Ceylon Siddha

Call Directions

Ceylon Siddha Here we ara going to present the knowledge about siddaha medicine.

සියලුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර...👉 දැන් හොරණ නගරයටත්... ඔබත් දිනයක් වේලාවක් වෙන් කරවාගන්න දැන්ම අමතන්න.   0711213007,...
23/05/2026

සියලුම සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර...

👉 දැන් හොරණ නගරයටත්...

ඔබත් දිනයක් වේලාවක් වෙන් කරවාගන්න දැන්ම අමතන්න.
0711213007, 0717707916

#ප්‍රාණාභිසර_වෙද_මැදුර




#වෙදකම
#සෞඛ්‍යය
#අයුර්වේද


















23/05/2026

විලුඹේ වේදනාව ????

19/05/2026

ඔබටත් මෙම රෝග ලක්ෂණ තියෙනවා ද?

05/02/2026
16/04/2025
~ චන්ද්‍ර කේතකී තෛලය ~ නීරෝගීමත් කෙස් කළඹක් ලබාගැනීමේ ඔබේ සිහිනය සැබෑකරදීමේ අරමුණින් දේශීය හෙල ඔසු භාවිතයෙන් පුරාණ දේශීය...
04/04/2024

~ චන්ද්‍ර කේතකී තෛලය ~

නීරෝගීමත් කෙස් කළඹක් ලබාගැනීමේ ඔබේ සිහිනය සැබෑකරදීමේ අරමුණින් දේශීය හෙල ඔසු භාවිතයෙන් පුරාණ දේශීය වට්ටෝරුවකට අනුව මෙම චන්ද්‍ර කේතකී තෛලය පිළියෙල කර ඇත.

කාර්යය බහුල ජීවන රටාවන් තුළදී ඔබ මුහුන පා ඇති පහත දැක්වෙන කරුණු වන,
🏵️මානසික ආතතිය.
🏵️අවේලාවේ ස්නානය කිරීම.
🏵️පීනස් රෝග.
🏵️විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු සබන් හා ෂැම්පු භාවිතය.
🏵️ක්ලෝරීන් මිශ්‍රිත ජලය ස්නානය.
🏵️පෝෂණ ඌනතා.
🏵️හිස් ආවරණ පැලදීම.
🏵️දිගු වේලාවක් වායුසමීකරණ ස්ථාන වල රැදී සිටීම.
ආදී කරණු හිසකෙස් ගැලවීයාමට බහුලවම බලපා ඇත.

මෙම තෛලය නිවැරදි උපදෙස් අනුව භාවිතා කිරීමෙන් දින 3ක් තුලදී හිසකෙස් ගැලවීයාම නවතින අතර දිගු කාලයක් තුල භාවිතා කිරීමෙන් නීරෝගීමත් දිගු වරලසක් ලබාගැනීමට අමතරව,
🍀අකලට තට්ටය පෑදීම.
🍀අකලට හිසකෙස් සුදුවීම.
🍀හිසකෙස් කැඩීයාම.
🍀කෙස් අග පැලීයාම නවතා
🍀තුනී හිසකෙස් ඝනකම් කර උකුණන් හා හිස් හොරි ඇතිවීම ද වලකාලයි.
🍀හිස කැසුම්,හිසරදය හා පීනස් රෝග සුවපත් කරයි.
🍀ස්ට්‍රේට්, රීබොන්ඩ්,අයන්, කලර්, කෙම්කල් නිසා දුර්වල වූ හිසකෙස් නීරෝගී කරයි.

ඉහත ප්‍රතිඵල ඔබට සහතිකවම ලබාදීම උදෙසා 100% ස්වාභාවික ශාක වන කුඹුක් පොතු, වැටකේ අරළු, කීකිරිඳිය, අංකෙන්ඳ, අරූද, මදටිය, නිල් අවරිය වැනි වන ඖෂධ හා විශේෂ වූ සරක්කු බෙහෙත් වර්ගද භාවිතා කර ඇත.

