Doctor Doll Beauty Clinic Pvt Ltd

Doctor Doll Beauty Clinic Pvt Ltd Licensed esthetician with 6+ years of experience in advanced skincare and personalized beauty services.

All treatments are provided under the supervision of a government-registered medical doctor for safety and professionalism.

🌸 Skin Myths (සම ගැන ඇති වැරදි විශ්වාස) 🌸වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක්අපිට සම (Skin) ගැන අහන්න ලැබෙන අදහස් ගොඩක් ත...
21/01/2026

🌸 Skin Myths (සම ගැන ඇති වැරදි විශ්වාස) 🌸

වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

අපිට සම (Skin) ගැන අහන්න ලැබෙන අදහස් ගොඩක් තියෙනවා. ඒත් ඒවා හැමදේම සත්‍ය නොවේ. මෙන්න බොහෝ දෙනා විශ්වාස කරන වැරදි අදහස් (Myths) සහ ඒ සම්බන්ධ සත්‍ය 👇



1️⃣ “මුහුණ වැඩිපුර සෝදා ගත්තොත් pimples නැතිවෙයි”

❌ වැරදි අදහසක්
✅ සත්‍යය:
මුහුණ දවසට වැඩිපුර සෝදාගත්තොත් සම වියළි වෙලා, තෙල් තවත් වැඩි වෙන්න පුළුවන්.
➡️ හොඳම විදිහ – දවසට උපරිම 3 වරක්, mild , according to the skin type cleanser එකක් භාවිතා කරන්න.



2️⃣ “Sunscreen දාන්නෙ හිරු එළිය වැඩි දවස් වලට , අව්වට , එළියට යනකොට විතරයි.

❌ වැරදියි
✅ සත්‍යය:
හිරු කිරණ (UV rays) හැම දවසෙම තියෙනවා. ඒ නිසා
➡️ දවසෙම sunscreen දාන්න ඕන
පැය තුනකට වරක්
මෙය සම අඳුරු වීම, pigmentation, වයසට පෙර wrinkle ඇති වීම් වලින් ආරක්ෂා කරනවා.



3️⃣ “Coconut oil, olive oil හොඳයි”

❌ වැරදි අදහසක්
✅ සත්‍යය
➡️ Skin type එකට ගැළපෙන moisturizer එකක් භාවිතා කරන්න.



4️⃣ “Toothpaste දාගත්තොත් blackheads / pimples නැතිවෙයි”

❌ ඉතාමත් වැරදියි
✅ සත්‍යය:
Toothpaste සමට දාගත්තොත් burning, redness, scars පවා ඇති වෙන්න පුළුවන්.
➡️ Pimples සහ blackheads සඳහා වෛද්‍ය නිර්දේශිත cream / treatment භාවිතා කළ යුතුයි.



5️⃣ “මිල වැඩි product එක හොඳයි”

❌ අනිවාර්යයෙන්ම නෙවෙයි
✅ සත්‍යය:
Product එකේ මිලට වඩා වැදගත් වන්නේ
✔️ Ingredients
✔️ Skin type එකට සුදුසුද කියන එක.



6️⃣ “Pimples තියෙනකොට scrub කරන්න ඕන”

❌ වැරදි අදහසක්
✅ සත්‍යය:
Scrub කරනකොට pimples තවත් තද වෙලා marks එන්න පුළුවන්.
➡️ Pimples තියෙනකොට scrub නොකර, skin care provider ලබා දෙන advice අනුව treatment ගන්න.


skin type එක හරියට හඳුනා ගන්න
✔️ Internet myths වලට අහුවෙන්න එපා
✔️ වෛද්‍ය උපදෙස් සහිත skincare routine එකක් පවත්වාගෙන යන්න



✨ ඔබගේ සමට හොඳම ප්‍රතිකාරය – නිවැරදි වෛද්‍ය උපදෙස්

📍 Doctor Doll Beauty Clinic

ඒ වගේම ඔබත් skin myths හරි දේවල් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. ඔයා කරණ දේවල් හරිද? නැත්ද? කියලා දැන ගන්න ඕනෙද?
එහෙනම් ඔයාගෙ අදහස් comment කරගෙන යන්න.

අපි හරි වැරදි පෙන්නලා දෙන්නම් .

-
✅ The clinic operates under the supervision of a government-registered physician✅
-

“සුදු වෙන්න ගත් එක තීරණයක්… මේ යුවතියගේ සම almost විනාශ කළා.🥲🥲🥲🥲———————————Doctor Doll Beauty clinic විදිහට අපි අද ඉදිරි...
13/01/2026

“සුදු වෙන්න ගත් එක තීරණයක්… මේ යුවතියගේ සම almost විනාශ කළා.🥲🥲🥲🥲
———————————
Doctor Doll Beauty clinic විදිහට
අපි අද ඉදිරිපත් කරන්නේ අපේ සායනික ප්‍රතිඑලයක් විතරක්ම නෙවෙයි . ✅
👩‍⚕️
මේක කරුණාකර ඔබේ ජීවිතයට පාඩමක් කර ගන්න.
අපේ සුන්දරත්වයේ පදනම යහපත් සෞඛ්‍ය . ✅

මේක මගේ අතින් සිය දහස් වාරයක් සටහන් වෙලා තියෙනවා.
සුදුවෙන්න , ලස්සන වෙන්න මේ දේවල් කරන්න එපා....

❌ Unregulated whitening creams
❌ IV glutathione / collagen misuse
❌ Non-medical advice culture
————————-
ස්තූතියි ! shayini from pallebedda 💐

මොකද තමන්ට වැරදුණ තැන අන් අයට වරදින්න ඕනේ නෑ කියන තැන ඉඳලා මේ ඇත්ත නිදර්ශනාත්මකව කතා කරන්න මට ඔයාගේ ප්‍රතිඑල මේ විදිහට සමාජ ගත කරන්න ඉඩ දුන්නට. 💐

කරගෙන තිබ්බ දේවල් මොන තරම් අවදානම් ද කියනවනම් මං සායනිකව වගකීමක් අරගෙන ප්‍රතිකාර කරන්න කැමති වුණේම නෑ.
ඉතා අවදානම් තත්ත්වයක ඇය හිටියේ. 🛑

ඒත් අපි සායනිකව සම්පූර්ණ කරන්න කිව්ව හැම කොන්දේසියකටම එකඟ වෙලා ඒ දේවල් වල සියලු වාර්තාවන් අපට දීලා ,
සම්පූර්ණ සායනික කොන්දේසි සපුරපු නිසා තමා මේ තත්ත්වයට ප්‍රතිකාර කරන්න බාර ගත්තේ.

🥹හොඳින් බලන්න. Skin whitening cream ගාලා මේ ගැහැණු ළමයාගේ සමට වෙලා තියෙන විනාශය 🥲
ඒ තත්ත්වය පළවෙනි රූප පෙළෙන් ඔබට දැක ගන්න පුළුවන්.
ඒ සුද ලස්සනද? ????

