Asiri Ayurvedic Medical Center And Acupuncture

Asiri Ayurvedic Medical Center And Acupuncture Treatments for all diseases with best ayurvedic treatments with panchakarma and acupuncture .

30/05/2026
To learn about Ayurvedic treatments, Panchakarma therapies, acupuncture, and natural healing methods for a healthy life....
05/03/2026

To learn about Ayurvedic treatments, Panchakarma therapies, acupuncture, and natural healing methods for a healthy life.
📺 Follow and subscribe to our YouTube channel

Thanks for visiting YouTube Channel of Asiri Ayurveda Medical Center . We hope our videos provide education and information about a variety of topics which include Ayurvedic Medicine. These videos help you to manage your personal health care problems. Please keep comments civil and polite.

28/02/2026
28/02/2026

Experience deep relaxation and mental clarity with Shirodhara – the ancient Ayurvedic therapy where warm herbal oils gently flow on your forehead. Reduce stress, improve sleep, and rejuvenate your mind naturally. 🌿✨ "

කොන්දෙ වේදනාව සහ ගුධ්‍රසි හෙවත් සයටිකා...🔔🔔🔔🔔🔔🔔වර්තමානයේදී තරුණ ,මහලු, භේදයකින් තොරව කොන්දෙ කැක්කුම / වේදනාව  හෝ සයටිකා ...
28/02/2026

කොන්දෙ වේදනාව සහ ගුධ්‍රසි හෙවත් සයටිකා...🔔🔔🔔🔔🔔🔔

වර්තමානයේදී තරුණ ,මහලු, භේදයකින් තොරව කොන්දෙ කැක්කුම / වේදනාව හෝ සයටිකා රෝගයෙන් පෙලෙනු ලබනවා. ඉස්සර නම් " අපෝ වයසට යනකොට ඔහොම තමයි " යනුවෙන් පවසලා හිටියත් වර්තමානයේදී මෙය කාර්‍යබහුල ජිවන රටාවත්, වැරදි ඉරියවු, වෙනත් රෝගත් නිසා සුලබ දෙයක් වෙලා.

මේ වේදනාවෙ ස්වරූපයක් තිබෙනවාද ??? 🤔🤔🤔🤔🤔

මෙය යමකින් අනින්නාක් බදු වේදනාවක් විය හැක

තද කර වෙලන්නාක් බදු වේදනාවක් විය හැක.

දවසේ ඕනෑම වේලාවක ඇති වී රාත්‍රියට වැඩි වනවා විය හැක.

කොන්ද ආශ්‍රිතව ඇතිවන වේදනාවන් ප්‍රධාන වර්ග තුනකට ඉදිරිපත් කල හැක. 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

Axial pain( අක්ශීය වේදනාව)

මෙය එක් ස්තානයකට පමනක් සීමා වේ. එක් වරම පැමිණ නැතිවන කැක්කුමක් ද විය හැක. තද කරන්නාක් වූ පවතින අඛණ්ඩ වේදනාවක් ද විය හැක. පිටුපස මාන්ශ පේශින්ගේ ඇදීමේ තත්වය (strain) නිසා ඇති විය හැක. එනම් කශේරුකා රදවා තබන පේශින්ගේ වික්‍රියතාවයක් නිසා ද විය හැක.

Reffered pain (වක්‍ර වේදනාව )

ශරීරයේ වෙනත් තැනක ආබාදයක් හේතුවෙන් ඇතිවන වේදනාව වේ. උදාහරණයක් ලෙස අග්න්‍යාශයේ ගැටලුවක් හේතුවෙන් ඇතිවන පිටුපස වේදනාව (back pain) . වකුගඩු ආශ්‍රිතව රෝගයක් හේතුවෙන් ඇතිවන කොන්දෙ වේදනාව දැක්විය හැකියි. .