💢  සුදු කබර රෝගය💢 සුදු කබර රෝගය බොහෝ විට ඇති වන්නේ බාහිර හේතූන් නිසා චුව ද අභ්‍යන්තර වශයෙන්ද යම් යම් හේතූන් බලපාන බව පෙන...
13/03/2024

💢 සුදු කබර රෝගය💢

සුදු කබර රෝගය බොහෝ විට ඇති වන්නේ බාහිර හේතූන් නිසා චුව ද අභ්‍යන්තර වශයෙන්ද යම් යම් හේතූන් බලපාන බව පෙනේ.

මීයන් සපා කෑමෙන් , හිකනල් මුත්‍ර ගෑවීමෙන් ද කැරපොත්තා සපා කෑමෙන් හෝ මුත්‍රා සම මතුපිට ගැවීමෙන් කාලයත් සමඟ සුකබර හෙවත් සම සුදුවීම සිදුවන බව පෙනී යයි . එහෙත් සිද්ධ ආයුර්වේද වෙදකම අනුව,

🍁 එකිනෙකට විරුද්ධ ආහාර පාන ගැනීම.

🍁වැඩිපුර ආහාර ගෙන ව්‍යායාම වල යෙදීම.

🍁දහවල නින්දට යාම.

🍁පංච කර්ම චිකිත්සා නිසි අයුරු නොකිරීම .

🍁වමන වේග වළක්වාලීම

🍁සංතාපය .

🍁 ගුරු දෙගුරු හාමුදුරුවන්ට ගැරහීම.

🍁පාප කර්මයන්හි යෙදීම.

🍁පෙර ආත්මවල කරපු අකුසල ක්‍රියාවන්.

🍁උපදංශ වැනි ආගන්තුමක රෝගවලට ගොදුරු වීම වැනි හේතු සාධක බලපායි.

මේ රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් පහත ඖෂධ වර්ග නිසි වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කල හැකිය.

🌻කෂාය වර්ග.

🍀රත් කිහිරිය , කොට දිඹුල පොතු මුල් දෙවර්ගය කලන් දොලහක් ගෙන වතුර පත 8 - 1 ට සිඳුවා උදේ සීනි සවස මී පැණි දමා සතියක් උදේ සවස බොන්න .

🍀අරළු , බුළු , නෙල්ලි , රත් කිහිරිය කලං තුන බැගින් ගෙන වතුර පත 8 - 1 ට සිඳුවා සීනි , මී පැණි දමා උදේ සවස සතියක් බිම සුදුසුය .

🌻ආලේප

🍀රට තෝර ඇට ගෝ මුත්‍රයෙන් අඹරා ගාන්න .

🍀මුව අං පුළුස්සා දොඹ තෙලින් අනා ගාන්න .

🍀කසිස් , හිරියල් රත් නෙටොල් , අරළු , බුළු , නෙල්ලි වතුරෙන් අඹරා ගාන්න .

🌻තොල් කබර

🍀 ඉරිවේරිය පුළුස්සා ගත් අළු ඇල් දියෙන් අඹරා ගාන්න.

🍀තෝර ඇට , අමු කහ , තිත්ත අබිං , කසිප්පු සමසේ රැගෙන අඹරා විනාකිරි , එළගි තෙල් වලින් කකාරා ගාන්න.

🍀 මොණර පිත උණු වතුරෙන් අඹරා ගාන්න .

🍀කසිස් , හිරියල් , රත්නටොල් , අරළු බුළු නෙල්ලි වතුරෙන් අඹරා ගාන්න.

🍀ගැඬුඹ අඟුරු , දුම්මල අඹරා ගාන්න.

🍀මුව අං පුළුස්සා දොඹ තෙලින් ගාන්න .

තෙරුවන් සරණයි....!

Address

වවුළුගල, හොරණ
Horana

Telephone

+94711213007

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Siddha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share