Spider veins (telangiectasias) එක්කම unwanted hair ඇවිත් සම තුනී වෙලා බාහිර පරිසරයට නිරාවරණය වෙන්න බැරුව පුදුම දුකක් විඳලා .🥲🥲
-

ඉන් පසුව ඇත්තටම ඒ whitening cream එක නතර කළාම ඇගේ සම සම්පූර්ණයෙන්ම තද අඳුරු සමක් බවට පත්වෙලා.
ඊට පස්සේ ප්‍රතිකාර කරන්න ගිය තැන් වලින් ඇයව මේ අවාසනාවන්ත තත්ත්වයෙන් තවත් නරක තත්ත්වයකට ඇද දමලා . ඒක තමයි අමිහිරි සත්‍යය 🥲
-

මේ ලියන කාරණා ඔබේ මොළේට යා යුතුයි.
🛑
ඔයා ලංකාවෙ තියා ඇමරිකාවට ගිහින් skin damage or disorders වලට ප්‍රතිකාර කළත් ,

මොන තත්ත්වයක් යටතේ හෝ
IV Glutathione & IV Collagen ගන්න කියලා යෝජනා කළොත් වහාම ආපහු හැරෙන්න. 🛑

මේ වගේ දේවල් scientific criteria එකේ අනුමත නෑ ❌

එතකොට මේ යුවතියට IV collagen ලබා දීලා තිබ්බා. ❌
කිසිම ආකාරයක අනුමැතියක් ලැබුණ brand එකකින් නෙවෙයි. ❌

ඒ නිසා ඇතිව තිබූ අතුරු ආබාධ වෙනුවෙන් ඇයට ඒ ඒ රෝග තත්ත්වයන්ට අදාළව වෙනම සලකා බලන්න වුණා.
( මේ ප්‍රතිකාර වලදී මට හොඳ මඟ පෙන්වීමක් ලබා දුන්නේ Clinical supervision - Doctor S : Gallage මහත්මිය ඒක ගෞරවයෙන් මතක් කරනවා. ) 🌹

මොකද අපි සමට කරන කිසිම ප්‍රතිකාරයක් නිසා රෝගියාගේ සෞඛ්‍යට හානියක් නොවිය යුතුයි. ✅

Collagen – FDA/NMRA approve use එකක් නෑ IV route එකට.
ඉතා කෙටියෙන් කියනවනම්
Protein molecule (large molecular weight) එකක් සහ
❌ IV collagen:
- Scientific facts:
• ❌ No FDA / NMRA approval for IV collagen
• ❌ No pharmacokinetic proof
• ❌ Risk of immune reactions

👩‍⚕️
Doctor Doll Beauty Clinic විදිහට මේ තත්ත්වයට ප්‍රතිකාර කරන්න
Case study එක මේ විදිහට සකස් කළා.
• Full medical reports
• Strict clinical conditions
• Doctor supervision
• Skin rest period
• Mild, evidence-based skin care only

හරියට skin එකකට ප්‍රතිකාර කළාම තත්ත්වය කොහොමද කියන එක අවසානයේ ඔයාලටම දකින්න පුළුවන්.
-
ඒ ක්‍රමවේද එක්ක
👉 Back to normal වෙන්න මාස 4ක් ගියා.
👉 ඒක easy journey එකක් නෙවෙයි.
👉 ඒක discipline + science + patience.

එතනින් පස්සේ ඇගේ සම වඩාත් නිරෝගී සහ සුන්දර කරන්න ප්‍රතිකාර කළා. ( අවසන් ඡායාරූප පෙළ බලන්න )
එහි ප්‍රතිඑලය ඉතා ධනාත්මක ලස්සන නිරෝගී සමක් . ✅

📌 Share this post.
📌 Save this post.
📌 Someone’s skin – maybe life – depends on it.

👩‍⚕️
Nadhiya Jayawardhana
Consultant Cosmetologist ( special )
Global Rank
Bachelor of Cosmetology AUE
European Qualification framework
Hon: Beauty Doctor ( London )
-

-

✅ The clinic operates under the supervision of a government-registered physician✅
-

ඔබේ රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාත්මක ගැටලු
0762155236 official clinic WhatsApp හරහා අප වෙත යොමු කරන්න.
වැඩිදුර තොරතුරු සඳහා - 0774044874 අංකයට ඇමතුම් යොමු කරන්න.

Doctor Doll Beauty Clinic හිඅපි believe කරන අරමුණ simple එකක් නෙවෙයි —👉 True beauty starts with skin health.Acne treatme...
07/01/2026

Doctor Doll Beauty Clinic හි
අපි believe කරන අරමුණ simple එකක් නෙවෙයි —
👉 True beauty starts with skin health.

Acne treatments කරත් results නැද්ද?
Skin polishing පස්සේ පස්සේ over sensitivity ද?
Luxury products භාවිතා කරත් skin calm වෙන්නේ නැද්ද?

⚠️ Often, the real issue is a compromised Skin Barrier.

🧱 Skin Barrier
සමයේ natural defense system එක.
ඒක balanced & strong නම් —
✔ Treatments perform better
✔ Skin remains calm & radiant
✔ Results last longer

💎 At Doctor Doll Beauty Clinic, we offer
▫️ Barrier-focused acne treatments
▫️ Gentle, advanced skin polishing
▫️ Individually customized skin protocols
▫️ Premium, medical-grade skincare solutions

🌿 Where science meets elegance
✨ Strong Skin Barrier = Timeless, Healthy Glow

📍 Experience luxury skin care with professional expertise
Book your private consultation today.

📲 Clinical WhatsApp: 076 215 5236
📞 Call: 077 404 4874
📍 Doctor Doll Beauty Clinic
fans

04/01/2026

💖 Dream. Believe. Achieve. 💖
​I am truly humbled to receive the Outstanding Cosmetology Award 2025 at the People’s Pinnacle Awards. 🏅
​Looking back at the journey of Doctor Doll Beauty Clinic, I am filled with gratitude for my hardworking team and my amazing patients who have supported me every step of the way. This recognition motivates me to continue bringing the latest innovations in cosmetology to Sri Lanka. 🇱🇰✨
​Thank you for being part of this beautiful journey!

Special Thanks Habarakada for MUA

31/12/2025

Resolution Meets Restoration. 🕊️🔬

Most resolutions fade, but healthy skin is an investment that lasts.

