Med ayush

Med ayush Ayurvedic medicine and surgery & treatment & yoga & massage therapy & beauty culture & healthy life

25/01/2025

අම්ල පිත්ත රෝගය | ගැස්ට්‍රයිටීස් | Gastritis ....

අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය වර්තමානයේ කුඩා දරුවන්, තරුන වියේ පසුවන්නන් ,සහ වැඩිහිටි යන සියලු දෙනා අතරම සුලභව දක්නට ලැබෙන රෝගී තත්වයකි.මෙය අපගේ කායික හා මානසික සෞඛ්‍ය තත්වය කෙරෙහි බෙහෙවින් බලපෑම් ඇති කරයි..

හේතු :

• සමතුලිත ආහාර වේලක් නොගැනීම.
• නියමිත වේලාවට ආහාර නොගැනීම.
• තෙල්,මිරිස්,ලුනු අධික ආහාර බහුලව භාවිතය.
• මද්‍යසාර භාවිතය.
• මානසික ආතතිය.
• උෂ්නාදික ආහාර ගැනීම.
• සමහර ඖෂධ.
• ජලය පානයේ අඩුකම.
• ආහාර නොගෙන සිටීම.

රෝග ලක්ශණ :

• බඩ දැවිල්ල.
• වමනය හා ඔක්කාරය.
• ආහාර අරුචිය.
• බඩ පුරවා දැමීම.
• මල පිටවීමේ අක්‍රමිකතා.
• පපුවේ දැවිල්ල ගතිය.
• තික්ත හා ඇඹුල් රසයෙන් ඔක්කාරය.
• අත් පා වල දැවිල්ල ගතිය.

උපද්‍රව / ප්‍රතිකාර නොකර සිටීමෙන් :

• ආමාශයේ හා බඩවැල් වල තුවාල.
• ආමාශයේ දැවිල්ල.
• ආහාර අරුචිය.
• මල බද්ධය.
• හදවත් රෝග.
• සන්ධි රෝග.
• සමේ රෝග.

පාලනය :

• සමතුලිත ආහාර වේලක් ගැනීම.
• වෙලාවට ආහාර ගැනීම.
• සැර , තෙල් ආහාර වලින් වැලකීම.
• මද්‍යසාර භාවිතය වැලකීම.
• දිනපතා ස්නානය.
• සව් , බාර්ලි, කිතුල් පිටි,රුලං වැනි ආහාර භාවිතය.
• පලතුරු වර්ග නිතර ආහරයට ගැනීම.
• හාතාවාරිය කැද, පරිප්පු, කඩල,මුං ඇට, ජලජ ශාකමය ආහාර, මුකුනුවැන්න, බන්ඩක්කා,නිවිති, එලබටු, තම්පලා, දෙලුම්, නෙල්ලි, කොමඩු, පැපොල් වැනි ආහාර වර්ග ගුනදායකය.

• මුරුංගා,රාබු, ඇඹුල් ආහාර,අබ, සුදුළූනු,තල, උදු,අන්නාසි,විනාකිරි,ඉස්සො,දැල්ලො,
බලමාලු,තක්කාලි,කකුලුවො,කුරක්කන් පිටි කැද,රසකාරක යෙදූ ආහාර,කෘතිම ආහාර,කොත්තු, ෆ්‍රයිඩ් රයිස්,කට්ලට්,පැටිස්,පාන්පිටි ආහාර,මෝල්ට් කිරි වර්ග අහිතකරය.

*** නිවරදි ආයුර්වේද ප්‍රතිකාර හා අපත්‍ය ආහාර හා විහරන වලින් වැලකී සිටීම මගින් සහ හිතකර ආහර සහ ජීවන රටාවක් පවත්වා ගෙන යාම මගින් මෙම රෝගී තතවය නිට්ටවටම සුවකල හැකිය ***..

* පේජ් එකත් follow කරන්න ...

සටහන - මෙඩ් ආයුශ් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය .

ලොකේශන් : පිටිපන - තලගල පාර, හෝමගම.

ටෙල් - 0703556496

#අම්ලපිත්ත #ගැස්ට්‍රයිටීස් #ගෑස්ටික් #බඩදැවිල්ල #ආයුර්වේද

Address

496/9b , Pitipana Thalagala Road
Homagama
10200

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94743862642

Alerts

Be the first to know and let us send you an email when Med ayush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Med ayush:

Share