10/08/2026
ළදරුවන් වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් නැහැවීම සහ "කහ " වීම...
වෙනිවැල්ගැට (Coscinium fenestratum) හි ප්‍රධාන සක්‍රීය රසායනික සංඝටක (active ingredients) වන්නේ
Berberine (ප්‍රධාන alkaloid)
Palmatine
Jatrorrhizine
Columbamine
Berberine යනු වඩාත්ම ප්‍රමුඛ සන්ගටකයයි.එමගින්,
ප්‍රතිබැක්ටීරියා (antibacterial)
ප්‍රතිදිලීර (antifungal)
ප්‍රතිප්‍රදාහ (anti-inflammatory)
ප්‍රතිඔක්සිකාරක (antioxidant)
රුධිර සීනි පාලනයට සහාය විය හැකි ගුණ පවතී.
වෙනිවැල්ගැට තම්බා කුඩා දරුවන් එම දියෙන් නෑවීමෙන් සමේ කහ පැහැයක් ඇතිවිය හැකිය. එය සාමාන්‍යයෙන් වෙනිවැල්ගැටයේ ස්වභාවික කහ වර්ණක (විශේෂයෙන් berberine සහ අනෙකුත් වර්ණක) සම මත තැවරීම නිසා වන අතර, එය නවජාත කාමලා (neonatal jaundice) ඇතිවීමක් බවට සාක්ෂියක් නොවේ.
කෙසේ වෙතත්,
ඇස්වල සුදු කොටස (sclera) කහ පැහැ වීම,
අධික නිදිමත,
හොඳින් කිරි නොබීම වැනි ලක්ෂණ තිබේ නම්, එය සැබෑ කහපැහැයට හැරීමක් විය හැකි බැවින් බිලිරුබින් (serum bilirubin) පරීක්ෂා කර වෛද්‍ය උපදෙස් පතන්න
වෙනිවැල්ගැට වතුරෙන් නෑවීම නිසා ඇතිවන කහ පැහැය සහ නවජාත කාමලාව (Neonatal Jaundice) නිසා ඇතිවන කහ පැහැය අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් පවතී.
ප්‍රධාන වෙනස්කම්
ඇස්වල සුදු ඉංගිරියාව (Sclera): 🎤
වෙනිවැල්ගැට: සම මත පමණක් බාහිරව වර්ණකය තැන්පත් වන බැවින් ඇස්වල සුදු ඉංගිරියාව කහ පැහැ වන්නේ නැත.
කාමලාව: රුධිරයේ බිලිරුබින් (Bilirubin) මට්ටම ඉහළ යන බැවින් ඇස්වල සුදු ඉංගිරියාව පැහැදිලිවම කහ පැහැ වේ.
සම පරීක්ෂා කිරීම (Pressure Test): 🎤
වෙනිවැල්ගැට: ඇඟිල්ලෙන් තද කර ඉවත් කළ විට තද කළ ස්ථානය තාවකාලිකව සුදු පැහැ වී (blanching) නැවත සාමාන්‍ය පැහැයට හැරේ.
කාමලාව: ඇඟිල්ලෙන් තද කර ඉවත් කළ විටත් එම ස්ථානය යටින් කහ පැහැයෙන්ම දිස්වේ.
වර්ණය පවතින ස්ථාන සහ සෝදා ඉවත් කිරීම:🎤
* වෙනිවැල්ගැට: මෙය බාහිර වර්නකාරකයක් (stain) බැවින් නෑවීමෙන් පසු දින කිහිපයකින් සෝදා පාලනය වී යයි. මලපහ හෝ මුත්‍රා වල වර්ණය වෙනස් නොවේ.
කාමලාව: සිරුර ඇතුළතින් සිදුවන රසායනික වෙනසක් බැවින් නෑවීමෙන් ඉවත් නොවේ. එසේම මුත්‍රා තද කහ පැහැ වීම සහ අසූචි ළා පැහැ (මැටි පාට) වීම සිදු විය හැක.