💎 This year, move beyond temporary fixes and embrace the depth of physician-supervised clinical care. 👩‍⚕️🩺

At Doctor Doll Beauty Clinic, we believe your confidence should be as permanent as your glow. ✨ Let’s make 2026 the year of your most profound transformation yet. 🎆🥳

Happy New Year from the intersection of Science and Beauty. 🥂🏥

මගේ ආදරණීයයන් වෙත ආදරයෙන් ...2025 අවසාන දවසේ දී ය.ඔබ සැම සෞඛ්‍යමත්ව සුන්දරව සිටීම මාගේ එකම ප්‍රාර්ථනාව යි. ඒ නිසාම ඔබට ස...
31/12/2025

මගේ ආදරණීයයන් වෙත ආදරයෙන් ...
2025 අවසාන දවසේ දී ය.
ඔබ සැම සෞඛ්‍යමත්ව සුන්දරව සිටීම මාගේ එකම ප්‍රාර්ථනාව යි.
ඒ නිසාම ඔබට සුන්දරත්වය ගැන අප්‍රමාණ සිහින අනිවාර්යයෙන් ම ඇත. ගැහැණියගේ හිතක ඒ පැතිකඩ මම හොඳින් දනිමි.
මමත් එසේම ය. එහි සීමාවක් නැත..

ජීවිතය මගේය. ඔබේ ය. එහි සිහින ප්‍රාර්ථනා සියල්ලෙහිම වගකීම වයස අවුරුදු 21 සම්පූර්ණ කළ පුරවැසියන් ලෙස අපේය.
නමුත් වෘත්තියමය වශයෙන්ද ආදරයෙන්ද සහෝදරියක් ලෙසද ඔබට දහස්වර කියා ඇති යමක් අවසාන දවසේද කියමි.
ඔබේ සුන්දරත්වයේ ප්‍රධානම අංගය වන්නේ ඔබේ යහපත් සෞඛ්‍ය යි.
එය හොඳින් අවධාරණය කර ගන්න.
එබැවින් ඔබේ සුන්දරත්වයේ සිහින උදෙසා කිසිවිටකත් සෞඛ්‍යයට අහිතකර දෙයක් නොකරන්න.

සමහර සිහින නොව බොහෝ සිහින මිල අධික ය. සුන්දරත්වය වෙනුවෙන් පළමුව ඔබට නොමිලේ සපයා ගත හැකි බොහෝ දෑ තිබේ.
ඔබේ දින චර්‍යාවේ ආහාර සහ ව්‍යායාම හොඳ මට්ටමක පවත්වා ගන්නට ඔබට ලක්ෂ ගණන් මුදල් අවශ්‍ය නැත. කට පාලනය කිරීමේ විනය වැදගත්‍ ය. අලස නොවීම වැදගත් ය. පිරිසිදු ජලය හොඳින් පානය කිරීම වැදගත් ය. ඔබේ පෞද්ගලික සනීපාරක්ෂක ක්‍රම යහපත්වීම වැදගත් ය. ඔය ටික නොකර මොනවා කළත් තාවකාලික ය.

ඉන් අනතුරුව තමන් තමන්ගේ සම හිසකෙස් හෝ ශරීර හැඩය ගැන ගැටලුවකට මැදිව ඇත්නම් අමුතු දිව්‍යමය බලයක් සහිත යැයි හිතාගෙන ඉන්නා විවිධ සමාජ මාධ්‍ය හෝ විද්‍යුත් මාධ්‍ය වල ප්‍රයෝග වලින් ගැලවී සූට්ටක් මොළය පාවිච්චි කිරීම වැදගත් ය.
මේ ලෝකයේ ඡායාරූපයක් බලා සම සම්බන්ධ හිසකෙස් සම්බන්ධව තීරණ ගැනීම කළ නොහැකි දෙයකි. (ඉතාම සරල ප්‍රාථමික කාරණකදී හැර )
👩‍⚕️
විශේෂයෙන් චර්ම රෝග
හිසකෙස් සම්බන්ධ රෝග
පෝෂණ ගැටලු වලට ආලේපන තලි පිටින් ගල්වා එලක් නැත.

කිසිම නියාමනයක් නැති සරුව පිත්තල පාට පාට බෝතල් වල දැන් මැජික් කොලජන් ය. ඒවායින් මහත් වෙයි. කියන විදිහට සුදුත් වෙයි.
නමුත් ලෝකයේ කිසිම වෛද්‍ය විද්‍යාත්මක පර්‍යේෂණයකින් කොලජන් වල කාර්‍යන් යටතේ ඒවා නම් කොට නැත. ❌
අවම වශයෙන් ඔබට පවුලේ වෛද්‍යවරයාගෙන් වුව යමක් ශරීර අභ්‍යන්තරයට භාවිතා කරන්නට පෙර අසා දැන ගත හැක.
👩‍⚕️
Health Education කියා දෙයක් තිබේ. ඒ පිළිබඳ යම් අවබෝධයක් නැතුව මේ සුන්දරත්වය නම් පිටියේ ලකුණු රැස් කරන්නට ගොස් ජීවිත විකට්ටුව දවා නොගන්න. ❌

කොටින්ම ලස්සනට ඉන්නටත් නිරෝගී ජීවිතයක් තිබෙන්නට ඕනෑය. ✅
අපිට ජානමය කියා බලපෑමක් ඇත. අපට ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇත. ආසත්මිකතා තියෙන්නට පුළුවන. ඒ නිසා සායනිකව සම්බන්ධව වී ප්‍රතිකාර ලබන කෙනෙක්ගේ පවා ඒ තත්ත්වයන් ගැන පූර්ණ අවබෝධයෙන් කටයුතු කරන්නට අප බැඳී ඇත.
ඒ සඳහා විශේෂවේදී වූ වෛද්‍ය සහය ලබා ගැනීමට අප කටයුතු කර තිබේ. ✅

නිසි ලෙස සම සහ හිසකෙස් සම්බන්ධ ගැටලු අධ්‍යයනය කිරීමෙන් ඇතැම් විට ඔබේ අභ්‍යන්තරයේ පවතින තර්ජනාත්මක සෞඛ්‍ය ගැටලු හඳුනා ගත හැක.
හෝමෝන අසමතුලිතා විටමින් ඌනතා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු , විවිධ ජානමය තත්ත්ව ඊට උදාහරණ වේ .
එසේම මානසික ගැටළුන්ද මේ අතර වේ.
එවන් අවස්ථාවන්හිදී ඒ ඒ විෂයට අදාළ වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතුය. ප්‍රශ්න එතරම් සංකීර්ණ ය. එම සංකීර්ණ බලපෑම ගැන ඔබට ලැබෙන ප්‍රබල ඉඟිය ලැබෙන්නේ ඔබේ රූපකාය තුළ වන වෙනස්වීම් හරහා ය. ✅✅✅✅
ඒ නිසා එවැනි වෙනස්කම් නොසලකා හැරීම නොසිතූ කරදර ගොඩක ආරම්භය වන්නට ඉඩ ඇත.

