සු ආයු ආයුර්වේද - Su Ayu Ayurveda Medical Center

සු ආයු ආයුර්වේද  - Su Ayu Ayurveda Medical Center we are provide your health in Ayurveda

03/06/2026

ඔයාටත් මෙ වගේ රෝග ලක්ෂණ පවතිනවද?👇

👉ගෙදරදී ,සේවා ස්ථානයේ වැඩ කරනකොට joint රිදෙනවද?

👉විවේකීව ඉන්නකොට වෙදනාව අඩුයි නේද?

👉උදෑසන නැගිටිද්දී ශරීරයේ joint තද වෙලා වගේ,කුඩා ඇඟිලි චලනය කරන්න අපහසුයි වගේ දැනෙනවද?

👉දනහිස් චලනය කරණකොට දනහිස් වලින්, වේදනාව සමග "කරස් කරස්" වගේ ශබ්දයක් ඇහෙනවද?

👉Joint සම්පුර්ණයෙන්ම දිගාරින්න හෝ නවන්න අපහසුයිද?

👉සන්ධි ආශ්‍රිත අඩු නොවෙන ඉදිමුමක් පවතිනවද?

මෙන්න මේ කියන රෝග ලක්ෂණ පවතිනවනම් ඔයාත් ආතරයිටීස් කියන රෝගී තත්වයෙන් පීඩා විඳිනවා විය හැකියි.

මුලින්ම නිවැරදි වෛද්‍ය වරයකුගෙන් වෛද්‍ය උපදෙස් හා පරීක්ෂාවකින් පසු
මෙ සඳහා නිවරදි ආයුර්වේද ප්‍රතිකාර කිරීම, තුළින් ඔබට ඇති වන අපහසුතා සම්පුර්ණයෙන්ම සුව වන අතර නැවත ගෙවිගිය කාටිලේජ වර්ධනය මගින් තරුණ ජවයෙන් ඔබගේ එදිනෙදා කටයුතු පහසුවෙන් කරගත හැකි වේ..

පහත අංක වලට කතා කර ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වන්න.

S U A Y U
AYURVEDA

👉Ihala idibedda, Moratuwa

https://maps.app.goo.gl/BMumBtZhBPedz37Q9?g_st=ac

👉Galawila road, Homagama

https://maps.app.goo.gl/cRBGCLyT1rhyzSxU6

For Appointment

071 45 36 788
071 46 36 786


  හෙවත් කොඳු ඇදයවර්ථමානයේ තරුණියන් අතර බහුල තත්වයකි.මෙම තත්වය පිරිමි අයට වඩා ගැහැනු අය අතර වඩාත් සුලභ වේ.එමගින්ද තරුණ අය...
05/05/2026

හෙවත් කොඳු ඇදය

වර්ථමානයේ තරුණියන් අතර බහුල තත්වයකි.
මෙම තත්වය පිරිමි අයට වඩා ගැහැනු අය අතර වඩාත් සුලභ වේ.එමගින්ද තරුණ අය අතර බහුලය.

මේ සඳහා හේතු තත්ව කිහිපයක් බලපාන අතර

➡️ බර වැඩි පොත් බෑග් කරේ එල්ලාගෙන යාම
➡️ එක පැත්තට බෑග් එලාගෙන යාම
➡️ උපතින්ම ඇද වීම
➡️ වැරදි ඉරියව් වලින් එක දිගට වාඩි වී සිටීම
➡️ Accident හෝ වැටීමක් වැනි Trauma එකක් නිසා
➡️ වයසට යාමේදී ඔස්ටියෝපොරෝසිස් තත්ව
➡️ මාංශ්පේශි හෝ ස්නායු රෝග
➡️ හේතුවක් නොමැතිව උවද ඇතිවිය හැකි අතර වඩාත් බහුල වන්නේද එයයි.

මෙය හඳුනා ගැනීමට තමාටම පහත ලක්ෂණ උපයෝගී කර ගත හැක.

🔴 කොන්දේ පවතින ඇදය
🔴 පිටුපසින් එක් උරපත්තක් ඉදිරියට නෙරීම
🔴 එක් උරහිසක් අනෙකට වඩා එස් වීම
🔴 උස අඩු වීම (මද වශයෙන්)
🔴 ඇවිදීමේ අපහසුව

වැනි ලක්ෂණ මගින් මූලිකවම හඳුනා ගත හැක.එවැනි ලක්ෂණ පවතී නම් වෛද්‍ය වරයකු ලවා පරීක්ෂා කරවා නිවැරදි ප්‍රතිකාර ආරම්භ කල යුතුය.

සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මොරටුව | හෝමාගම
071 4536788

04/05/2026

ඔබත් කාලයක් තිස්සේ ඔලුවේ කැක්කුමකින් පීඩා විදිනවද?

කොච්චර බෙහෙත් කරත් අඩුවක් නෑ නේද?

කෙටි කාලයකින් ඔබගේ ඔලුවෙ කැක්කුම සම්පූර්ණයෙන් සුව කරගන්න කැමතිද?

පහත දුරකථන අංක වලට කතා කර ආයුර්වේදීය ප්‍රතිකාර සඳහා දිනයක් වෙන්කරවා ගන්න.

S U A Y U
AYURVEDA

👉Ihala idibedda, Moratuwa

https://maps.app.goo.gl/BMumBtZhBPedz37Q9?g_st=ac

👉Galawila road, Homagama

https://maps.app.goo.gl/cRBGCLyT1rhyzSxU6

For Appointment

071 45 36 788
071 46 36 786

2026 මාර්තු මස 02 වන පොහොය දින පවත්වනු ලැබූ "ආයුර්වේද වෛද්‍ය සායනය"සුආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ මොරටුව ශාඛාවට වසරක...
02/03/2026

2026 මාර්තු මස 02 වන පොහොය දින පවත්වනු ලැබූ "ආයුර්වේද වෛද්‍ය සායනය"

සුආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ මොරටුව ශාඛාවට වසරක් පිරීම නිමිත්තෙන් නිමිලේ පවත්වනු ලැබූ ආයුර්වේද වෛද්‍ය සායනය ඉහල ඉඳිබැද්ද සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේදී සාර්ථක ලෙස නිම කෙරිණ.

මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට බොහොමත් ස්තූතියි 🙏🙏🙏

සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
071 453 6788

Migraine හෙවත් හිසරදය         ශරීරයේ වන කප දේෂය හෙවත් සෙම කෝප වීම නිසා ඇති වන රෝග තත්වයකි.මින් පීඩා විඳින ප්‍රධානම අය වල...
17/02/2026

Migraine හෙවත් හිසරදය



ශරීරයේ වන කප දේෂය හෙවත් සෙම කෝප වීම නිසා ඇති වන රෝග තත්වයකි.මින් පීඩා විඳින ප්‍රධානම අය වලුන් වන්නේ කාන්තාවය.

මිග්‍රීන් සෑදුන අයකු විඳින වේදනාව කියා නිම කල නොහැක.කුඩා දරුවන් සිටින මවක් නම් දරුවන් අතර පවතින සබඳතා වලටද ඉමහත් බලපෑම් ඇති කරවයි.

පවුල් සංස්තාවේ ප්‍රශ්න ඇති කරයි.එනම් මෙහි ප්‍රමුඛ ලක්ෂණ කිහිපයක් පවතීන්

🔴 අදික හිසරදය හෙවත් ඒදනාව
🔴 ශබ්දය අපහසු වීම
🔴 කේන්ති යාම
🔴 ආලෝකය අපහසු වීම
🔴 නුරුස්සන ගතිය

මේ සඳහා හේතු වර්ග කිහිපයකි.

➡️ ආහාර / පාන
➡️ මානසික ආතතිය
➡️ වෙනත් රෝග
➡️ වෙනත් හේතු

එබැවින් නිශ්චිත හේතුවක් ලෙස දැක්විය නොහැකි බැවින් තමන්ගේ තත්වය වර්ධනය වන හේතූන් කල් ගත වත්ම තමාට තේරුම් යයි.උදාහරණයක් ලෙස,

ඇතැමුන්ට චොකලට්,කෝපි,පීනට් වර්ග වලින් මිග්‍රේන් වැඩි කරයි.නමුත් සෑම දෙනාටම එසේ නොවේ.එබැවින් තමුන්ගේ හේතු කාලීනව හඳුනාගෙන ඉන් ඈත්වීම කල යුතුය.

මෙම තත්ත්වය සමග කල් ගත වෙත්ම එය මානසික අවපීඩනය දක්වා වර්ධනය විය හැක.

අවශ්‍යම වන්නේ මෙම රෝගය සමග ජීවත් වීම නොව නිසි පරිදි ප්‍රතිකාර තුලින් සම්පූර්ණයෙන්ම මෙම තත්වය සුව කර ගැනීමයි.