Radicular pain( සන්ක්‍රමන ශූල)

එක් තැනක සිට තවත් තැනකට සන්ක්‍රමනය වන්නා වූ වේදනාවකි. මෙහිදී කොන්දේ සිට වේදනාව කශේරුක ස්නායු හරහා ගමන්කර එක් පාදයක් දිගේ හෝ පාද දෙකෙහිම පහලට ගමන් කරයි. මෙයත් සමග හිරි වැටීම, ගැස්ම , මාන්ශ පේශී දුර්වලතාවය ඇති විය හැක. සයටිකා / ගුධ්‍රසි යනුවෙන් විස්තර වන රෝගයත් මෙම කාන්ඩයටම අයත් වේ.

සයටිකා / ගුධ්‍රසි

මෙම රෝගයට ගුධ්‍රසි යනුවෙන් නම තබා ඇත්තේ එය වැලදුන පසු ගිජුලිහිනියකු සේ ගමන් කිරීම නිසාය.

මෙම සයටිකා රෝගයට හේතුවන (sciatic nerve ) සයටික් ස්නායුව අපේ ශරීරයේ දිගම, විශාලම ස්නායුවයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගුධ්‍රසි (sciatica ) කොහොමද හදුන්වන්නේ🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වේදනාවට හේතු වන්නේ කුපිත වූ වාත දෝශයයි. එය ස්නායු ආශ්‍රිතව පවති. මෙම කුපිත වූ වාත දෝශය නිසා කොන්දෙන් ආරම්බ වූ වේදනාව තට්ටම් ආශ්‍රිතව ගොස් වේදනාව , තද බව හා ගැස්ම ඇති කරයි. මෙලෙස ටික කාලයකට පසුව ක්‍රම ක්‍රමයෙන්

කලව,
දණහිස,
බත් කෙණ්ඩ ,
පාද සන්දිය හා පාදයේ පලමු ඇගිල්ල දක්වා ම වේදනාව ගමන් කරයි.

මේ රෝගයට හේතු තිබෙනවාද ? 🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊🔊

1. කොදු ඇට පෙල ආශ්‍රිතව ගැටලු

👉කශේරුකා වල ස්වරුපය සහ ක්‍රියාවලියේ වෙනස්කම්( degenerative disc disease )

👉කශේරුක මඩල පහලට නෙරීම ( herniated disc)

👉කොදු ඇට පෙලෙ අස්ථි අතර කැල්සියම් තැන්පත් වීම.(Bone spur )

👉 කශේරුව පටු වීම. ( spinal stenosis )

👉 අදික බර (weight gain)

👉පිටුපස මාන්ශ පේශියේ දුර්වලතා (piriformis syndrome ) මෙම ස්නායුව මෙම මාන්ශ පේශිය යටින් ගමන් කරන විට මාන්ශ පේශියේ ගැස්ම නිසා ස්නායු තද වේ.

👉 කශේරුකාවේ අර්බුද හා ආසාදන තත්වයන්.(spinal tumors and infections) මේවා දුර්ලභ අවස්තා වේ.

👉 ගැබ් දරන කාල සීමාව. (Pregnancy ) ප්‍රසූතියෙන් පසුව බොහෝ දුරට සුව වේ.

2. වැරදි ඉරියවු වල සිට බර ඉසිලීම.

3. බර හිසේ දරාගෙන යෑම.

3.ගැස්සෙන වාහන වල නිතර ගමන් කිරීම .

4. නැමී වැඩ කිරීම.

5. වැටීම .(පිටුපස ඇනෙන ලෙස)

6. තද පෘශ්ට වල වැඩි වේලාවක් වාඩි වී සිටීම.

7. තුනටිය අදිකව වෙහෙසීම.

8. වෙනත් රෝග

👉 ආම වාත රෝගය

👉 ප්‍රමේහ රෝග

රෝග ලක්ශණ මොනවාද ??? 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

1. කොන්දෙ අදික වේදනාව

2. කකුල පණ නැතුවාක් සේ දැනීම, හිරිය.