අපිට තමන්ගේ සම අනුව යන skin care routine එකක් අනිවාර්යයෙන් තිබිය යුතුය.✅✅✅

Cleanser, moisturizer, sun block යන application 3 ප්‍රමාණවත් ය.
සමහර යුවතියන්ට application බර ගාණකි. ඇතැම්
Active ingredients 2 ක් එකට භාවිතා කළ නොහැක. ❌
ඒ කිසිවෙක් භාවිතා කරන අය හෝ ඒවා ඔවුන්‍ට සුදුසුයැයි අනුමත කළ අය නොදනී. 🥲

Skin barrier එක ආරක්ෂා කර ගන්නවා වෙනුවට එයට විහින් හානි පමුණුවා ගනී. 🥲
දැන් skin barrier එක ගැන දන්නේ නැති අය වෙනුවෙන් අලුත් අවුරුද්දේ පළමු විද්‍යාත්මක ලිපිය ඒ ගැනය. 😍

වසර 7 ක් පුරා Doctor Doll Beauty Clinic ලෙස අපේ සායනික සේවාවන් පමණක් නොව පොදුවේ ඔබ දැනුවත් කරමින් නිරෝගීමත් සුන්දරත්වයක් වෙනුවෙන් අප දැනුවත් කර ඇත. විටෙක ගැටී ඇත.
ඒ ගැටුම් නිසා රිදී ඇත. මට රිදුණු මුත් සුවපත් වූවන් රාශියකි.
ඒ නිසා රිදුම් මට වේදනාවක් නොව ශක්තියකි. 💐
සැමදාම මගේ ආදරණීය Doctor Doll family එක මා සමඟ විය.
එය මගේ ලොකුම වත්කමයි.

ගිය වසරේ පමණක් Doctor Doll Beauty Clinic Pvt Ltd
තෙවරක් සම්මානනීය විය. 🌹
ඒ ඔබ නිසාය. 💐
ඔබේ ප්‍රතිකාර වල සාර්ථකත්වය සාක්ෂි සහිතව මෙහි සිය කැමැත්තෙන් සටහන් කළ ඔබ නිසාය.
ප්‍රතිකාර වල සාර්ථකත්වය ගැන සමාජ ගත කළ ඔබ නිසාය.
මා අමතරව කිසිවක් නොකළ අතර කළ එකම දෙය සාර්ථකව ප්‍රතිකාර සත්කාර කිරීම පමණි. අනික් සියල්ල කලේ ඔබ ය.
ඉතිං මට ඔබ ගැන සාධාරණ ආදරයක් තිබේ. 🌹🌹🌹🌹

ඒ සාධාරණ ආදරය වෙනුවෙන් සුන්දත්වයේ සිහින සහ අභිලාෂයන් නිසිව වඩාත් ක්‍රමවත්ව පුළුල් කිරීමට 2026 දී මට අභියෝගයක් ඇත.
අද ඒ අභියෝගාත්මක මෙහෙවරේදී නිරන්තර සහය සලසමින් වඩාත් ක්‍රමවත්ව මේ ගමන මෙහයවීමේ කාර්‍යභාරය සිය වගකීම
කර ගත් වෛද්‍ය S . ගාල්ලගේ මහත්මියද එක්ව සිටී. 💐💐💐

එසේම අප වෙත සිය නොමසුරු දායකත්වය සපයන අප හා අත්වැල් බැඳගත් සියලු සම්පත්දායකන්ගේ අවසාන ප්‍රයත්නය ඔබව ආරක්ෂිතව සුන්දරත්වය වෙත රැගෙන යෑමයි. ✅💐

2026 වසර තුළත් ඉන් ඉදිරියටත් ඔබට උපරිමව සේවය කිරීම අපේ අරමුණයි. ඔබව එදත් අදත් නිරෝගීමත් සුන්දරත්වය සඳහාම යොමු කරවනු ලැබූයේ එබැවිනි......

ඉතිං මේ ගෙවී යන වර්ෂාවසාන දිනයේත් එකම පැතුමකි. ඒ ඔබේ නිරෝගීව සුන්දර වේවා! යන්නයි.

ඔබේත් මගේත් සුන්දරත්වයේ සිහින සැබෑවේවා! නිදුක් නිරෝගී වේවා!

- Doctor Doll Beauty Clinic pvt Ltd -
fans

-
✅ The clinic operates under the supervision of a government-registered physician✅
-

Hair fall ( Causes & Treatments)මේ සතියේ වැඩියෙන්ම ගැටළු යොමු වෙලා තිබුණේ හිසකෙස් ගැලවීයෑම සහ හිස කෙස් තුනීවීම කියන ගැටල...
24/12/2025

Hair fall ( Causes & Treatments)

මේ සතියේ වැඩියෙන්ම ගැටළු යොමු වෙලා තිබුණේ හිසකෙස් ගැලවීයෑම සහ හිස කෙස් තුනීවීම කියන ගැටලු ගැන.

👩‍⚕️

ඇත්තටම මේක ගැටළු දෙකක්. ✅

අපි hair fall කියලා හඳුන්වන්නේ හිසකෙස් ගැලවී යෑමට . 🫥

ඒ නිසා මුලින්ම hair fall කියන තත්ත්වය ගැන බලමු.

ඇත්තටම මොන තරම් නිරෝගී හිසකෙස් තිබ්බත් හිසකෙස් ගැලවී යෑම කියන්නේ ස්වභාවික දෙයක්.

මොකද හිසකෙස් වලට ජීවන චක්‍රයක් තියෙනවා. ඒක හැම කෙනාටම එක වගේ නැහැ. පුංචි වෙනස් කම් තියෙනවා.

විශේෂයෙන් හිසකෙස් වල ඝනත්වය අනුව ගත්තම හිසකෙස් 50 සිට 100 දක්වා උනත් ගැලවිලා යන්න පුළුවන්.

මේක සාමාන්‍ය තත්ත්වයක් ලෙස තමා හඳුන්වන්නේ. හැබැයි මේ ප්‍රමාණයට වඩා ගැලවී යනවා නම් ඒක අසාමාන්‍යයි. 🛑

ඒ වගේම හිසකෙස් ගැලවීලා නොගියත් හිසකෙස් වල ඝනත්වය අඩු වෙනවානම් ඔබ ඒ සම්බන්ධව සායනික සහය ලබා ගන්න ඕනේ.✅

මේ අධික ලෙස හිසකෙස් ගැලවී යෑම දෙආකාරයට වෙන බව ඔබ දැනුවත්ව සිටීම ඉතා වැදගත්. මෙහි පළමු හේතුව අපි විද්‍යාත්මකව හඳුවන්නේ 👩‍⚕️

* ඉක්මන් ප්‍රවේශයකින් හිසකෙස් ගැලවී යෑම

මේකට හේතු වෙන්නේ මූලික වශයෙන් දිලීර තත්ත්වයන්

ඒ වගේම Alopecia Areata කියන තත්ත්වයත්.

මේ Alopecia Areata කියන විද්‍යාත්මක නාමය නොදැන හිටියට සාමාන්‍ය ව්‍යවහාරික නාමයන් ඔබ දන්නවා.

ඒකට කියන්නේ උඳු ගොව්වන් කනවා කියලා.මේකත් හරියට දතක් පණුවො කනවා වගේ කියන කතාවක්. නමුත් මේකට සතෙක්ගේ කිසිම බලපෑමක් නැ.මෙතනදී වෙන්නේ අපේ ශරීරය තුළින්ම හිසකෙස් වලට විරුද්ධව ප්‍රතිදේහයක් නිපදවීම.✅

මේ නිසා හිසකෙස් වලට හානි වෙලා හිසකෙස් විනාශ වීමක් සිදු වෙනවා.