ආයුර්වේදීය ප්‍රතිකාර තුලින් සම්පූර්ණයෙන්ම මෙම තත්වයෙන් මිදිය හැකි අතර,නිවසේදීම කර ගත හැකි දේවල් කිහිපයක් ලෙස,

🟢 දිනපත හිසට තෙල් යෙදීම
🟢 යෝග අභ්‍යාස /ව්‍යායාම වල යෙදීම
🟢 වාත පිත කප වලින් සමතුලිත ආහාර වේලක් ගැනීම
🟢 හුමාලය ඇල්ලීම

ඉහත දේවල් වුව පුද්ගලයා අනුව වෙනස් විය හැක.

සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මොරටුව | හෝමාගම
071 45 36 788

15/02/2026
🔴🔴Dark Spots🔴🔴         # මොනවද මේ   කියන්නෙ 🤔🤔🤔Hyperpigmentation තත්වයකි.මේ සඳහා හේතු වන්නේ අධික ලෙස / මෙලනීන් නිෂ්පාදනය...
13/02/2026

🔴🔴Dark Spots🔴🔴
#

මොනවද මේ කියන්නෙ 🤔🤔🤔

Hyperpigmentation තත්වයකි.මේ සඳහා හේතු වන්නේ අධික ලෙස / මෙලනීන් නිෂ්පාදනය වැඩි වීමයි.

මෙලනීන් යනු මොනවාද,
අපගේ සමෙහි වන ආරක්ෂක සංගටකයකි.සම කරා පැමිණෙන අහිතකර විකිරණ, රසායන, විෂබීජ ආදී නොයෙකුත් හානිකර දෑ වලින් සම ආරක්ෂා කරයි.එමෙන්ම සම,ඇස්,කෙස් ආදියෙහි වර්ණය ලබා දීමද සම මගින් ඉටු කරයි.

🔴 අපගේ නොදැනුවත්කම නිසාම මෙම මතුවීමට වැඩි ඉඩක් ඇත.ඒ සඳහා dark spots ඇතිවීමට හේතු බලමු.එනම්,

➡️ වැඩි පුර සූර්ය රශ්මියට නිරාවරණය වීම්

➡️ වැඩිපුර බටහිර ඖෂධ ගැනීම (උදාහරණ ලෙස NSAIDs, Anti inflamatories, Chemotherapy drugs, Antimalarials, Anticonvulsant.නමුත් මෙහි වෛද්‍යය නියමයකින් තොරව NSAIDs හා Anti inflamatories ගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටී.)

➡️ සම තුවාල වීම එනම් සම ගැන දක්වන අවදානය අඩු වීම.

➡️ දියවැඩියාව කාලීන වීම

➡️ හෝමෝනමය වෙනස්වීම්

🔴Dark Spot වලින් වැලකී සිටීමට කල යුතු දෑ...👉👉👉

🟢 නිතර මුහුණ පිරිසිදුව තබා ගැනීම

🟢 වේදනා නාශක හෝ ඖෂධ වෛද්‍යය නියමයකින් තොරව ලබා ගැනීම

🟢 නිතර අව්වට නිරාවරණය නොවීම.එසේ අවශ්‍ය නම් කුඩයක් වැනි භාවිත කිරීම

🟢 සුදු වීම සඳහා විවිධ රසායන භාවිතා නොකිරීම

🟢 සමේ ph අගයට හිතකර සේදුම් කාරකයක් භාවිතා කිරීම

🟢 සමට හිත ආහාර පලතුරු ගැනීම
කොල එලවලු
පලා වර්ග
පලතුරු

මෙවැනි නිවැරදි සෞඛ්‍ය පුරුදු මගින් ඒම වලක්වා ගැනීම හෝ ප්‍රමාද කල හැක.

➡️සු ආයු ආයුර්වේද වෛද්‍යය මධ්‍යස්ථානය
මොරටුව | හෝමාගම
071 45 36 788

🔴🔴  Warts හෙවත් ඉන්නන්🔴🔴ප්‍රධාන වශයෙන් සමෙහි පෙනුම වෙනස් කිරීමට සමත් තත්වයකි.සමෙහි අසාමාන්‍ය සෛල වර්ධනයක් ඉන්නකු ලෙස හඳු...
11/02/2026

🔴🔴 Warts හෙවත් ඉන්නන්🔴🔴

ප්‍රධාන වශයෙන් සමෙහි පෙනුම වෙනස් කිරීමට සමත් තත්වයකි.සමෙහි අසාමාන්‍ය සෛල වර්ධනයක් ඉන්නකු ලෙස හඳුන්වයි.

මේ සඳහා වෛරස තත්වයක් වන HPV හේතු කාරක විය හැක.HPV වෛරස ප්‍රබේද ගනනාවක් පවතින අතර ඒවා හේතුවෙන් ඉන්නන් ප්‍රබේදද රාශියක් ඇතිවිය හැක.

