොලිස් පැමිණිල්ල යනු උසාවියේදී ඔබේ ප්‍රබලම සාක්ෂියයි.

3. තුන්වැනි පියවර: රෝහලේදී අනිවාර්යයෙන්ම JMO (අධිකරණ වෛද්‍ය නිලධාරී) ලවා තුවාල පරීක්ෂා කරවා නිල වාර්තාවක් ගන්න. එය තුවාලයේ බරපතළකම (Grievous Hurt) ඔප්පු කිරීමට අත්‍යවශ්‍ය වේ.

4. හතරවැනි පියවර: වහාම නීතීඥවරයෙකු හමුවන්න. නීතීඥ ගාස්තු ගෙවීමට අපහසු නම්, රජයේ තතු විමසීම් මධ්‍යස්ථානයේ 1919 අංකයට ඇමතීමෙන් හෝ නීති ආධාර කොමිසම (Legal Aid Commission) වෙතින් නොමිලේ නීති උපදෙස් හා සහාය ලබාගත හැක.

⚠️ විශේෂයෙන්ම මතක තබාගත යුතු කාල සීමාව:

සිවිල් වන්දි නඩුවක් පැවරීම සඳහා ඔබට නීතියෙන් හිමිවන්නේ අනතුර සිදු වූ දින සිට අවුරුදු 2ක (දින 730ක) උපරිම කාලයක් (2-Year Prescription Period) පමණි. ඒ කාලය ඉක්ම ගියහොත් වන්දි ඉල්ලීමේ අයිතිය සදහටම අහෝසි වේ.

මෙය ඕනෑම මොහොතක ඔබට හෝ ඔබේ හිතවතෙකුට ප්‍රයෝජනවත් විය හැකි අතිශය වැදගත් නීතිමය කරුණකි. මෙය අනෙක් අයගේ දැනුවත්වීම පිණිස Share කරන්න.

~ තම්බපණ්ණි facebook පිටුවෙන් උපුටා ගැනීමකි ~

Follow the සීතාවක පී.එච්.අයි මහත්තයා channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb0gy2JDzgTDYczbL442

Follow the සීතාවක පී.එච්.අයි මහත්තයා channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb0gy2JDzgTDYczbL442
12/06/2026

Follow the සීතාවක පී.එච්.අයි මහත්තයා channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb0gy2JDzgTDYczbL442

මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) මහතා පාසල් සෞඛ්‍ය සේවාව තුළ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාසල් දරුවන්ගේ ශාරීරික, මානසික හා සමාජීය සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ රෝග වළක්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

1. සෞඛ්‍ය දෝෂ (Defects) සහිත දරුවන් හඳුනාගෙන රෝහලට යොමු කිරීම හා Follow-up කිරීම

පාසල් සෞඛ්‍ය පරීක්ෂණ වලදී දරුවන්ගේ ඇස් පෙනීමේ දෝෂ, ශ්‍රවණ දෝෂ, දත් ආශ්‍රිත ගැටලු, පෝෂණ ඌනතා, සමේ රෝග, අස්ථි හා සන්ධි ආබාධ වැනි සෞඛ්‍ය ගැටලු හඳුනා ගනී. එවැනි දරුවන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් හෝ විශේෂඥ සායන වෙත යොමු කරයි. එසේම යොමු කළ දරුවන් ප්‍රතිකාර ලබාගෙන තිබේද, සෞඛ්‍ය තත්ත්වය යහපත් වී තිබේද යන්න පිළිබඳව පසු විපරම් (Follow-up) සිදු කරයි.

2. HPV සහ Adult Diphtheria-Tetanus (aTd) එන්නත් ලබාදීම

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පාසල් දරුවන් සඳහා HPV සහ aTd එන්නත් ලබාදීමේ කටයුතු සංවිධානය කිරීම සහ එන්නත් ලබාදීම PHI මහතාගේ වගකීමකි.

* HPV එන්නත ගැහැණු දරුවන්ට ලබා දී අනාගතයේ ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි.
* aTd එන්නත ඩිප්තෙරියාව සහ ටීටනස් රෝග වලින් ආරක්ෂාව ලබා දෙයි.

මෙම එන්නත් ලබාදීමට පෙර දෙමාපියන් දැනුවත් කිරීම, එකඟතා පත්‍ර ලබාගැනීම, එන්නත්කරණ සැසි සංවිධානය කිරීම එන්නත්කරණය සහ අතුරු ආබාධ පිළිබඳ නිරීක්ෂණය කිරීම ද සිදු කරයි.

3. සෞඛ්‍ය අධ්‍යාපන දේශන පැවැත්වීම

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය දැනුම වැඩිදියුණු කිරීම සඳහා විවිධ මාතෘකා යටතේ සෞඛ්‍ය අධ්‍යාපන දේශන පවත්වයි. ඒවා අතර,

* පෞද්ගලික සනීපාරක්ෂාව
* නිසි අත් සෝදන ක්‍රම
* සමබර ආහාර ගැනීම
* ඩෙංගු හා අනෙකුත් බෝවන රෝග වැළැක්වීම
* දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් වල අහිතකර බලපෑම්
* ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය
* මානසික සෞඛ්‍යය සහ ආතතිය පාලනය

වැනි කරුණු ඇතුළත් වේ. මෙම දේශන මඟින් දරුවන් තුළ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනැගීමට සහ රෝග වළක්වා ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය වේ.

4. පාසල් පරිසර සෞඛ්‍යය නිරීක්ෂණය කිරීම

පාසල් පරිශ්‍රයේ පිරිසිදුකම, පානීය ජල පහසුකම්, වැසිකිළි පහසුකම්, කසළ කළමනාකරණය සහ මදුරු බෝවන ස්ථාන පිළිබඳ නිරීක්ෂණය කර අවශ්‍ය උපදෙස් ලබාදෙයි. මෙය දරුවන්ට සෞඛ්‍ය සම්පන්න ඉගෙනුම් පරිසරයක් ලබාදීමට උපකාරී වේ.

5. බෝවන රෝග පාලනය

පාසල් තුළ ඇතිවන බෝවන රෝග තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය පාලන ක්‍රියාමාර්ග ගැනීම, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සහ සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධීකරණය කිරීම ද PHI මහතාගේ වැදගත් වගකීමකි.

ඒ අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා පාසල් දරුවන්ගේ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, රෝග වළක්වා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න පාසල් පරිසරයක් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් ඉටු කරයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල

Address

Office Of Medical Officer Of Health/Hanwella
Hanwella
10650

Website

Alerts

Be the first to know and let us send you an email when සීතාවක පී.එච්.අයි මහත්තයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share