මෙය බොහෝ විට හිස් කබලේ එක ප්‍රදේශයකට බලපානවා. කලාතුරකින් පූර්ණ වශයෙන් හිස් කබලටම බලපානවා.

---------------------------------------------------



ඒ වගේම හිසකෙස් , හිස් කබලෙන් අධික ලෙස ගැලවී යෑමට තවත් ප්‍රබල හේතු තියෙනවා.

* acute alagem influence case

මෙය සිදු වන්නේ ශරීරයට ඇති වන ආතතියක බලපෑම හේතුවෙන්.

බොහෝ විට කෙනෙක් එක්වරව හිසකෙස් හිසකෙස් අධිකව ගැලවී යෑම ( sudden hair loss ) මුහුණ දෙන්නේ මේ නිසා. එතකොට මෙහෙම වෙන්න බලපාන හේතු වන්නේ තදබල ලෙස වෛරසයකට ලක්වීම හෝ ඇතැම් සැත්කම් වලට භාජනය වීමෙන් අනතුරුව .

මේක සුලබව අපි දැක්කා කොවිඩ් ආසාදනය වුණ රෝගීන්ගෙන් . ඒ වගේම ඩෙංගු හැදුණට පස්සෙත් මෙහෙම වෙන්න පුළුවන්.

ඒ වගේම දරු ප්‍රසූතියෙන් පසුවත් මේ sudden hair loss එක දක්නට ලැබෙනවා.

මෙතනදී ඒ බලපෑම නිසා මුලින්ම වෙන්නේ හිසකෙස් වල වර්ධනට නැතිවෙලා හිසකෙස් විවේකී අවස්ථාවකට පත්වීම .

ඒ විවේකී අවස්ථාව මාස 3 ක් ලෙස තමා නම් කරන්නේ.

ඒ කාලය ඉවර වෙනකොටම හිසකෙස් අධික ලෙස වැටෙන්න පටන් ගන්නවා.

මෙතනදී බොහෝ දෙනෙක් අධික ලෙස බියට පත් වෙනවා. නමුත් මෙය බිය විය යුතු තත්ත්වයක් නෙවෙයි. මෙය බොහෝ දෙනෙක්ගේ ස්වාභාවිකම යථාවත් වෙනවා.

ඒ වගේම ඔබ දැනටමත් දන්න කාරණයක් cancer ♋️ වලට ප්‍රතිකාර කිරීමේදී ලබා දෙන ඖෂධ නිසා හිසකෙස් අධිකව ගැලවී යන බව. නමුත් ඒ ඖෂධ නිසා විතරක් නෙවෙයි වෙනත් ඖෂධ වලටත් sudden hair loss වෙන්න පුළුවන්.

-------------

ඊළඟ කාරණය තමා හෝමෝන සම්බන්ධ ගැටලු .

විශේෂයෙන් Thyroxine හෝමෝනයේ අඩු වැඩි වීමක් වෙන අවස්ථා වල අධික ලෙස හිසකෙස් ගැලවී යෑමක් දක්නට ලැබෙනවා.

-

පෝෂණ ඌනතා

ඔබට iron-deficiency හෙවත් යකඩ ඌනතාවයක් පවතින විට

Zinc ඌනතාවයක් ඇති විට

Vitamin D ඌනතාවයක් ඇති විට

ඔබගේ හිසකෙස් අධික ලෙස ගිලිහී යනවා.

----

ඊලඟට වෙන්නේ අපට හිසකෙස් ප්‍රමාණාත්මකව ගැලවී යෑමක් නොපෙන්වා හිසකෙස් තුනී වීමකට ලක්වීම.

මේ තත්ත්වය අපි හඳුන්වන්නේ Pattern hair loss නමින් .

ඒ නම දීලා තියෙන්නේ මෙහිදී හිසකෙස් තුනීවීම යම් රටාවකට සිදුවන නිසා.

මේකට ගැහැණු - පිරිමි දෙපාර්ශවයම එක වගේ ලක්වෙනවා. මේ ප්‍රශ්නයේ මූලික අඩිතාලම වන්නේ ජානමය බලපෑම. මේක සාමාන්‍ය ව්‍යවහාරයේ තට්ටය පෑදීම කියලා හඳුන්වන තත්ත්වය. හුඟක් දෙනෙක් හිතුවට මේක වෙන්නේ පිරිමි අයට කියලා ගැහැණු අයටත් මෙම තත්ත්වය බලපානවා. හිසකෙස් අඩු වෙලා scalp එක පේන්න පටන් ගන්න එක .

මේකට ජානමය බලපෑමක් තිබ්බත් මූලික අවස්ථාවේ සායනික ප්‍රතිකාර වලට යොමු වීමෙන් ඉතා සාර්ථක ලෙස තත්ත්වය පාලනය කර ගන්න පුළුවන්.

කාන්තාවන්ට Pattern hair loss හැදෙන්න හෝමෝන තත්ත්වයත් බලපානවා. විශේෂයෙන් ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇතිවන Polycystic O***y Syndrome ( PCOS) රෝග තත්ත්වය නිසාත් හිසකෙස් තුනී වෙනවා.

-

ප්‍රතිකාර

ඔබගේ හිසකෙස් අසාමාන්‍ය ලෙස ගිලිහී යනවානම් හෝ තුනී වෙනවානම් ඔබ බාහිරව භාවිතා කරන shampoo

Paraben-free

sulfate-free

silicone-free කියන කාණ්ඩ වලට අයත් දැයි බලන්න. නැත්නම් එවන් shampoo එකක් හොඳ ප්‍රමිතිගත conditioner එකක් භාවිතාව හැමෝටම සුදුසුයි.

හැබැයි ඉතිං තමන්ගේ හිසකෙස් අසාමාන්‍ය විදිහට ගිලිහී යනවානම් තුනී වෙනවානම් shampoo conditioner වගේම විවිධ hair cream , hair oil ගගා ඉඳලා අමාරුවේ වැටෙන්න එපා.

✅ වැදගත්ම දේ ඇයි ඔබේ හිසකෙස් ගැලවී යන්නේ හෝ තුනී වන්නේ කියන එක සම්බන්ධව ගන්නා නිවරදි රෝග විනිශ්චය ✅

-

මේ ලිපිය කියවතදී ඔබට තේරෙන්න ඕනේ hair applications වලින් ඔබ්බට ගිය අභ්‍යන්තර සෞඛ්‍ය ගැටළු හිසකෙස් අහිමිවීමට බලපාන බව.