සමෙහි පවතින කුඩා තුවාලයක් හරහා වුව මෙම වෛරසය විත් ඉන්නකු ඇති කල හැක.

ඇතැම් ඉන්නන් සඳහා වෛරස වල බලපෑමක් නොමැති අතර උපතින් හෝ වෙනත් කරුණු නිසා ඇති විය හැක.

කෙසේ වෙතත් ඉන්නන් යනු බොහෝ විට හානි දායක නොවන අවස්ථාවක් වන අතර පෙනුමට හානි හෝ වෙනස් කරයි.

මෙම තත්ත්වය නිසා බොහෝ අය මානසික පීඩනයට ලක්වේ.හමුව ඇති ඇතැම් රෝගී පිරිමි පුද්ගලයන් පිරිසක් ඉදිරියේ උඩුකය නිරාවරණය වන අයුරින් සිටීම පවා ප්‍රතික්ෂේප කරනු ලබයි.එනම් මානසික ආතතියට පත්වීමටද මෙම ඉන්නන් හේතුවිය හැක.

ප්‍රධාන වශයෙන් පවතින ස්තාන
➡️ බෙල්ල
➡️ මුහුණ
➡️ කිහිලි
➡️ ඉකිලි
➡️ ශ්ලේෂ්මල පටල වල
➡️ ලිංගික අවයව ආශ්‍රිත

මෙහි වන ඇතැම් ඉන්නන් හානි දායක වන අතර, ඇතැම් ඉන්නන් පහසුවෙන් ඉවත් කල හැක.එබැවින් ඉන්නම් ඉවත් කිරීමේදී වෛද්‍යවරයකු යටතේම සිදු කරගන්න.

ආයුර්වේදීය ප්‍රතිකාර ලෙස මේ සඳහා ක්‍රම කිහිපයක්ම පවතී.එහිදී විශාල පරිශ්‍රමයක් හෝ කාලයක් දැරීමට සිදු නොවේ.පහසුවෙන් අග්නි කර්ම,ක්ෂාර යෙදීම යන ප්‍රතිකාර ක්‍රම යටතේ සුව කර ගත හැක.

සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මොරටුව
හෝමාගම
071 4536788

🔴 කොන්දෙ කැක්කුම කොන්ද වේදනාව නොමැති තරුණ වැඩිහිටි අයකු සොයා ගැනීම උව අපහසු කාල සීමාවක ඔබ මා ජීවත් වේ.එයට හේතු ප්‍රධාන ව...
05/01/2026

🔴 කොන්දෙ කැක්කුම


කොන්ද වේදනාව නොමැති තරුණ වැඩිහිටි අයකු සොයා ගැනීම උව අපහසු කාල සීමාවක ඔබ මා ජීවත් වේ.එයට හේතු ප්‍රධාන වශයෙන් අද සොයා බලමු.

මුලින්ම අප වරදවා වටහා ගන්නා තැන් කිහිපයක් නිවැරදි කරගනිමු.ඉන් ප්‍රධාන තැනක් වනුයේ කොන්ද යන ස්තානයයි.

එනම් අප ලඟට පැමිණෙන රෝගීන් කොන්දෙ අමාරුව ලෙස පිට ප්‍රදේශයේ වන වේදනාව කොන්දෙ කැක්කුම ලෙස ප්‍රකාශ කරයි.කොන්ද යනු අපගේ තට්ටම් වලට වහාම ඉහලින් ඇති ප්‍රදේශයයි.එනම් වෛද්‍ය විද්‍යානුකූලව Lumba Vertebrae 5 කොන්ද හෙවත් lower back ලෙස හඳුන්වනු ලබයි.

කොන්දෙ වේදනාවකදී මූලිකවම එහි රෝග විනිශ්චය සඳහා එක්ස් කිරණ පරීක්ෂණය කරනු ලබයි.ඉන් වෛද්‍යවරයා හට විනිශ්චක් ලබා ගත හැකි නම් තවත් පරීක්ෂණ වලට යා යුතු නැත.නමුත් ඉන් නිගමනයකට එලඹිය නොහැකි අවස්ථා වලදී
MRI
CT
Blood test
Abdominal scan
UFR

ආදී පරීක්ෂණ සදහා වෛද්‍යවරයාගේ නිගමනයන් අනුව යොමු කර රෝගය විනිශ්චය කරයි.

➡️ කොඳු ඇට පෙළෙහි අනවශ්‍ය කැල්සියම් ➡️ ගැටසෑදීම (osteophytes)
➡️ Disc prolaps
➡️ Disc / Vertebrae degeneration
➡️ මාංශ පේශි වල තද බව
➡️ Athritis in lower back

ආදී හේතු ඉහත පරීක්ෂණ හරහා සොයා ගත හැක.