සක්‍රීය බව සහ වෙනත් ලක්ෂණ:
වෙනිවැල්ගැට තැම්බීමෙන් පසු එම දියෙන් නැහැවූ පසු දරුවා හොඳින් කිරි උරා බොයි, ක්‍රියාශීලීව සිටී.
කාමලාව (උග්‍ර තත්ත්ව වලදී):
දරුවා අධික ලෙස නිදිමතින් සිටීම,
කිරි නොබීම,
ශරීරය ලෙහෙස්සි වීම හෝ තද වීම දැකිය හැක.
සමට අලන්කාර පැහැයක් ලැබෙන්නේ වෙනිවැල්ගැට තම්බා බීමෙන් නොවේ.🎤🎤🎤🎤
වෙනිවැල්ගැට සම මත ආලේප කිරීමෙන් සම තාවකාලිකව කහ පැහැයට හැරේ. නමුත් මෙය සමේ සැබෑ වර්ණය වෙනස් වීමක් (Pigmentation) නොව, වෙනිවැල්ගැටවල ඇති ස්වාභාවික වර්ණකය නිසා සිදුවන්නකි.
කහ වර්ණයට හේතුව (Berberine Pigment): වෙනිවැල්ගැටවල ඇති ප්‍රධාන රසායනික සංයෝගය වන බර්බරීන් (Berberine) යනු ස්වාභාවිකවම දීප්තිමත් කහ පැහැති වර්ණකයකි (Natural Yellow Dye). එය සම මත ගෑ විට සමේ මතුපිට ස්ථරයේ තාවකාලිකව කහ පැහැයක් ගනී.
තාවකාලික බලපෑමක් පමණි: මෙම කහ පැහැය සමට උරාගෙන සිදුවන ස්ථිර වෙනසක් නොවන අතර, සබන් හෝ සුදුසු Cleanse එකක් යොදා සේදූ විට සම්පූර්ණයෙන්ම ඉවත් වී යයි.
බාහිර ආලේපනයේ සැබෑ ප්‍රතිපල
වෙනිවැල්ගැට කුඩු (Coscinium fenestratum) වෙනත් ද්‍රව්‍ය (උදා: කස්තුරි කහ, දෙහි, මී පැණි හෝ රෝස වතුර) සමග මුසු කර ආලේප කිරීමෙන් එහි ඇති ප්‍රබල බැක්ටීරියා නාශක ගුණය නිසා කුරුලෑ සහ සමේ ආසාදන පාලනය වේ.
කුරුලෑ නිසා ඇතිවන රතු පැහැවීම සහ ප්‍රදාහයන් (Inflammation) සමනය වී සමට නීරෝගී පැහැපත් බවක් ලැබේ.
එබැවින්, වෙනිවැල්ගැට ආලේප කළ විට සම කහ පැහැ වන්නේ එහි ඇති ස්වාභාවික වර්ණකය මතුපිට තැන්පත් වීම නිසා මිස සමේ සෛල තුළ ස්ථිර කහ පැහැයක් ඇතිවීම නිසා නොවේ.
වෙනිවැල්ගැට ,රත්මල්,හොදින් තම්බා පෙරා ගත් වතුරෙන් ළදරුවන් නහවන්න අනිසි බියක් ඇතිකරගැනීමෙන් වලකින්න.ඒවා හොදින් තම්බන බැවින් කෘමි සතුන් සහ ආගන්තුක ද්‍රව්‍ය කුඩා දරුවාගේ සමට ඇතුලුවේ යන පදනම් විරහිත බියෙන් මිදෙන්න.
හෝමාගම ආසිරි ආයුර්වේද වෛද්‍ය මද්‍යස්තානය .
jaundice #වෙනිවැල්ගැට #අලුතඋපන්බිළිඳා #නවජාතකබිළිඳා #කහවීම #බිළිඳුසෞඛ්‍ය #අයුර්වේද #වෙනිවැල්ගැට #