ඔබේ ගැටලුව සායානිකව යොමු කිරීමෙන් පමණයි ඔබේ පසුබිම ගැන අධ්‍යයනයක් කරමින්

ඉන් පසුව විවිධ පර්‍යේෂණ වලට ඔබ භාජනය කරලා Dermatoscopy කරලා අවශ්‍ය නම් රුධිර පරීක්ෂණ කරලා . අවශ්‍ය නම් පටක පරීක්ෂාවක් කරලා අදාළ රෝග තත්ත්වය නිශ්චය කරගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් වෙන්නේ .

අනික හිසකෙස් අසාමාන්‍ය ලෙස ගැලවී යෑම ගැන ඔබ දැනුවත් වුණ වහාම සායනික ප්‍රතිකාර වලට යොමු වෙන්න.

එය ප්‍රතිකාර කිරීම පහසු කරනවා.

( ඒ නිසා තේරෙණම භාෂාවෙන් කියනවනම් අසාමාන්‍ය විදිහට කොණ්ඩේ ගැලවෙන එකට ප්‍රතිකාරයක් විදිහට shampoo , conditioner , oil , hair cream ගැන හොය හොය ඉන්නේ නැතුව අටෝරාශියක් ඒවා ගාගන්නේ නැතුව සායනික පරීක්ෂණ වලට ලක් වෙන්න

👩‍⚕️

Nadhiya Jayawardhana

Consultant Cosmetologist ( special)

Global Rank

Bachelor Of Cosmetology AUE

European Qualification framework

Hon: Beauty Doctor ( London )

-

(මෙම ලිපිය Doctor Doll Beauty Clinic Pvt Ltd සතු බුද්ධිමය දේපළක් වන අතර අනවසරයෙන් උපුටා ගැනීම නීතිමය වරදකි.)

-

✅ The clinic operates under the supervision of a government-registered physician✅

ගෙවී ගිය දවස් වල ඔබේ රූපලාවන්‍යමය ගැටළු වලට උත්තර නම් ලියන්න බැරි වුණා. මොකද ඊට වඩා උපකාර අවශ්‍ය වූවන් වෙනුවෙන් කරන්න වැ...
09/12/2025

ගෙවී ගිය දවස් වල ඔබේ රූපලාවන්‍යමය ගැටළු වලට උත්තර නම් ලියන්න බැරි වුණා. මොකද ඊට වඩා උපකාර අවශ්‍ය වූවන් වෙනුවෙන් කරන්න වැඩ හුඟක් තිබ්බ නිසා.
දැන් අපි යථාවත් වීමට උදව් කරලා අපේ වෘත්තිය පැත්තෙන් ඔබට අවශ්‍ය සහය දැනුම දෙන්න පටන් ගන්නවා .
අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න භාවිතා කරණ ජනප්‍රිය සහ ආරක්ෂක ක්‍රමයක් තමයි shave කරණ එක. Shave කිරීමට වඩා තියෙන හොඳම ක්‍රමය තමා laser hair removal කරණ එක. ඒ ක්‍රමයට යන්න බැරි කෙනෙක්ට තියෙන පහසුම සහ ආරක්ෂිත ක්‍රමය තමයි shaving 🪒
මෙතනදී බොහෝ දුරට shave කරණ අය බහුලව යොමු කරණ ප්‍රශ්නයක් තමා ' shave කරත්දී තමන්ගේ සම මත කුඩා බිබිළි ඇති වෙනවා' කියන එක . ????
ඔව් එහෙම වෙන්න පුළුවන්. ✅
ඒකට රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන නම තමා
-Folliculitis - ✅
මේ තත්ත්වයට හේතුව තමා hair follicles වල irritating තත්ත්වයක් මතු වීම
මේ තත්ත්වය නැති කරගෙන shaving 🪒 කරන්න අපි මොනවද කරන්න ඕනේ කියන එක ගැන බලමු.
මේකට විවිධ ආරක්ෂිත හා විධිමත් ක්‍රම අපට අනුගමනය කරන්න පුළුවන්.
1. Shave 🪒 කරන්නට පෙර ඔබේ සම mild body wash එකකින් හොඳින් පිරිසිදු කරන්න.
කිසිවිටකත් පිරිසිදු නොකළ සම shave 🪒 කරන්න එපා.
2. Shave කරන්න කලින් ඔබේ skin එක හොඳින් moisturizing කරන්න. මේකට වඩාත් සුදුසු soothing lotions
එකක්. මොකද dry skin එක මත shave කිරීමෙන් skin damage එක වැඩි වෙනවා.
3. අනිවාර්යයෙන් sharp , clean razor එකක් භාවිතා කරන්න. විශේෂයෙන් කාන්තාවක් නම් ඔවුන් සඳහාම නිපදවා ඇති උසස් ප්‍රමිතියකින් යුත් razor 🪒 එකක් භාවිතා කිරීම වැදගත්. ඒ කියන්නේ Ladies Razor එකක් භාවිතා කරන්න.
4. හොඳ shaving cream එකක් භාවිතා කරන්න පුළුවන් නම් razor එක සම මතු පිට හොඳින් සහ පහසුවෙන් ගමන් කරනවා.
ඒ වගේම අලුත් razor නිතරම භාවිතා කරන්න.
5. Shaving Techniques එක හරියට කරන්න. ඔබ shave කරන්න ඕනේ ඔබේ hair වැවිලා තියෙන අතටම යි. ඒ කියන්නේ රෝම වැවිලා තියෙන දිශාවට . නමුත් බොහෝ දෙනා කරණ වරදක් තමා razor කරන්නේ රෝම වැවිලා තියෙන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට. මේකෙන් Folliculitis තත්ත්වය වැඩි වෙනවා.
ඒ වගේම වැරදි ආකාරයෙන් shave කරලා
Folliculitis තත්ත්වය ඇති වුණාම ඒ හේතුව නිසාම ,
Bacterial Infection (Damaged follicles can get infected by bacteria) වැනි තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්.
6. Aftercare ගැන කල්පනාකාරී වෙන්න. Shave කිරීමෙන් පසුත් පිරිසිදු ජලයෙන් හොඳින් සම සෝදා හරින්න. මෘදුව තෙත ඉවත් කරන්න . හොඳ moisturizer body lotion එකක් apply කරන්න.
7. folliculitis බොහෝ වෙලාවට ඉබේම healing වෙනවා.
ඒ කියන්නේ folliculitis go away by itself . නමුත් ඒක තීරණය වෙන්නේ basic self-care මත.
8. මේ වෙනකොටත් ඔබ දීර්ඝකාලීනව shaving වැරදියට කරලා ප්‍රශ්න මතු වෙලා skin damage වෙලා නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබා ගන්න .
බොහෝ විට මෙවන් තත්ත්වයන්හිදී
Antibiotic Creams/Gels,
Fusidic Acid: A good choice for localized bacterial folliculitis.
Benzoyl Peroxide Wash
Chlorhexidine Wash: ( An antiseptic wash )
ප්‍රතිකාර වලදී භාවිතා කරනවා. බොහෝ විට එසේ කරන්න වෙන්නේ
Hygiene , after care හොඳ තත්ත්වයේ නැතුව bacterial infections වැනි තත්ත්වයන් ඇති වීම හේතුවෙන්.
Shaving ගැන මේ ආකාරයට ඔබව දැනුවත් කළාට රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව unwanted hair removal කරන්න යෝජනා කරණ හොඳම ක්‍රමය
Laser Hair Removal (LHR) .
නමුත් බොහෝ දෙනෙක්ට ඒ option එකට යන්න බැරි නිසා තමයි ඉන් පසුව ආරක්ෂිතවම සමට හානියක් නැතුව පහසුවෙන් කරගන්න පුළුවන් shaving සම්බන්ධ නිසි ක්‍රමවේදය සහ ඔබ නිතර අපට ඉදිරිපත් කරණ ගැටළුවක් ගැන ඔබව විද්‍යාත්මකව දැනුවත් කළේ.
ඔබට පුරා වසර 7 ක් ඔබේ රූපලාවන්‍ය සෞඛ්‍ය ගැන විද්‍යාත්මකව දැනුවත් කරමින් සෞඛ්‍ය රැකගෙන සුන්දරත්වය වැඩි දියුණු කිරීම තමයි අපේ සායනික අරමුණ.
♥️💐