3. බර ඉසිලීම වැනි ක්‍රියාවකින් හදිසියේ වේදනාව වැඩි වීම.

4. ඉදිරියට නැමීම, කිවිසුම් යෑම, තැටමීම,කැස්ස වැනි ක්‍රියා වලදී වේදනාව වැඩි වීම.

5. පය ඉස්සූ විට පාදය කඩා වැටීම

6. බත් කෙන්ඩ පේශි වල තද වීම

7 පුටු වැනි අසුන් වල ඉදගැනීම අපහසු වීම.

8.නිරෝගී පාදය දෙසට බර යොදා ක්‍රියාකාරකම් වල නිරත වීම.

9.වේදනාව වැඩි නිසා රත්‍රියට නින්ද නොයෑම.

10. උකුල් ඇට සන්දිය, දණහිස ,වලලුකර සන්දි නමාගෙන සිටීම.

11. විළුබ සම්පූර්නයෙන් බිම තැබීමට අපහසු වීම

12. කලව හා බත් කෙන්ඩේ අනින්නාක් බදු වේදනාව .


මෙහිදී එක් පාදයක් පමනක් ආශ්‍රිත වන මෙම රෝගය කලාතුරකින් කොන්ද සමග පාද දෙකෙහිම වේදනාව හට ගනී

රෝගය හදුනා ගන්නා පරීක්ෂණ තිබෙනවාද?

මූලිකවම රෝගියා සායනිකව පර්ක්ශාවට ලක් කල යුතුයි. එහිදී වෛද්‍ය වරයා විසින් රෝගියා හාන්සි කරවා සිදු කරන අභ්‍යාස වැනි පරීක්ශන මගින් රෝගය යම් මට්ටමකට තහවුරු කල හැක.

මීට අමතරව රසායනාගාර පරීක්ශන ඇත.

X ray

CT

MRI යන පරීක්ෂණ සිදු කල හැක. ස්නායු ආශ්‍රිතව සිදු කරන පරික්ශාවන් සදහා MRI හා CT පරිකෂණ වඩාත් සුදුසු වේ.

රෝගය සදහා ප්‍රතිකාර තිබෙනවාද ?? 🤔🤔🤔🤔🤔🤔🤔

මෙය ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා හොදින් සුව කල හැකි රෝගයකි. ප්‍රතිකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර රෝගයේ ස්වභාවය හදුනාගෙන එය ඇති වීමට හේතුවට ප්‍රතිකාර සිදු කරයි. මෙහිදී අභ්‍යන්තර ඖෂධ, භාහිර ඖෂධ, කටු චිකිත්සාව ඉතා විශිශ්ට ලෙස යොදා ගත හැක. ස්නායු ආශ්‍රිතව යොදන නිල වෙදකම( නිල චිකිත්සාව ) ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතා විශිශ්ට අන්ගයකි. බාහිර ඖෂධ අතරට වාශ්ප ස්වේදයත් ඉතා හොද ප්‍රතිකාරයකි. ( අප වෛද්‍ය මද්‍යස්තානයේ මීට ඉහත ලිපියේ ඒ පිලිබදව දක්වා ඇති ලිපියක් ඇත).ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සන්කූලතා රහිතව ඉතා විශිශ්ට ලෙස මෙය සුවකල හැක. යොදන ඖෂධ පුද්ගලයා අනුව වෙනස් වන නිසා රෝගියා දීර්ගලෙස පරික්ශා කර බලා, අනෙක් රෝග, ආසාත්මිකතා පිලිබදව දැනුවත්ව ප්‍රතිකාර කල යුතුයි.

ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය හා චීන කටු චිකිත්සාව
හෝමාගම
විමසීම් 0774625289

Address

Magammana
Homagama
10200

Opening Hours

Monday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 14:30
Sunday 09:00 - 19:00

Telephone

+94774625289

Alerts

Be the first to know and let us send you an email when Asiri Ayurvedic Medical Center And Acupuncture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asiri Ayurvedic Medical Center And Acupuncture:

Share