ඉහත කතා කරන ලද්දේ බටහිර වෛද්‍ය විද්‍යානුකූල විග්‍රහයකි.

අප දැන් බලමු ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම කොන්දෙ කැක්කුම යනු කුමක්ද එහි හේතු සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව.

ආයුර්වේද ග්‍රන්ථ වල මෙම රෝගය වාත ව්‍යාධි යටතේ සඳහන්ව ඇත.මෙහිදී සිදු වන්නේ අපගේ කුපිත වූ වාත දෝෂය කටී ප්‍රදේශයට විත් එම ප්‍රදේශයේ රෝගය ඇති කිරීමයි.මෙහි ගැඹුරින් රෝගය හට ගන්නා ආකාරය කතා කිරීමක් සිදු නොවන අතර හේතු සඳහා මුල් තැනක් ලබා දේ

හේතු ලෙස

🔴 අධික ලෙස මහන්සි වීම
🔴 එක දිගට සිටගෙන සිටීම හෝ වාඩි වී සිටීම
🔴 වැරදි ලෙස බර එසවීම
🔴 ආතරයිටීස් හෙවත් සන්ධිගත වාත හෝ ආම වාත
🔴හදිසි අනතුරු

ඉහත හේතු සිදු කලද රෝගය හට නොගෙන යටපත් වී කලක් තිබිය හැක.නමුත් අපගේ වැරදි ආහාර විහරණ නිසාවෙන් එම රෝගය මතු විය හැක.

➡️ සවස හෝ රාත්‍රී කාලයේ ස්නානය
➡️ දහවල් නිදාගැනීම
➡️ සීතල ආහාර වැඩිපුර ගැනීම
වැනි දේවල් රෝගය පවත්වාගැනීමට උපකාර වේ.එබැවින් ඔබත් ඉහත හේතූන් වලින් වැලකීම කොන්දෙ කැක්කුම වලක්වා ගැනීමට උපකාරී වේ.

කොන්දෙ කැක්කුම සමග පවතින ලක්ෂණ කිහිපයක්ම වන අතර එහි මූලිකම දෑ මොනවාදැයි බලමු.
🔎 මුත්‍රා කිරීමේදී සිදුවන වෙනස්කම් (ලේ යාම,වේදනාව,මුත්‍ර නොයාම,දැවිල්ල...)
🔎 අනෙකුත් සන්දි වල වේදනාව
🔎 මලපහ කිරීමේ අපහසුව
🔎 කකුල් වල හිරිය

ඉහත ලක්ෂණ ඒ ඒ රෝගය අනුව වෙනස් වේ.ඒවා රෝග විනිශ්චය සදහාද උපකාරී කරගනී.

🟢 ප්‍රථිකාර

➡️ ආයුර්වේදීය ප්‍රතිකාර තුලින් මෙය සුව කල හැක.එහිදී වාත ශමනය සඳහා විවිධ වන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලබයි.නමුත් කිසි විටෙක මිථ්‍යා වෛද්‍ය ක්‍රම හෝ වෛද්‍යවරු අත් හදා නොබලන්න.

උදාහරණ ලෙස බාල්ක වල එල්ලී කොන්ද පාගා සුව කරනවා යැයි කියූ විටම එහි විද්‍යානුකූල භාවය සොයා බලන්න.මන්ද තවත් අයකුට ඔබ මුදලක් පමණක් වන අතර ඔබට එය මින් ඉදිරි ජීවිත කාලයටම බලපාන සෞඛ්‍ය ගැටළුවක් විය හැක.

එබැවින් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී නිවැරදි සුදුසුකම් ලත් උපාධිධාරී ආයුර්වේද වෛද්‍ය වරයකු යටතේ ප්‍රතිකාර සඳහා යොමු වන්න.

සු ආයු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
හෝමාගම | මොරටුව
☎️ 071 453 6788

Address

130/C/3, Galawila Road
Homagama
10200

Opening Hours

Tuesday 09:30 - 20:00
Wednesday 09:30 - 20:00
Thursday 09:30 - 20:00
Friday 09:30 - 20:00
Saturday 09:30 - 20:00
Sunday 09:30 - 20:00

Telephone

+94714536788

Website

Alerts

Be the first to know and let us send you an email when සු ආයු ආයුර්වේද - Su Ayu Ayurveda Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සු ආයු ආයුර්වේද - Su Ayu Ayurveda Medical Center:

Share