Nadhiya Jayawardhana
Consultant Cosmetologist ( special )
Global Rank
Bachelor of Cosmetology AUE
European Qualification Framework
Hon: Beauty Doctor ( London)

( මෙම ලිපිය Doctor Doll Beauty Clinic Pvt Ltd සතු බුද්ධිමය දේපළක් වන අතර අනවසරයෙන් උපුටා ගැනීම නීතිමය වරදකි)

-
✅ The clinic operates under the supervision of a government-registered physician✅

සමස්ත ලංකාවටම බල පා ඇති අයහපත් කැළඹුණ කාලගුණික තත්‍ත්වය හේතුවෙන්  කිසිවෙක්ටත් හානියක් නොවීම අපේ පැතුම යි.!    ඒ අතරේම ලං...
28/11/2025

සමස්ත ලංකාවටම බල පා ඇති අයහපත් කැළඹුණ කාලගුණික තත්‍ත්වය හේතුවෙන් කිසිවෙක්ටත් හානියක් නොවීම අපේ පැතුම යි.!

ඒ අතරේම ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම Doctor Doll Beauty Clinic සමඟ සම්බන්ධව සිටින ඔබට මේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ඔබේ සායන වාරයට පැමිණීමට නොහැකි විය හැකි නමුත් එය ඔබගේ ප්‍රතිකාර වලට බලපෑමක් ඇති නොවන පරිදි කළමණාකාරය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීම කෙරෙහි අප මේ වන විටත් අවධානය යොමු කර ඇති අතර ඉන් නොනැවතී ,
අප සායනයට සම්බන්ධව ප්‍රතිකාර ලබන ඔබට එම ප්‍රතිකාර වලින් ඔබ්බට මෙම කාළගුණ තත්ත්වය නිසා යම් සෞඛ්‍යමය ප්‍රතිකාර අවශ්‍ය නම් හෝ ඔබට ඒ සම්බන්ධව යම් උපදෙස් හෝ සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය නම් හෝ ඔබ යම් රෝගී තත්ත්වයකට ලක්ව ඇත්නම් හෝ ඔබට ඒ සඳහා සෞඛ්‍යමය ප්‍රතිකාර කර ගැනීමට උපකාර අවශ්‍ය නම්
Doctor Doll Beauty Clinic pvt Ltd ඔබේ සහය සහ උපකාරය වෙනුවෙන් මේ මොහොතේ ඔබ තනි නොකර ඔබ සමඟ අත්වැල් බැඳගෙන එක්ව මේ අවස්ථාවේ සිටින බව ඉතා ආදරයෙන් යුක්තව ඔබට මතක් කරමි. 🫶🫶🫶🫶
සියල්ල පෙර ලෙස යථාවත් වන තුරා කිසිඳු පීඩාවක් ඔබට නොවේවා !
එසේම ඔබට යම් හෙයකින් හෝ පීඩාවක් ඇත්නම් ඔබ සමඟ එක්ව Doctor Doll Beauty Clinic ද සිටින බව ඔබට ආදරයෙන් මතක් කරන්නේ 🌹
ඔබේ ආදරයෙන් විශ්වාසයෙන් සහයෝගයෙන් පැමිණි මේ සත් වසක කාලය කිසිදා අමතක නොකරණ බැවින්මය.
එවැවින් ඔබට අපෙන් මේ මොහොතේ යම් සත්කාරයක් උපකාරක් සේවාවක් අවශ්‍ය වන්නේ නම් දෙවරක් නොසිතා අපව දැනුවත් කරන්න.
Official WhatsApp - 0762155236
Call 📞- 077 4044874


අපි ඔබේ සේවය උදෙසා මානුෂීයවත්වයෙන් සහ සහෝදරත්වයෙන් කැපව සිටින්නෙමු.
මේ ආදරය ඔබ වෙනුවෙන්මය.
- Doctor Doll Beauty Clinic pvt Ltd

Your satisfaction is our top priority —————————————————-Acne treatment ✅ 6 sessions ✅ 6 months Acne/ pimples ලෝකයේ බහුලම...
26/11/2025

Your satisfaction is our top priority
—————————————————-
Acne treatment
✅ 6 sessions
✅ 6 months
Acne/ pimples ලෝකයේ බහුලම සහ පුද්ගලයන් විශාල ලෙස මානසිකව පවා අපහසුතාවන්ට පත් කරණ චර්ම රෝගී තත්ත්වයක්.
ඇතැම් විට වෛද්‍ය විද්‍යාත්මකව සායනික ප්‍රතිකාර කළත් බොහෝ අයට සුව වීමක් නැත්තේ එම ප්‍රතිකාර සාමාන්‍ය acne ,pimples වලට කරණ පොදු ප්‍රතිකාර රටාව නිසා.
ඒත් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟම Diagnosis සමඟ කරණ ප්‍රතිකාර ඉතා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. සෑම විටම පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන්නේ සම සම්බන්ධ ගැටළු වලදී විවිධ හේතු . ඒ හේතු ගැනත් නිසි අවබෝධයක් ලබා ගෙන එදිනෙදා ජීවිතයේ පිළිපඳින්න අවශ්‍ය ආහාර රටාවන් පෞද්ගලික සනීපාරක්ෂාව වගේම මානසික කායික වෙනත් අපහසුතාත් සැලකීමට ගැනීමෙන්
Acne / pimples සාර්ථකව මාස 6 ක් වැනි කෙටි කාලයකින් සුව කරන්න පුළුවන් . ♥️
එහිදී client නිසි සායනික උපදෙස් පිළි පැදීමට බැඳී ඉන්නවා.ඔවුන් ඒ උපදෙස් මත ප්‍රතිකාර වලට අනුගත වීම ඉතා වැදගත්. ඒ නිසා ඔබ දකින මේ ජීවමාන ප්‍රතිඑල වල තනි ගෞරවය
Doctor Doll Beauty Clinic හි තනි ජයග්‍රහණයන් නොවෙයි.
Client ගේ කැපවීම සහ සහයෝගය සහිතව ලබා ගත් skin goals.
👩‍⚕️
ඔබ කුමන තත්ත්වයක් යටතේ acne / pimples වලින් පීඩා වින්ඳත්
Clinical sessions 6 ක් තුළදී ඔබේ ගැටළුව 90% ක්ම අපි විසඳලා තියෙනවා. ඉතාමත් බරපතල තත්ත්වයක් තුළ පවා උපරිම sessions 8 තුළ අපි Acne / pimples සාර්ථකව සුව කරලා වාර්තා ගත ප්‍රතිඑල අපේ client වෙත ලබා දීලා තියෙනවා.
👩‍⚕️
මේ දැන් ඔබ දකින්නේ හරියටම clinical sessions 6 ක් තුළදී
ලබා ගත් තවත් skin goal එකක්.
👩‍⚕️
Medical grade treatment මගින් ඔබේ acne / pimples ප්‍රශ්නය විසඳලා දෙන්න sessions 6 නිවරදිව සායනයට සහභාගී වෙමින් සායනික උපදෙස් පිළිපදින්න .
👩‍⚕️ඔබට consultation appointment එකේදී කරණ දැනුවත් කිරීම් නිසි ආකාරයෙන් ඉටු කිරීම පමණයි ඔබ විසින් කරන්න ඕනේ.
👩‍⚕️අනික් සියළු වගකීම Doctor Doll Beauty Clinic වෙත බාර දෙන්න.
ඒ වගේම තමන්ගේ සාර්ථක ප්‍රතිඑල අපිත් එක්ක නිර්ලෝභීව බෙදාගෙන තවත් එවන් චර්ම රෝග තත්ත්වයකින් අපහසුතාවයට පත් වෙලා ඉන්න කෙනෙක්ට නිවරදි සායනික සහ විද්‍යාත්මක මාවත යටතේ ප්‍රතිකාර ලැබීමෙන් තමන්ගේ රෝගී වූ සම ලස්සන නිරෝගීමත් සමක් දක්වා පරිවර්තනය කර ගත් ආකාරය ගැන ජීවමාන සාක්කි සටහන් කරන්න positive feedback නිරන්තරයෙන් ලබා දෙන
අපේ client base එකට බොහෝම ස්තූතියි . ආදරෙයි .
Dear Thathsarani , I'm really pleased with your progress today, you're doing great & thank u so much for your valuable feedback 💐
- Doctor Doll Beauty Clinic pvt Ltd-
Official WhatsApp- 0762155236
Call
📞- 0774044874
--
✅ The clinic operates under the supervision of a government-registered physician✅

your satisfaction is our top priority; 👌Most beautiful:  Kalpani Madumali  නීරෝගී සුන්දරත්වයක් වෙනුවෙන් Doctor Doll  Bea...
11/11/2025

your satisfaction is our top priority; 👌

Most beautiful: Kalpani Madumali

නීරෝගී සුන්දරත්වයක් වෙනුවෙන් Doctor Doll Beauty Clinic වෙත පැමිණි තවත් රුවැත්තියගේ සම්පූර්ණ වූ සිහිනයේ ජීවමාන කැඩපත්කරණය...
-
අපිට ප්‍රතිකාර කරන්න තිබුණේ තරමක් සංකීර්ණ ගැටළු කිහිපයකට ;

Acne scars, open pores

ඒ වගේම ඇයට උවමනා වෙලා තිබ්බා මේ තත්ත්වයන් හොඳින් manage කරගෙන skin polishing treatment වලට යන්නත්.

👩‍⚕️රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව කියන්නේ මැජික් පෙන්වීමක් නෙවෙයි. ඉතා ඉවසීමෙන් ප්‍රතිකාර කරන්න ඕනේ. ඔබ මේ දකින ප්‍රතිඑල වලට හේතුව අපේ සායනික ප්‍රතිකාර විතරක් නෙමෙයි. ✅

ප්‍රතිකාර ලබන කෙනාගේ අසීමිත කැපවීමත් තියෙනවා. සමහර අයට මාස 6 ක් නිසි පරිදි ප්‍රතිකාර වල රැඳෙන්න බැහැ. ප්‍රතිඑල දකිනකොටම හිතනවා ඉලක්කය සම්පූර්ණ යි කියලා. නමුත් එකිනෙකාට ඇති විවිධ සමේ ගැටළු මත අපි යම් නිශ්චිත කාලයක් ගන්නවා ප්‍රතිකාර කරන්න .
👩‍⚕️ ඒ සායනික ක්‍රමවේද ඔස්සේ.
අපි වගකීමක් සේ සලකා ප්‍රතිකාර කරන්නේ නිසි උපදෙස් පිළිපදින්න සායන වාර වලට පැමිණෙන නියම කරණ ඖෂධ හා skin care routine හරියටම කරණ අයට පමණයි.
ඒක ප්‍රතිකාර පටන් ගන්න පෙර පැහැදිලිව තේරුම් කරලා දෙනවා. මේ ලස්සන ප්‍රතිඑල අත් විඳින්නේ අවබෝධයෙන් සහයෝගයෙන් කටයුතු කරණ නිසා. 🌹

ඒ නිසා නිසි සායනික උපදෙස් පිළිපඳිමින් තමන්ගේ නිරෝගී සුන්දරත්වය වෙනුවෙන් වැඩ කරණ අයට ලැබෙන ප්‍රතිඑල ගැන Doctor doll beauty clinic එහි ගෞරවය තනිව අප සතු බව කිසිසේත් කියන්නේ නැහැ.
💐
ඇත්තටම නිසි අවබෝධය ඉවසීම සහ විශ්වාසය මේ ප්‍රතිඑල ගෙනවිත් තියෙන්නේ එකම විද්‍යාත්මක මාවතක පැමිණි ගමනක් ලෙසටයි . 🌹

-
✅ The clinic operates under the supervision of a government-registered physician✅

DoctorDollBeautyClinic

This isn't a crown; it's the weight of every sacrifice I've made . ❤️Your unwavering support and trust have been a guidi...
29/10/2025

This isn't a crown; it's the weight of every sacrifice I've made . ❤️

Your unwavering support and trust have been a guiding light for me. Thank you for everything

පුරා වසර හතක් Doctor Doll Beauty Clinic සමඟ අත් වැල් බැඳගත් මගේ ආදරණීය මල් යායට බොහෝම ස්තූතියි . ආදරෙයි .
- Doctor Doll Beauty Clinic pvt Ltd -

🏆women legends 2025

Address

Horana
12400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94774044874

Website

Alerts

Be the first to know and let us send you an email when Doctor Doll Beauty Clinic Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Doctor Doll Beauty Clinic Pvt Ltd:

Share